අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Gyeongseong Creature [S01: E01] Sinhala Subtitles | නජින් [සිංහල උපසිරැසි]

Rating: 8.0/10. From 22 votes.
Please wait...

Gyeongseong Creature [S01: E01] Sinhala Subtitles

ඔන්න එහෙනම් අලුත්ම සීරීස් එකකට උපසිරැසි අරගෙන තමයි අද ආවේ. GYEONGSEONG CREATURE කියන මේ Netflix Original සීරීස් එක Action, Thriller, Historical, Sci-Fi කියන ගනයන්ට අයිති වෙනවා. අධ්‍යක්ෂණය Jang Dong Yoon විසිනුත්, තිර රචනය Kang Eun Kyung විසිනුත් සිදු කර තිබෙනවා. GYEONGSEONG CREATURE සීරීස් එකේ Season 2 මේ වෙද්දිත් නෙට්ෆ්ලික්ස් විසින් තහවුරු කරලා තියෙනවා. පළවෙනි සීසන් එක පාර්ට් දෙකක් විදියට තමා රිලීස් වෙන්නේ. ඉතින් පළවෙනි පාර්ට් එක පහුගිය දෙසැම්බර් 25 වෙනිදා රිලීස් වුනා. දෙවෙනි පාර්ට් එක රිලීස් වෙන්නේ 2024 ජනවාරි 05 වෙනිදා. පළවෙනි පාර්ට් එක එපිසෝඩ් 07ක්ද, දෙවෙනි පාර්ට් එකේ එපිසෝඩ් 03ක්ද සමන්විතයි. ඉතින් පළවෙනි සීසන් එකේ මුළු එපිසෝඩ් ගාණ 10යි. එහෙනම් දැන් කාස්ට් එක පැත්තට යං. මේකට සබ් කරන්න ලොකුම හේතුවක් තමා කාස්ට් එක.

CAST – රංගන දායකත්වය

  • Park Seo Joon – ජන්ග් ටේ සන්ග්
  • Han So Hee – යුන් චේ ඔක්

  • Claudia Kim – යුකිකෝ මයෙදා
  • Kim Hae Sook – නා වොල් දෙක්
  • Jo Han Chul – යුන් ජොන්ග් වොන්
  • Wi Ha Joon – ක්වොන් ජුන් ටෙක්
  • Choi Young Joon – ලුතිනන් කර්නල් කටෝ
  • Hyun Bong Sik – ඉචිරෝ
  • Park Ji Hwan – ගු ගප් ප්යොන්ග්

 

SUMMARY – සාරාංශය 

Behold, the powers of destiny. Beware, the powers of karma.

දෛවයේ බලමහිමය දැක, කර්මයේ බලමහිමයෙන් ප්‍රවේසම් වනු”

කතාව ගැන කියන්න කලින් පොඩ්ඩක් කතාවට පාදක වෙච්ච පසුබිම පැහැදිලි කරලා ඉන්නම්. Unit 731 සිදුවීම ගැන දන්නවද? දෙවෙනි ලෝක යුද්ධෙ කාලේ ජපානය යුද්ධය ජයග්‍රහණය කරන්න නොකරපු දෙයක් නෑනේ. ඔන්න අය අතරේ ජෛව අවි නිර්මාණය සහ මානව අත්හදා බැලීම් ප්‍රධානයි. ජපන් අධිරාජ්‍ය හමුදාවේ ජීව විද්‍යාත්මක හා රසායනික යුධ පර්යේෂණ සහ සවර්ධන ඒකකවල තමා ඔය සේරම කරලා තියෙන්නේ. ඔතනින් එක ඒකකයක් තමා Unit 731. ඕක පිහිටුවලා තිබ්බේ හාර්බින්වල පින්ග්ෆන්ග් දිස්ත්‍රික්කයේ (වර්තමාන ඊසානදිග චීනය). තව මේකේ ශාඛා චීනයේ වගේම අග්නිදිග ආසියාව පුරා ව්‍යාප්ත වෙලා තිබුනයි කියලා සදහන් වෙනවා. මේ මානව අත්හදා බැලීම් නිසා මිනිසුන් 200,000ත් 300,000ත් අතර සංඛ්‍යාවක් මිය ගියයි කියලා සදහන් වෙනවා.  මෙන්න මේ සිදුවීම පසුබිම් කරගෙන නිර්මාණය කරපු ප්‍රබන්ධ කතාවක් තමා මේක. Gyeongseong Creature

එහෙනම් දැන් කතාව පැත්තට යං. කතාව පටන් ගන්නේ ජපන් හමුදාව මානව අත්හදා බැලීම් කරපු ඊසානදිග චීනයේ පර්යේෂණාගාරයක් විනාශ කරලා වෙන තැනකට හුවමාරු වෙනවා. ඒ ග්යොන්ග්සොන්ග් (පැරණි සෝල්) වලට. මෙන්න මේ ග්යොන්ග්සොන්ග්වල ඉන්න කැපී පෙනෙන ධනවතෙක් තමා ජන්ග් ටේ සන්ග් කියන්නේ. දවසක් ජන්ග් ටේ සන්ග්ට පොලිස් කොමසාරිස්ගේ බල කිරීමට අතුරුදහන් වෙච්ච කෙනෙක්ව හොයාගන්න වෙනවා. ඒ අතුරුදහන් වෙච්ච කෙනා ඉන්නේ ජපන් හමුදාව ග්යොන්ග්සොන්ග්වල පිහිටුවපු මානව අත් හදා බැලීම් පර්යේෂණාගාරයේ. ඉතින් ජන්ග් ටේ සන්ග්ට එයාව හොයාගන්න පුළුවන් වෙයිද? මේ මානව අත්හදා බැලීම්වල ප්‍රතිඵලය මොකක් වෙයිද?  ඒවට උත්තර දැනගන්න අනිවාරෙන් GYEONGSEONG CREATURE නරඹන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් දෙවෙනි කොටසින් හමුවෙමු. අමතක කරන්නැතුව අනිවාරෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. සුභ දවසක්!

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය. 

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2023-01-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Next BT1

13 thoughts on “Gyeongseong Creature [S01: E01] Sinhala Subtitles | නජින් [සිංහල උපසිරැසි]

  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • Kiyanna thiyenne thank you…good job…well done…

    Reply
  • ඉතුරු Episode ටිකත් සබ් ඉක්මන්ට දෙන්න සුපිරිම සීරිස් එකක්

    Reply
  • එකක් ඉවරවෙද්දි තව එකක් ගෙනල්ලා…..
    සබට තෑන්ක්ස් මචෝ

    Reply
  • සහෝ තෑන්ක්ස් මේ සුපිරියට සබ් දෙනවට❤️
    Good luck Well done ✅
    Request එකක් කරන්නද, ලබන ජනවාරි 27 ද කොහෙද එන Lee Dong Wook ගෙ අලුත් ඩ්‍රාමා එකටත් සබ් දෙන්නකො❤️ “Shop of Killers” ද කොහෙද ඒකෙ නම

    Reply
  • ……ගොඩක් ස්තූතියි සබ් එකට……

    Reply
  • Wow ඔයා නං මාරයි ❤️
    මේකත් සුපිරියක්, සබ් එක්ක බලන්න ලැබෙන එක පට්ට
    ගොඩක් ස්තූතියි සබ් එකට ❤️❤️❤️

    Reply
  • Ilaga ekath ikmanta oneeeee kathava supiri wei wage

    Reply
  • ගොඩක්ම ස්තූතියි නයන සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply
  • Thanks bro mekata sub denkam balan hitiye..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *