MENU

AllBANDULA KFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නමලයාලම්සිංහල උපසිරැසි

MaranaMass (2025) Sinhala Subtitles | දාම ඝාතකයෙක් සමග රැයක් [සිංහල උපසිරැසි]

Rating: 9.9/10. From 8 votes.
Please wait...

Marana Mass (2025) Sinhala Subtitless

ආයුබෝවන් , ඔන්න වෙසක් උණුසුම ඉක්මයන කොට තවත් මලයාලි ලස්සන බ්ලැක් කොමඩියක් අද උදේ අන්තර් ජාලයට බහිනවා . රේටිං නම් 8ක් තිබ්බට ඒ ගැන එච්චර හිතන්න එපා. සරලව කිව්වොත් කම්මැලි කමක් නැතුව හිනා වෙවී බලා ගෙන ඉන්න තියෙන සාමාන්‍ය කතාවක් විතරයි මේක. එහෙම නැතුව ලොකු ලොකු පණිවිඩ නම් දෙන්නෙ නෑ.ඒ නිසා ලොකු දෙයක් බාලපොරොත්තු වෙන්නත් එපා.

බැසිල් ජෝශප් ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. මිනිහ චිත්‍රපටියක හිටියත් ඇති උගෙ විකාර දිහා කිසිම අමාරුවක් නැතුව බලා ඉන්න පුළුවන්, මේ අවුරුද්දෙ Pravinkoodu Shappu, Ponman දෙකත් ඔයාල බලන්න ඇතිනෙ. මේකෙත් පොර ඒ වගේම ට්‍රැක් පැනපු චරිතයක් තමයි කරන්නෙ. අනිත් චරිතය තමයි රාජේශ් මාධවන්. එයත් මලයාලි සිනමාවෙ පට්ටම නළුවෙක් කියන්න පුළුවන්, මූණ දැක්ක ගමන් ඔහුගෙ චරිත මතක් වෙයි.ඉතිං මේ චිත්‍රපටියෙ බිහිසුණු දාම ඝාතකයෙක්ගෙ චරිතෙකට ඔහු ලස්සනට පණ පොවනවා. බාබු ඇන්තනි, අනිශ්මා, සුරේෂ් කුමාර් සහ වයසක තාත්තගෙ අපූරු චරිතයට පුලියානම් පවුලෝස් රඟ පානවා. සිවප්‍රසාද්ගෙ කුළුඳුල් අධ්‍යක්ෂණය.

මේකෙ දාම ඝාතකයෙක් සැරි සරනවා. පොලිසිය ඔහුව හොයනවා. ඇල්ලුවොත් ලක්ෂ දහයක්. මේ ඝාතකයා සිය ගොදුරක් පස්සෙ යන ගමන් ගොදුර සමග එක් රාත්‍රියක බස් රථයකට ගොඩ වෙනවා. අර ට්‍රැක් පැනපු ආදර වන්තයයි, එයාගෙ වෙන් වෙන්න හදන ප්‍රේමවන්තියයි, යාන්තම් 22 වෙනි මනාලිය බලල කසාදයක් ෆිට් කර ගෙන මගුල් කන්න ලෑස්ති වෙන බස් ඩ්‍රයිවරුයි, අවුරුදු 20ක් තිස්සෙ තමන්ගෙ තාත්තව හොයන කොන්දොස්තරයි බස් එක ඇතුලෙ ඒ මහ රෑ මුහුණ පාන භයානක අත් දැකීම සහ ඉන් ගොඩ යන්න දරන වෑයම තමයි මේ කතාවෙ තියෙන්නෙ. අපි බලල ඉම්මු.

එහෙනම් තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු

Marana Mass (2025) Sinhala Subtitless

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය Malayalam HQ HDRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 333 --

ඔබ ලබාගන්නා උපසිරැසිය සඳහා අදහස් දැක්වීම් සිදුකීරීම මගින් දිරිමත්වන උපසිරසිකරුවා ඔබට
තව තවත් උපසිරැසි ලබාදීමට පෙළඹෙන බව අප සිහිපත් කරන්නෙමු.
“උපසිරැසිකරුවාගේ මහන්සිය වෙනුවෙන් අප ස්තුතිවන්ත වෙමින් වචන කිහිපයක් සටහන් කරමු!”

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Marana Mass (2025) Sinhala Subtitless

Thisara Neo - Admin

Hail Hydra

6 thoughts on “MaranaMass (2025) Sinhala Subtitles | දාම ඝාතකයෙක් සමග රැයක් [සිංහල උපසිරැසි]

  • Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ මේකට සබ් දුන්නට….
    බලන්න ආසාවෙන් හිටපු එකක්

    Reply
  • Thank you so much brother, for your timles work

    Reply
  • අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    Reply
  • සබට බොහොම ස්තුතියි බන්දුල සහෝ!

    Reply
  • ආපු ගමන්ම ❤️
    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *