Hoodwinked Too! Hood vs. Evil (2011) With Sinhala Subtitle|රවටන්නෝ සැම විට රැවටෙති. [සිංහල උපසිරසි සමඟ]
☺ ☺ ☺ ☺ ☺ මේ උපසිරැසි ගැන්වුම මා බයිස්කොප් සිංහලෙන් වෙබ් අඩවිය හා එක්ව වසරක් සපිරීම නිසා කල එකකි. ලිපිය රසවිදින්න. ☺ ☺ ☺ ☺ ☺
***
෴නාට්‍යය෴
ඔන්න දුවේ පුතේ එකෝමත් එක කාලෙක හිටියා රතු හැට්ටකාරී කියල කෙනෙක්. එයාට ඒ නම ලැබුණෙ එයා රතු කබායක් පැළදගෙන හිටපු නිසා. එයා හරිම බුද්ධිමත්, ඒ වගේම එයා දක්ෂ කෙනෙක්. ඔන්න දවසක් එයා අත්තම්ම බලන්න විස්කෝතු පුරවපු කූඩයකුත් අරගෙන අත්තම්මලාගෙ ගෙදරට ගියා. එදා අත්තම්මා ඇදේයි හිටියේ. ඒත් අත්තම්මගෙ අමුත්තක් තිබුණා.
රතු හැට්ටකාරී – අත්තම්මේ… මේ මම. රතූ.. හැමදේම හොදින්ද?
අත්තම්මා – ඔව් පුතේ. එන්න
රතු හැට්ටකාරී – ඔයා කවුද?
අත්තම්මා – මම ඔයාගේ අත්තම්මා
රතු හැට්ටකාරී – ඔයා ගේ මූණ හරි අමුතුයි අත්තම්මේ
අත්තම්මා – මම අසනීපෙන් නිසා වෙන්න ඇති
රතු හැට්ටකාරී – ඔයා කතාකරද්දි කට හෙලවෙන්නෙ නෑනේ?
අත්තම්මා – මම ප්ලාස්ටික් සැත්කමක් කරලා ඉන්නේ. ඒකට කමක් නෑ. ළගට එන්න
රතු හැට්ටකාරී – බලන්නකො ඔයාගෙ අත්වල ලොකු?
අත්තම්මා – ඔයාව හොදින් අල්ල ගන්න පුතේ
රතු හැට්ටකාරී – එතකොට බලන්නකෝ ඔයාගේ කන්වල ලොකු
රතු හැට්ටකාරී – අනේ බලන්නකො ඔයාගෙ කටේ ගද
අත්තම්මා – ඔයාව හොදින් අහන්න මගෙ පුතේ
අත්තම්මා – ඒ මොකද මම ඔයාවගේ ගොඩක් අය ගිලින නිසානෙ පුතේ
ඉතින් එකපාරම අත්තම්මගෙ වේශයෙන් හිටපු වෘකයා වෙස් මූණ ගලවල රතු හැට්ටකාරිව අල්ල ගන්න හැදුවා. ඊට පස්සෙ එයා එයාගෙ නුවණින් බේරුණා. ඕකනෙ කතාව. ඒත් ඇත්තටම ඒක නෙවෙයි කතාව. මෙහෙමයි කතාව වෙන්නේ කොහොම හරි අත්තම්මත් බැදල තිබ්බ ලණු පිටින්ම කඩං පැන්න. ඒවගේම දර පලන්නෙකුත්. ඊට පස්සෙ පොලීසිය වෘකයාව අත්අඩංගුවට ගන්තා. ඒත් වෙච්ච හරිදේ දැනගන්න එතනට ආවා නිකී ෆ්ලිපර්ස් කියන ගෙම්මබා. එයා තමා HEA එකේ ප්‍රධානියා. ඔන්න ඊට පස්සෙ එයා කට්ටියගෙන්ම ප්‍රශ්න කරන්න ගත්තා සිද්ධ උණේ මොකද්ද කියල දැනගන්න.
රතු හැට්ට කාරියගේ පාපොච්චාරණය:
හැමෝගෙම රසකැවිලි ව්‍යාපාර කඩා වැටිලයි තිබුණේ. හැමෝම පිට පළාත්වලට යන්න පටන් අරං. මම එතකොටයි අත්තම්මව බලන්න එයාගෙ කඩේට ගියේ. ඒත් එයා හිටියෙ නෑ. කඩේත් හොදටම අවුල් ජාලාවක් වෙලා. ඉතින් මම ගියේ අත්තම්මව බලන්න එයාගේ ගෙදරටම යන්න තීරණය කළා. ඉතිං සුපුරුදු විදිහටම මම කූඩෙත් අරං කේබල් බස් එකට නැංගා. මට එහිදි බොයින්ගෝ කියන යාළු හාවා හමුඋනා. මම එයා එක්ක කථා කර කර ගියා. එකපාරටම දොර ඇරිලා මාවයි කූඩෙයි බිම වැටුණා. එතනය වෘකයා ආවා. කථා කර කර ඉන්න ගමන් එක පාරම මාව බය කළා. මම දිව්වා. එයා ආයෙත් මම ඉස්සරහට ආවා. ඒක කොහොම උනාද මම දන්නෙ නෑ. එයාගෙන් බේරිල මම ආපහු දිව්වා. එතකොට මගෙ කුරුලු යාළුවො හම්බ උණා. මම එයාලට කියවලා වෘකයාව වතුරට දැම්මා. ඊට පස්සෙ අත්තම්මලයි දිහා යන්න පිටත් උණා. යන අතරෙදි මම ජෙපත් කියන එළුවව හම්බ වෙන්න ගියා උදව්වක් ගන්න. එයා සින්දු කියන එළුවෙක්. අපි දෙන්නා එකපාම ඉන්න තැනින් පහළට වැටිලා දිගටම ගියෙ කන්දක් ඇතුළෙන් උමගක රේල් පාරක පුංචි කරත්තයකින්. ඔහොම යද්දි උමග ඉවරවෙන තැන රේල් පාර කැඩිල තිබුණා. අපි අහසට විසිඋණා.
෴නාට්‍යය෴
*මෙන්න විශේෂ පුවතක්
හිස්වැසි ශුද්ධ සහෝදරියන්ගේ සංවිධානයේ සහ HEA හි සාමාජිකවක් මෙන්ම රතු හැට්ටකාරිය ගේ අත්තම්මා වන ඇබිගේල් පකෙට් මෙනවිය මීට සුළු මොහොතකට පෙර පැහැරගැනීමකට ලක්ව ඇත.ඇය ඒසේ පැහැරගෙන ගොස් ඇත්තේ මීට කලින් පැහැර ගැනීමකට ලක්වූ හැන්සල් සහ ග්‍රේටල් මුදවා ගැනීමේ මෙහෙයුමක් අතරතුරදී යි. පැවසෙන අන්දමට ඔවුන් තිදෙනාවම පැහැරගැනීමට ලක්ව ඇත්තේ නපුරු මායාකාරියක් විසින් බව පැවසේ. එමෙන්ම අද උදෑසනදී තම ඉතා රහසිගත කෑම වට්ටෝරුවක් පැහැර ගැනීමට ලක්ව ඇති බව හිස්වැසි ශුද්ධ සොයුරියන්ගේ සංවිධානය අපට පවසා සිටියා. මේ ඒ පිළිබදව එහි ප්‍රධානිතුමිය අප වෙත දැක්වූ අදහස්
ප්‍රධානිතුමිය:
ඇත්තටම මේක භයානක ක්‍රියාවක පෙර නිමිත්තක්. ඒක රසකැවිල්ලක අමුද්‍රව්‍ය වට්ටෝරුවක්. ඒක අනුභව කරන ඕනෑම කෙනෙක් ඉතා බලවතෙක් කෙනෙක් කරන්න පුළුවනි. හැබැයි ඒ අමුද්‍රව්‍ය ලැයිස්තුවේ අවසාන අමුද්‍රව්‍ය පිළිබදව එහි ප්‍රධානිතුමිය අප වෙත දැක්වූ අදහස්
ප්‍රධානිතුමිය:
ඇත්තටම මේක භයානක ක්‍රියාවක පෙර නිමිත්තක්. ඒක රසකැවිල්ලක අමුද්‍රව්‍ය වට්ටෝරුවක්. ඒක අනුභව කරන ඕනෑම කෙනෙක් ඉතා බලවතෙක් කෙනෙක් කරන්න පුළුවනි. හැබැයි ඒ අමුද්‍රව්‍ය ලැයිස්තුවේ අවසාන අමුද්‍රව්‍ය පිළිබදව දන්නේ අපේ සාමාජිකාවන් පමණයි. ඒ නිසා කාටවත් මේක හදන්න බැහැ.
