ඔන්න පට්ටම පට්ට චිත්‍රපටියක් ඇරන් ආවා. එක්තරා ගමක ජීවත් වෙන නිර්භීත තරුණයෙක් ගැන කියවෙන කතාවක්. කොම්බයා පාණ්ඩියන්. නැත්නම් කොම්බන්. වෙල්ල නාඩු, සෙම්ම නාඩු, අරස නාඩු කියන්නේ ගම් 3 ක්. මේ ගම්වල නායකයෝ වෙන්න බොහෝ උදවිය පොර කනවා. ගමට සේවය කරනවා වෙනුවට, මැර බලයෙන් මිනිසුන්ට පීඩා කරමින් , අසාධාරණ ලෙස මුද…

ඔන්න පට්ටම පට්ට චිත්‍රපටියක් ඇරන් ආවා. එක්තරා ගමක ජීවත් වෙන නිර්භීත තරුණයෙක් ගැන කියවෙන කතාවක්. කොම්බයා පාණ්ඩියන්. නැත්නම් කොම්බන්.
වෙල්ල නාඩු, සෙම්ම නාඩු, අරස නාඩු කියන්නේ ගම් 3 ක්. මේ ගම්වල නායකයෝ වෙන්න බොහෝ උදවිය පොර කනවා. ගමට සේවය කරනවා වෙනුවට, මැර බලයෙන් මිනිසුන්ට පීඩා කරමින් , අසාධාරණ ලෙස මුදල් උපයන එක තමයි ඔවුන් කරන්නේ. හැබැයි අරසනාඩු ගම ඇතුළේ කොතැනක වත් අසාධාරණයක් සිදුවුණේ නෑ. හේතුව කොම්බයා පාන්ඩියන්. අසාධාරණ ලෙස කටයුතු කරන්නන්ට දුටු තැන පහර දෙන එක තමයි කොම්බන් ගේ හැටි. වැරදි කරලා අහු වුණොත් නැති වෙන්න ගහනවා. කොම්බන් එක්ක හැපෙන්න පුළුවන් චණ්ඩියෙක් අහළ ගං තුනේම නෑ. ඒ නිසා අරසනාඩු ගම තුළ අසාධාරණකම් කරන්න කිසි කෙනෙකුට හැකියාවක් තිබුන්නෑ. මේ කාරණාව නිසා කොම්බන්ට සතුරෝ වැඩියි. ලොකුම හතුරා තමයි කුන්ඩන් රාමසාමි (කුණ්ඩා). එයාට ඕනැ වුණේ අරසනාඩු ගමේ නායකත්වය තමන්ගේ ඥාතියෙකුට ඇරන් දෙන්න. නමුත් ඒ හැම තැනදිම කොම්බන් හරස් වුණා.
ඔය අතරේ වෙල්ලනාඩුවල පලනි කියලා කෙල්ලෙක් එක්ක කොම්බන් විවාහ වෙනවා. නමුත් ඔහුට සතුටින් විවාහ ජීවිතය ගත කරන්න මැරයින් ඉඩ දුන්නෑ. ගමත් පවුලත් දෙකම රැකීමේ වගකීම කොම්බන් මත පැටවුණා. කොම්බයා පාණ්ඩියන් කොහොමද ඒ අභියෝග තනිවම ජයගන්නේ කියලා දැනගන්න චිත්‍රපටිය අනිවා බලන්න කියා ආරාධනය කරනවා. දමිළ සිනමාවටම දැක්කෙ චණ්ඩි දෙන්නයි..එකෙක් සිංගම්..අනිකා කොම්බන්.
මුල ඉඳන් එක දිගට උද්යෝගයෙන් බලන් ඉන්න පුළුවන් චිත්‍රපටියක්. චිත්‍රපටිය බලන අතරතුර අපි බලාපොරොත්තු වෙන්නේ යම් දෙයක්ද, ඒ දේ ඒ ආකාරයෙන්ම ලබා දෙන්න අධ්‍යක්ෂක තුමා කටයුතු කර තිබෙනවා. මෙහි කොම්බයා පාණ්ඩියන් ගේ චරිතයට පණ පොවන්නේ සුපිරි නළු කාර්ති. ඇරපු අතක් නෑ එයාගේ අයියා සූර්යා වගේම තමා. කොම්බන් දකිද්දී මට මතක් වුණේම සිංගම්. ඒ ගැහිල්ලම තමයි ඉතින්. පොර ටෝක්ස් එමටයි.ඔන්න ඒ ඔක්කොමත් දාලා හොඳ උපසිරැසියක් නිර්මාණය කළා ඔයාලගේ රසවින්දනය උදෙසාම. මෙම චිත්‍රපටිය ග්‍රාමීය තේමාවකින් ආව එකක්. එමනිසා මෙය පරිවර්ථනය කරන එක ලේසි පාසු කාර්යයක් වුණේ නැහැ. උදවු උපකාර කිරීම සම්බන්ධයෙන් සිරාජ්, සඳුන්, සමීර සහෝදර වරුන්ට ස්තුතියි. එහෙනම් තවත් හොඳ උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
420 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
C9B65D573FBD7B779FE2FF3FACD0EB772C075F67700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
15F6BFDE3786CF3FEA9663F51DC73883B06C6765 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
11,284 downloadsDownload Komban-2015.zip121 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉන්ද්‍රජිත් කුමාර
Subtitles
75 comments
indika
හර්ෂණ
හෝව් හෝව් කව්ද මේ අරුන්යා මෙනවිය..? සබ ඇතුලේ ලව් කිරීම තරයේ හෙලා දකිමි :) ඔව් ඔව් තරයේ :p
chinthana
machan sound enne naththe ae..
තාරක නුවන් දිල්හාර
නියමයි ඉන්ද්‍රජිත් අයියා...
බොහොම ස්තුතියි උපසිරසියට
ඔන්න මාත් බාන්න දානවා.. ;)
ජයෙන් ජයම වේවා....!තාරක නුවන් දිල්හාර
අඩෝ මම අද එක ඩෝ.....!!!
නිසල් ධනංජය
බොහෝම ස්තූතියි! දෙනකම් බලාගෙන හිටපු සබ් එකක්.
kaushi
thanx
චාමික දිල්හාර (දිලා)
බොහොම ස්තූතියි සහෝ........ එල
නලින්
ස්තුතියි උදයා
මැක්සා කතාවක් වගේ ඇ ! එලස්ස්ජය වේවා!
SaMH194
thanks bro.................
Kulanjana Maduranga
maxxaaaaaa.Supirima bandayak ne bassala thiyenne.thanks INDRAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa.....
aruna
patta patta machan
lk
maxxxaa hode
Achintha Sameera
තැන්ක්ස් මචෝ සබ් එකට.
නියම වැඩක් හොදේSIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි ඉන්ද්‍රජිත් අයියේ.
බර කට්ටක් කාලා උපසිරැසිය බර ඉක්මනටම ගෙනාවට ගොඩාක් ස්තූතියි!
ග්‍රාමීය බාශාව නිසා උපසිරැසි කරන්න යන අමාරුව ගොඩාක් ඉහලයි.
ඒ අභියෝගය ජයගෙන ඉක්මනින් ගෙනල්ලා නේ.
සුපිරි වැඩක්.
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!
ඊලග උපසිරැසියත් ඉක්මනින් ගේන්නකෝ.
ජයෙන් ජයම වේවා!!lakshitha
thnx saho :D
Darshana
thannnkkkkssssss.........
පොඩි මෑන්
Patta thanks machan sabata :) aniwa balanawa
ඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !Global
Thanks Bro...
Supiri..!THARINDU
patta machan.thanks oyta
damith
font eka patta podi ne.ekata mokada karanne
Ross
thanks bro
devinda
thankz mcn
mena
adeeeee patta karthi ge film ekak enakan hitiyeeeee tankuuuuuuuuuuuuuuuuuuu
ANJANA
Thanks...
එල්.සී. දමැල්
නියමයි...
තුති...
ජය...kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Ranurokz
Saba patta awul ban ..
Hadala ikmanata dapan Machanmihiranga
thanks Bro....
well done..
all the best..damith
මචං ඒ සබ් එක කියවන්න අන්වීක්ශයක් ගේන්න වෙනවා.සබ ආයෙත් හදලා ඉකමනට දාපන් මචං
ishan
suppa wadak.baiscope eka natnam idala wadak na
sldiwakara
අනේ යාලු... මේ සබ් එකේ ෆොන්ට් size එක පොඩියටනේ වැටෙන්නේ... එක ප්ලේයර් එකෙන් හෙදුවාට හරියන්නෙ නෑ .......
කැලුම් ගුණසේකර
මොකද්ද ප්ලේයර් එක?
sldiwakara
jet video.......
කැලුම් ගුණසේකර
KM පාවිච්චි කරන්න. සයිස් හදන්න පුලුවන්.
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට. අනිවා. මේක බලන්න ම ඕන.
Prasad
kattiya FB ekata dapu post eka dakka yaluwane apahasuthawaya therenawa eth puluwan unath huga denek e wade karay ki mama hithanne na machanla aulak na site eka updatadte karamu aduma masa 3ta parak aduma rs 100 wath gewala regi wenda kiayala nathuwa karanna amarui api ahithak na mokada ape fun ekata ape yaluwo kattak kanawa ki api dannawa ehemawath watinakamak ekata demu
thisal
බොහොම ස්තූතියි සහෝ
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
රොයිලි
බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
niro
supiri film ekak ban////tnx...... jaya wewa! බයිසිකෝප් එකේ සබ් හදන සියළුම දෙනාට ලබන ආත්මයේ විවිධ භාෂා 20ක් වත් කථා කරන්න හැකියාව ලැබේවා ! අම්මපා බන්.....
c.n.k
1න්ම,මචන්. අපේ රස වින්දනය ,ඔබලා නිසාවෙනි.......
සියලු දෙනාට ජයවේවා!
shan
thanks machan
Buddhi J Amarakoon
niyamai macho...
shanuka
malli patta film eka mta e wge vijege Shajahan 2001 movie eka denna plz
“චූටී මල්ලි”
නියමයි මචන්
සබට තුති
ඔබට ජය.......kalhan
තෑන්ක්ස් මචං
Anton
බොහොම ස්තූතියි
kelumsrimal
comban singhala sub is not work to me y
chanu
good job tnxxx
කැලුම් එදිරිසිංහ
මචෝ තරහා වෙන්න එපා මෙහෙම කිව්වට උබ මොකාට බලන්නද බන් අච්චර පොඩියට font සයිස්එක දැම්මේ.....අනේ ලොකු උදව්වක් සබ් එක ඉක්මනින්ම හදල දාපන් ආයෙත්...
SNDog
use KM Player
කැලුම් එදිරිසිංහ
km එකෙත් අලුත් වශන් එක තියෙන්නෙ...km පේලෙයර් එකෙන් හදන්නත් බැලුව එත් බැ....එත් සබ් එක පුංචියි මචෝ...තව MPC-HomeCinema එතකොට Jet Audio,vlc...තව WinAVI එකෙන් කන්වට් කරන්නත් බැලුව එත් හරිගියෙ නැ බන්...දන්න කියන ඔක්කොම වැඩකිඩ ටික දාල බැලුව එත් තාම හරිගියෙ නැ බන්...බැරිම තැන සබ් එක නොට් පැඩ් එකකින් ඔපන් කරගෙන ෆ්‍රොන්ට් සයිස් එක වෙනස් කරන්න හැදුව එකටත් හොද පන යනවා බන්..ඊට වඩා ලෙසි ක්‍රමයක් දන්නවනම් කියපන් මචෝ..තාම ෆිල්ම් එක බැලුවෙ නැ...දුක හිතෙනව බන් කවදාවත් මෙහෙම වෙල නැ.....පුලුවන්නම් උදව්වක් කරපන් සහෝ..
HS
නෝට් පැඩ් edit කරන software එකක් (like "sublime_text")අරන් සබ් file එක එකෙන් ඕපන් කරල ෆොන්ට් size එක replace කර ගන්න
Randima
Neethane En Ponvasantham ෆිල්ම් එකට සබ් දෙන්නකෝ
isanka
thank saho.idhu namma aalu me film eka dentako
isanka
vaalu mekath ona
neel susantha
මෙ දන්න කෙනෙක් නේ...... මරු මරු .....හොද වැඩක්
Indrajith
ආ නීල් අයියේ මේ ඔයානේ.. එළ එළ ! :-D
Dinidu Dasanayaka
Thank......
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thn Q Bro...!!! :)