Watch Trailer

Pulp Fiction (1994) Sinhala Subtitles | නිම නොවූ චරිත. [සිංහල උපසිරැසි සමඟ]

IMDB අඩවියේ හොඳම චිත්‍රපට වර්ගීකරණයේ තියෙන චිත්‍රපට වලට උපසිරැසි දෙමු කියලා ආපු උදාගේ යෝජනාවට අනුව ඔන්න මමත් මගේ දායකත්වය මේ චිත්‍රපටියෙන් දෙන්න තීරණය කලා. මේ වගේ අදහසක් යොමු කිරීම ගැන උදා සහෝට ස්තූතිය පලකරලා මේ චිත්‍රපටිය ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. මේ චිත්‍රපටය මේ වෙනකොට හොඳම චිත්‍රපට දර්ශකයේ 4…

IMDB අඩවියේ හොඳම චිත්‍රපට වර්ගීකරණයේ තියෙන චිත්‍රපට වලට උපසිරැසි දෙමු කියලා ආපු උදාගේ යෝජනාවට අනුව ඔන්න මමත් මගේ දායකත්වය මේ චිත්‍රපටියෙන් දෙන්න තීරණය කලා. මේ වගේ අදහසක් යොමු කිරීම ගැන උදා සහෝට ස්තූතිය පලකරලා මේ චිත්‍රපටිය ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. මේ චිත්‍රපටය මේ වෙනකොට හොඳම චිත්‍රපට දර්ශකයේ 4 වෙනි ස්ථානයේ තියෙනවා වගේම ඔස්කාර් සම්මානයක් ඇතුලූ තවත් සම්මාන 59 ක් හා නිර්දේශ වීම් 46 ලබන්න තරම් ජනප්‍රිය වුනු චිත්‍රපටියක්. මේකේ රඟපාන නළු නිළියන් අතරට John Travolta, Samuel L. Jackson, Uma Thurman හා Bruce Willis දක්වන්න පුළුවන්.

මේ චිත්‍රපටයෙන් කියවෙන්නෙ පාතලයේ කොන්ත්‍රාත් ඉටුකරන පුදගලයින් දෙන්නෙක්, පාතාල නායකයා හා එයාගේ බිරිඳ, බොක්ෂින් ක්‍රීඩකයෙක් හා සාමාන්‍ය මට්ටමේ මංකොල්ලකාරයෝ දෙන්නෙක් එකිනෙකට යම් සම්බන්ධයක් තියෙන කතා හතරකදි ප්‍රචණ්ඩත්වයට හා ගැලවීමට මුහුණ දෙන ආකාරයයි. කතා රචක හා අධ්‍යක්ෂක Quentin Tarantino ගේ සලකුණ විදියට හැඳින්වෙන එක රේඛාවකට නොයන කතා ශෛලිය මේ චිත්‍රපටයේත් දක්නට ලැබෙනවා. වෙනස් කතා හතරක් වුනත් යම් යම් සම්බන්ධතාවක් තියෙනවා කියලා මම කිව්වෙ ඒ නිසයි. චිත්‍රපටිය පටන් ගන්න තැනටම ආපහු අවසානයේ එනවා. ප්‍රධාන වශයෙන් චිත්‍රපටය ගලාගෙන යෑම කොටස් 7 කට බෙදන්න පුළුවන්.
1) ප්‍රස්ථාවනාව – රෑ කෑම (i)
2) “වින්සන්ට් වේගා හා මාර්සලස් වොලස් ගේ බිරිඳ” කතාවේ පූර්විකාව.
3) “වින්සන්ට් වේගා හා මාර්සලස් වොලස් ගේ බිරිඳ”
4) “රත්‍රං අත් ඔර්ලෝසුව” කතාවේ පූර්විකාව (a-අතීතාවර්ජනය, b-වර්තමානය)
5) “රත්‍රං අත් ඔර්ලෝසුව”
6) “බොනී තත්වය”
7) අවසානය – රෑ කෑම (ii)
ඒත් මේ චිත්‍රපටය පිළිවෙලකට අවසානයක් වෙනව නම් මේ කතාවල පිළිවෙල වෙනස් වෙන්න ඕනා. ඒ පිළිවෙල සොයාගැනීම ඔබට බාරයි. බලමු බලන්න කාටද ඒ පිළිවෙල කමෙන්ට් එකකින් හරියටම කියන්න පුළුවන් කියලා.

අවවාදයක් මෙහි බොහෝ F වචනය හා එයට සම්බන්ධ වචන අඩංගුව ඇත. මේවා බලලා අහිංසක හිත් රිදුනොත් එහෙම 😛

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

15,549 downloadsDownload Pulp.Fiction.1994.Sinhala.Sub_.zip342 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

15,549 downloadsDownload Subtitles342 KB

92 comments

  1. තිසර ප්‍රමුදිත

    බොහෝම ස්තුතී

  2. N.Warnajith

    Thanks for sub... Jayawewa

  3. | D i N 3 s H | දිනේෂ් ගමගේ

    රොයිලි අයියට ගොඩක් ස්තූතියි මේ වගේ ලොකු ලොකු ෆිල්ම් වලට සිංහල උපසිරැසි ලබා දෙනවට!!! ජය වේවා!!!

  4. vernie

    රොයිලි සබ් දෙන්නේ හොඳම ඒවටනේ බයනැතුව බානව

  5. uda

    හොලිවුඩයේ ගමන් මග උඩුයටිකුරු කරපු මේ වගේ නිර්මාණයකට සබ් දෙන්න නම් ඉතිං රොයිලි වගේ දක්ෂයෙක්ම ඉන්න ඕනේ... ආවට ගියාට කරලා බැහැ. බොහෝම ගැඹුරු කතාවක් තියෙන්නේ... හරිම සූක්ෂම භාවිතාවක් ඇති නිර්මාණකරුවෙකුගේ සූක්ෂම නිර්මාණයකට සබ් කරන්නත් ඒ වගේම සූක්ෂම කෙනෙක්මා අවශ්‍යයි. ඒකටනම් කොහේ හෙව්වත් රොයිලිට වැඩිය කෙනෙක් නෑ. ඉතිං රොයිලි සහෝ මෙතෙක් අනගි 250 අතරින් වැඩිම තරමකට සබ් දුන් නිර්මාණකරුවාට මේක මහලොකු අභියෝගයක් නොවන බව අපි දන්නවා. දිගටම මේ වගේ ඒවා අපට ඕනේ රොයිලිගෙන්, හරිද?
    ජය!

  6. janaka

    මගෙන් සුභ පැතුම්!!!!!!!!!!!

  7. කැලුම් ගුණසේකර

    රොයිලි අයියා නියමයි හොදේ? ඔයාගේ උපසිරැසි එක්ක චිත්‍රපටියක් බලන්න තියනවා නම් ඉතින් කවර කතාද ඒ ගැන?

  8. Isuru dimantha

    බොහොම ස්තුතියි සබ් එකට

  9. chamara

    මේක සිංහල සබ නැතුව බලල තියනවා මට නිකන් මොලේ කුලප්පු උන මේක බලල
    බලමු දැන් ඔය සිංහල දීල තියෙන්නේ
    ගොඩක් තැන්ක්ස්

  10. mmkasun

    ‍ගොඩක් ස්තුති රොයිලි අයියා

  11. සිංහලයා

    ඉස්තූතියි රොයිලි

  12. කේ. යූ. ජී. උදාර

    මේකත් මං කාලයක් තිස්සේ බලන්න හිටපු සිනමා සිත්තමක්......
    මේ වගේ විශිෂ්ට නිමැවුමක් සිංහල එක්ක අරන් ආපු එක බොහොම වටින කටයුත්තක්.
    බොහොම ස්තූතියි රොයිලි සහෝ.....

  13. kalinga

    නියම ෆිල්ම් එකක් වගේ ඉස්තූතියි රොයිලි :)

  14. උදාර

    ඉස්තූතියි රොයිලි ජය

  15. කැළුම්

    ඉස්තූතී රොයිලි ඔන්න මුල ඉදල‍ා පිලිවලට කමෙන්ට් කරගෙන එනවා. අපි

  16. ganidu

    රෝයිලිගේ ෆිල්ම් නොබා කොහොමද බොහොම ඉස්තූතී

  17. සරදියල්

    පට්ට පට්ට මැක්සා මචෝ

  18. රොයිලි

    කමෙන්ට් දාපු හැමෝටම හදපත්ලෙන්ම බොහොම ස්තූතියි කියන අතරම අඩවියේ 1000 වෙනුවෙන් මේ අදහස අපිට දීම ගැන උදා සහෝට බොහෝම ස්තූතියි. :P

    1. thildc

      mata movie eka yana speed ekata sub hada ganna behene.film ekata kalin sub tika yanawa. speed eka edit karanna beri ai????

    2. Anonymous

      Adarey

  19. අමීර

    බොහොම ස්තූතියි......

  20. අසංක

    අහ,,, මරුම ෆිල්ම් එකක් වගේ බලමි ....

  21. විකියා

    අනිවා බලන්න එපාය .. බොහොම ඉස්තූතියි :)

    ජයෙන් ජය~!

  22. වා.මු.නිලන්ත පියසිරි

    රොයිලි මලයා වෙන වැඩක් කරන්නේ නැතිද මන්දා. මේ තරම් වේගයෙන් උප සිරැසි දෙන්නේ කොහොමද? මට නම් හිතා ගන්නත් බැහැ. අපි මේ ලයින් 300ක් දාන්න නානවා. මෙන්න බොලේ ලයින් 2000 - 3000 එක දවසින් දෙනවා. රොයිලි මලයා ඉපදිලා ඉන්නෙ උප සිරැසි දෙන්නමද මන්දා. කෙසේ මුත් රොයිලියා නැතිනම් මෙතැනින් කීයකට උප සිරැසි නැතිද? හිතා ගන්නවත් බැහැ.

  23. uda

    නිලන්ත අයියේ අමුතුවෙන් හිතන්න එපා...
    ඔය පැත්තකින් තියෙන IMDb Top කියන එකට ගිහිං බලන්න හිතන එක නවත්තලා.

    එතකොට මොකද්ද දැකගන්න තියෙන්නේ...
    එතකොට අපට දැකගන්න තියෙන්නේ මෙතෙක් අප අඩවියෙන් දීලා තියෙන අනගි 250 අතර ‍රැඳුණු ‍ෆිල්ම් වලින් හරි අඩකට රොයිලිගේ දායකත්වය සපයා ඇති බව.

    රොයිලි වතාවක් කිව්වා මම සයිට් එකට විවිධත්වයක් එක කළ බව...
    දැන් බලන්න රොයිලියෝ කවුද ඒක කරලා තියෙන්නේ කියලා!
    උඹම උඹේ ඇස් ඇරලා බලාපං ඒ උඹම නෙවේද කියලා... :)

  24. රාම් රාජ්

    ස්තූතියි රොයිලි.ආය සබ් ගැන නම් කථා කරන්න දෙයක් නෑ.ටී.වී චැනල් වලින් කථා කරේ නැද්ද සබ් හදන්න.සබ් දෙන්න ඉංග්‍රිසි විතරක් මේකට මදි බව රොයිලිගේ සබ් දැක්කම තේරෙනවා.

  25. දනුක

    පට්ට අනිවා බලනවා... ඉස්තූතියි රොයිලි

  26. හොට්ටා

    ඉස්තූතියි සහෝ.....

  27. sanju

    ස්තූතියි

  28. ishara

    me wage film thamai macchan one thanks

  29. Nadee

    harida balanna
    2
    6
    1,7
    4
    5

    1. Kasun

      oyata 3 miss wela.
      4 - a
      2
      6
      3
      1
      7
      4 - b
      5
      hrida danna

    2. කවිඳු ජයවර්ධන

      oyatath 3 miss wela saho
      3 enna one 4-b ta passe..anith tika nm hari..

  30. සාරංග ලියනගම

    මේක සිංහල සබ් නැතුව තේරුනේම නෑ... ගොඩාක් ස්තූතියි රොයිලි අයියේ මේකට සබ් දුන්නට..

  31. DAMER

    එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම..! 👍

  32. chap

    සබ් නැතුව කලින් බලලා තියෙනවා..Quentin Tarantino ගේ ෆිල්ම් නම් සුපිරි..:)
    පරණ හොද ෆිල්ම් වලටත් සබ් දෙන එක නම් එල මචන්..

  33. Jayan Chamal

    patta paya thanksssssssssssss

  34. sajeewani

    සිංහල උපසිරැසි වලට බොහොම ස්තූතියි ..

  35. නිරෝෂ්

    "What a Movie"
    ThAnKs FoR SuB

  36. Dimuth Sanjaya

    Thanx Very Much...

  37. සචිත උදාර

    සුපිරිම ෆිල්ම් තමා මේවා. අමුතු අදහසක් වුනාට පට්ට කතාවක්.

  38. sirinuwan

    Thanks

  39. රො‍ෂාන්

    එල ‍රොයිලි අයියා..........‍දිගටම යං.............

  40. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  41. mihan

    thank you !

  42. Thisara Neo (තිසර නියෝ)

    නියමයි.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  43. anushka

    big fish film 1ta sub dennako

  44. sameera

    meka supirima supiri film ekak saho........... bohoma stuti.........

  45. Manjula Kumara

    බොහොම ස්තූතියි...! :)

  46. prabath

    thanks bro...

  47. tharindu

    බොහොම ස්තුති යාලු සබ් එකට.දිගටම යමු.ජය වේවා

  48. පැතුම් අරෝෂණ වනිගසේකර

    මේ වගේ වටිනා වැදගත් චිත්‍රපටයකට උපසිරැසි ලබාදීම ගැන හදපිරි ස්තුතිය රොයිලි අයියේ :)

  49. detroitdog

    ela kollo! ubala karanne sewayak!

  50. Geethanga

    Thanks....

Load more comments