Into the Badlands [S01:E01] with Sinhala Subtitles | මෙහෙ කවුරුවත් අහිංසක නැහැ [සිංහල උපසිරැසි සමඟ]
ගොඩක් කාලෙක ඉඳන් TV series එකකට සබ් දාන්න හිතාගෙන හිටියට හොඳ එකක් සෙට් වෙනකන්ම දිගින් දිගටම වැඩේ කල් දැම්මා, ඉතින් අහම්බෙන් වගේ මේ TV series එක සෙට් වුන හින්දා වැඩේ පටන් ගන්න හිතුවා. මුලින්ම මේ වැඩේ බාරදුන්නට හසන්ත අයියට විශේෂයෙන් ස්තූති කරන්නම ඕන. අනිත් දේ තමයි මම මේක භාර ගෙන පොඩි හේතු කිහිපයක් හින්දා සබ් නොදා ඉන්න තීරණය කරලා තිබ්බෙ. පස්සෙ අයේෂ් සහෝ මේකට සබ් කරන්න භාර ගෙන මටත් වැඩේට සෙට් වෙමු කියලා කතා කලා.අතිජාත මිත්‍රෙයක් කතා කලාම ඉතින් බෑ කියන්නත් බැහැනෙ. පස්සේ වැඩේ පටන් ගත්තා කොහොම හරි පළවෙනි එපිසෝඩ් එකට සබ් දාන්න වුනෙත් මට. අද ඉදලා මාරුවෙන් මාරුවට අපි දෙන්නා මේ TV series එකට සබ් දෙනවා කියලා තමයි අවසාන වශයෙක් කියන්න තියෙන්නෙ. 🙂 🙂
2015 නොවැම්බර් 15 විකාශය කිරීම් ආරම්භ වුනු මේ TV series එකට IMDB රේටින්ගස්වල 8.2 ක වගේ ඉහල අගයක් ලැබිලා තියෙනවා. මම මේ ලිපිය ලියන මොහොත වෙද්දි කතා මාලාවේ කොටස් 4ක් තමයි රිලීස් වෙලා තියෙන්නෙ. ඒ වගේම TV series එක විකාශය වෙන්නෙ AMC රූපවාහිනී නාලිකාවෙ. අනිත් දේ තමයි Action, Adventure, Drama කියන ටයිට්ල්ස් 3 යටතේ වර්ගීකරණය කරලා තියෙන මේ කතා මාලාවට ඔයාලා ගොඩ දෙනෙක් කැමති වෙනවා කියන එකේ කිසිම සැකයක් නැහැ.
කතාව ගැන කියනවනම් මේක ගොඩ නැගිලා තියෙන්නෙ බැරන්වරුන් අතර ඇතිවන බර අරගලයක් වටා තේරෙන සිංහලෙන් කිව්වොත් සිටුවරුන් අතර ඇතිවන බල අරගලයක් වටා. සනී කියන්නෙ ක්විනින් කියන සිටුතුමා ලඟ වැඩ කරන ප්‍රධාන ක්ලිපර්වරයා. ඒ කියන්නෙ සිටුතුමාගේ ප්‍රධාන ආරක්ෂක වගේ තනතුරක්. මෙයා සිටුතුමාව ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නවා. සනී කියන්නෙ සටන් කරන්නම ඉපදුනු කෙනෙක් මම එහෙම කියන්න හේතුව පලවෙනි කොටසෙ ඉඳලම ඔයාලට බලාගන්න පුලුවන්. අනිත් දේ තමයි මෙහෙ ජීවත් වෙන මිනිස්සු සිටුතුමාගේ වගාවන්වල නොමිලේ සේවය කරන්න ඕන ඒ වෙනුවෙන් සිටුවරයා එයාලට ආරක්ෂාව සලසනවා. ආරක්ෂාව කිව්වට අර අපි කවුරුත් දන්න වැඩවසම් සමාජ ක්‍රමයක් තමයි මෙහෙ ක්‍රියාත්මක වෙන්නෙ.මිනිස්සු වහල්ලු වගේ සිටුතුමාට සේවය කරන්න ඕන. ඊට අමතරව වහල්ලුන්ගෙ තරුණ දරුවන් අතරින් ශක්තිමත් අයට ක්ලිපර්වරයෙක් විදියට පුහුණුව ලබන්න අවස්ථාව ලැබෙනවා. ඒත් කිසි කෙනෙකුට රුදුරු බිමෙන් එහා ගිය ජීවිතයක් ගැන හිතන්නවත් අයිතියක් නැහැ එහෙම බල කොටුවෙන් පිට වෙන්න උත්සාහ කලොත් ඒකට ලැබෙන දඩුවම තමයි මරණය. මේ අතරෙ එම්.කේ කියලා විශේෂ හැකියාවක් තියෙන කොලු ගැටයෙක් කතාවට සම්බන්ධ වෙනවා.විශේෂ හැකියාව මොකද්ද කියලා මම කියන්න යන්නෙ නැහැ ඔයාලම බලන්නකො. ඉතින්, එම්. කේ ට සිටුතුමාගේ බලයට අභියෝග කරන්න පුලුවන් වෙයිද? සනීට ක්ලිපර් වරයෙක් විදියට සේවය කරලා ඇති වෙලාද? මේවට උත්තර පලවෙනි කොටසෙ තියෙනවා. ඒ වගේම මේ කොටසට IMDB රේටින්ගස්වල 8.3ක අගයක් ලැබිලා තියෙනවා.
අනිත් දේ තමයි මේක සටන් ජවනිකා පිරුණු කතා මාලාවක්.ඒවා එලකිරි වගේ තියෙනවා කියලා කියන්න පුලුවන්. පළවෙනි කොටස හින්දා මීට වැඩිය විස්තර කියන්න බලාපොරොත්තුවක් නැහැ. එහෙනම් කවුරුත්ම කතා මාලාව බලන්න ලෑස්ති වෙන්නකෝ,දෙවනි කොටස කොටස අයේෂ් සහෝ තමයි ගේන්නෙ. තුන්වෙනි කොටසත් අරගෙන ඉක්මනටම මම එනවා, කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා, කාටත්ම ජය!!
[button link=”https://goo.gl/alR1fE” type=”icon” “center” newwindow=”yes”] 450 MB (WEB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 16208 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට බොහෝම ස්තුති
Thnx Brow
Thanks bro………
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට
thank you
කතාව නම් මරු බන්..
උපසිරසට ස්තුතියි සහෝ…
ft
Sub ekata tnx bro
elah mchn thanx
sub ekata thnaks bro
බොහොම ස්තූතියි උදාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම හොද කතාවක් සහෝ..
මාත් මේක බලනවා.බයිස්කෝප් ඒකෙන් දෙන්න ගත්ත එක හොදයි.
එහෙනම් හතරවෙනි කොටසේ ඉදන් බලන්නේ ඔයාගේ උපසිරසි එක්ක..
maka 01.01 da 01.04 daban
01.01 සහෝ
ela ela anith ekath ikmanata danna puluwan wewa
thank you
බොහෝම ස්තුතියිග හොද කතා මාලාවක් වගෙයි.
gindara wge 1k ne bassala thiyenne….mekata digatama sub demu….thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sub akata thanks bro……….
Mekanam hodai wage. subtitle walata thank you!
එහෙනම් පටාං ගම්මු නේද ඔන්න බාගන්නවා ජයවේවා
oka patta kathawa
sunny ge fight thamai fight
pissu hadena tv series eka
thank you
ithuru kotas 3th ikmanata denna
මම අද තමා මුලින්ම කමෙන්ට් එකක් දන්නෙ එකත් පලවෙනි කමෙන්ට් එක විදියට.ගොඩක් අසවෙන් බලන් හිටපු series එකක් .
biscope එකෙන්ම දෙනකන් හිටියෙ තන්ක්ස් සබට