MENU

AllFeatured ArticlesSinhala Subtitleඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපටඑළකවීෂ කල්‍යාණකොමඩියක්චිත්‍රපටිජපන්නාට්‍යමයසිංහල උපසිරැසි

Hello World (2019) Sinhala Subtitles | මගේ මුළු ලොවම ඔබයි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 25 votes.
Please wait...

2020 දී ජපානේ කියෝතෝ වල, කියෝතෝ විශ්වවිද්‍යාලයයි පුද්ගලික ආයතනෙකුයි එකතුවෙලා කියෝතෝවල වෙන හැම සිදුවීමක්ම පටිගතකරන ව්‍යාපෘතියක් පටන් ගන්නවා. ඒක නමින් කිව්වොත් ඕල්ටල් කියල කියන්නේ. ඊට අවරුදු හතකට පස්සේ කියෝතෝ වල නඔමි කියල පිරිමි ළමයෙක් ජිවත් වෙනවා. නඔමි ගැන කිව්වොත් එයා ගොඩක් පොත් වලට කැමති ව් වගේම හරිම ලජ්ජාශීලි ළමයෙක් ඒ නිසා එයාට වැඩිය යාළුවොත් නැහැ.

දවසක් එයාට අමුතුම සිදුවීමකට මුහුණ දෙන්න වෙනවා. නඔමි පුස්තකාලෙට ගිහින් එද්දී එයාගේ පොත් ටික කපුටෙක් උස්සගෙන යනවා. ඉතින් එයා පොත් ටික ගන්න නඔමි කපුටාගේ පස්සෙන් යනවා. කපුටා නඔමිව තැනකට එක්ක යනවා. එතැනදී එයාට එයාගේ අනාගත ස්වරුපය මුණ ගැහෙනවා. අනාගතෙන් ආපු නඔමි ගෙන් එයා දැනගන්නවා 2027 නඔමි ඉන්නේ අර ඕල්ටල් කියන පද්ධතිය ඇතුලේ කියල. ඒ විතරක් නෙවෙයි අනාගතේ නඔමි, 2027 නඔමිට ගෑනු ළමයෙක්ව යාලු කරගන්න උදව් කරනවා. ඇත්තටම අනාගතේ නඔමි, 2027 නඔමිගේ ජිවිතේ වෙනස් කරනවා. ඒත් එයා අන්තිමේදී බොහොම නරක දෙයක් දැනගන්නවා ඒ යාලු වෙච්ච ගෑනු ළමයා එක්ක එයා මල්වෙඩි බලන්න ගියපු දවසක අර ගෑනු ළමයා අකුණක් ගහල මැරෙන්න තියනවා කියල. 2027 නඔමි ඒක වලක්වන්න උපරිමයෙන්ම උත්සහ කරනවා. ඒත් නඔමි ගෑනු ලමයව බේරාගත්තත් ඊට පස්සේ තමයි නරකම දේ දැනගන්නේ පිටත ලෝකෙන් ආපු නඔමි හදන්නේ එයාගේ ලෝකේ ඉන්න අකුණ වැදුනු ගෑනු ළමයාව අවදි කරවන්න. ඇත්තටම පිටත ලෝකෙදි ඒ ගෑනු ළමයාගේ මොලේ මැරිලා කොමා එකක ඉන්නේ පිටත ලෝකෙන් ආව නඔමිට ඕන ඕල්ටල් ඒකෙ ඉන්න ගෑනු ළමයාගේ මනස පිටත ලෝකේ අර ගෑනු ලමයයි ශරීරය එක්ක සම්බන්ධ කරන්න. අන්තිමේදී එයා සාර්ථක වෙනවා. එයා ගෑනු ලමයව පිට ලෝකෙට ගෙනියනවා. මේ දේ නිසා ඕල්ටල් ඒකෙ දත්ත වලට හානි වෙනවා කොටින්ම කිව්වොත් අන්තිමේදී 2027 අව්රුද්ද ඕල්ටල් ඒකෙන් මකෙන්නම යනවා. මේක නිසා 2027 නඔමි ඕල්ටල් පද්ධතිය හරහා අනාගතේට යනවා. එහෙදි නඔමිට එයාගේ ගෑනු ළමයයි අනිත් නඔමිවයි මුණ ගැහෙනවා. මේ අතරේ එයාල දැනගන්නවා මේ අනාගතෙත් ඕල්ටල් එකේම ලියවිච්ච අනාගතයක් කියල. ඒ කියන්නේ ඉස්සර දත්ත වලට වෙච්ච හානිය මේ කාලෙටත් බලපානවා කියන එක. ඉතින් නඔමිලට තමන්ගේ ලෝක බේරගන්න කරන අරගලය ගැන කියවෙන ඇනිමේ චිත්‍රපටියක්.

මේ ඇනිමේ චිතපටිය ගැන කතා කලොත් මේක පැයයි මිනිත්තු 37 ධාවන කාලයක් තියන Sci-Fi ගණයට අයිති වෙන Sci-Fi වලට කැමති අයට අසාවෙන් බලන්න පුළුවන් චිත්‍රපටියක්. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙනේ Boku dake ga Inai Machi ඇනිමේ ඒකෙ අධ්‍යක්ෂණය වගේම death note ඇනිමේ එකෙත් සහය අධ්‍යක්ෂකවරයෙක් විදියට කටයුතු කරපු ඉතෝ ටෝමොහිකෝ කියන අධ්‍යක්ෂකවරයා. ඒ වගේම මේ චිත්‍රපටය MyAnimelist දර්ශකයේ 7.8 වගේම IMDB දර්ශකයේ 6.9 වගේ අගයක් අරන් තියනවා.

ඉතින් අදට අවසරයි. තවත් මේ වගේ ඇනිමේ නිර්මාණයක් එක්ක ආයෙත් මුණගැහෙමු. යන්න කලින් කියන්න ඕන ළඟදීම RE:Zero ඇනිමේ එකෙන් මුණගැහෙමු කියල. එහෙනම් හැමෝටම සුබ දවසක්.

මේ ලෝකේ කිසි දෙයක් ඇත්ත නොවෙන්න පුළුවන් ඇත්ත අපි විසින්ම හොයාගත යුතුයි!

 

 

Due to copyright issues, we do not provide any torrent links..

ලබා දී ඇති උපසිරසියෙ BR පිටපත සදහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4492 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවීෂ කල්‍යාණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

20 thoughts on “Hello World (2019) Sinhala Subtitles | මගේ මුළු ලොවම ඔබයි… [සිංහල උපසිරැසි සමඟ]

  • යසිරු

    බොහොම ස්තුතියි Sub එකට❤️❤️

    Reply
  • hello mini 2019 sinhala sub onee plzzzzz

    Reply
  • මේක ගොඩක් ලස්සන ඇනිමේ එකක්.නියමෙටම සබ් එක කරලා තියෙනවා.ගොඩක් ස්තූතියි අයියේ මේ ඇනිමේ එකටත් සබ් දුන්නට.ඉදිරියටත් මේ වගේ ඇනිමේ චිත්‍රපටි වලට සබ් දෙන්න.ජය වේවා!!! ❤️

    Reply
  • rashen nawod

    me hello word film aka hoyaganne kohomada mata aka tiyena web page akaka namak wath denawada!!

    Reply
  • chanul2002

    මම මුලින් හිතුවෙ මේක වැඩක් න කියල. ඒත් කමක් නෑ කියල දාගත්ත. බැලුවට පස්සෙඉ තේරුනෙ , මෙක නම් පට්ට මුලින් හිතුව දේ නෙමෙඉ අන්තිමටම ඉවර උනාම වෙල තියෙන්නෙ.
    අනේ තවත් අලුත් anime එකක sub එකක් කරන්න……

    Reply
  • Whisker away 2020 එකටත් ඉක්මනට sub එක දෙන්න පුළුවන් ද? ලොකු උදව්වක්…! ❤️❤️

    Reply
  • Viraj Tharuka

    niyamai broh..jaya wewa…!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට …

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • නියමයි මල්ලි. මේක දෙනකන්මයි හිටියෙ. ඉක්මණට Re:ZERO ඕනෙ.

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • Niyamai. I want to eat your pancreas anime ekatath sub denna

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *