අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Masters of the Air [S01 : E09] Sinhala Subtitles | ගුවනේ පාලකයින් අප වන්නෙමු! [සිංහල උපසිරසි]

Rating: 9.2/10. From 5 votes.
Please wait...

Masters of the Air Sinhala Subtitles

හැමෝටම සුබ දවසක් වේවා! ඒ වගේම ලැබුවා වූ මේ නව වසර හැමෝටම සුවෙන් සතුටෙන් සපිරි සුබම් සුබ නව වසරක් වේවායි කියල ප්‍රර්ථනා කරනවා! මේ අරගෙන ආවේ මාස්ටර්ස් ඔෆ් එයා සීමිත කතා මාලාවේ අවසාන කතාංගය. කතාවේ විස්තර ගැන ඉතිං වැඩි දුරටත් කියන්න ඕන නැහැනේ. සියලුම විස්තර ටික මුල් එපිසෝඩ් එකේ ලිපියේ තියෙනවා. ඒ නිසා අපි අද කතාංගය වෙත යොමු වෙමු හෙමිහිට.

Masters of the Air Sinhala Subtitles

මේ කතා මාලාවේ මුල් එපිසෝඩ් දෙවැනි ලෝක යුද්ධයේ මැද හරියෙන් පටන් ගත්ත මතක ඇතිනේ. නමුත් නිර්මාණකරුවන් විසින් ක්‍රමානුකුලව කතාව ඉදිරියට ගෙන ආවා. ඒ අනුව මේ කතාංගය දිව යන්නේ දෙවැනි ලෝක යුද්ධයේ අවසානය වෙත. මේ වෙනකොට ජර්මන් කාරයෝ නොනිල වශයෙන් යටත් වෙලයි ඉන්නෙ. ආයුධ නිහඬ කරලා තියෙන්නේ. හැබැයි තවම සම්පුර්ණයෙන්ම ජර්මනිය යටත් වෙලා නැහැ. පිතෘභුමිය වෙනුවෙන් තැන් තැන් වලින් නැගී සිටීම සිද්ධවෙනවා. අහ්හ් ඔයාල දන්නවා ඇති නේද ඒ වෙනස? ජර්මානුවන් දෙවැනි ලෝක යුද්ධයේ සටන් කලේ මාතෘ භූමියක් වෙනුවෙන් නෙමෙයි පිතෘ භූමියක් වෙනුවෙන්. ඔවුන් වෙනම ඒ සම්බන්ධව වෙනම ආකාරයක දේශපාලනික මතයක් දැරුවේ. හරි ඒක මේ කතාවට සම්බන්ධ නැහැ එක වෙනම දේශපාලනික කතාවක්. ඉතිං මේ වෙනකොට 100 වැනි ගුවන් බලගණයේ අපි දැකපු කට්ටිය ඉන්නේ වෙඩි වැදිලා ජර්මානු ප්‍රදේශයට කඩන් වැටිලා ඔවුන්ගේ සිර කඳවුරු ඇතුලේ. ඉතින් ඒ අය එකිනෙකා මුණ ගැහෙනවා ඔයාල දකින්න ඇති. අද කතාංගය බොහොම සංවේදියි. යුද්ධයක් කියන්නේ කොයි තරම විනාශයක්ද කියල ඔයාලට බලාගන්න ලැබෙනවා.

Masters of the Air Sinhala Subtitles

මේ කතාව විතරක් නෙමෙයි, බෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් සහ පැසිෆික් කියන කතා මාලා දෙකත් ඔයාල අනිවාර්යෙන්ම නරඹන්න. ඒ නිර්මාණ ද්විත්වයත් මේ නිර්මාපකයින්ගේ. මීටත් වඩා ඉහල තැනක ඒ නිර්මාණ දෙක තියනවා මගේ පෞද්ගලික කැමති ලයිස්තුවේ. එහෙනම් මම ලොකුවට මොකුත් නොකියා ඉන්නම්, මොකද අවසානය ඔයාලට බලාගන්න ඉඩ දෙන්න ඕන නිසා.

මේ කතා මාලාව සඳහා උපසිරසි ලබා දීමට තීරණය කරලා ඊට පස්සේ ඒ තීරණය අත්හැරලා දාල ඉන්න වෙලාවක මේකට සබ් දෙමු කියල යෝජනාවක් කරලා කට්ටියව එකතු කරගෙන පසු බැහැලා හිටිය මාවත් වැඩේට හවුල් කරගත්තේ අපේ ඔලිවර් සහෝදරයා. ඔහුට ස්තුතිවන්ත වෙන්න තමයි ඔයාලට මේ සඳහා උපසිරසි ලැබුනේ. එහෙනම් ඔහුට වගේම උපසිරැසි ලබා දුන්නු හැම සහෝදරයෙක්ටම ස්තුති කරලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මොකද එයාලට කමෙන්ට් ලැබෙන තරමට තමයි ඔයාලට සබ් ලැබෙන්නේ. වැඩියෙන් කමෙන්ට් ලැබුනොත් එයාල ඔයාලට වැඩි වැඩියෙන් සබ් දේවි. මම මේක කරන්න අරගෙන අතැරලා දාල හිටියෙත් නිකම් කමෙන්ට් එකක්වත් නැතුව මොනාටද මේ වගේ මහන්සි වෙලා සබ් කරන්නේ දැන් කියල හිතිලා තියෙන කාලයක් පහු කරගෙන යන නිසා. එහෙනම් තවත් උපසිරසියකින් දවසක හමුවෙමු. ජය වේවා!

 

Masters of the Air Sinhala Subtitles

S01.E09

Director : Cary Joji Fukunaga

Writers : Donald L. Miller, John Orloff

IMDB : 8.7 (April 12 2024)

Episode Airs : Mar 15, 2024

Masters of the Air Sinhala Subtitles

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

vima

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Masters of the Air Sinhala Subtitles

 

All BT1

Masters of the Air Sinhala Subtitles

13 thoughts on “Masters of the Air [S01 : E09] Sinhala Subtitles | ගුවනේ පාලකයින් අප වන්නෙමු! [සිංහල උපසිරසි]

  • Thanks ogollo set ekatama

    Reply
  • බොහෝම ස්තූතියි…

    Reply
  • thank you brothers! jaya wewa baisecop ekata!

    Reply
  • විම සහෝ හැකි නම් HALO S02 – E06,07,08 උපසිරැසි ලබා දෙන්න…

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි විමා සහෝ
    තවත් මේ වගේ උපසිරැසි නිර්මාණ අපට ලබා දෙන්න ඇවසි කාලය ශක්තිය ලැබේවයි පතමි

    එනම් තවත් උපසිරැසි නිර්මාණයකින් නැවත හමු වෙමු
    ජය

    Reply
  • බොහෝම ස්තූතියී සහෝ..
    පුළුවන් නම් Warrior season 3 සබ් එක දෙන්නකො..❤️

    Reply
  • සීරිස් එකට සම්පූර්ණයෙන් සබ් දුන්නට ස්තූතියි හැමෝටම…….

    Reply
  • Aiye, sub ekata thanks. Puluwn nm 3 body problem series ekatath sinhala sub dennko.

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි විමා අයියේ. ජයවේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *