[box]2003 ඔක්තෝබර් මස 10 වැනිදා ඇමරිකාවේදී තිරගතවීම ආරම්භ කරපු මේ බයිස්කෝප් එක ඇත්තටම මුලින් නම් කාලසටහන් ගත කරල තියෙන්නෙ Kill Bill නමින් තනි චිත්‍රපටයක් ලෙස එළි දකින්න. නමුත් පැය හතරකට වඩා අදික ධාවන කාලයක් නිසා ඒක කොටස් දෙකකට ඒ කියන්නෙ Kill Bill: Vol. 1 හා Kill Bill: Vol. 2 ලෙස ප්‍රේක්ෂකයන් අතට අව…
2003 ඔක්තෝබර් මස 10 වැනිදා ඇමරිකාවේදී තිරගතවීම ආරම්භ කරපු මේ බයිස්කෝප් එක ඇත්තටම මුලින් නම් කාලසටහන් ගත කරල තියෙන්නෙ Kill Bill නමින් තනි චිත්‍රපටයක් ලෙස එළි දකින්න. නමුත් පැය හතරකට වඩා අදික ධාවන කාලයක් නිසා ඒක කොටස් දෙකකට ඒ කියන්නෙ Kill Bill: Vol. 1 හා Kill Bill: Vol. 2 ලෙස ප්‍රේක්ෂකයන් අතට අවසානයේ පත්වී තිබෙනවා. Quentin Tarantino තමයි මෙහි අධ්‍යක්ෂකවරයා. ඒ නම දන්නෙ නැති අය වුනත් Django Unchained (2012), Reservoir Dogs (1992), Pulp Fiction (1994) වගේ IMDB ලැයිස්තුවේ ඉහළින්ම තියන චිත්‍රපට අහල ඇතිනේ… ඒ ඔක්කොම අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ මේ අධ්‍යක්ෂකවරයම තමයි. ප්‍රධාන චරිතය පැත්තට හැරුනොත් Pulp Fiction (1994), Gattaca (1997) වගේ සුපිරි චිත්‍රපට රැසකින් නමක් තියපු Uma Thurman එක් වෙනවා, අනෙක් චරිත පැත්තට හැරුනොත් Lucy Liu (Elementary ටෙලි කතා මාලාවේ වොට්සන් නෝන), Vivica A. Fox, Daryl Hannah, David Carradine වගේ නළු නිළියන් රැසකගේ රංගනයෙන් හැඩ වෙලා තියනවා. ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ මනාපයෙන් IMDB දර්ශකයේ 8.2 ක ලකුණු ප්‍රමාණයක් ලබාගෙන Top 250 සිනමාපට අතර 152 වැනි ස්ථානය ලබාගෙන තියනව. හොලිවුඩ් චිත්‍රපටයක් වුනත් චීන, ජපන් චිත්‍රපට වල දකින්න ලැබෙන සටන් ජවනිකා තියනව මේකෙ මදි නොකියන්න හොලිවුක් කොලිටියෙන්. ගොඩක් ලේ දකින්න නොහැකි අය මේක නොබැලුවොත් ඇගට ගුණයි…. 😀
දැන් හැරෙමු කතාව පැත්තට: ටෙක්සාස් හි දෙව් මැදුරක විවාහ උත්සවයක් සඳහා සහභාගී වූ නවදෙනෙක් The Deadly Viper Assassination Squad නම් මිනි මරු කල්ලිය විසින් සමූල ඝාතනය කර තිබෙනවා. මනාලිය ඒ වන විට ගැබිනියක්. නමුත් ඇයගේ හිසට එල්ල කල වෙඩි පහරෙන් සාහසිකයන්ගේ අරමුණ ඉටුවෙන්නෙ නැහැ, ඇය නොමැරී වසර හතරක් කෝමා තත්වයික් හේතුවෙන් රෝහල් ගතව සිටිනවා. ඇය අවසානයේ පියවි සිහියට පත්වෙන විට ඇයගේ දරුවා පිළිබඳ කිසිදු සටහනක් නැහැ. අවසානයේ ඇය ඇයට මෙම අපරාධය කල මිනීමරු කල්ලියෙන් පළිගැනීමට සූදානම් වෙනවා. නමුත් ඒ ඔක්කොම ඊට පෙර ඇයගේ හවුල් කරුවන්, කොටින්ම කිව්වොත් මනාලිය නැත්නම් **** (මනාලියගේ නම පළමු චිත්‍ර පටයෙන් හෙළි නොවේ) The Deadly Viper Assassination Squad සාමාජිකාවක් කලින්.
ඇය ලැයිස්තුවක් හදාගන්නව මිනීමරු කල්ලියෙ. ඇයගෙ අරමුණ ලැයිස්තුවෙන් නම් එක එක කපා හරින්න හැබැයි නිකන් නෙමෙයි, ඒ හැම කෙනෙක්ගෙනම් තමන්ට කල දේට පළි අරගෙන. Bill කල්ලියේ නායකයා වගේම මනාලිය කුස සිටි බිලිදාගේ පියාද වෙව විත්තිය ඔයාලට බලාගන්න පුලුවන්. නමුත් ඔහු ඇයගේ හිසට වෙඩි තියනව. වසර හතරක් ගතවෙලා නිසා කල්ලියේ සාමාජිකයන් විවිධ තැන්වල, ඉතින් ඇය ආරම්භ කරනව ඇයගේ පළිගැනීමේ චාරිකාව.
පළමු චිත්‍රපටය අවසාන වෙන කොට කොහොම හරි ලැයිස්තුවේ නම් දෙක්ක කපා හරින්න ඇය සමත් වෙනව… මේ අතර අවසානයේ ඇයට කෙසේ වෙතත් ප්‍රේක්ෂකයනට බලාපොරොත්තු නොවෙන කතාවක් අහන්නත් ලැබෙනව. නම් අයින් වෙන්නෙ කොහොමද අර කතාව මොකද්ද කියන ඔක්කොම බලා ගන්න එක ඔයාලට බාරයි. ඒකට මිනිත්තු 111ක් නම් වැය වේවි නමුත් පුදුම සටන් තොගයක් බලාගන්න පුලුවනි ඒ වෙලාව තුල. එහෙනම් මම අදට ඔබෙන් සමුගන්නවා, Kill Bill: Vol. 2 බොහොම ඉක්මනට උපසිරැස එක්ක ඔයාලගෙ අතට ගෙන්න පොරොන්දුවත් දීලයි යන්නෙ. හැමෝටම ආයුබෝවන්…! කමෙන්ට් එක්ක දාල යන්න අමතක කරන්න එපා.
මීට පෙර පළකල ලිපිය…
ඔන්න ඉතින් හා හා පුරා කියල මමත් මගේ පලවෙනි ලිපිය දෙන්න තමා මේ යන්නෙ.මේක මම බලපු Action ෆිල්ම් වලින් සුපිරිම ෆිල්ම් එකක්. IMDB වල 8.2 වැනි ඉතා හොද අගයක් ලබා ගන්න මේක සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේක IMDB TOP 250 ලිස්ට් එකේ 142 වන තැන ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. ඉතින් හිතාගන්න පුළුවන්නේ ෆිල්ම් එක ගැන. මේ ෆිල්ම් එක ටිකක් ජපන් ආභාශයට තමා ගිහින් තියෙන්නෙ. ඒ වගේම මේක කොටස් දෙකකින් සමන්විත වෙනවා මේ තමා පලවෙනි කොටස ඊලග කොටසත් අනිවා දෙන්නම්. මේ ෆිල්ම් එක Quentin Tarantino ගේ අධ්‍යක්ෂණයක් මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ Uma Thurman ( The Bride ) ඒ ඇරුනම තව Lucy Liu, Vivica A. Fox, Daryl Hannah, David Carradine, Michael Madsen වගේ නළු නිලියෝ ගොඩක් ඉන්නවා.මේ ෆිල්ම් එක Action, Crime, Thriller ගණයට අයත් වෙන එකක්.
ඔන්න ඉතින් අපි කතාව ගැනත් පොඩ්ඩක් කියල ඉමුකෝ.කතාව නම් නියමයි. ක්‍රියාදාම නම් ඕනෑවටත් වැඩ තියෙනවා. කතාව පටන් ගන්නේ තමන්ව මරන්න හදපු කල්ලියක් තියපු වෙඩිල්ලක් නිසා අවුරුදු 4 ක් තිස්සේ COMA එකකට වැටිලා හිටපු ගැහැණු ළමයෙක්ගෙන් එයාගේ නම ******* ( මම නම මේ විදියට දැම්මේ මේ ෆිල්ම් එකේ මෙයාගේ ඇත්ත නම කියවෙන්නේ නැති නිසා ). එයාව COMA එකෙන් අවදි වෙද්දී එයාගේ ළමය එයා ගාව නැ. එයා හිතන්නේ එයාව මරන්න හදපු අයම එයාගේ ළමයත් මරන්න ඇති කියල. මෙයාව මරන්න හදපු අය ඉස්සර එයත් සාමාජිකයෙක් වෙලා හිටපු රහස් ඝාතක කල්ලියක SET එකක්. මේ කතාවේ BILL කියන්නේ ඒ රහස් ඝාතක කල්ලියේ නායකයා වගේම ******* ගේ ගුරුවරයා. ඉතින් මේ කතාව ගලාගෙන යන්නේ එයා තමන්ව මරන්න හදපු අයගෙන් පලිගන්න එක වටා තමා.
ඉතින් මෙයාගේ ළමය ඇත්තටම මැරිලද ? මෙයා ට තමන්ගේ අරමුණ ඉෂ්ට කරන ගන්න පුළුවන් වේවිද ? කතාව බලලම දැනගන්නකෝ. මීට වඩා කිව්වොත් ෆිල්ම් එකේ රසය නැති වෙනවා එහෙනම් හැමෝම මේක බලන්න.මේක මගේ පලවෙනි ලිපිය ඒක නිසා මේකේ ගොඩක් වැරදි එහෙම ඇති.ඉතින් ඒ ගැන සමාවෙලා කියවල හොඳනම් කොමෙන්ටුවක් දාලම යන්න කියල ඉල්ලනවා.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය ගීත් සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
9,621 downloadsDownload Kill.Bill_.Vol_.1.2003.zip103 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
137 comments
Alaya
ධනුෂ්ක ලක්මාල් (ධනා)
im 2nd.. man balala thiyenawa. bt thanx dammata
sampath
ela macha..............n
Kasun Dilshan
onna mama banawa
Anonymous
kellange waliyak neda/
ekane balanna epa wenne
Viraj
Thank you very much Geeth!!!
රාම් රාජ්
ela
sunanda
onna apith bewoooooooooo..........
kasun
elakiri.onna math banawa.elakiri.
AL1717
First post Eka kiyala Aulak Ne. Anika Film Eke Adupadu Walata Uba Pali Nene Machan
Onna Thanks Kiwwa Me movie Eka Mathak kalata
Jaya Wewaaaaa
ashan suranga
thaks machan.........
mark
thankz 4 ur post
ගීත්
බොහොම ස්තුතියි ඔයාලගේ කමෙන්ට්ස් වලට, ඉදිරියේ තවත් ලිපි දාන්න තමා හිතාගෙන ඉන්නේ
kathu
Ela Geeth ela..!!
cc
thanks bro!!!
Sha
Ela ela onna damma list 1ta :)
Thankzzzzzzz film 1ta :D
Lucky
Thanks bro..
Dilshan
Tnx..
chamila
thanks.....
JMLR
Thanks Machan.
dinnu
niyamai saho.ediriyata tawath film denna.
jayawewa.ishara
Beatrix Kiddo
Dinusha
thnx macha....
madusanka
නියමයි මචො...අලුත් ගමනට සුබපැතුම්..........!!!!!!!!!
Udaya සාලින්ද
thanks saho.....
Edgar
Mulinma mama subapathanawa me palaweni lipiya nisa.Me wage action films digatama denna labewa kiyala pathanawa.
Anonymous
thanx
uda
හොඳා හොඳා එහෙනම්; මුල්ම එකනම් නියමයි.
ඉදිරියට සිංහල සබ් වලටත් අතගහමු නේද? හෙමින් සැරේ!shehan
elakiri. thanks
පිටස්තරයා
ටැරන්ටීනෝගෙ පට්ටම ෆිල්ම් එකක්. මේකෙ vol 2ත් එක්ක බලන්න.
navo
tnx
ගීත්
@uda : ඔව් එකත් කරන්න තමයි ඉන්නේ එත් මේ දවස්වල A/L වලට වැඩ නිසා වෙලාවක් නෑ
yash
thanks saho......apith balanawa////
GOOD LUCK!!!CmChathu
thanks bro
good work..........chamila
ada nadda....
sameerasujith
niyamai malya....
subha pathum.digatama karamu....
thanks... :)sameerasujith
niyamai malaya....
subha pathum.digatama karamu....
thanks... :)li-on
great film, Aniwa balanna one
සමන් කලුබෝවිල
ela..ela.. onna mamath banna demma... thankx sahoo.....good luck ....!!
nima0791
Therumak na ban...
film 1ka hari na...
chaaaaaaaa !!!!Jayan Chamal
ela ela hugak kalakin me vagek dakinna labune thanks machan
Anonymous
test
killer119
ඔන්න මමත් බා ගන්නවෝ!!!!! තැන්ක් යූ වේවා!!!!
Amila Gihan
Daanna 5k..elama thamai..
thnxxix kolla....Uraj Deemantha
ඔන්න බෑවෝ...... :) ටොරන්ට් ලෙහෙසියෙන් බාගන්න හැටි ගැන කියලා දෙන්නම් ඉක්මනටම..... :D
Kasun.D
onna banawa....
ThanxRoshan
Supiri Aeeeeeeeeeeeeee mama ogollangan gaththa palawani film eka............
Anonymous
Melo rahakata nathi film akak.
lah
baalama balamu...
ශාන් විමුක්ති [වීමා]
අම්මද බොල යකෝ
මෙන්න පට්ට පහරක් ගෙනත් වගේ :)
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
elazz..ada 1st ma cmnt1 magen..thnkx kolllaa