Rating: 8.6/10. From 17 votes.
Please wait...

අද එහෙනම් ඔයාලා බලන් හිටිය තවත් එක ෆිලුමක් අරන් තමයි ආවේ. නම Jai Mummy Di. ප්‍රේමාන්විත හා හාස්‍ය ඝණයට අයත් මෙම චිත්‍රපටය එච්චර හිට් එකක් නම් වුණේ නෑ. ඒත් බලන්න ලස්සන කතාවක් තමයි මේක තියෙන්නේ. ඔයාලා දන්නවනේ අපිට ආදර කතා ගැන එක එක විදියට කරකවලා දෙන අධ්‍යක්ෂවරයෙක් තමයි ලව් රංජන් කියන්නේ. එම අධ්‍යක්ෂවරයා හා ඉන්දියාවේ බලවත් නිශ්පාදකවරයෙක් වන බූශන් කූමාර් අතින් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු බාරගෙන තිබුණේ.
- IMDb Rate – 2.6/10
- Genre – Comedy, Drama, Romance
- Directed by – Navjot Gulati
- Produced by – Bhushan Kumar, Krishan Kumar, Luv Ranjan, Ankur Garg
- Written by – Navjot Gulati
- Released date – 17 January 2020
- Running time – 103 minutes
- Box office – est. ₹0.5 crore
1985 ඔක්තෝබර් මස 6 වෙනි දින උපත ලද සනී සිං සිජ්ජාර් දිල්ලියේ වාසය කරයි. එයා චිත්‍රපට ජීවිතයට පය තබන්නේ 2011 නිකුත් වුණු Dil Toh Baccha Hai Ji යන චිත්‍රපටයේ පොඩි චරිතයක් කරලා. එයා රගපාපු මුල්ම සාර්ථක චිත්‍රපටය විදියට Pyaar Ka Punchnama 2 (2015) ගන්න පුලුවන්. එම චිත්‍රපටයෙන් ඉන්දියානු සිනමා ක්ෂේත්‍රයට අලුත් චරිත කිහිපයක්ම එකතු වුණා. ඒකත් අධ්‍යක්ෂණය කළේ ලව් රන්ජන්. සනී සිං රගපාපු බොක්ස් ඔෆිස් වාර්තා තියන්න පුළුවන් ෆිල්ම් එකක් වුණේ අපි කවුරුත් ආසාවෙන් බැලුව 2018 වර්ෂයේ නිකුත් වුණු Sonu Ke Titu Ki Sweety චිත්‍රපටයයි. බලලා නැත්‍තම් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ චිත්‍රපටයක් තමයි ඒක. ලව් රන්ජන් සමග එකට වැඩ කළ තුන් චිත්‍රපටය තමයි මේ ෆිලුම. ඉතින් අද අරන් ආව චිත්‍රපටයෙත් තියෙන්නේ ආදර කතාවක් තමයි. මේක නම් මාරම එකක්. කතාවට පොඩ්ඩ්ක් බහිමු.

ලාලී පිංකී කියලා දෙන්නෙක් ඉන්නවා.මෙයාලා දෙන්නා කොලේජ් යන කාලේ හොදම යාලුවෝ දෙන්නෙක්. ඒත් එක කොල්ලෙක් නිසා මෙයාලා දෙන්නා තරහා වෙනවා. ඒ තරහව මෙයාලා වයසට යනකම් තියෙනවා. මෙයාලගේ පවුලේ අයත් එකිනෙකාට හරිම තරහයි. හැමදාම වගේ රණ්ඩු. මෙයාලා දෙන්නට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. එයාලා දෙන්නත් තරහින් හිටියට මෙයාලා ඉස්කෝලේ යන කාලේ ආදරේ කරනවා. මෙයාලා දෙන්න කසාද බදින්න එනවා. ඒත් එයාලට මේක එයාලගේ අම්මලට කියන්න හරිම අමාරුයි. මොකද එයාලා වෛරක්කාරයෝ හින්දා. ඒත් මෙයාලා අම්මලට නොකිව්වට තාත්තලට මේක කියල අම්මලට මේක කියන්න උපායක් යොදනවා. මෙයාල දෙන්නවා ගෙවල් වලින් කසාද බන්දවන්න හදනවා. වැඩේ තවත් දරුණු වෙනවා කාටවත් මුකුත් කරන්න විදියක් නෑ. ඒත් මේ කොල්ලට අම්මලා දෙන්න යාලු කරන්න පොටක් පෑදෙනවා. ඒක ඉතින් මන් කියල හරියන්නේ නෑනේ ඔයාලම බලලා ඉන්නකෝ.
එහෙනම් ආයෙම ලස්සන ෆිල්ම් එකක් අරන් එතකන් ඔයාලා හැමෝටම බුදුසරණයි දෙවිපිහිටයි




Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම HD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6907 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]

සබට තුති වේවා…
දිගටම සබ් දෙමු ආ…
ජය!
Thanks …………..good luck ………….
Thanks !!!
Sub ekata tanks…
thanks sub ekata (pasidu madumal) jayawewa budu saranai
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
බොහොම ස්තුතියි මල්ලි සිංහල උපසිරැසියට .. ජය වේවා !!
තැන්ක්ස් බොක්ක සබ් එකට ආදරේයි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank u සබ් එකට ,ජය වේවා.
thanks..
Thanks bro
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂 …
ජය වේවා.!