නිවේදිකාව:
ඒත් මේ දැන් ඇබිගේල් මහත්මියව පැහැරගත්තනේ
ප්‍රධානිතුමිය:
හත් දෙය්යනේ
මීට අමතරව රතු හැට්ටකාරිය, දඩුලේනා සහ වෘකයා පැමිණ තමාට අලාභහානී කල බව අවන්හල් හිමි දැවැන්තයා අපට පවසා සිටියා. ඔහු පැවසුවේ මේ ද්වේෂසහගත සිදුවීම මුළුමනින්ම හෙළා දකින බවයි. නමුත් කිසිම සොරකමක් සිදුව නැති බවට අපට දැන ගන්නට ලැබුණා. එමෙන්ම කිසියම් හදුනා නොගත් පිරිසක් විසින් තම HEA මූලස්ථානයට පහර දුන් බව බුද්ධි අංශ බැටළුවන් පවසා සිටියා.එහි ප්‍රධානී නිකී මහත්මා අපට පැවසුවේ මෙවන් අදහසක්
නිකී:
අපි සෑම සුරංගනා කතාවකටම සතුටු දායක අවසානයක් ලබා දීමට බැදී සිටිනවා. ඒ නිසා අපි ඒ කටයුත්තේ නිරතව සිටියදී අපට බොහෝ වැදගත් සාමාජිකාවක් අපට අහිමි උණා. හදුනානොගත් ඌරන් පිරිසක් පැමිණ අපට පහර දී අපට කල අලාභ හානී පිළිබදව අපි හෙළා දකිනවා.
මේ පිළිබදව තවත් තොරතුරු ඔබ වෙත ගෙන ඒමට අප සූදානමි. දැන් අපි නැවතත් ප්‍රධාන පාලක මැදිරිය හා සම්බන්ධ වෙනවා.
෴නාට්‍යය෴
…අහසෙදි වලාතුළු අතරින් මට අත්තම්මගෙ ඡායාව කථා කළා. මගෙ කබාය පාවිච්චි කරල බේරෙන්න කිව්වා. එහෙමයි මම එතනින් බේරිලා අත්තම්මලාගෙ ගෙදරට ගියේ. එහෙදි වෘකයා අත්තම්ම වගේ ඇදගෙන හිටියා. බොරුව එලිවෙච්ච පාර මාව කන්න හැදුවා. එයයි මායි සටන් කළා. අත්තම්මවත් හිරකරල තිබුණ තැනින් එළියට ආවා. එතකොටයි කර්කුත් ජනේලෙ කඩං එතනට වැටුණේ.
වෘකයාගේ පාපොච්චාරණය:
මම වෘතීයෙන් රහස්පරීක්ෂකයෙක්. මම මාස 6ක් තිස්සෙ රසකැවිලි සොරකමේ යෙදෙන දාමරිකයන් පිරිසක්ව ලුහුබදිමින් සිටියේ. අනුන්ගේ කෑම වට්ටෝරු හොරකම් කරලා එයාලගේ ව්‍යාපාර කඩා වට්ටන කෙනෙක්. ඒක නිසා මමයි මගේ සහයක ට්විචියි මේ ගැන තොරතුරු සෙව්වා. ගොඩාක් කෑම කඩවල් වලට අපිට යන්න සිදු උණා. මට බැටළුවෙක් වගේ යන්න උණා බැටළුවන්ගෙන් තොරතුරු ලබා ගන්න. ගොඩාක් සල්ලිත් වියදම් උණා. එතනදි මම දැක්ක රතූව. එයාගෙ හැසිරීම අමුතු නිසා මම පස්සෙන් ගියා කැලයක් මැදින්. ඊට පස්සෙ එයා උඩ ඉදල පහළට වැටුණා. මම එයාට කථා කළා. එකපාරම එක මැද්දෙදි මගෙ නැට්ට ට්විචීගේ නන්න මලේ කැමරාවට අහුවෙලා මට කෑ ගැහුණා. එයා බයවෙලා දිව්වා. අනික් පාර මම ටැක්සියක් අරං එයා පස්සෙන් ගියා. මම එයාව පහුකරං ගියා. පස්සෙ මම ආපහු හැරිල ඇවිත් එයාව අල්ලගත්තා. එයා මට කරාටි පාරක් ගහල පැන ගත්තා. මම එයා පස්සෙන් දිව්වා. අන්තිමේදි මම වතුරට වැටුණා. මට එතනදි බොයින්ගෝ හම්බ උණා. එයා කිව්වා උමගකින් යන්නය කියලා. අපි එතනින් ගියා. යද්දි අපට රේල් මාරගයක් හමුඋනා පෙට්ටි කෝච්චියක්. ඒකෙ නැගල මගක් යද්දි අපේ පෙට්ටියට ඩයනමයිට් වැටුණා. අපි ඉක්මනින් එවා ඉවත් කරා. ඒව රේල් මගට වැලා රේල් මග සුණු විසුණු උණා. කොහොමහරි අපි අන්තිමේ අත්තම්මලගෙ ගෙදර ගියා. ගෙදර කවුරුත් හිටියෙ නෑ. මොකද අපි දැනං හිටියා එයා යන්නේ අත්තම්මල ගෙදරට කියල. ඒක නිසා කලින්ම එහෙ ගියා. ගියාට පස්සෙ මට හමු උණා බොරු අත්තම්මෙක්ගේ ස්වරූපය ගන්න පුළුවන් ඇදුම් පැළදුම් ටිකක් තියෙන පෙට්ටියක්. මම ඒව දාගෙන අත්තම්ම වගෙ හැසිරෙන්න රියසල් කළා. එතකොටම දොරට තට්ටු කළා.
෴නාට්‍යය෴
*මෙන්න තවත් විශේෂ පුවතක්.
තම අත්තම්මා බේරා ගැනීමට ගිය රතු හැට්ටකාරිය අතුරුදන් වූ බවත් වෘකයා සහ දඩුලේනා ඝාතනය කිරීමට දරූ තැත වැරදුණු බව HEA රහස් බුද්ධි අංශ සාමාජිකයන් අපට පවසා සිටියා. නපුරු මායාකාරිය තනිව මෙම පැහැරගැනීම් සිදු කර නොමැති බවට සැකපහළවී ඇත. තවමත් හැන්සල් සහ ග්‍රෙටල් පිළිබදව තොරතුරක් අපට ලැබී නැහැ.
රැදී සිටින්න අප සමගම
෴නාට්‍යය෴
…රතූ ඇවිත්. මම ට්විචීව කබඩ් එකට දාල වහල ඇදේ හාන්සි උණා. රතූ මාව අදුන ගත්තා. අපි දෙන්න ෆයිට් කළා. එතකොටම කර්ක් ජනේලෙත් කඩං පොරවක් අරගෙන කාමරේ ඇතලට වැටුණා.
දර පළන්නා (කර්ක්) ගේ පාපොච්චාරණය:
මම දරපලන්නෙක් නෙවෙයි ඇත්තටම. මම රසකැවිලි වෙළෙන්දෙක්. මම රසකැවිලි වෙළෙන්දෙක් විදිහට රගපාන්න පුරුදු වෙමිනුයි හිටියේ. මම දරපලන්නො ගැන කිසිම දෙයක් දන්නෙ නෑ. මොකද මට ගීත ගායන හැකියාවක් තියෙනවා. ඉතිං මම ගීත ගය ගයා පුංචි ළමයින්ට රසකැවිලි බෙදුවා. දවසක් මගේ වාහනේ රෝද ගලවලා කෑම ජාතිත් හොරකං කරල තිබුණා. මගේ වෙළදාම නැති උණා. එතනට බොයින්ගෝ ඇවිත් හිටියා. එයා මගෙ ව්‍යාපාර ගැන අහ අහ ඉන්න වෙලාවෙ මට රගහලෙන් ඇමතුමක් ආවා. එයා මට කිව්වා මා තුළ ඉන්න සැබෑ දර පළන්නා අවදි කරන්න කියලා. ඉතිං මම කැලේ ගස් කප කප එයාව අවධිකලා. ඔන්න එහෙම ඉද්දි මම එයාව අවදි කළා. ඒත කරුමෙට ඒ ගහ මගෙ පැත්තටයි කඩං වැටුණේ. මට ඇහුණා උච්ච ස්වර ගායනයක්. මම අනික් පැත්ත හැරිල ඒක බලන්න ගියා. නමුත් මම ගහ මගේ පැත්තට වැටෙනවා දකිද්දි ප්‍රමාද වැඩියි. ගහ රෝල් වෙවි මාවත් තල්ලු කරගෙන ගෙයක ජනේලයක් කඩාගෙන කාමරයක් ඇතුළට වැටුණා. එතකොට වෘකයයි, රතූයි, සටනක හිටියේ. අත්තම්මත් හිටියා ගැටගහලා.
ඒත් අත්තම්මව ගැටගහපු එක හැමෝටම ප්‍රශ්නයක්. එයාව කවුරුවත් ගැටගැහුවෙ නැත්තං එයාව ගැටගහල කබඩ් එකේ දැම්මෙ කවුද? ඒකට අත්තම්මගෙන් පාපොච්චාරණයක් ගන්න සිදුඋනා.
අත්තම්මාගේ පාපොච්චාරණය:
මම හැමෝටම දෙයක් හැංගුවා. ඒ තමයි මම සාමාන්‍ය ආත්තම්මෙක් විතරක් නෙවෙයි කියන එක. කිසිම වැඩක් පලක් කරගන්න බැරි, කුදු, හිමින් වැඩ කරන කෙනෙක් විදිහටයි මම හිටියේ. ඒත් මම එහෙම නෙවෙයි ජීවත් උණේ. මම රහසිගත මෙහෙයුම් වලට ගියා. මමත් මේ රසකැවිලි හොරකම් සම්බන්ධ මෙහෙයුමට සම්බන්ධ වෙලා හිටියේ. එතනදි හිම ක්‍රීඩා තරගයකට දාමරිකයන් පිරිසක් එනව කියල මම දැනගත්තා. ඉතින් මම ඒ තරගෙට සහභාගී උණා. මට එහිදි බොයින්ගෝ කියල හාවෙක් හමුඋනා. එයා මට කිව්වා එයා මගේ හොද රසිකයෙක් කියලා. සමරු සටහනකුත් ගත්තා. මම තරග වදිද්දි අර දාමරිකයන් විවිධාකාරයෙන් අනික් තරගකාරයන්ටයි මටයි කරදර කළා. ඔවුන් මගේ පස්‍සෙන්ම ඇවිත් හිම කන්දක් පහළින් මාව තල්ලු කළා. ඒත් මම බේරුණා. අන්තිමේදි මම තරගෙ දින්නා. ඒත් ඔවුන්ව නවත්තන්න ඕන නිසා මම හිම කන්දට බෝම්බයක් දැම්මා. මං කන්ද දිගේ පහළට ලිස්සල ගියා. වැඩේ වැරදීගෙන එනව දැකල මම පැරෂුට් එකක් අරං පැන්නා. අහසින් යද්දි මම රතූව දැක්කා. මම එයා එක්ක කතාකළා. මාව පාවෙලා අපේ ගෙවල් පැත්තට ගියා. ඉන් පස්සෙ මම කෙළින්ම චිමිනයෙන් කාමරේ ඇතුළට වැටුණා. ෆෑන් එක දාල තිබුණේ. මාව කැරකි කැරකි පැරෂුටේ එතිල කබඩ් එක අස්සට ගියා.
෴නාට්‍යය෴
*මෙන්න තවත් විශේෂ පුවතක්
දරුණු ගැටුමකින් පසුව හැන්සල් සහ ග්‍රේටල් මේ දැන් HEA අත්අඩංගුවට පත්ව ඇත.
෴නාට්‍යය෴
ඉන් පස්සෙ රතූ ගියා කවුද මේ දේවල් කළේ කියල හොයාගන්න. අන්න එතනදි එයා දැනගන්නවා බොයින්ගෝ තමා ඒක කළේ කියලා ඒ දෙන්න අතර සටනක් ඇතිවෙනවා. නමුත් බොයින්ගෝ රතූළු හිර කරනවා. ඒත් අන්තිමේදී කට්ටියම එකතුවෙලා රතූවත් බේරගෙන බොයින්ගෝ ඇතුළු හොරු කට්ටියව හිරකරනවා.මේ හැම දේම හොදින් විසදන්න කටයුතු කල නිකී මහත්මයා වෘකයා, දඩුලේනා, අත්තම්මා, රතූ හැට්ටකාරී කියන අයට HEA කියන ඒජන්සියට බැදෙන්න කියලා ආරාධනා කරනවා. එයාලත් කැමතිවෙනවා. ඔන්න ඕකයි කතාව එහෙනං. තවත් සුරංගනා කථාවකින් අපි ලබන සතියේ හමුවෙමු.
෴නාට්‍යය෴
රැදීසිටින්න අපත් සමගම. මීළගට. වානර ජීවිත වාර්තාමය වැඩසටහන…
***
මේ ලිපිය කියවද්දි කෙනෙක්ට පැටලවිලි සහිත උනානං සමාවෙන්න. ඇත්තටම මේක කොටස් දෙකකටයි තියෙන්නේ.
1. හදිසි ප්‍රවෘත්ති විකාශයන් – මේ චිත්‍රපටය පිළිබදව
2. රූපවාහිනී නාට්‍යය – පසුගිය චිත්‍රපටය පිළිබදව සවිස්තරාත්මක ලිපිය
කෙනෙක්ට මේ දෙවනි චිත්‍රපටය බලද්දි එන ප්‍රශ්න ගැටලු වලට උත්තර හොයාගන්න කලින් එක බලන්නම වෙන නිසා. නමුත් මම දැනගන්න ඕන කරුණු ඔක්කොම මේ ලිපියෙ අන්තර්ගත කළා. කලින් එකත් බලපු නැති අයට මේක ගොඩාක් ප්‍රයෝජනවත් වේවි. ඔන්න මම තවත් අවශ්‍යම කරන තොරතුරු ටිකක් මේකට එකතු කළා.
අධ්‍යක්ෂණය – Mike Disa
නිෂ්පාදනය – Maurice Kanbar සහ David Lovegren
පළමු ප්‍රදර්ශනය – 2011 අප්‍රේල් 29
ධාවන කාලය – මිනිත්තු 87
භාෂාව – ඉංග්‍රිසී
බොක්ස් ඔෆිස් වාර්තාව – $16,960,968
ගණය – ඇනිමේෂන්, හාස්‍යමය, ක්‍රියාදාම
හඩ දායකත්වය – සුප්‍රසිද්ධ නළු හඩ නළු රැසක් මේ සදහා එක්වී කටයුතු කළා.
හඬ නළුවා/නිලිය | චරිතය | හඩ දායකත්වය ලබා දී ඇති වෙනත් ජනප්‍රිය චිත්‍රපට |
Hayden Panettiere | රතු හැට්ටකාරී | Alpha and Omega, Scooby-Doo and the Goblin King, A Bug’s Life |
Glenn Close | අත්තම්මා | Tarzan පැරණි චිත්‍රපට |
Patrick Warburton | මහ නපුරු වෘකයා | Chicken Little, Sky High, Open Season, Bee Movie, Mr. Peabody & Sherman, The Emperor’s New Groove |
Joan Cusack | වරූෂ්කා නම් නපුරු මායාකාරිය | Chicken Little, Toy Story 3, Arthur Christmas, |
David Ogden Stiers | නිකී ෆ්ලිපර්ස් | Spirited Away, Batman: Mystery of the Batwoman, Pooh’s Heffalump Halloween Movie |
Bill Harder | හැන්සල් | Inside Out, Cloudy with a Chance of Meatballs, Turbo, Monsters University, Escape from Planet Earth, Ice Age |
Amy Poehler | ග්‍රේටල් | Inside Out, Free Birds, The Secret World of Arrietty, Monsters vs. Aliens, Alvin and the Chipmunks: The Squeakquel, Shrek the Third |
Martin Short | ක(ර්)ක් නම් දර පලන්නා | The Prince of Egypt, Jimmy Neutron: Boy Genius, Treasure Planet, Madagascar 3: Europe’s Most Wanted, Frankenweenie, Legends of Oz: Dorothy’s Return, The Wind Rises |
Cory Edwards | ට්විචී | Yellowbird, Escape from Planet earth, Doogal |
Brad Garrett | දැවැන්තයා | A Bug’s Life, Planes: Fire & Rescue, Finding Nemo, Tarzan II |
Andy Dick | බොයින්ගෝ නම් හාවා | Happily N’Ever After, Inspector Gadget 2, |
මොවුන් ඉතාමත් දක්ෂ අන්දමින් තම රගපෑම මෙන්ම හඩකැවීමද සිදු කල පුද්ගලයන්ය. මේ සියලු දෙනාම සම්මාන ලබාගෙන ඇති අතර මේ චිත්‍රපටය පිළිබදව ඇතැම්හු සෘණාත්මක ප්‍රතිචාර දක්වා ඇත. මන්ද මෙහි චරිත වල ස්වරූපය වෙනස් කොට ඇති බැවිනි. නමුත් රසයට කිසිදු බාධාවක් වී නැත. එහෙනම් යළිත් හමුවනතුරු ආයුබෝවන්.
