අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Little Mom [E01] Sinhala Subtitles | ආදරයක ආරම්භය.. [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 1 vote.
Please wait...
Little Mom (2021)
Little Mom [E01] Sinhala Subtitles

සුභ දවසක්.. සෑහෙන කාලෙකට පස්සෙ රූපවාහිනී කතා මාලාවකට උපසිරසියක් ලබා දෙන්න හිතුනා. මේක

ඉන්දුනීසියාව හා තවත් රටවල් ගනනක පෙරලියක් ඇතිකරපු 2021 වර්ශයේදී විකාශනය වූ කොටස් 13 කින් යුත් කතා මාලාවක්. ඒ වගේම, මා දන්නා පරිදි මේ තමයි ඉන්දුනීසියානු කතා මාලාවක් සදහා සිංහල උපසිරසියක් ලබාදෙන පලවෙනි අවස්ථාව.

Little Mom [E01] Sinhala Subtitles

මතක ඇතිනෙ ලංකාව තුල මොනයම් හෝ මාධ්‍යයක් තුල විකාශනය වූ පලවෙනි තුර්කි කතාමාලාව වන Ask Laftan සදහා මා ඇතුළු සහෝදර පිරිසක් උපසිරසි ගෙන ආ බව. ඒ ආකාරයෙන්ම මේ කතා මාලාවත් ඔබ හමුවේ තැබීමට මා බලාපොරොත්තු වෙනවා.. (හැබැයි මේ පාරනම් තනියම එන්නෙ..)

ඇත්තටම මේක වෙනස්ම කතාවක්. මේ අප රට මුහුණ දෙන, කවුරුවත් කෙලින් කතා නොකරන්න, තිත්ත ඇත්තක් හැංගුන කතාවක්.. ඉතින් මම හිතනවා මේ කතාමාලාව ඒ ප්‍රශ්නෙට යම් විසඳුමක් සපයාවි කියලා.

Little Mom [E01] Sinhala Subtitles

අග්නිදිග ආසියාව පුරා මහත් ජනප්‍රියත්වයක් ළගා කරගත් IMDB 7.5 ක අගයක් වාර්තා කල Little Mom කතා මාලාව සඳහා Natasha Wilona, Al Ghazali, Teku Rasya සහ  Elina Joerg නවුරා, කීනන්, යූඩා සහ සෙලීන් නමින් රංඟනයෙන් දායක වනවා. විකාශන කාල සීමාව තුල බොහෝ රටවල අංක එකට පැමිණීමට සමත්වූ Little Mom කතා මාලාව මිස් කර නොගත යුතු නිර්මානයක්..

Little Mom [E01] Sinhala Subtitles

එහෙනම් අපි බලමු පලවෙනි කොටසෙන් මොකද වෙන්නෙ කියලා..

Little Mom [E01] Sinhala Subtitles

කතාව පටන්ගන්නෙ කතා නායිකාව වන කුඩා නවුරගෙ අනාගත බලාපොරොත්තුව මතක් කරමින්. නවුරගේ දෙමව්පියන් කුඩා අවන්හලක් පවත්වාගෙන යන දුප්පත් පවුලක්. ඇයගෙ එකම බලාපොරොත්තුව වෛද්‍යවරියක් වීම. ඒ සදහා ඇය කැපවෙලා ඉගෙන ගන්නවා. මේ බලාපොරොත්තුව සඵල කරගන්න නවුරගෙ දෙමව්පියන්ගෙනුත් ලැබෙන්නෙ ලොකු පිටිවහලක්.

Little Mom [E01] Sinhala Subtitles

ඉතින් බලාපොරොත්තු පොදි බැදගෙන ඉගෙන ගන්න නවුරා කෙමෙන් කෙමෙන් නව යොවුන් වියට පියමනිනවා. එහිදී ඇයගෙ දෙමව්පියන් ඇයගෙන් පොරොන්දුවක් ලබා ගන්නවා. ඒ, ඇය පාසලේ කිසිදු ආදර සම්බන්ධතාවයකට මැදි නොවන බවට.

නමුත් ඇයට නොදැනීම මේ පොරොන්දුව බිදී යන්නේ පාසලේ සිටින බාස්කට්බෝල් තරුවක් වන යූඩා මුණ ගැසීමෙන් අනතුරුවයි. ඔවුන්ට නොදැනීම යූඩා සහ නවුරා ආදරවන්තයින් බවට පත්වනවා. හැබැයි ඔවුන්ගේ ඒ ආදර කතාව තමන්ගේ දෙමව්පියන්ට හා පාසලේ

Little Mom [E01] Sinhala Subtitles

යහළුවන්ගෙන් සැගවීමට ඔවුන් ක්‍රියාකරනවා.

දිනක් නවුරා සහ යූඩා කිසිවෙකුටත් නොදන්වා විනෝද ගමනක් යෑමට පිටත් වෙනවා.. එහිදී ඔවුන් දෙදෙනා අතර සිදුවන සිදුවීමක් නිසා ඔවුන්ගේ මුලු ජීවිතයම කනපිට පෙරලෙනවා..

Little Mom [E01] Sinhala Subtitles

මේක තමයි කතාවෙ ආරම්භය.. අපි බලමු නවුරගෙයි යූඩගෙයි විනෝද ගමන කොතනින් කෙලවර වෙයිද කියලා..

එහෙනම් අපි දෙවෙනි කොටසෙන් ළඟදීම හමුවෙමු..  ඔබට සුභ දවසක්..


 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Little Mom [E01] Sinhala Subtitles

 

All BT1

Next BT1

4 thoughts on “Little Mom [E01] Sinhala Subtitles | ආදරයක ආරම්භය.. [සිංහල උපසිරසි]

  • මේකට ඔයා උපසිරැසි ගේනකල් බලන් හිටියේ. බොහොම ස්තූතියි සහෝ මේ සීරිස් එකට තනියම උපසිරැසි ගෙනාවට. ජයවේවා!

    Reply
    • ස්තූතියි ඔයාටත් කමෙන්ට් එකට සහෝ..

      Reply
  • අම්මෝ බං.. කවද හරි දෙයි කියලා හිතං හිටපු සබක් මේක….
    වැඩේට තෑන්ක්ස් මචෝ….
    සබට තෑන්ක්ස්…

    Reply
    • තෑන්ක්ස් මචන් කමෙන්ට් එකට..

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *