අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

GUTHLEE LADOO (2023) Sinhala Subtitles | කසල ගොඩේ පැළ වුන බීජය [සිංහල උපසිරැසි]

Rating: 7.0/10. From 22 votes.
Please wait...
 GUTHLEE LADOO (2023) Sinhala Subtitles

සුභ අළුත් අවුරුද්දක් වේවා! මේ නිවාඩු කාලෙ නරඹන්නට තවත් කලාත්මක හිංදි චිත්‍රපටයක් ගෙන එනවා. IMDB දර්ශකයේ 7.7ක් පෙන්වන Ishrat R Khan ගේ කුළුඳුල් අධ්‍යක්ෂනය වන මෙය හිංදි කලාඅත්මක සිනමා රසිකයන් අතර හොඳ ප්‍රතිචාරයක් , විවිධ සම්මාන උළෙලවල් රාශියක් නියෝජනය කල චිත්‍ර පටයක්.

GUTHLEE LADOO (2023) Sinhala Subtitles

1949 සම්මත කර ගත් ඉන්දීය ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් සම්පූර්ණයෙන්ම කුලවාදය ප්‍රතික්ෂේප කර සියළු රටවැසියා තුල සමානාත්මතාව ස්ථාපි කර අධ්‍යාපනයේ අයිතිය තහවුරු කලත් ඊට දශක හතකට පසුවද එය සමහර ප්‍රදේශ වල වගන්ති වලට සීමා වී ඇති අතර කුලවාදී බෙදීම් වල අඩුවක් නැතිව ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම කුලහීන දරුවන්ගේ අධ්‍යාපන අයිතීන් තවමත් උල්ලංඝනය වෙමින් පවතිනවා, වඩාත්ම කණගාටු දායක තත්වය නූගත් එම ජනකොටස් සිය අයිතිවාසිකම් ගැන දැනුවත් නොවීම තුල තව දුරටත් තම ඉරණම පිළිගනිමින් වෙනසකට භාජනය නොවී ජීවත් වීම. ඒ තත්වය යටතේම කුලවාදීන් ඉතා උත්කර්ෂවත්ව සිය ව්‍යවස්ථව සමරනවා.මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ තම ඉරණමට එරෙහි වෙන දරුවෙක් වටා. සිය අධ්‍යාපනයේ අයිතිය තහවුරු කර ගැනීමට සටන් කරන ඔහුට ඔහුගේ පළමු ප්‍රතිවාදියා වන විදුහල්පතිගේම නිහඬ සහයෝගය ලැබුනත් පවතින සමාජ ක්‍රමය සහ ඔහුගේ රැකියාව මත ඔහුට කෙලින්ම සහයෝගය දිය නොහැකියි.

තවමත් ඉන්දියානු ජන සමාජයේ පවතින වැඩිය කතා නොකරන පැති කඩක් අපූරුවට මේ චිත්‍රපටයෙන් එළියට දානවා. සන්ජේ මිෂ්‍රා, සුබ්‍රත් දුත්තා සමග ළමා නළු ධනේ ශෙත් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

GUTHLEE LADOO (2023) Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

           

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

GUTHLEE LADOO (2023) Sinhala Subtitles

3 thoughts on “GUTHLEE LADOO (2023) Sinhala Subtitles | කසල ගොඩේ පැළ වුන බීජය [සිංහල උපසිරැසි]

  • බොහෝම ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට….
    සුබ අලුත් අවුරුද්දක් වේවා..

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරසියට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *