Love Tractor [S01 : E02] Sinhala Subtitles | ඩොන්ග්ශික් [සිංහල උපසිරසි]
Love Tractor [S01 : E02] Sinhala Subtitles
හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා!!
ටිකක් පරක්කුයි නේද.. කමක් නැහැ ඉතිං එන්න ටිකක් පරක්කු වුනානෙ. ඔන්න මම ඔයාලට අලුත් අවුරුද්දට තවත් අලුත් කතාවක් අරගෙන ආවා. මේ කතාව ටිකක් වෙනස් විදිහෙ කතාවක්. ආදරය ගැන කතාවක් වුනාට, අපි සම්මතයේ දකින ආදර කතා වලට වඩා වෙනස් කතාවක්. මම මේ වගේ කතාවකට උපසිරැසි කරන පලවෙනි අවස්ථාව තමයි මේ. මේක වෙනස් කතාවක් නිසාමයි ඒක කරන්නත් හිතුනෙ. ගොඩක් අය මේ කතාව කොහොම පිලිගනියිද දන්නෙ නැහැ. මම නම් යෝජනා කරන්නෙ වැඩිය දෙයක් හිතන්නෙ නැතුව කතාව විතරක් රසවිඳින්න කියලයි.
Love Tractor (ආදර ගොවිපල)
තමන්ගෙ ආසාවන් අතහැරල දාලා නීති විද්‍යාලයට ගිය සොන්යුල් දක්ෂ නීති ශිෂ්‍යයෙක් වුනත්, තමන්ගෙ තාත්තා එක්ක ඇති වෙන මත ගැටුමකින් පස්සේ විද්‍යාලයෙන් ලැබුන ලොකු අවස්ථාවකුත් අතහැරල දාලා තමන්ගෙ සීයගෙ ගමට එනවා. ඒ එන ගමනෙන් පස්සෙ සොන්යුල්ට නොහිතපු අත්දැකීම් ලැබෙනව වගේම බලාපොරොත්තු නොවුන අනාගතේකුත් උදාවෙනවා.
2 කොටස (ඩොන්ග්ශික්)
සොන්යුල් ගමට එද්දිම කරදරයක් වුනානෙ. උදේ එලිවෙද්දිත් සොන්යුල්ට තවත් කරදරයක් වෙලා තිබුනා. ඒක තමයි සීයා විශේෂයෙන්ම බලාගන්න කියපු සීයගෙ බල්ලා ඩොන්ග්ශික් නැති වෙලා තිබුනා. ඉතිං නුපුරුදු පරිසරයක උදේ නැගිට්ට ගමන්ම සොන්යුල්ට සිද්ද වුනා ඩොන්ග්ශික්ව හොයන්න යන්න. දිගටම කරදර වලට මූණදෙන්න සිද්ද වුන සොන්යුල්ට මේ වතාවෙ මොනවා වෙයිද……..
එහෙනම් කතාව බලල වෙනද වගේම අදහස් කියාගෙන යන්න. හැමෝටම සුබ දවසක්!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 543 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you ️
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks akkiyo
Balaagena hitapu series 1kak…. Heartstopper 1tath sub dennako,… sub 1ta thanks
…බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට….