MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නරවිඳු රුක්ෂාන්සිංහල උපසිරැසි

Hanna [S03 : E01] Sinhala Subtitles | අවසාන මෙහෙයුමේ ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 7 votes.
Please wait...

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Hanna” කතාමාලාවෙ අවසාන කතා සමයයි. ඒ කියන්නෙ මේකෙන් පස්සෙ හැනා කියන කතා මාලාව අවසන් වෙනවා. වෙනදා වගේම වැඩේ ඉක්මණට කරගන්න ඕන හින්දා ”චාමර සහ ලහිරු” යන සහෝදරවරුන්ව මේකට සම්බන්ධ කරගත්තා. ඉතින් මේ වෙලාවෙ ස්තූතිවන්ත වෙනවා වැඩේට සම්බන්ධ වීම් ගැන. ඒවගේම තමයි මේ අවසාන කතාමාලාවෙ කොටස් 6 යි අන්තර්ගත වෙලා තියෙන්නෙ. කලින් කතා සමයන් වලදී අපිට 8 ක් දැකගන්න ලැබුණා. කොහොමහරි මෙයාලා එපි අඩු කරලා දාවන කාලය වැඩි කරලා තියෙනවා. එහෙනම් වෙන කතා නැතිව අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් කතාව අවසන් වුණේ විග්ලර්ගෙ බොරු මරණයත් එක්ක. දැන් හැමෝම හිතාගෙන ඉන්නෙ විග්ලර් මැරුණා කියලා. කොහොමහරි මේකෙන් විග්ලර්ට හොඳ අවස්ථාවක් එනවා මේ සංවිධානය පිටිපස්සෙ ඉන්නෙ කවුද කියලා හොයාගෙන යන්න. ඒවගේම තමයි ඝාතනය කරන්න ඕන අයගෙ ලැයිස්තුව පවා මෙයාගෙ අතට ලැබෙනවා. ඉතින් මෙයා මුළින්ම යන්නෙ ලිස්ට් එකේ ඉන්න CIA විශ්ලේෂකයෙක් ගාවට. මෙයා අවුරුදු ගාණකට කලින් මේ සංවිධානය එක්ක වැඩ කරලා තියෙනවා එක්තරා දත්ත ගබඩාවක් නිර්මාණය කරන්න. තනියෙම නෙමේ හැබැයි තව කොම්පුටර් ප්‍රෝග්‍රෑමර් කෙනෙකුත් සමඟ. කොහොමහරි දෙන්නම වගේ මේ වැඩෙන් ඉවත් වෙනවා. ඔය අතරේ තමයි හැනා සහ කාර්මයිකල් ඇතුලෙ වෙන දේවල් ගැන බලන්නෙ. ඕනෑම සංවිධානය ප්‍රධානියෙක් ඉන්නවනෙ. ඉතින් මේකටත් එහෙම කෙනෙක් ඉන්නවා. මෙයාලා කරන්නෙ ඒ කවුද කියලා හොයාගන්න එක. හැබැයි ලේසි වෙන්නෙ නැහැ වැඩේ. මොකද කාර්මයිකල් ගාවවත් එවැනි තොරතුරක් නැහැ. ඒවට කිසිම ප්‍රවේශයක්වත් නැහැ ඒ තොරතුරු අරගන්න. එහෙනම් අපි බලමුකො මේ දේවල් කොහොම විසදෙයිද කියලා.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1509 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

8 thoughts on “Hanna [S03 : E01] Sinhala Subtitles | අවසාන මෙහෙයුමේ ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    The Wheel of Time සීරීස් එකටත් සබ් දෙන්න සහෝ
    තාම එපි 4යි ඇවිත් තියෙන්නේ…

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    Reply
  • අනේ සහෝ,
    ” the uncanny counter ” korean drama එකේ සිංහල උපසිරැසි දෙන්නකො. Please.
    දානවද නැද්ද යන්න ඉක්මනින්ම මට ප්‍රතිචාර දක්වන්න. Please මම ඒ ගැන බලාගෙන ඉන්නවා.

    Reply
    • Ube ara korean site eken illaganin
      Un denne korean witraineh..gobba site..

      Reply
  • Anupa dananjaya

    Machan puluwanm midnight mass mini tv series ekata sub dennako

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *