අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Hospital Playlist [S01 : E03] Sinhala Subtitles | අවයව දායකයා [සිංහල උපසිරසි]

Rating: 8.0/10. From 1 vote.
Please wait...

Hospital Playlist [S01 : E03] Sinhala Subtitles

මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම සිටිති

බිතුසිතුවම් රූ මෙන් පිටුනොපාවෙති

යහපත් මිතුරුකමකට වයස්බේදයක්, තනතුරක් පවුල් මට්ටමක් බලපාන්නේ නැති බවත් දීර්ඝ කාලයක් එකම විදිහට මිතුරුකමක් පැවතෙන්න පුලුවන් කියලත් පෙන්වන අපූරු කතාංගයක් තමයි අපි මේ බලන්න යන්නේ.

2020 මාර්තු මාසයේ TVN මාධ්‍යජාලයේ විකාශය වුන HOSPITAL PLAYLIST නම් වෛද්‍ය ගනයේ නාට්‍යමාලාවටයි උපසිරැසි අරගෙන එන්නේ.

1999 දි වෛද්‍ය විද්‍යාලයෙදි හමුවුන වෛද්‍ය සිසුන් පස් දෙනෙක් අපූරු මිතුදමක් පටන් ගන්නවා. දැන් ඔවුන් වයස 40ක තරම් මැදි වයසට ලංව සිටින මෙන්ම වෘත්තීය මට්ටමින් ඉතා ඉහල තැන් වල ඉන්න අය වුනත් එදා ඇතිවුන ඔවුන්ගේ මිතුරුකමට නම් පොඩි වෙනසක් වත් ඇති වෙලා නැහැ. මේ අපූරු වෛද්‍යවරු පස්දෙනා එකම රෝහලක සේවයේ යෙදෙමින් තමන්ගේ මිතුරුකම මැදින් ජීවිතේ ගෙන යන අපූරුව තමයි අපිට මේ කතාවෙන් දකින්න ලැබෙන්නේ. වැඩි විස්තර කිව්වොත් කතාවේ රසය නැති වෙන නිසා කතාව බලලම ඒ ගැන දැනගන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා.

මේ වෛද්‍ය ගනයේ නාට්‍යක් නිසා වෛද්‍ය ක්ෂේත්‍රයට අහිති වචන ගොඩක් තියෙනවා. ඒ වචන සමහර අවස්ථා වල ඉංග්‍රීසි භාශාවෙන්ම තියෙන අතර එහි තේරුම ඊට යටින් දාලා තියෙනවා. ඒ තියෙන තේරුම් හැම එකක්ම අන්තර්ජාලය භාවිතයෙන් සොයාගත්ත ඒවා නිසා යම් වැරැද්දක් තියෙනව නම් ඒ ගැන සමාව ඉල්ලා සිටිනවා.

නම : Hospital Playlist/슬기로운의사생활

ප්‍රභේදය : වෛද්‍ය, ආදර, හාස්‍යය කතාංග : 12 විකාශන දිනය : මාර්තු 12 – මැයි 28 විකාශන වසර : 2020

විකාශන කාලය : බ්‍රහස්පතින්දා 21:00

අපූරු මිතුරන් පස් දෙනා කවුද කියල බලමු…..

-ජෝ ජන්ග් සුක්-

ලී ඉක් ජුන් සාමාන්‍ය ශල්‍යකර්ම සහකාර මහාචාර්යවරයෙක් වන අතර තම බිරිඳගෙන් දික්කසාද වී තමන්ගේ හුරතල් පුංචි පුතු සමග තනිකඩ පියෙක් ලෙස ජීවත් වෙයි. තමන්ගේ ක්ෂේත්‍රයේ ඉතා දක්ෂයෙක් වෙන අතරම නිහතමානීකමින් මෙන්ම විනෝදයෙන් සිටින මොහු සැමදෙනා සමගම සහයෝගයෙන් මිතුරුකමින් සිටිමින් දන්නාහඳුනන අය බොහෝ දෙනෙක් පිරිවරාගෙන සිටින චරිතයකි.

-යූ යොන් සියොක්-

ආහ්න් ජොන්ග් වොන් ළමා ශල්‍යකර්ම සහකාර මහාචාර්යවරයෙක් වන අතර පූජක ජීවිතයට ඇතුලු වීමට බලාපොරොත්තුවෙන් සිටියි. ඉතා සංවේදී චරිතයක් වන මොහු රෝගියෙක් මියගිය විට දිගු කාලයක් අඬමින් දුක් වී ඉක්මනින් වෛද්‍ය ජීවිතයෙන් ඉවත්ව පූජක දිවියට යන බව පවසයි. ආදර සම්බන්ධතා ගැන කිසිඳු කැමැත්තක් නැති ඉතා සරල දිවිපෙවෙතක් ගත කරන මොහු කවුරුත් නොදන්නා අපූරු රහස් සඟවාගෙන සිටින පුද්ගලයෙකි.

-ජන්ග් ක්‍යුන්ග් හෝ-

කිම් ජුන් වොන් හෘද සැත්කම් පිළිබඳ මහාචාර්යවරයෙකු වන අතර පිටතට ඉතා තද බවක් පෙන්වන නමුත් ඇතුලතින් ඉතා මෘදු කෙනෙකි. නිතරම තමන් අවට සිටින අය පිළිබඳව වද වෙන නමුත් අත්‍යවශ්‍ය අවස්ථාවකදී හැර එය පිටතට නොපෙන්වයි. ස්ථීර ආදරවන්තියක් නොමැති අතර කුමක් හෝ හේතුවක් නිසා ආදර සම්බන්ධතා මාස තුනකට වඩා පවතින්නේ නැති බව අනෙත් මිතුරන්ගේ අදහසයි.

-කිම් ඩේ ම්‍යුන්ග්-

යන්ග් සියොන් හ්‍යුන් ප්‍රසව හා නාරිවේදය පිළිබඳ සහකාර මහාචාර්යවරයෙකු වන අතර පළමු විවාහයෙන් දික්කසාදව මව සමග වාසය කරයි. තම ධනවත් මෙන්ම බලවත් පියාගේ නොකටයුතුකම් ගැන දුක් වෙන මව රැකබලාගෙන සිටින ඔහු තම මිතුරන් සමග පාසල් කාලයේ මෙන් සතුටින් සිටීමට කැමති අයෙකි. එලෙසම තම රෝගීන් පිළිබඳව ඉතා මානුෂීය ලෙස බලයි.

-ජියොන් මි ඩෝ-

චේ සොන්ග් හ්වා ස්නායු ශල්‍යෙවෙද්‍ය සහකාර මහාචාර්යවරියක වන අතර මිතුරන් අතර සිටින එකම කාන්තාවයි. තමන්ගේ ක්ෂේත්‍රය පිළිබඳව විශාල දැනුමක් ඇති ඇය නිතරම විවිධ දේ කිරීමට කැමැත්තක් දක්වන අතර සැත්කම් මෙන්ම පෞද්ගලික ජීවිතයේ විනෝදාංශද මනාලෙස කළමනාකරණය කරගෙන සිදුකරයි. ඇතැම් විට ඉතා තද කෙනෙක් ලෙස සිටියත් කෙනෙකු විස්වාස නොකරන තරම් සැහැල්ලු දේවල්ද ඇය විසින් සිදුකරයි.

Hospital Playlist, Hospital Playlist sinhala sub, Hospital Playlist sinhala subtitle

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *