අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Marvel’s What If…? [S02 : E06] Sinhala Subtitles | ටෙසරැක්ට් එකෙහි බලයෙන් උපන් වීරවරිය! [සිංහල උපසිරැසි]

Rating: 8.9/10. From 18 votes.
Please wait...

What If

ඔන්න සුපුරුදු පරිදි අදත් What If…? එපිසෝඩ් එකේ සිංහල උපසිරසි අරගෙන ආවා. අද අරගෙන එන්නේ දෙවෙනි කතා සමයේ හයවෙනි එපිසෝඩ් එකේ උපසිරසියි. එපිය නම් කරලා තියෙන්නේ “What If… Kahhori Reshaped the World?” කියලයි. මේකෙදී අපට දකින්න ලැබෙනවා MCU එකේ පළවෙනි MCU ඔරිජිනල් සුපිරිවීරයා (සුපිරිවීරවරිය, ඇත්තටම). ඒ කියන්නේ කොමික්වල නැති, MCU එක වෙනුවෙන්ම හදපු පළමු සුපිරිවීරයා. මෙයාගේ නම තමයි කහෝරී.

What If…? තුළින් හඳුන්වාදෙන මාවල් සිනමා විශ්වයේ පළමු ඔරිජිනල් සුපිරිවීර චරිතය

වොචර් අපට මෙයාගේ කතාව මේ එපිසෝඩ් එකේදී පැහැදිලි කරනවා. කතාවේ විදියට, ප්‍රධාන MCU ටයිම්ලයින් එකේ ඇස්ගාඩ්වලට ඔඩින් විසින් සාමය උදා කළාට පස්සේ, එයා ටෙසරැක්ට් එකේ ආරක්ෂාව පතා එය පෘථිවියට දෙනවා. නමුත් මේ විශ්වයේදී, එයාට එහෙම කරන්න අවස්ථාවක් ලැබෙන්න කලින් ඇස්ගාඩ් විනාශ වෙනවා. නමුත් ටෙසරැක්ට් එක පෘථිවියට ළඟා වෙනවා. ස්පොයිලර්ස් නිසා ඔතනින් නවත්තන්නම්. එපිය බලලම ඉතුරු ටික හොයාගන්නකෝ.

අද එපිය නම් අනිත් එපිසෝඩ්වලට වඩා විශේෂයි. මොකද එපිසෝඩ් එකෙන් 98%ක් ම වගේ ඩයලොග් තියෙන්නේ සාමාන්‍යයෙන් තියෙන විදියට ඉංග්‍රීසි භාෂාවෙන් නෙමෙයි. පුරාණ මොහෝක් (Mohawk) භාෂාවෙන්. මේක අදටත් කැනඩාවේ Quebec සහ Ontario ප්‍රදේශවල භාවිතා වන භාෂාවක්. Doug George (ඉතිහාසඥ) සහ Cecelia King (මොහාක් භාෂා විශේෂඥ) සමඟ සමීපව කටයුතු කරමින් මේ එපිසෝඩ් එක නිෂ්පාදනය කරලා තියෙනවා එහි සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා කරන්න. ඉතින් මේක MCU එකට අතිවිශේෂ එපිසෝඩ් එකක් වුණාට ඇනිමේෂන් නම් අනිත් එපිසෝඩ් වගේම top-notch බව කියන්න ඕනේ.

එහෙනම් එපිසෝඩ් එක බලලම ඉන්නකෝ. හෙට එපිසෝඩ් එකෙන් අපි ආයේ හමුවෙමු. පීස් ✌️.

 

What If, What if Season 02, What If Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous Season

All BT1

Nxt Season BT12

 

What If, What If Season 02, What If Season 02 Sinhala Sub

4 thoughts on “Marvel’s What If…? [S02 : E06] Sinhala Subtitles | ටෙසරැක්ට් එකෙහි බලයෙන් උපන් වීරවරිය! [සිංහල උපසිරැසි]

  • Thanks broh

    Reply
  • thanks bro

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *