Marvels Agent Carter [S01 : E07] | කලහකාරී වායුව.. [සිංහල උපසිරැසි සමඟ]
අදත් ඔන්න පුළුවන් ඉක්මනට ඒජන්ට් කාටර් කතා මාලාවේ හත් වෙනි කොටස අරගෙන ආවා. කතා මාලාවේ පළමු කතා සමය අවසන් වීම සඳහා විකාශය වීමට ඇත්තේ තවත් එක් කොටසක් පමණයි. ඊට පස්සේ සුපුරුදු පරිදි මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ දෙවන අදියරය ආරම්භ වෙනවා. ගියවර කොටස මතක් කරන්න කලින්, කියන්න ඕනේ කාරණාවක් තමයි, කාටර් කතා මාලාව පටන් ගත් පළමු හා දෙවන කොටස් දෙක විකාශය වීමෙන් අනතුරුව, එතරම් හොඳ ප්‍රතිචාර කතා මාලාවට එක් නොවුණත්, තුන්වන හතර වන හා පස් වන කොටස් කතාව වෙනම මානයකට ගෙන ගිය බවක් පෙනෙන්නට තිබුණා. ඒ වගේම ගිය සතියේ විකාශය වූ හයවන කොටස, ක්‍රියාදාම අතින් වගේම කතාවේ ශක්තිමත් භාවය මැනවින් ප්‍රකාශ කළ බවක් පෙනෙන්නට තිබුණා. අද කොටස ඊට නොදෙවෙනියි. ඊටත් වඩා කතාවේ ප්‍රබල චරිත කතාවේ ඉදිරියට යෑම වෙනුවෙන් නිවැරදි ලෙස ගෙන හැර දක්වා තිබෙනවා. විශේෂයෙන්ම ඩොටී, එඩ්වින් ජාවීස් වගේම පරීක්ෂක සූසා, ප්‍රධානී ඩූලී ඒ අතර විශේෂයි. අද කොටස බලපු සැනින් සිත් ඇදගත් නිසාමයි හැකි ඉක්මනින් උපසිරැසි අරගෙන එන්න උත්සුක වුනේ.
පසුගිය කොටසින්…
රුසියාවට ගොස් පැමිණීමත් සමඟම කාටර්ට වෙනදාට වඩා විශේෂ තැනක් SSR එක ඇතුලේ ලැබුණා මතක ඇති. නමුත් පරීක්ෂක සූසා දිගින් දිගටම තඹ පැහැ කොණ්ඩකාරිය සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණත්, රුසියාවට යෑමට ප්‍රථම පරීක්ෂක කාටර්ගේ උරහිසේ තිබුණු කැළැල් දැකීමත් සමඟ ඔහුට පරීක්ෂක කාටර් ගැන සැකයක් ඇති වෙනවා. ඒ සැකය ඔහු තහවුරු කරගන්නේ, ලීට් බ්‍රැනිස් විසින් නයිට්‍රමීන් රැගෙන ගිය ලොරිය අයිතිකරුගෙන් ප්‍රශ්න කිරීමත් සමඟයි. මතක ඇතිනේ අර පුටුවක් බැඳගෙන රෑ ජාමේ පාර පුරා ඇවිද්ද කෙනා. කොහොම හරි ඒ සැකය තහවුරු කරගනිමින් ප්‍රධානී ඩූලිගේ අවසරය පිට කාටර්ව අල්ලගන්නයි ඔවුන් සූදානම් වුනේ.
ඒ අතරතුර ඩොටීට ඩොක්ටර් ඉව්චෙන්කෝගෙන් මෝස් කේත හරහා අණ ලැබෙනවා, පෙගී කාටර්ව මරා දමන්නට. ඩොක්ටර් ඉව්චෙන්කෝ සතු හැකියාව යොදා ගනිමින් ඔහු SSR එකේ පරීක්ෂක යෝක්ව මරා දමනවා දකින්න ඇති. කොහොම හරි මේ දෙදෙනා තිමිංගල සංවිධානයේ සාමාජිකයින් බව අපිට පැහැදිලි වුනා. ඒ වගේම ඩොටීගේ මැදිහත් වීම නිසාවෙන්, පරීක්ෂක කාටර් SSR එක භාරයට පත් වුණා මතක ඇති. බලමු අද එතැන ඉඳන් මොකක් වෙයිද කියලා. ඇත්තටම අද කොටස සුපිරියි. බලලා අදහසක් එකත් කරන්න උපසිරැස ගැන. එලස්ස්ස්.. මං ගියා.. ජයම වේවා..!
ප.ලි : දී ඇති 720p කොපිය නැරඹීම සඳහා K-Lite Codecs සහිත Media Player Classic භාවිතා කිරීම වඩාත් සුදුසුයි.
3320 downloads
Sub1kt Tanks Ela Jayawewa……………………….!!!!!!!!!!!!!!!!!!!!!!!!!
thankx machan
එල
සබට තුති
ඔබට ජය……..
machoo Marco Polo eke ithiri sub tika dapan ko
බොහොම තුති…
ඔන්න දැනුයි ගත්තේ සහෝ……
පට්ට පට පට……
ජය වේවා….. !!!
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Thank you…digatama sub denna..
thanks
sub 1ට ස්තුතියි…….
ස්තූතියි සහෝදරයා … ඔබට ජයම වේවා!..
thanx yashoda saho….jaya wewa!!!!
niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට බොහෝම ස්තුතියි යශෝධ සහෝදරයා…
මෙන්න මමත් ගත්තා. 🙂
tnxxxx
Thanks
නියමයි සහෝ…
උපසිරසියට බොහෝම ස්තූතියි…
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා!!!
😀
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :
බොහොම ස්තූතියි උපසිරැසියට සහෝ……
Thanx bro!!
කතාව හොදයි..
ස්තුතියි………
JAYEN JAYA ,, DIGATAMA KARAN YAMU
එල ඈ..
තව එකයි නෙහ්.
කතාවනම් මරුම තමා.
ජය වේවා. !
thanq youuuuuuuuu………….
Thanks sahoo niyamay wade digatama karagena yamu 😀 😀
බොහොම ස්තූතියි උපසිරැසියට..
ජය!!!
ස්තුතියි යශෝධ දැන් බලලා ඉවර කළා… නියමයි.
ජය වේවා!
තෑන්ක්ස් බං….ගෝතම් එපිසෝඩ් එක අද ලැබෙයිද 🙁
Thanks, elaga episode ekath mevage deepan.
thanks
patta thanks machan
thanx bro:-)
thanx bro:-):-):-)