යාළුවනේ ඔන්න මමත් එකතු වුණා අද බයිස්කෝප් අඩවියේ උපසිරැසි නිර්මාණකරුවන් ගොන්නට. ඇත්තෙන්ම මම අවුරුදු දෙකක විතර පටන් මේ අඩවියේ හොඳ රසිකයෙක්. මීට අවුරුද්දකට විතර කලින් තමයි මට මේ විදිහට උපසිරැසියක් නිර්මාණය කරන්න ඕන කියල මුලින්ම අදහස ආවේ. හැබැයි ඒක එළිදක්වන්න ඉතිං අද වෙනකල්ම බලං ඉන්න වුණා. විවිධ හේතු ම…

යාළුවනේ ඔන්න මමත් එකතු වුණා අද බයිස්කෝප් අඩවියේ උපසිරැසි නිර්මාණකරුවන් ගොන්නට. ඇත්තෙන්ම මම අවුරුදු දෙකක විතර පටන් මේ අඩවියේ හොඳ රසිකයෙක්. මීට අවුරුද්දකට විතර කලින් තමයි මට මේ විදිහට උපසිරැසියක් නිර්මාණය කරන්න ඕන කියල මුලින්ම අදහස ආවේ. හැබැයි ඒක එළිදක්වන්න ඉතිං අද වෙනකල්ම බලං ඉන්න වුණා. විවිධ හේතු මත. මගේ වැඩ අධික කමත් ඒකට මූලිකම හේතුවක් වුණා. එක වතාවක් එක සිනමා පටයකින් භාගයක් විතරම උපසිරැසි ගන්වා තියෙද්දි අවාසනාවන්ත විදිහට පරිගණක දෝෂයක් නිසා ඒ ෆයිල් එක corrupt වුණා. ඉතින් කෙසේ වෙතත් මොන බාධක ආවත් පසු බසින්නේම නැතිව ඉදිරියටම ගිය එකේ ප්‍රතිඵලයක් විදිහට මේ උපසිරැසිය දින 15 කින් විතර ඉවරකරගන්න මට පුළුවන් වුණා.
මේ සිනමාපටය ගැනත් විශේෂයෙන්ම යමක් කියන්නම ඕන… 1999 දී තිරගත වුණ Hum Dil De Chuke Sanam තමයි මේ ලස්සනම ලස්සන ආදර කතාව. IMDb අගය 7.5ක් වෙනවා. මම අන්තර්ජාලය පුරාම සැරිසැරුවත් මේකට සිංහල උපසිරැසියක් නම් කව්රුවත්ම දීල තිබුණෙ නැහැ. නමුත් ඉතිං අත් හැරල දාන්නම බැරි තරම්ම ලස්සන සංවේදී ආදර කතාවක් නිසාම පේළි 1300ක් විතර තිබුණත් මම මේකම තොරා ගත්තා. සල්මන් ඛාන්, අයිෂ්වර්යා රායි සහ අජේ දෙව්ගන් රඟන මේක ටිකක් වෙනස් විදිහේ අවසානයක් තියෙන තුන්කොන් ආදර කතාවක් කියල මට හිතුණා. ඒ වගේම මේ සිනමා පටයේ තියෙන විශේෂත්වයක් තමයි බොහෝම සංවේදී හිතට කාවදින විදිහේ දෙබස්. ඒ වගේම දේව්දාස් වගේ ජනප්‍රියම හින්දි සිනමාපටයක් අධ්‍යක්ෂණය කළ සංජේ ලීලා බන්සාලි තමයි මේකත් හැදුවේ. ඒ වගේම අජේ දෙව්ගන්ගේ විශිෂ්ට රඟපෑමත් මේකට අමුතු ආලෝකයක් එක් කරල තියෙනව කියල මට හිතුණා.
ඒ වගේම ලස්සනම ලස්සන ගීත කිහිපයකුත් තියෙනව. හැබැයි ඔය ගහ මරා ගන්න කපා කොටාගන්න වෙඩි තියාගන්න සිනමාපට විතරක් බලන යාළුවෝ නම් මේක නොබැලුවට කමක් නැහැ. මොකද මේකෙ එකම එක සටන් ජවනිකාවක් වත් නැහැ. ඇත්තටම ආදරේ කරල තියෙන ආදරේ හඳුනන ආදරේට සංවේදීවෙන හදවතක් තියෙන අයට නම් මේ සීතල උඳුවප් මාසයේ මේක අමතක නොවන තෑග්ගක් වේවි මම හිතන්නේ. ඒ වගේම මම ඔයාලට පොඩි අභියෝගයක් කරන්නම්. පුළුවන් නම් මේ සිනමාපටයේ පැය 2විනාඩි 45න් පටන් ගෙන 2විනාඩි 49 දක්වා දිවෙන දර්ශන පෙළත් දෙබස් ටිකත් හොඳින් බලන්න…විඳින්න. හැබැයි කඳුළු වලින් ඇස් තෙමා ගන්නෙ නැතුව. ඇත්තටම අද කාලෙ ඉන්න පෙම්වතුන්ටත් “සමීර්” ලා වෙන්න පුළුවන් නම් පෙම්වතියන්ට “නන්දිනී” ලා වෙන්න පුළුවන්නම් මම හිතන්නෙ ලේ හැලෙන ඛේදාන්ත වලින් කෙළවර වෙන ප්‍රේම කතා ගැන පත්තර පිටු පුරවන්න සිද්ධවෙන එකක් නැහැ මතුවට. ඇත්තටම සැබෑ ආදරේ කියන්නෙ පරිත්යාගයක්මයි…අත්දුටුවයි…
සත්තයි…
ආයෙත් තවත් ලස්සන සිනමාපටයකින් හමුවෙමු… දැනට නවතින්නම්…සුබ නව වසරක් වේවා හැමෝටම…!
690 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
2ac95e16e0332a45eeeed4d9d00cd7ea02606c09980 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
45AFE7F447AD2CED480DF98B1D688AC1EFBBD73C2.18 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
5B8906BC6A52C0D792C4789249A4ABC17549F1A0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,549 downloadsDownload Hum-Dil-De-Chuke-Sanam-1999.zip155 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/upulroshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උපුල් රොෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
උපුල් රොෂාන්
Subtitles
56 comments
chami
asiri
thanks welcome
tharanga
පළමු නිර්මාණයට සුභ පැතුම් මචෝ!
charitha polgasdeniya
උණුසුම් සුභ පැතුම් උපුල් සහෝට :D
තව දුරටත් මේ වගේ නිර්මාණ ලබා දෙන්න
~ජය වේවා බයිස්කෝප්~nipuna prasad
jaya wewa palamu wadeyta !
mihin ලංකා
දිගටම සබ් දෙන්න ඔන්න අලුත් සහෝලා දැන් නම් ඉන්නවා නැති වෙන්න නම් වත් මතක නෑ නේ
was
“උපුල් රොෂාන්” සොහොයුරාට ජය ! තවත් පරණ එල කිරි හින්දි ඒවා අරන් එන්න
ccnp
Thanks
me
Thanks
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
සිරාම වැඩක් උපුල් මචං...
ෆිල්ම් නම් මෙන්න..
මේකේ සින්දු ටික ගැන කියලම වැඩක් නැ..මේකේ තේමා ගීතය ආයේ අඩේන්නම ගායන කරනවා..වර්ණනා කරන වචන නැහැ..ඔයා අභියෝග කරනවා කිව්වේ අර අජේ සහ අයිෂ් සල්මන් හොයාගෙන ඇවිත් අජේ අයිෂ් ව සල්මන්ට බාර දුන්නට පස්සේ අජේ සමුගන්න තැනද, නැත්නම් ඒ හරියෙදීම අයිෂ් සල්මන්ට කියන්නේ මම අජෙට හදවත දීලා ඉවරයි කියද්දී සල්මන් දුක් වෙන තැනටද... ඒ සීන් දෙකෙන් මොක උනත් ඒ දෙකටම මටනම් ඇඩෙනවා..ඒ තරම් සංවේදී සීන් එකක් එතන තියෙන්නේ..
වැඩිහරියකම අජේ දුක් වෙන සීන් එක තමයි මටනම් අවුල් ගියේ..Roshan
ඒවත් නියමයි තමයි.. මචෝ... නමුත් මගේ හිතට හුඟාක්ම වැදුනෙ අර අජේ - අයිෂ් දෙන්න රෑ පාලමක් ළඟ ඉඳන් කියන දෙබස් ටිකට... වන්රාජ් කොච්චර නන්දිනීට ආදරේද කියල පැහැදිලි කරන්න උත්සාහ කළත් ඒ හැම වෙලාවෙම ඒක එයාට කියාගන්න තරම් ශක්තියක් නැතුව “කුච් නහී“ කියනව...ඒ වගේ මේකෙ තියෙන ලස්සනම දෙබස හැටියට මම සළකන්නෙ අයිෂ් කියන...“ සමහරු කිසිම දෙයක් නොකියාම හැමදේම කියනව“ කියන එක... ඒක හරියට මගේ නොවන මගේම ආදරේ වගේ..J J Thx for the comment machan...
ganidu
තෑන්ක්ස් වේවා!
ranga
tx subs
yeshu
thankZ
හර්ෂ ලහිරු
එලකිරි රොෂාන් මේක TV එකේ බලලා තියනවා :-)
සබ් දුන්නට ජය තව එකක් දෙමු :P :PKulanjana Maduranga
1ST sub 1ta suba pathum.good work.ela digatama sub demu.jaya wewa......
venura
super machn
lakshitha viraj
පරන ෆිල්ම් නම් පන්කාදුයි..... එ වගේ තව ෆිල්ම් එකක් තියෙනවා හම් ආප්කේ හේන් කෝන් කියලා එකෙත් සබ් දෙන්නකො සහෝ....
Ela Ela මෙ වගේ තව සබ් තිකක් දාමු............
අසෙල්
එල වැඩක් නෙ !!!!! Redy එකටත් සින්හල සබ් දෙමු ද??????
lakmal
බොහොම ස්තූතියි..... මේ ෆිල්ම් එක නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ......
vernie
balamu kollage sub kohomada kiyalaa...
නලින්
දැන් දඅගට හරාට අළුත් ඇයෝ සෙට් වෙනවා! තවත් අළුත් කොල්ලෙක් !
නියමයි දිගටම බයිස්කොප් එක්ක රැදෙන්න කියලා ඉල්ලා සිටිනවා.
පළමු නිර්මානයට මගෙන් සුභ පැතුම් සහෝ
ජය වේවා!
Dinesh Rathnayaka
good job machan.....
tharindu
Lipiya namm supiri sahooo..mn parana hindi film namm kohomath balannema naaa....eth me lipiya kiyevvama nikanma download link ekata atha giyaaa....thanks sahoo sub ekata...ehenamm onna man meka bagena balanavaa..thavath digatama sub demuu..
Nisal Lakshan
ammo niyamay aluth aya godak ekathuwea math hadanna ona ekak.
Ash
adenawa bro... supiri film eka....
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...Emi
Thank you
උපුල් රොෂාන් ලියනගේ
ප්‍රතිචාර ලබා දී මාව දිරි ගැන්වූ හැමෝටම හුඟක් ස්තුතියි...!
cham
thankx, ela
ss
Thanx film eka thibuna
sub eka aragannam
menna me wage film denawanam elama thamaThisara NEO
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
~~ප්‍රශන්න~~
maru machan habai mama meka balala tiyanawa TV eka eka dapu hama wathawema mama baluwa mama asama asama film ekak machan laga tiyagena balanna sub eka dala dunnata godak pin..
Menu
man meka tv eke balala thiyenwa.... eth aaith balanna asa hithuna... Thank you bro :)
namika
බොහොම ස්තුතියි උපුල් සහෝ!
මම ආසම කරන හින්දි සිනමා කෘතියක් මේක.
හිතට වැදුන බොහොම සංවේදී සිනමා පටයක්. අර උදිත් නාරායන් ගයන ලස්සන සිංදුවකුත් මේකේ තියනවා නේ?
සිංහල උපසිරසියටත් බොහොම ස්තුතියි!
තවත් ලස්සන එකක් අරන් එන්න ඈ!“චූටී මල්ලි”
තවත් හොද ඒවා දෙමු මචන්
පලමු 1ට ජය
සබට තුති
ඔබට ජය.....රොයිලි
බොහොම ස්තූතියි උපුල් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.
mudiya / මුදියා
මාරම ලස්සන කතාවක්.
ටීවී එකෙන් බැලුව ඒ කාලෙ ඩොට් ගොඩකුත් එක්ක.
අනිව බලන්න ඕනි ආයෙත්.
පළවෙනි වැඩේට මගේ උණුසුම් සුභ පැතුම් උපුල්.
ජයවේවා.බොහෝ........................................................................................ම ස්තූතියි...!Shehan
Aththatama Patta Film Ekak Machan Supiri.. Mekata Itin Kadulu Awe naththam ayata Kisima Hagimak na... Niyama Film ekak..thawa sub danna... me (Karan Arjun., Parades) Sharuk ge Film Tikak Dannakooooooo Aniwa Oyata Puluwann...
SANJEEWA
niyamai.........thanks machan..
Siraj
නියමයි සහෝ.
මේක නියම ෆිල්ම් එකක්.
සබ් එකට ගොඩාක් ස්තූතියි.priyan
කට්ටිය කරගෙන යන වැඩේ නම් එළකිරි ..මේ කට්ටියම sub දාන එකේ මමත් දවසක් try කළා sub දන්නා ,මම ගත්තු ෆිල්ම් එකේ පේලි 1150 තිබුන පේලි 50 විතරයි මම sub දැම්මේ ...එපා උනා ..:D එතනින් පස්සේ නම් sub දන්නා මම try කලේ නැ ...හරි අමාරුයි නේ sub දාන එක .උබල කොහොම දානවද මන්ද ? මොනවා හරි ක්‍රමයක් නැත්ද වචන පේලියකම සිංහලට Translate කරන්න ...
ශාන් විමුක්ති [විමා]
අපේ අප්පේ
ඉටිකිරිස් කතාවක් නොව හා හා පුරා කියලා අරන් ඇවිත් තියෙන්නේ
සාදරයෙන් පිලිගන්නවා සහෝ
දැන් නැවතුනාට කමක් නැහැ තව මේ වගේ ලස්සන කතා ටිකක් අරන් එන්න
මෙන්න බාන්න දානවා! :)කේ.යූ.ජී. උදාර
මුල් ම වැඩේට සුබ පැතුම් සහෝ...........
දිගට ම මේක කරගෙන යමු.
සිංහල සබට බොහොම ස්තූතියි.gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
බුද්ධිල යසස්
නියමයි කොල්ලා. ලෙසටම ලිපිය ලියලා තියෙනවා.
shanaka
me apita hum tum film aka dennako
DAMER
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍Buddhima
මට නම් හිතට වැදුනෙම නන්දනි සමීර් ට වන් රාජ් ලගට අයිත් යනව කියපු කොටස කොහොම උනත් නියම සලරුවක් බොහොම තුති
Naween
පට්ටයි පදිරියි කිව්වලු.මම ආසම ජාතිය තමා ඔය සංවේදී ඇඩෙන ෆිල්ම්.
බැලුවම ඉතිං දවස් ගානක් අවුල් තමා.ඒ වුනාට ඇයි දන්නෑ මම නම් ආසම මේ type එකේ ෆිල්ම් වලට තමා.
පළමු නිර්මාණයට සුභ පැතුම්....ජය වේවා...Naween
මේක ඊයේ උදේ බැලුවා.මාර ලස්සන කතාවක්.ගොඩක් හින්දි ෆිල්ම් වල තියෙන්නේ බැදපු දෙන්න මැද්දට තව එකෙක් පැනලා උගේ කැපකිරීමෙන් අන්තිමට කෙල්ලව දාගන්න විදියේ එව්වනේ :-D .ඒ වුනාට මේක වෙනස්ම විදියෙ ලස්සන ආදර කතාවක්.අර සහෝ ඇඩෙනවා කියපු තැනත් ගොඩක් සංවේදී තමා.හැබැයි මටනම් ගොඩක් දුක හිතුනේ අන්තිමට වගේ අර ඔපෙරා රගහල ඇතුලෙදී සමීර් ගාවට යන්න නන්දනී වන්රාජ් ගෙන් වෙන්වෙන සීන් එක තමා.අජේ දේව්ගන්ගේ ඇක්ෂන් නම් එලටම තිබ්බා.
මේවගේ ලස්සන කතාවකට සබ් දුන්නට බොහොම තෑන්ක්ස් සහෝ.දිගටම මෙවගේ ලස්සන කතා දෙන්න.ඔබට ජයෙන් ජය...!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ade thawath aluth kllek dawasata 5k withara set wenawane dan aluth un ela ela digatama denna man asama naluwo inne