[button link=”https://goo.gl/mPK6gM” type=”icon” “center” newwindow=”yes”] 800 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2406 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/DeepthaT.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks brother
elama saho thanks
6633
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
his professional like a clownONSet the price of a $115look on approximately $173 and consumers will switch away. Once you’re it true that the Malaysians pay roughly gladness in a bestThis confirmed his judgment
බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම අප හා එක්ව ගෙවුන පළමු වසරටත් සුබ පැතුම්. ජය෴෴ 😛 😛
සුභ පැතුම් දිප්ත ගේවුනු පළමු වසරට.
තවත් කලාන්තරයක් අඩවිය සමඟ එක්කව අප රසගන්වන්න
ඔබට ශක්තිය වාසනාව ලැබේවා!
ජය වේවා!
නියමයි මචෝ.
නියම ලිපියක්.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජයෙන් ජය.
thanks
Baiscope samaga ek we wasarak…..mmth DHEEPTHA sahota hadawathinma sub pathanawa…Baiscope 1th ekka digu gamanak yamu….…thanks DHEEPTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
මේ කථාවෙ ස්ක්‍රින්ෂොට් බලන්න මගේ අළුත්ම බ්ලොග් අඩවිය වෙත පිවිසෙන්න.
https://dheepthathushara.wordpress.com/
ඉහත බ්ලොග් අඩවිය වසා දැමුණු බැවින් පහත ලින්ක් එක වෙත ගොස් ස්ක්‍රින් ෂොට් නැරඹිය හැකිය
http://sadhithu.blogspot.com/
thxzzz
මාත් හදවතින්ම සුභ පතනවා අඩවියට එක් වී වසරක් පිරීම නිමිත්තෙන්…
තවත් ඉදිරියට ගුණාත්මක උපසිරැසි අරගෙන එමු..
කරන වැඩ සියල්ලම සාර්ථක වේවා
ජයෙන් ජය..
ස්තූතියි 🙂
sub ekta thanxxxx. lipiya niyamai.
බයිස්කෝප් සමඟ එක් වී වසරක් වීමට සුභ පැතුම්…
මේ විදිහටම දිගටම ගුණාත්මකභාවයෙන් යුත් ලිපි හා උපසිරස අපට සමීප කරන ලෙස ඉල්ලා සිටිනවා…
ජය…
ස්තූතියි 🙂
thksss
බොහොම ස්තුතියි උපසිරසියට !
ලිපියත් වෙනස් විදියට ලියලා තියනවා.
බයිස්කෝප් සිංහලෙන් එක්ක ඉදිරියටම යමු.
😀
ස්තූතියි 🙂
සුබ පැතුම් සහෝ අවුරුද්දක් සම්පූර්ණ වීමට!!!
තවත් ඉදිරියට කරගෙන යන්න සුබ පතනව!!!
උපසිරැසියටත් ස්තූති!!!
ජය!!!
ස්තූතියි 🙂
thnx kolla. honda film ekak wage..
thankz machan… happy to be a 1st comment.. 😉