Halloween (2007) Sinhala Subtitles | යක්ෂයාගේ ඝාතක යන්ත්‍රය [සිංහල උපසිරසි] 18+
ඒ හැලෝවීන් රාත්‍රියයි, දස හැවිරිදි මයිකල් මයර්ස්, හැඩන්ෆීල්ඩවල ඉන්න අහිංසක ඇස් තියෙන ලස්සන කොළු ගැටයෙක්. එදා රෑ මයිකල්ගේ ගෙදර හිටියේ එයාගේ සුළු පියායි, අක්කයි, අක්කගේ පෙම්වතයි, මයිකල්ගෙ නංගියි විතරයි. කාටවත් නොදැන යක්ෂයා බිහිසුණු වැඩකට මයිකල්ව තෝරගෙන තිබුනා. එදා රෑ මයිකල්ගෙන් පණ බේරගත්තේ එක ජීවිතයයි. මානසික රෝහලකට යවපු මයිකල්ව තේරුම් ගත්තේ එකම එක පුද්ගලයයි. ඒ තමයි එයාගේ දොස්තර, මයිකල්ගේ අහිංසක ඇස් පිටිපස්සේ ඉන්න යක්ෂයාව ඔහු දැක්කා. වසර 15කට පස්සෙත් මයිකල් තවමත් ලේ පිපාසාවෙන්, දවසක් එක වැරදීමකින් යක්ෂයා නැවත නිදහස් උනා. ජීවීත ගාණකට වග කියන්න මයිකල් නැවතත් හැඩන්ෆීල්ඩ් වලට සේන්දු උනා. එදත් හැලෝවීන් දවසක්, අධික ශරීර ශක්තියකින් හෙබි, ඝාතක යන්ත්‍රයක් බඳු ජීවමාන සාතන්ගෙන් හැඩන්ෆීල්ඩ් වාසීන් කෙසේ ගැලවෙයිද ? මේ ලේ පිපාසය කොහොම සන්සිදවෙයිද ? ඔබට එක දෙයක් කියන්නම්, ඒ අහිංසක ඇස්වලට රැවටෙන්නනම් එපා.
ආයූබෝවන් යාළුවනේ, ඔන්න එහෙනම් හැලෝවීන් සමරන්නත් එක්ක මේ පාර ගෙනාවේ පරණ උනත් සුපිරි චිත්‍රපට මාලාවක රීබූට් ෆිල්ම් එකක්. පළමු චිත්‍රපටය 1978 වසරේදී නිකුත් වෙලා මේ වෙද්දි ලොව පුරා අතිශය ජනප්‍රිය උන Halloween චිත්‍රපට මාලාව ඔයාලා බලලා තියෙනවා නේද. හොලිවුඩයේ හොරර් මාස්ටර් ලෙස හඳුන්වන John Carpenter තමයි පළමු චිත්‍රපටය අධ්‍යක්ෂනය කලේ. ඉතාමත් අඩු වියදමකින් නිම වූවත් ලොව පුරා රසිකයන් මේ නිර්මාණයය ඇබ්බැහි උනා. විශේශයෙන්ම ප්‍රධාන චරිතය වු මයිකල් මයර්ස්ගේ සද්දන්ත රුව සහ මේ චිත්‍රපට මාලවට ආවේණික හැලෝවීන් වෙස් මුහුන මෙහි ජන්ප්‍රියත්වයට දායක උනා. ඔයත් මේ චිත්‍රපට මාලාවේ රසිකයෙක් නම් අනිවාර්යයෙන්ම මේක බලන්න. ඒ වගේම කලින් ෆිල්ම් මාලාවේ නවතම චිත්‍රපයට Halloween Kills (2021) අපේ වෙබ් අඩවියෙන් දීලා තියෙනවා. මේ චිත්‍රපට මාලාවේ අනෙකුත් චිත්‍රපටත් අපේ වෙබ් අඩවියෙ තියෙනවා ඒකට බුද්ධික නුවන් සහෝදරයට විශේෂයෙන් ස්තූති කරනවා. මේ චිත්‍රපටය 84%ක ගූගල් පරිශීලක කැමත්ත ලබාගන්නත්, 6.1ක IMDb අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා වගේම මෙය Slasher / Horror යන කාණ්ඩයන්ට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ. මේක Halloween (1978) චිත්‍රපටයෙම නැවත නිපදවීමක් උනත් කතාව ගොඩක්ම වෙනස්. ඒ නිසා මේක මඟ හැරගන්න එපා කියලා කියන්න ඕන.
කපන කොටන දර්ශන තියෙන නිසා සංවේදී දර්ශන නරඹන්න නොහැකි අයටත්, 18+ දර්ශන තියෙන නිසා පවුලේ සැමටත් බලන්න බෑ කියලා ඔන්න මතක් කරා. ඒ වගේම මේ සිනමාපටය උපසිරැසි ගැන්වීමට අවසර දුන්න තිසර නියෝ සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මගේ 100* වෙනි උපසිරසියට මූණු පොතෙන් සහ වෙබ් අඩවියෙන් සුභ පතපු හැමෝටම හදවතින්ම ස්තූතීවන්ත වෙනවා. ලොක්ඩවුන් එක නැති උනත් Covid අවදානම තාම පහ වෙලා නැති නිසා හැමෝම පරිස්සමින් ඉන්න. තවත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. මම දනුවා.
සුබ හැලෝවීන් දිනයක් !!!
Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි සියලුම UNRATED BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2565 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thanks for Sub!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
තෑන්ක්ස් සබ් එකට සහෝ
සන්තෝෂයිි ….සන්තෝෂයි….
Super වැඩක්
Vijaya bhawa!
thanks for sub bro
Halloween II (2009) ekatath sub denna puluwannnam hodai ethakota series eka complite
1989 halloween 5 ekath na neda
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
හැකිනම් මෙවැනි සබ් නොදීපු පරණ Horror ෆිල්ම් වලට සබ් දෙන්න.
Friday the 13th part VIII: Jason Takes Manhattan – 1989
Jason Goes to Hell: The Final Friday – 1993
Jason X – 2001
Thanks jayawewa….!
බොහොම ස්තුතියි නියම වැඩක්