Masters of the Air [S01 : E01] Sinhala Subtitles | පළමු මෙහෙයුම [සිංහල උපසිරසි]
Masters of the Air Sinhala Subtitles
සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප්වාසී සියලු දෙනාටම. අද මේ අරගෙන ආවේ Masters of the Air සීරිස් එකේ පළමු කතාංගයේ සිංහල උපසිරසි. මුලින්ම සමාව ඉල්ලනවා මේකට සබ් ගේන්න පරක්කු වෙච්ච එක ගැන. මිලිටරි පැත්තේ කතාවක් නිසා හුරුපුරුදු නැති වචන සහ වාක්‍ය ගොඩයි. ඉතින් ඒවා හොය හොයා පරිවර්තනය කරනකොට වෙලා ගියා දන්නෙම නැතුව. එහෙනම්, විමා අයියාගේ ලිපියත් කියවගෙනම සබ් එක අරගන්නකෝ. දෙවෙනි එපියේ සබ් එක අපේ හිරාන් අයියා ඔයාලට අරගෙන ඒවි. එහෙනම්, අලුත් උපසිරසියකින් ආයේ හමුවෙමු. පීස් ✌️
Masters of the Air Sinhala Subtitles
කොහොමද හැම කෙනෙක්ටම? හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. ඔන්න එහෙනම් 2024 වසරේ බලාපොරොත්තු සහගතම ටීවී සිරිස් එකක් අරගෙන එන්නයි හදන්නේ.
ඔයාල බ්‍රෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් ටීවී සිරිස් එක හරි ද පැසිෆික් ටීවී සිරිස් එක හරි බලල තියෙනවද? ඔයාලට ඒ ටීවී සිරිස් දෙකෙන් එක්ක හරි හිතට ඇල්ලුවද? එහෙනම් ආයේ දෙපාරක් හිතන්න එපා. මේක බලන්න ගන්න. මොකද මේ කතාවේ විධායක නිෂ්පාදකයින් වෙන්නේ මම ඔයාලට මතක් කරපු කතා මාලා දෙකේම විධායක නිෂ්පාදකයින් තිදෙනා වන ටොම් හෑන්ක්ස්, ස්ටීවන් ස්පිල්බර්ග් සහ ගැරී ගියොට්මන් තිදෙනා විසින්. ඒ වගේම මෙහි නිර්මාපකයා වග ජෝන් ඕලොෆ් බ්‍රෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් කතා මාලාව නිර්මාණය කිරීමටත් දායක වෙනවා. ඉතිං ආයේ ආයේ කියන්න දෙයක් නැහැනේ මේක අනිවාර්යෙන්ම සුපිරි පිරිසකගේ නිර්මාණයක් බව?
ඉතිං කලින් කතා දෙක වගේම මේකත් HBO එකේ තමයි විකාශය වෙන්න නියමිතව තිබුනේ හැබැයි යම් යම් හේතුන් නිසා මේක ඇපල් + එකට ගියා. ඒකට ලොකුම හේතුව වෙලා තියෙන්නේ ඇපල් + එකෙන් ලොකු ගානක් දීල තියෙනවා HBO එකට වඩා ඉතිං. එහෙම තරඟයක් දීල අරගන්න නම් අනිවාර්යෙන්ම සිරිස් එක හොඳ වෙන්නම එපයි නේද? 😀
Masters of the Air Sinhala Subtitles
අද කොටසින්,
කතාව පටන් ගන්නේ මෙහෙමයි, USAAF (එක්සත් ජනපද ගුවන් හමුදාව) මේජර් ගේල් ක්ලෙවන් සහ ජෝන් ඊගන් කියන්නේ ගජ යාළුවෝ දෙන්නක්. එක්සත් ජනපදයේ කරපු පුහුණුවීම්වලට පස්සේ මෙයාලා ඇතුළු 100 වෙනි බලඇණිය යනවා නාසි ජර්මනියට විරුද්ධව, එංගලන්තයේ සිදුවන සටනට මුහුණ දෙන්න. ඒත් එහේ තත්වේ මෙයාලට හිතන්නත් බැරි තරම් දරුණුයි. මෙයාලට පැවරෙණ පළවෙනි ම මෙහෙයුම තමයි ජර්මනියට අයිති සබ්මැරීන නවත්වන අංගනයක් විනාශ කරන එක. මේක දවල් කාලයේ දී සිදු කරන මෙහෙයුමක්. ඉතින් මෙයාලට මේ මෙහෙයුම සාර්ථක කරගන්න පුළුවන් වේවිද? නැත්නම් පළවෙනි මෙහෙයුමෙන්ම මිය යන්න සිදුවෙයිද?
Masters of the Air Sinhala Subtitles
එහෙනම් ලෝක යුද්ධ සමයේ සිදුවූ සිදුවීම් ඇසුරින් නිර්මාණය වෙන කතාවලට කැමති කෙනෙක් නම් ඔයා. ඔන්න එහෙනම් බලන්න ගන්න. දෙවැනි කොටසින් හමුවෙමු අපි ඉක්මනටම.
සබ් අරගෙන එන්න ඉතිං කමෙන්ට් එකක් දාලා ඔයාල අපිට ලබාදෙන සැලකිල්ල බලපාන බව කියන්න ඕන නැහැනේ ආයේ ඉතිං නේ? 😉
ලිපිය:- ශාන් විමුක්ති (විමා)
[box]
S01.E01
Director : Cary Joji Fukunaga
Writers : Donald L. Miller, John Orloff,
IMDB : 8.0 (Feb.07 2024)
Episode Airs : Jan 26, 2024
[/box]
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4810 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Masters of the Air Sinhala Subtitles
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Masters of the Air Sinhala Subtitles
Thanks for Sub….❤
Thank you-.
thanks sir
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you sahoo
Thank you sahoo mekata sub enakan balan hitiye
Thanks Brother
බොහොම ස්තූතියි මේ සීරිස් එකට සබ් දුන්නට ඔයාලා හැමෝටම. ජයෙන් ජය වේවා හැමෝටම..
thanks
පරක්කුවෙලා හරි සබ් දුන්නට බොහෝම ස්තූතියි සහෝ………
සබට තෑන්ක්ස්….
ජයවේවා…..
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
බොහෝම ස්තූතියි…
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජය
හැකි නම් Halo S02 – ep 06,06,08 සිංහල උපසිරැසි ලබා දෙන්න…
patta thnk you balagena htye ,,,, me wgema Ahsoka star wars series ekatath sub dennko pls balagena innawa gdk kal dn