Hannibal [S02 : E11] | ශිව දෙවියෝ… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ හැනිබල් රූපවාහිනි කතා මාලාවේ දෙවෙනි කතා සමයේ එකොළොස්වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. පසුගිය කොටසෙදි සිදු උන දේවල් ඔයාලට මතක ඇතිනේ. විල් ගෙ නිවස පරීක්ෂා කරන්න යන ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් ට සිදු වන්නේ විල් ග්‍රැහැම් අතින් මැරුම් කෑමටයි. කතාව යන හැටියට දැන් විල් ග්‍රැහැම් දොස්තර හැනිබල්ගෙ අඩි පාරෙම යන විදිහක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ වගේම ෆ්‍රෙඩී ලවුන්ඩ්ස්ගෙ සිරුරෙන් කොටසක් විදිහට සැක කරන්න පුළුවන් මස් කෑල්ලකුත් අරගෙන තමයි විල් ග්‍රැහැම් දොස්තර හැනිබල්ව දකින්න යන්නේ.
ඒ අතරෙදි මේ කතා මාලාවට අළුත් චරිත දෙකකුත් එකතු උනා ඔයාලට මතක ඇති. ඒ මේසන් වර්ජර් සහ ඔහුගෙ සහෝදරිය වන මාර්ගොට් වර්ජර්. මොවුන් දෙදෙනාම දොස්තර හැනිබල්ගෙ උපදේශන සේවාවට යොමු උන අය. වර්ජර් ආයතනයේ හිමිකරු වන මේසන් වර්ජර්ගෙ පියාගේ අන්තිම කැමැත්තේ හැටියට එම ආයතනයේ හිමිකම ලැබෙන්නේ පිරිමි උරුමක්කාරයෙකුට විතරයි. ඒ නිසා මාර්ගොට් වර්ජර් උත්සාහ කරන්නේ විල් ග්‍රැහැම් මාර්ගයෙන් දරුවෙකු ලබා ගැනීමටයි.
මේ කොටසෙදිත් පෙන්නන්නේ මේසන් සහ මාර්ගොට් අතර දේපල සම්බන්ධයෙන් තියෙන මතගැටුමට දොස්තර හැනිබල් ලෙක්ටර් මැදිහත් වන අයුරුයි. ඒ වගේම දොස්තර හැනිබල් ලෙක්ටර් ඇත්තටම කාගෙ පැත්ත ගන්නවද කියලා හිතාගන්න බෑ. ඒ වගේම දොස්තර ඇලනා බ්ලූම්ට තාමත් හිතාගන්න බැරුව ඉන්නවා විල් ග්‍රැහැම් ඇත්තටම ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් ව මරා දැම්මද කියලා. ඒ අතරේ භූමදානය කල ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් ගේ පිළිස්සුන මළසිරුර නැවතත් ගොඩ ගෙන අමුතු ආකාරයෙන් ප්‍රදර්ශණය කරලා තියෙන අයුරු FBI ආයතනයට හොයා ගන්න ලැබෙනවා. එහෙම කරේ කවුද කියලනම් කිසිම හෝඩුවාවක් නෑ.
ඉතින් යාළුවනේ. ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් ව මරා දැමීම සම්බන්ධයෙන් විල් ග්‍රැහැම් පිළිබඳව සැකය යොමු වේවිද? මාර්ගොට් වර්ජර් විල් ග්‍රැහැම් නිසා ගැබ් ගනීවිද? එහෙම උනොත් ඒ දේ සම්බන්ධයෙන් මේසන් වර්ජර් මොන වගේ ප්‍රතිචාරයක් දක්වාවිද? කවුද ෆ්‍රෙඩී ලවුන්ඩ්ස්ගේ මලසිරුර නැවත ගොඩ අරගෙන තියෙන්නේ? ඒ කුමන පරමාර්ථයෙන්ද? කියලා ඔයාලට කතාව බලලම තමයි දැනගන්න වෙන්නේ. එහෙනම් යාළුවනේ… හැමෝටම ජයවේවා!!!
SInhala Subtitles
-- Count 3950 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
මේක නම් පස්ටයි ආ……
thanks
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල
සබට තුති
ඔබට ජය…………….
ස්තුතියි දිනිදු අයියා!
ජය වේවා!
Niyamai Dinidu Aiye…..
Oyage Kapavimata Prathicharanm Adui Thama….
Monawa Krannada… 🙁
Ekama illima Thamai TV Series Walata Sub Dena Eka Nawaththanepa….
Subata Thuthi….
Jaya Wewa !!! 🙂 😛
Thank you….
ela machan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි දිනිඳු…………
සිංහල සබට බොහොම ස්තූතියි.
බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks
මේ තියෙන්නෙ වෙඩි වගේ එල එල
බොහොම ස්තූතියි සහෝ
ජයවේවා!!
එල එල … (Y)
ගොඩක් ස්තුතියි අයියේ… අනිත් දෙකත් දීලා කතාව ඉවරයක්ම කරමු 😀
ස්තුතියි 🙂