ඔන්න ඉතිං කාලයක් තිස්සෙ ඉදන් වික්‍රමයන් ඔයාලට ගෙනාව ශීල්ඩ් කතා මාලාවෙ 100 වෙනි කතාංගය අද නිකුත් වෙනවා. හැමෝම වගේ මමත් බලන් උන්නෙ මේ කොටස නිකුත් වෙනකල්. ඇත්තටම අද කතාව ඇතුලෙ ගොඩක් දේවල් වෙනවා. ඉතිං ඒ මොනවද කියන කාරණේ මම කියන්න යන්නෙ නෑ ඔයාලම බලන්න. එහෙනම් සුපුරුදු පරිදි කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් ක…

ඔන්න ඉතිං කාලයක් තිස්සෙ ඉදන් වික්‍රමයන් ඔයාලට ගෙනාව ශීල්ඩ් කතා මාලාවෙ 100 වෙනි කතාංගය අද නිකුත් වෙනවා. හැමෝම වගේ මමත් බලන් උන්නෙ මේ කොටස නිකුත් වෙනකල්. ඇත්තටම අද කතාව ඇතුලෙ ගොඩක් දේවල් වෙනවා. ඉතිං ඒ මොනවද කියන කාරණේ මම කියන්න යන්නෙ නෑ ඔයාලම බලන්න. එහෙනම් සුපුරුදු පරිදි කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරන් ඉමු, පොඩ්ඩක් කිව්වට මේ වතාවෙ ටිකක් වැඩි පුර ලිව්වා.
ශීල්ඩ් නියෝජිතයො ටික තමන් හිරවෙලා හිටපු විනාශ වුනු අනාගතයෙන් මිදිලා ආපහු තමන් හිටපු සුපුරුදු කාලයටම එනවා. මේ පැමිණීමත් සමගම පසුගිය කොටසෙ මුල් භාගයෙ අපේ නියෝජිතයො ටික බොහොම සතුටින් හිටියා. නමුත් කෙමෙන් කෙමෙන් කාලය ගෙවෙද්දි කතාව හිත ගැස්සිලා යන ආකාරයට වෙනස් වුනා කිව්වොත් මම නිවැරදියි.
කතා මාලාවෙ මැදි විරාමයට ප්‍රථමයෙන් තමා ශීල්ඩ් නියෝජිතයො ටික මොනොලිත් එකත් හදාගෙන ආපහු හිටපු කාලයට එන්න ලක ලෑස්ති වුනේ. හැබැයි අනාගතේදි දකින්න සහා අහන්න ලැබුන දේවල් එක්ක ඩේසි ආපහු එන්න කැමති වුනේ නැ. මොකද අනාගතේදි දැනගන්න ලැබුන විදිහට ඩේසි එහෙමත් නැත්නම් ක්වෙක් තමයි පෘථිවියේ විනාශයට හේතුවෙලා තියෙන්නෙ. මේ කාරණාව නිසාම තමයි ඩේසි ආපහු තමන් හිටපු කාලයට යන එකට අදි මදි කරන්නෙ. ඒ වුනත් කෝල්සන් කියන්නෙ කිසිම කෙනෙක් කොයිම වෙලාවකවත් අතෑරලා දාලා යන ජාතියෙ කෙනෙක් නෙවෙයි. ඒ නිසාම තමයි කෝල්සන් ඩේසිව අයිස් කරලා අරගෙන එන්නෙ. කෝල්සන්ගෙ තියෙන මේ ගති ගුණය නිසාම විතරක් නෙවෙයි, මුල ඉදන් කතාව බලන් ආව ඕනම කෙනෙක් දන්නවා ඩේසි එහෙමත් නැත්නම් මුල ඉදන් හදුන්වපු විදිහට ස්කයි කියන්නෙ කෝල්සන්ට තමන්ගෙ දුවෙක් වගේ කෙනෙක්. ඔය හේතුව තමයි කෝල්සන් ඩේසිව කොයිම විටකවත් අත්නොහරින්න හේතුව. ඔය නිසාම තමා ඩේසි පෘථිවිය අවසාන කරන කෙනා වුනත් එයාව ආපහු එක්ක ආවෙ.
ශීල්ඩ් නියෝජිතයො ටික ආවට පස්සෙ එයාලට හම්බවෙන කෙනා තමයි නෝආ කියන්නෙ. මෙයා සෙන්ටියම් ක්‍රොනිකෝම් කෙනෙක්. ඒ කියන්නෙ අපිට කලින් හම්බවුන ඊනොක්ගෙ වර්ගයෙ කෙනෙක්. මෙයාගෙන් තමයි දැනගන්න ලැබෙන්නෙ ක්‍රී බීකන් එකක් ක්‍රියාත්මක වෙලා තියෙන විත්තිය. හැබැයි ඉතිං මේක ක්‍රියාත්මක කරලා තියෙන්නෙ නම් ක්‍රීලා ගෙන්වන්න නෙවෙයි. කොහොම වුනත් ආපහු ආව ශීල්ඩ් කණ්ඩායමට ආපහු වැඩට බහින්න සිද්දවුනා නොහිතපු විදිහට ඉක්මනින්ම. හැබැයි ඩේසි මේ වැඩේට එකතු වෙන්නෙ නැ. මොකද මේ බීකන් එකෙන් වෙන්නෙ අහසෙ ඉදන් එළියක් එන සීන් එකක්. මේ ගැන කලින් ශීල්ඩ් කණ්ඩායම අනාගතේ ඉද්දි වොස් කියනවා. ඒ හේතුව නිසාම ඩේසි මේ ගමනට සහභාගි නොවි පිටිපස්සෙන් ඉදගෙන සහය දෙන්න නවතිනවා.
තවත් ඉදිරියට කතා කරන්න කලින් අපි පොඩ්ඩක් අලුතින් අපිට හදුන්වලා දුන්න විලන් එහෙමත් නැත්නම් හතුරා කවුද කියලා පොඩ්ඩක් බලමු. පසුගිය සුමානෙ කතාංගය පටන් ගද්දිම අපිට ලස්සන ගෑණු ළමයෙක් පෙන්නලා හිත කලම්බලා තමා පටන් ගත්තෙ. ඇත්තම කිව්වොත් මට දැනුනෙ හරි සීදේවි කෙල්ල කියලා. මේ තමයි පසුගිය සතියෙ අපිට රූබි විදිහට හදුන්වලා දීපු Dove Cameron. ඇත්තටම කතාවට එකතු කරපු සුන්දර චරිතයක් කියලා කියන්න පුළුවන්.
රූබිව අපිට මුලින්ම හදුන්වලා දුන්නෙ දුරකතයට වහල් වුන දගකාර කෙල්ලෙක් විදිහට හරියට ඩේසි මුල් කාලෙ වගේ. ටික්කට පස්සෙ තමයි අපිට දැනගන්න ඉඩදෙන්නෙ රූබි කියන්නෙ ජෙනරල් හේල් ගෙ දූ පොඩ්ඩ කියලා. ජෙනරල් හේල් තමයි ෆ්රේම්වර්ක් සිද්දිය සහා එයිඩගෙ සිදුවීම් වලට පස්සෙ ශීල්ඩ් එක හඩයම් කරන්න පස්සෙන් පන්නන කෙනා. මොකද ජෙනරල් ටැල්බට්ට වෙඩිල්ලක් වැදුනා මතක ඇති ඩේසි වගේ හදපු LMD එක්කින්.
ඩීක් කියන්නෙ ශීල්ඩ් පස්වෙනි සමය පටන් ගත්ත දා ඉදලා කතාවෙ යම් ආකාරයකට කතාබහක් ඇති කරපු චරිතයක්. ගොඩක් අය හිතුවෙ මොනොලිත් එකට බලය දෙන්න ගිහින් ඩීක් පරලොව ගියා කියලා. හැබැයි පසුගිය කොටසෙ දකින්න ලැබුනා ඩීක් එක පාරටම වෙනම දිහාකින් මතුවෙනව. මෙයාට මේ සේරම දේවල් අලුත් නිසා ඉක්මනින්ම පොලිස් අත්තඩංගුවට පත්වෙනවා. ඩීක්ව බේරගන්න වෙන්නෙ ඩේසිට. ඒකනම් කොහොමහරි කරනවා.
කෝල්සන්, ෆිට්ස්-සිමන්ස්, මේ, යෝ-යෝ, මැක් මේ අය ක්‍රී බීකන් එක හොයාන ගියාට පස්සෙ එතනදි මුණ්ගැහෙනවා නියෝජිත පයිපර්ව.හැබැයි මෙයා කලින් හිටපු කෙනා නෙවෙයි. මොකද දැන් පයිපර් වැඩ කරන්නෙ ජෙනරල් හේල්ට නිසා. ඔය අල්ල පනල්ලෙ තමයි මෙතනට වෙස් මූණක් දාගත්ත ගෑණු කෙන්ක් තවත් පිරිසක් එක්ක එන්නෙ. මුලින්ම මට හිතුනෙ සිනාරා වෙන්නැති කියලා. ඒත් එහෙම නෙවෙයි.

මෙයා ශීල්ඩ් එකත් එක්ක සටනක් ඇති කරගන්නවා. මේ සටන අතරෙ තමයි මේ වෙස් මූණක් දාගත්ත කෙනා වෘත්තාකාර කැපෙනසුළු වලල්ලක් පාවිච්චි කරලා යෝ-යෝගෙ අත් දෙකම වැලමිට ගාවින් කපලා දාන්නෙ. යෝ-යෝ ගැන කියන්න කලින් දෙයක් තියෙනවා කියන්න. මේ වෙස් මූණක් දාගත්ත කැපෙන වලල්ලක් අතේ තියන් ඉන්න කෙනා දකිද්දි මට නම් මතක් වුනේ සීනව. මතක ඇති කියලා හිතනවා සීනව. මතක නැත්තං වැඩක් නැ, මොකද සීනා ලගත් ඔය වගේම ආයුධයක් තියෙනවා.
<i>කොහොම නුමුත් යෝ-යෝට වෙච්ච මේ සිදුවීම මෙච්චර කාලෙකට කතා මාලාව තුල සිදුවුන හද සසලවන දසුනක් වුනා. ඒවගේම තමයි කෝල්සන් හදුන ගන්න බැරි පිටසක්වල රෝගයක් නිසා මිය යමින් ඉන්නවා. ඒ වගේම තමයි මැක්, යෝ-යෝට වුන දේත් එක්ක තරහින් වගේම වේදනාවෙන් ඉන්නෙ, එතකොට ඩේසි, ලෝකයෙ විනාශයට තමන් හේතුවක් වෙයි කියන බයෙන් කිසිම දේකට මැදිහත් නොවි ඉන්න බලනවා.</i>
මේ සිද්ධිවාචක අස්සෙ දැන් අපේ ශීල්ඩ් නියෝජිතයො කට්ටියගෙ ලොකුම හතුරා වෙලා තියෙන්නෙ ජෙනරල් හේල්. හේල් ශීල්ඩ් එකට වෝඩ්, එයිඩා, සහා කසායස් එල්ල කලාට වැඩිය පීඩනයක් එල්ල කරනවා වගේම හානි කරනවා. ඒ වගේම තමයි වෙස් මූණක් දා ගත්ත ගැහැණු කෙනා, අන්තිමට අපිට දකින්න ලැබුනා ඒ ර්රුබි එහෙමත් නැත්නම් ජෙනරල් හේල්ගෙ දුව විත්තිය.
අන්තිමට අපි දැක්කා හේල් Crusher Creel හෙවත් Absorbing Man ව බඳව ගන්නවා කණ්ඩායමක් හදන්න කියලා. ඒ කියන්නෙ අනිවාර්යයෙන්ම අපේ නියෝජිතයො ටිකට මෙදාපොටේ පණර විලන්ලා එක්ක වගේම අලුත් විලන්ලත් එක්ක හැප්පෙන්න වෙනවා යෝ-යෝ ගෙ සහය නැතුව.
අපිකතාවෙන් පොඩ්ඩක් පිටට ගිහින් ටිකක් කතා කලොත්, ඔයාලා දකින්න ඇති පසුගිය කොටසෙ අපෙ නියෝජිතයො ටික එයාලගෙ මූලස්ථානය විදිහට ලයිට් හවුස් එක තෝරගන්නවා. මේක 1980 ගනන් වල හදපු බේස් එකක්. ඔය අතරෙදි අපි දැක්කා ජෙනරල් රික් ස්ටෝනර් කියලා කෙනෙක්ගෙ රෙකෝඩින් එකක්. කොමික් වලදි ගත්තොත් රික් ස්ටෝනර් කියන්නෙ ශීල්ඩ් එකේ පළවෙනි අධ්‍යක්ෂක. මෙයාව කොමික් වලදි මුලින්ම හදුන්වලා දෙන්නෙ Fury #1 (1994) කියන කොමික් පොත හරහා. 
කොහොම හරි රික් ස්ටෝනර් හයිඩ්‍රා එක අතින් මැරුම් කෑවට පස්සෙ තමයි ෆියුරි ශීල්ඩ් එකේ අධ්‍යක්ෂක වෙන්නෙ, මේක කොමික් වලදි වුන විදිහ. හැබැයි ඉතිං මෙතනදි අපිට නිකන්ම රික් ස්ටෝනර්ගෙ රෙකෝඩ් එකක් විතරයි දකින්න ලැබුනෙ. ඒකත් අධ්‍යක්ෂක කෙනෙක් විදිහට නෙවෙයි ජෙනරල් කෙනෙක් විදිහට.
ඔයාලට මතක ඇති කෝල්සන් පළවෙනි Avengers ෆිම් එකේදි මැරෙනවා ලොකි අතින්. ඊට පස්සෙ තමයි කෝල්සන් MCU එකෙන් අයින් කරලා පුංචි තිරයට දාන්නෙ. මැරුන කෝල්සන්ට පන දෙන්නෙ ටහීටි කියන ව්‍යාපෘතිය ඔස්සෙ ක්‍රී වරුන්ගෙන් කල පර්යේෂණ හරහා. ඉතිං MCU එකේදි මැරුනා වගේ කෝල්සන් පුංචි තිරයෙත් මරලා දාලා ශීල්ඩ් කතා මාලාවට මේ සමයෙන් තිත තියන්නද යන්නෙ කියලත් හිතෙනවා.
ඒ වගේම තව දෙයක් තියෙනවා, පසිගිය කොටස Thor: Ragnarok එකේ කාලයත් එක්ක ගැලපුනා කියලා පුංචි ඉගියක් ලැබුනා. ඒ තමයි නෝආ සදහන් කරනවා ඇස්ගාඩියන් කෙනෙක් නිව්යෝක් නුවරින් හොයාගත්තා කියලා. මේ තෝර්ගෙ පෘථිවි ආගමනය වෙන්න පුළුවන්.
හරි අද නම් සෑහෙන්න කියෙව්වා කියලා හිතෙනවා. උපසිරැසිය කරගන්නත් වෙලා නැති වෙලේ මේ ලිපිය ලියා ගත්තෙත් දවස් තුනක් තිස්සෙ රෑ 12 ඉදන් පාන්දර 1 වෙනකන් ලියලා.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
5,855 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S05E12.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/lahiru-prasad-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ලහිරු ප්‍රසාද්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
55 comments
Vidura
Devaka Sadaruwan
ස්තුතියි සහෝ......
මේ සීසන් එකෙන් ඉවර වෙනවා නම් කොල්සන් ව මරලා දාන්න බැරිත් නැ. එත් අවසානේ වෙනකන් ඉන්නවනම් තමා හොද ඉතින්. කතාවේ බාගයක්ම නැති උනා වගේනේ... නැතිනම්shavinka
තැන්ක්ස් සබ එකට.
මචන් title එක දාද්දි spoiler වෙන්නේ නැති විදියට දාපන්Lahiru
yoyo ge clone ekak hitiya neda ath deka kapuna ?
lahiru sadaruvan
elama.... thank you lahiru aiye...
thilanasela
Tnx mchn sub 1ta.
Ravindu Rukshan
හම්මෝ පට්ට ඈ කියන්න වදන් නැහැ කුතුහලය උපරිමයට තියෙන කතාමාලාවකට තියෙන්නෙ මේක තමා.ඉතින් ඒකට සබ් පරක්කු නොකර දෙන ඔබට උත්තමාචාරය ......
නැවතත් සබ් එකට තුති....ඒක නෙමේ ලබන සතියෙ ඉදන් Thx ගහගෙබ යන්නම් හැමදාම මෙච්චර ලොකු එව්ව දාන්න බැහැ.තුති
losaka
Thank u bro
sachintha
Sub ekata thanks sahoo
Ep13 hamu wemu
JayaDulan Randika
Thax sabata
D.Chamara
bohoma sthuthi sahooo jaya ...
Gathsara Umesh
Bhopom sthuuthiyi ayyee....
samzR
Thanks
lahiru1991
Thanks bro
Sudheera Kasun
Thanks Bro...!
Udara Damith Dissanayaka
මේ සීසන් එකෙන් ඉවර උනොත් ඉදලා ඉවරයි
මාත් ඉතින් මුලින් අර සීදේවි කෙල්ල සිල්ඩ් එකත් එක්ක එකතු වෙයි කියලා හිතුවා ..
එත් එහෙම නෑනේ
යෝයෝ මොකද උනේPrasadwc
Thanks sub ekt... News thibba Shield eka me season eken iwarai kiyala colson marunoth nm wadak na
Shalika
Thanks Bro…!
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
මේකට සබ් එක එනකම් බලන් හිට්යේ....
මටත් හිතෙන්නේ මේකෙන් කොල්සන්ව මරයි වගේ...
හැබැයි එහෙම වුනොත් අපරාදේ....
අවෙන්ජර්ස්ලත් එක්ක ආයේ සෙට් වෙනකන් හිටියේ..KasunRe
බොහොම ස්තූතියි සහෝ......
melinda
thank you for subtitle..
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතිය සහෝ උපසිරසට..ලිපියත් කියෙව්වා සම්පූරණයෙන්ම! ආයේ අහන්න දෙයක් නෑ අද කොටසනම් කදුලු පෙරාගෙන තමා බලන්න වෙන්නේ. ඉන්ෆිනිටි වෝ එකත් මේ ටිකමයි. එනකම් ඇගිලි ගැන ගැන බලන් හිටියට බලලා එලියට එන්න වෙන්නේ අඩාගෙන තමයි!
Kasun A.
sabata thuthi lahiru saho.jaya!
Amalka Himeshan
තැන්ක්ස් මචන් සබ් එකට ඊයෙ රෑම කඩ්ඩවත් නැතුව බැලුව අද ආය සිංහල සබ් එක්ක බලනව
Maleesha pathirana
tnq..lahiru ayiya Shield wge ekakata sub gena eka lesi na..Line 1000k witara tiyenawane!!kohoma karanawada mnda??
Prasad Lakmal
thanx mchan sub ekata
Kulanjana Maduranga
niayamai…patta lipiyak ne...elazzz..thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
MadRad0912
Thanx bro... niyamai
nirodha uthpala
Budu ambo lipiya.thx for the sub digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ....
geeganagamage
නියමයි සහෝ ලිපිය සුපිරියටම ලියලා තියෙනවා කියන්න වචන නැහැ උපරිමයි .
විමා
පට්ට ලිපිය
සබට තුති මචංNadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
Dasun Chathuranga
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.....!
Sanath Indika
බොහොම ස්තුතියි සහෝ
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....
Maduranga80121
Thanks bro....
Chanakaw123
Thank you bro
Charitha Abeynayaka
Thanks macha sub nethnam meka them ganna epa wenawa.
hiruni
Thankzzzz
Kawi Jayasinghe
Tnx mchoooo
sandaruwanwadduwa
tnx
eranda weerasinghe
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
Sahan Sulakkhana
ela bro
Naveen Rangana
බොහොම ස්තුතියි උපසිරැසියට..............................
Nuwantha Dulan
බොහොම ස්තූතියි ලහිරෝ,
දැන් තමයි ඔන්න 11, 12 එපි දෙක බලන්න වෙලාවක් ලැබුනේ,
ජය!!!M.R.Insaf
Sub eka laba dhunnata hughak thanks machan..
Machan hughak aasawen balapu tv season ekak thama timeless..eke season two eka release una..puluwannam ekatath sub dhenna try karahanko..VisHArTs
බොහොම ස්තුතියි මචං..... :)
Chämàrá Sâmpáth
සබට තුති ලහිරුවා..
පට්ටම ලිපිය ඈ.sashi
ela yaluu... niyamai
iDinesh
Thanks!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E12] Sinhala Subtitles | ඇසට කදුලක් එක් කල සිය වෙනි සැමරුම. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Marvels-Agents-of-SHIELD-100th-Episode.jpg)



Thanks bro sub ekata :)