සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. ටික දවසකට පස්සේ අළුතින්ම නිකුත් වුණු මලයාලම් චිත්‍රපටියක් Kuruthi (2021) වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි අද මං බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට ආවේ. ලෙයට ලෙය… වෛරයට වෛරය… පලියට පලිය… උන් බඩගින්නේ හිටියත් උන්ගේ ගෙවල් තෙමුනත්… නැත්නම් හිරේ යන්න වුණත්…

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. ටික දවසකට පස්සේ අළුතින්ම නිකුත් වුණු මලයාලම් චිත්‍රපටියක් Kuruthi (2021) වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි අද මං බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට ආවේ.
ලෙයට ලෙය… වෛරයට වෛරය… පලියට පලිය…
උන් බඩගින්නේ හිටියත් උන්ගේ ගෙවල් තෙමුනත්…
නැත්නම් හිරේ යන්න වුණත්….
මිනිස්සුන්ට ඕනේ තමන්ගේ හතුරාගේ අවසානයක් දකින්න…
වෛරයේ ශක්තිය ඒකයි…
තමන්‌ගේ දරුවන්ට කියවන්න ඉගැන්නුවේ නැතත්…
වෛර කරන්නේ කාටද කියලා උගන්වනවා….
වෛරය කියන ගින්නෙන් මතු පරම්පරා දැවිලා පිච්චිලා යයි…
මිනිස්සු මැරුණත් එයා තුළ තියෙන වෛරය නොනැසී පවතිනවා…
ආගම් ඇදහීමත් එක්ක බැදුනු වෛරය විවිධ ආකාරයෙන් මිනිසුන් වෙලා ගන්නා හැටි වගේම, ආගමේ නාමයෙන් මිනිසුන් වියුරු වැටී තමන්ගේ අසල්වැසියන්, දරුවන්, සහෝදරයන්, මිතුරන් අතර ඇති බැඳීම් පරයමින් තමන් තුළ සැඟවී ඇති වනචාරී ගති මතුවන අයුරුත්, එකිනෙකා දෙස සැකයෙන් බලමින් ඇණකොටා ගනිමින් ජීවිත විනාශ කර ගන්නා අයුරුත්, ආගමේ නාමයෙන් සැඟවී තිබෙන දේශපාලනික, ආගමික, ජාතිවාදී අරමුණු මුදුන් පමුණුවා ගන්නට වෙර දරනා මිනිස්සුන්ගේ බිහිසුණු කතාව මිනිත්තු 122 පුරාවට Kuruthi ප්‍රේක්ෂකයින් ඉදිරියේ ගෙන හැර පානවා.
2021 අගෝසතු 21 වෙනිදා Amazon Prime අන්තර්ජාලයට නිකුත් වුණු Kuruthi අද වෙද්දි 8.0/10 ක ඉහල IMDb අගයක් වගේම The Times of India හි 3.5/5 අගයක් දිනාගෙන ඉහල ප්‍රේක්ෂක, විචාර ප්‍රතිචාර දිනාගන්න සමත් වෙලා තියෙනවා.

Manu Warrier ගේ අධ්‍යක්ෂණය වගේම Anish Pallyal ගේ තිර රචනය, Jakes Bejoy පසුබිම් සංගීතය නිසා වගේම Prithviraj Sukumara, Roshan Mathew, Mamukkoya, Srindaa, Murali Gopy සහ Shine Tom Chacko ඇතුළු පිරිසගේ අති විශිෂ්ඨ රංගනය Kuruthi සිත්ගන්නාසුළු අති සාර්ථක ත්‍රාසජනක සිනමා නිර්මාණයක් බවට පත්වෙලා තියෙනවා.
කතාව ගැන කියනවා නම්, ඉබ්‍රහිම් ජීවත් වෙන කඳුකර ප්‍රදේශයේ සිද්ධවුණු නාය යෑමක් නිසා ඔහුට තමන්ගේ බිරිඳ සහ දියණිය අහිමි වෙනවා. ඉබ්‍රහිම් තමන්ගේ පාඩුවේ තාත්තායි මල්ලි එක්ක ජීවත්වෙන මුස්ලිම් ජාතිකයෙක්. මේ නාය යාමෙන් පවුලේ සාමාජිකයින් අහිමි වුණු හින්දු පවුලක් ඒ අසලම ජීවත් වෙනවා. මේ අසල්වැසි හින්දු පවුලත් එක්ක ඉබ්‍රහිම්ගේ පවුල බොහොම සුහදව ජීවත් වෙනවා. ඉබ්‍රහීම්ලගේ පවුලේ අයගේ දුකට සැපට වගේම කෑම ටික පවා ගෙනත් දෙන්නේ හින්දු පවුලේ ‘සුමා’. මෙහෙම බොහොම සාමකාමීව ජීවත් වුණ ඉබ්‍රහිම්ගේ පවුලට දවසක් රෑ නොහිතපු අවස්ථාවකට මූණ දෙන්න වෙනවා.
මිනීමරුවෙකු අත් අඩංගුවට ගත්තු පොලිස් පරික්ෂකවරයෙක් හදිස්සියේම ඉබ්‍රහිම්ගේ ගෙදරට ඇවිත් නවාතැන් ඉල්ලනවා. ඒ් ඉල්ලීම නැත්නම් ඒ නියෝගයට අවනත වෙන ඉබ්‍රහිම්ට ගොඩක් කරදර වලට මුහුණ දෙන්න වෙනවා. පොලිස් පරික්ෂකවරයා ලුහුබඳිමින් එන තවත් පිරිසක් හින්දා ඉබ්‍රහිම් ඇතුළු පිරිසට තමන්ගේ ජීවිතේ බිහිසුණුම රාත්‍රියක් ගත කරන්න වෙනවා. මේක එක්තරා විදියක මරණයෙන් අවසන් වෙන තරඟයක්. හැබැයි තරඟයේ වීරයා වෙන්නේ අපි නොහිතන කෙනෙක්.
තවත් සිංහල උපසිරැසියකින් මුණ ගැහෙමු. සුබ දවසක් වේවා.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි True WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
15,768 downloadsDownload කුරුති-2021.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
63 comments
DILmin
Anonymous
තෑන්ක්ස් වේවා
Anonymous
Anugraheethan Antony (2021) film ekatath sub denna
Anonymous
Thank you sister
ruwan wickramasinghe
sub ekata thanks....
Anonymous
hdrip walata sub setwenawada
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Ratta
Thanks akke
Kasun
උපසිරැසියට ස්තූතියි. බලපු සුපිරිම ෆිල්ම් එකක්.
sheron
Thanks sister .. keep going ..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Deegayu Abeysekera
thanks sis
tharidu16
too late.
Nilanka
Sub ekata thanks sis. Habayi katath kalin denna puluwan nan tamayi hoda... Malayalam wasantayak tiyenawa issarahata. Man eye meka baluwa aparade oyage sub eka miss una
Anonymous
Eka nm atta dn hama sub ekakma parakkui
Eth ithin baiscope qualitya wena ewai nathi nisa hitya nobalaවිමා
අපේ සබ් කරන අයට එහෙම කාත් එක්කවත් තරඟයක් නෑ.
ඇඩ්මින්ලා විදියට අපි සබ් කරන අයට දෙන එකම උපදෙස තමන්ට හැකි උපරිම නිවරදිතාවයෙන් සබ් එක කරන්න කියල විතරයි. අපිට වැදගත් එච්චරයි. අපේ තරඟය තියෙන්නේ එතන විතරයි. ඒක අපිට ගේමක් නෑ.
කාටත් කලින් දුන්නා කියල විශේෂයක් නෑ අපිට. කාටත් වඩා හොඳට සබ් එක දෙන එකයි අපිට විශේෂ වෙන්නේ.
අනික මේ අපේ විවේක වෙලාවට අපි කරන විනෝදාංශයක් විතරයි.
තමන්ගෙ වැඩ පාඩු කරගෙන කාටත් කලින් දෙන්න මේක අපේ අනිවාර්‍ය වගකීමක් නෙමෙයි. :)
Bhanuka
ඩාක් ත්‍රිලර් එකක් වගේ
නියමයි අක්කේ
දිගටම මෙවට සබ් දෙමුHasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ... !!
Kushan
Sub akta thanks
Anonymous
Thnkz sis
indika 75
thanks..
Anonymous
Thank you for sub
ram
THANKS SISTER
D.Chamara
bohoma sthuthi
asanka
dn balala iwarawune
kala eke wage maraganillak thynne
niyamai akke digtma mewa demuSahan
තෑන්ක්ස්
senura lakmal
පුළුවන් හැම සිනමාවකටම තමන්ගේ කාලය ශ්‍රමය කැප කරලා සබ් දෙන එක වටිනවා..අපි ඇගයීමකට ලක් කල යුතුයි...මෙම සේවයට ඇගයීමකුයි, මිදුලක්ද අනිවාරයෙන් සබ් නිර්මාණකරැවන්ට හිමි විය යුතුයි කියලා මගේ නම් දැඩි විශ්වාසය...සබ් ටයිටල් හදන එක ලේසී වැඩක් කියා හැමෝම හිතනවා..නමුත් එක එහෙම නෑ....සබ් එකක් වැරදුණාම බොහෝ අය බයිනවා මං දැකලා තියනවා...මං හිතන්නේ එ අය වඩා සුදුසු ඉංගීසී සබ්වලින් බලනවා නම්...සිංහල භාෂාව හරිම දුප්පත් භාෂාවක් නිසා වචන හිගයි...සුභාෂනීගේ සියලුම සබ් කරපු සිනමාවන්මා බලලා තියනවා..මගේ දැනුමඅනුව නම් ඇය ඉතා හොදින් මෙි වැඩෙි කරනවා...හැකියාවත් තියනවා නම් අපෙන් අරගෙන හෝ සුළු මුදලක් එ අයට ගෙවා දමන වැඩ පිළිවක් හදන්න...එ අයගේ ජිවිතයටත් හොදයි..
Anonymous
uba gewapan ,
rumeshlak
සින්හල භාෂාව දුප්පත් භාෂාවක්ද මචන්???
උබට විකාර
Naveen
උපසිරසියට තුති
Anonymous
Thanks sister..keep moving
Oshada
සබට තෑන්ක්ස් අක්කේ
Nuwan
Supiriiiiiiiiiiiiii
Anonymous
Netrikann – 2021 sub plz
රංගික සිනෙත් කාරියවසම්
බෝම තුති අක්කේ.ජය ජය
Anonymous
THNKZ
Uvi
උපසිරසියට ස්තුතියි සහෝදරිය
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී
ජය වේවා!!!Samith
Thanks sister
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Gihan Perera
සබ් එකට ගොඩක් ස්තුතියි අක්කේ..දිගටම මලයාලම් දෙමු
kavinu
බොහොම ස්තූතියි සුභාෂිණී අක්කේ
ප්‍රිත්විගේ චිත්‍රපටි මඟ හැරලා පුලුවන් යැ!
ඒ මදිවට අන්න අරෙහෙ කේරළේ පළවෙනි සුපර්හීරා් මූවි එක, ටොවිනොගේ Minnal Muraliත් OTT දාන්න ලෑස්ති වෙනවලු!
ඊළඟ උපසිරැසියෙන් ඉක්මනටම මුණ ගැහෙමු,
ජය වේවා...Anonymous
ඇයි බන් දැන් සබ් කරන්නේ නැත්තේ
සබ් කරපන්කෝ ආපහු
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
Sthuthiyi sahodari
Nilush Angana
Sub ekata thanx
Idunil Weerasinghe
Thanks sister
නිමල් දිසානායක
මොහොතින් මොහොත ඇති කරවන තැති ගැන්ම
කුතුහලයෙන් දවන නරඹන්නන් සැවොම
උගන්වන අනගි මිනිසත්කම- දහම
ෆිලුමකි; සබ්ස් දීලා ඇත නියමෙටමස්තුතියි රේණුකා!
Manoj
සිංහල උපසිරසියට ස්තුතියි
Dineth de silva
Thanks sister
D.J
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරි
Redrux
Thnkz sis
V.P
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝදරිය
Anonymous
film eke nama daanakota english walin daanna. nattan search wenne na.
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
grf
Nethini123
බොහොම ස්තුතියි අක්කේ උපසිරැස ට....2021 එක පිටම හොඳ චිත්‍රපට එනවා........... #HOME චිත්‍රපටයටත් ඉක්මනටම උපසිරැසක් ඕනේ.... :-P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Sub ekata thanks!