අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Kisi Ka Bhai Kisi Ki Jaan (2023) Sinhala Subtitles | අපූරු සහෝදර පෙම… [සිංහල උපසිරසි]

Rating: 7.8/10. From 25 votes.
Please wait...

Kisi Ka Bhai Kisi Ki Jaan 2023 කියන්නේ අප්‍රේල් 21 වෙනිදා ලොව පුරා තිරගත වීම ආරම්බ කරපු ක්‍රියාදාම ගණයට අයිති වෙන චිත්‍රපටියක්. අධ්‍යක්ශනය කරන්නේ Entertainment, Housefull 3,4 Bachchhan Paandey චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු Farhad Samji. නිශ්පාදනය Salman Khan Films වලින්.

2019 වසරේ ආපු Veeram දමිල චිත්‍රපටියේ රීමේක් එකක් විදිහට තමයි මේ චිත්‍රපටිය එලි දැක්වෙන්නේ. රංගනයෙන් Salman Khan, Pooja Hegde, Venkatesh, Jagapathi Babu, Bhumika Chawla, Raghav Juyal, Jassie Gill, Siddharth Nigam, Shehnaaz Gill සහ Tanikella Bharani. දායක වෙනවා. සංගීත අධ්‍යක්ශනය Himesh Reshammiya, Sajid Khan, Sukhbir, Payal Dev, Devi Sri Prasad, Ravi Basrur සහ Amaal Mallik කරන්නේ Ravi Basrur. ගීත රචනය Irshad Kamil. ගීත ගායනයෙන්, Vishal Dadlani, Payal Dev, Raftaar, Sukhbir, Palak Muchhal, Kabir, Dimpy, Salman Khan, Devi Sri Prasad, Sajid–WajidYo Yo Honey Singh, Neha Bhasin, Santhosh Venky, Aira Udupi, Harini Ivaturi, Sucheta Basrur, Vijaylaxmi Mettinahole ඇතුලු පිරිස දායක වෙනවා.

කතාවේ වෙන්නේ මෙහෙමයි, ඉශ්ක්, මෝහ්, ලව් කියන්නේ සහෝදරයෝ තුන් දෙනෙක්. මෙයාලට ඉන්නේ තව ලොකු අයියා කෙනෙක් විතරයි. ඒ තමයි බායිජාන්. මේ සහෝදරයෝ තුන් දෙනා ගෑනු ලමයි තුන් දෙනෙක් එක්ක යාලු වෙලා ඉන්නවා. ඒත් එයාලට කසාද බඳිනන් විදිහක් නැහැ. මොකද ලොකු අයියා බායිජාන් කසාද බඳින්නේ නැහැයි කියලා දිවුරලා ඉන්න නිසා. ඉතින් මේ තුන් දෙනා බායිජාන්ට ගෑනු ලමයෙක් හොයලා දෙනවා. ඒ දකුනු ඉන්දියාවේ ගෑනු ලමයෙක්. ඉතින් බායිජාන් මල්ලිලා තුන් දෙනත් එක්ක ඒ ගෑනු ලමයගේ ගෙදර යනවා, ගෙදරින් කැමැත්ත ගන්න. ඊට පස්සෙ මොකක්ද වෙන්නේ කියලා කතාව බලලම දැනගමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HQ HD පිටපත් සඳහා ලබා දි ඇත.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

8 thoughts on “Kisi Ka Bhai Kisi Ki Jaan (2023) Sinhala Subtitles | අපූරු සහෝදර පෙම… [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුති

    Reply
  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • ගොඩක්ම ස්තූතියි දහරා සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply
  • කොච්චර කාලෙකට පස්සෙද මේ දෙන්නේ? මම හිතුවා අපිව අමතක වෙලා කියලා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *