Luca (2021) Sinhala Subtitles | ලූකා! [සිංහල උපසිරසි]
කොහොමද හැම කෙනෙක්ටම, මේ අවුරුද්දේ නිකුත් වෙච්ච හොඳම ඇනිමේෂන් ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. සෑහෙන ලොකු පමාවක් වුනා මේ සබ් එක අරගෙන එන්න. ඉදිරි කාලසීමාවත් ඒ හැටි නිදහසක් නොලැබෙන පාටක් තමයි දකින්න තියෙන්නෙ. මේකත් ඉවරයක් කලේ චාමර සම්පත් සහෝදරයා. එහෙමනම් ෆිල්ම් එකේ විස්තරය දිහාවට හැරෙමුකො. 🙁
මේ සිනමාපටයට පාදක වෙන්නේ ඉතාලියේ ජනප්නරිය ජන කතාවක්. අධ්‍යක්ෂකවරයාත් ඉතාලි ජාතික Enrico Casarosa. ඔහු තමන්ගේ ළමා කාලදී ඇසුරු කරපු ඔහුගේ හොඳම යාලුවා අල්බෙර්තෝ තමයි ලූකා’ගෙ මිත්‍රයා විදියටත් තෝරගන්නෙ. ඔවුන් දෙදෙනා කුඩා කල ඉතාලි ග්‍රාමීය මුහුදු තිරයන්’හි කෙළිදෙලින් ගතකල ආකාරය හරි අපුරුවට ප්‍රතිනිර්මාණය කරල තියෙනව. විශේෂයෙන්ම තමන්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය මේ ආකාරයට අනර්ඝ අන්දමින් නිර්මාණය කිරීම හැම කෙනෙක්ට කරන්න පුළුවන් වෙච්ච දෙයක් නෙමෙයි. පික්සර් ආයතනය ඔහු වෙත තියල තියෙන වගකීම 100% ඉටු කරල තියෙනව ඔහු. ඒ වගේම ඔහු Jesse Andrews සහ Simon Stephenson දෙදෙනා එක්ක මෙහි කතාව රචනා කිරීමටත් දායක වෙලා තියෙනව. මෙහි නිර්මාණකරුවන්ව පික්සාර් ආයතනය විසින් ඉතාලියේ සවරියකුත් අරගෙන ගිහින් තියෙනව එහෙ පරිසරය ප්‍රති නිර්මාණය කරන්න ලෙහෙසි වෙන්න. ඒ වගේම එන්රිකෝ කියල තියෙනව ඔහුගේ මිත්‍රයා ඇල්බර්ටෝ තමයි ඔහුගේ ජීවිතය වෙනස් කල කෙනා කියල. කුඩා කල අම්මගේ උවමනාවටත් වඩා වැඩි පරිස්සම නිසා හිරවෙලා වගේ හිටිය එන්රිකෝගෙ ජිවිතේ වෙනස් කරලා තියෙන්නේ ඔහුගේ හොඳම යාළුවා විසින්. ඒ වගේම මෙහි සංගීතය ගැන මතක් නොකර හිටියොත් ඒක ලොකුම ලොකු අඩුවක්. මෙහි සංගීත නිමාපකයා වෙන්නේ Dan Romer.
කතාව ගැන කිව්වොත්, ලුකා කියන්නේ මුහුදු පතුලේ ජිවත් වෙන ළමෙක්, ඔවුන්ට අනුව ගොඩබිම ඉන්නේ රාක්ෂයෝ. ගොඩබිම ඉන්න මිනිස්සුන්ට අනුව මුහුදේ ඉන්නේ මුහුදු රාක්ෂයෝ. මුහුදු රාක්ෂයෝ, ගොඩබිම් රාක්ෂයෙක් දැක්ක ගමන් කරන්නේ හැන්ගෙන එක. හැබැයි මනුස්සයෙක් මුහුදු රාක්ෂයෙක්ව දැකපු ගමන් කරන්නේ ඌව මරන්න හදන එක. ඔහොම තත්වයක් තියෙනකොට ලුකා කියන මුහුදු රාක්ෂයට මේ ගොඩබිම ජීවින් ගැන පුදුම කුතුහලයක් තියෙන්නේ. ඒ අතරවාරයේ ලුකා ජීවත්වෙන අහල පහලට මාළු අල්ලන්න එන යාත්‍රාවක් නිසා හැම දේම සදහටම වෙනස් වෙනව. 🙂
[box]
Director: Enrico Casarosa.
Writers: Enrico Casarosa, Jesse Andrews, Simon Stephenson.
IMDB Ratings : 7.5
Air Date: 18 June 2021
[/box]
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB / Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.
SInhala Subtitles
-- Count 15546 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට සහ “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks bro
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ගොඩක් ස්තුතියි
Thanks Bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks ……………………
sub eka patta. film eknm kmmliirgrgrhrh
sub eka patta. film eknm kmmlii
මේ අපූරු ඇනිමේෂන් චිත්‍රපටියටත් උපසිරසිය ලබා දුන්නට බොහෝම ස්තූතියි.පරක්කු උනත් බයිස්කෝප් එකෙන් කොහොමත් ගුණාත්මක උපසිරසි දෙනවා කියලා හැමෝම දන්නවනේ…ඉදිරියටත් මෙවැනි චිත්‍රපටි සදහා උපසිරසි ලබා දෙන්න….
thanks
❤❤️ ආදරෙයි බයිස්කෝප් ඔයාලගෙ මහන්සියට පිං
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦
thanks a lot saho sub ekata
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
thanks…..
තැන්ක්ස් අයියේ .. ❤️❤️
thanks FOR THE SUB
jaya wewa godak sthuthiyi
kawru monawa kiwwath baiscope thmayi hodatama sub kranne.Quality nm baiscope.
Sub ekata thanks.bs
thnks machiii
මෙහෙම කරන්න එපා බන් අපිට.සබ් එක නැතුව මාසයක් විතර ඉවසන් හිටියෙ පට්ට අමාරුවෙන්.අර පල්ලෙහා කියල තියෙනවත් වගේ බයිස්කෝප් දුන්නොත් බලනවා.නැත්තන් නෑ.ඒ හින්ද පොඩ්ඩක් ඉක්මන්ට දෙන්න බලමු.සබ් එක දුන්නට සහෝලා දෙන්නටම තුති…!!!
උපසිරැසියට බොහෝම ස්තුතියි
thnks machiiii
බොහෝම ස්තූතියි සබ් එකට
දෙකයි පනහෙ සයිට් වලින් දුන්නද නැද්ද අදාලම නෑ.බයිස්කෝප් දුන්නොත් අපි බලනවා..එච්චරයි.පරක්කු උනත් එකයි නැතත් එකයි.ඔයාල කොලිටියට වැඩේ කරන්න.සබ් එකට තෑන්ක්ස් මචන්..
සතුට මේකයි. ❤️
දාන කමෙන්ට් awaiting moderation යන විදිහට හදපු එක හොඳයි පෝස්ට් කරපු ගමන් පබ්ලිශ් නොවී.. දැන් අප්පිරියාවක් නැතුව කමෙන්ට් සෙක්ශන් එක බලන්න පුළුවන්
තෑන්ක්ස් සබ් එකට
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
issara nam baiscope kiyanne lankawe number #1 site ekak. hama welema ikmanata sub eka update karana site ekak. eth dan nam godak movies late. e gana godak dukai.
එහෙම තමා ඉතිං ඩෝං වෙනව ඩූං වෙනව ඩාං වෙනව… හැමදාම එක වගේ වෙන්නෑ. පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන කාල එනව සබ් කරන අපිට.
paw patrol eke sub ona