අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Meg 2: The Trench (2023) Sinhala Subtitles | බිහිසුණු අග්‍ර විලෝපිකයාගේ පුනරාගමනය. [සිංහල උපසිරසි]

Rating: 9.3/10. From 85 votes.
Please wait...

Meg 2: The Trench (2023) Sinhala Subtitles

UPDATE->BluRay

සුබ දවසක් හැමෝටම… ඔන්න එහෙනම් මේ වසරේ හැමෝම බලාගෙන හිටපු ෆිලුමක් පුළුවන් ඉක්මනටම ඔයාලට අරන් ආවා. ෆිල්ම් එකේ වෙබ් පිටපත් නිකුත් උනේ ඊයේ උනත් ඔයාලට බලන්න පුළුවන් විදියේ ගුණාත්මක උපසිරසියක් නිර්මාණය කරන්න කාලය ටිකක් වැය වෙනවා. මොකද 1500කට අධික ලයින් ප්‍රමාණයක් එක දවසින් දෙන්න අමාරු නිසා. ඇත්තටම මේ වැඩේ මුල් අයිතිකාරයා වෙන්නේ අපේ චාමිකර විදානගේ අයියා. එයත් එක්ක හවුලේ තමයි මේ ෆිල්ම් එක ඔයාලට ගේන්න හිටියේ. ඒත් අවාසනාවට චාමි අයියා ගොඩක්ම කාර්යබහුල උන නිසා මේක මටම තනියම කරන්න උනා. මට මේක කරන්න දුන්න එක චාමිකර සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන.

හරි ෆිල්ම් එක පැත්තට ගියොත් ඔයාලා හැමෝම දන්නවනේ The Meg (2018) චිත්‍රපටය. ඒකේ සීක්වල් එකක් විදියට තමයි මේ ෆිල්ම් එක නිර්මාණය වෙන්නේ. ආසන්න වශයෙන් මිලියන 150ක පිරිවැයකින් නිර්මාණය උන මේ චිත්‍රපටය මේ වෙද්දි ඩොලර් මිලියන 321ක ආදායමක් වාර්තා කරලා තියෙනවා. ඒ වගේම මේ වෙද්දිත් චීනයේ අති සාර්ථක අන්දමින් MEG 2: The Trench තිරගත වෙන බවත් කියන්න ඕන.

Action / Adventure යන කාණ්ඩයන්ට වර්ගීකරණය කරලා තියෙන MEG 2: The Trench චිත්‍රපටය මේ වෙද්දි IMDb අගය 5.4කුත්, 87%ක ගූගල් පරිශීලක මනාපත් හිමිවෙලා තියෙනවා. කුණු තක්කාලි වලින්නම් මේකට හොඳ ප්‍රතිචාර ලැබුනේ නෑ. මෙවර චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Ben Wheatley විසින්. සුපුරුදු විදියටම ප්‍රධාන චරිතය ලෙස සුපිරි නළු Jason Statham එක්වෙනවා. ඊට අමතරව Wu Jing, Page Kennedy, Skyler Samuels, Cliff Curtis, Sienna Guillory සහ Melissanthi Mahut යන රංගන ශිල්පීන් එක් වෙනවා. ඒ වගේම පලවෙනි ෆිල්ම් එකේ හිටපු Li Bingbing නම් මේ ෆිල්ම් එකේ දකින්න ලැබෙන්නේ නෑ.

ෆිල්ම් එකේ අන්තර්ගතය ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. පලවෙනි චිත්‍රපටයේ දකින්න ලැබුනු තර්මොක්ලයින් ස්ථරයකින් වැසුනු ප්‍රාග් ඓතිහාසික ජලජ භූමීයත්, ඒ වගේම ඒ භූමිය ගවේෂණය කරන්න නිර්මාණය කල මැනා වන් සමුද්‍ර පර්යේෂණව මධ්‍යස්ථානයත් ඔබට මතක ඇති. මේ ස්ථරයෙන් යට භූමීය ට්‍රෙන්ච් (Trench) එහෙමත් නැත්තම් අගල කියලා තමයි හඳුන්වන්නේ. අවුරුදු කීපයක් ගත වෙද්දි මැනා වන්හි ගවේෂණ කණ්ඩායම් මේ ස්ථරයෙන් යට භූමීයේ බොහෝ ස්ථාන පිරික්සලා හඳුනාගත් නව ජිවීන් වර්ගීකරණය කරලා තියෙනවා.

නමුත් තවමත් ඔවුන් ගවේෂණය නොකරපු ප්‍රදේශ තියෙනවා වගේම එතන තියෙන බිහිසුණු බවත් අඩු වෙලා නෑ. ඉතිං මේ කණ්ඩායමට මේ පාර මොන වගේ අභියෝග ලැබෙයිද. ගියා පාර දැවැන්ත මෙගලඩොන්ලා දෙන්නෙක්ට එරෙහිව සටන් කරපු ජෝනස් ටේලර්ට මේ පාර ඊටත් වඩා භයානක ජිවීන් රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙන අයුරු ඔයාලට බලාගන්න පුළුවන්.

ඒ වගේම ෆිල්ම් එකේ ආරම්භක දර්ශනයනම් කවදාවත් අමතක නොවෙන ආකර්ශනීය එකක් බවත් මතක් කරන්න ඕන. එහෙනම් ඔයාලත් උපසිරසිය අරගෙන කොමෙන්ටුවක් දාගෙන යන්න. නැවත වතාවක් චාමි අයියට ස්තූතිවෙන ගමන් මම සමුගන්නවා. තවත් උපසිරැසියකින් ඉක්මනින්ම හමුවෙමු. ජය වේවා !

 

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB / BluRay පිටපත් සඳහා පමණක් වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

37 thoughts on “Meg 2: The Trench (2023) Sinhala Subtitles | බිහිසුණු අග්‍ර විලෝපිකයාගේ පුනරාගමනය. [සිංහල උපසිරසි]

  • thnx very much bro also baiscope

    Reply
  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

    Reply
  • School friends 2023 tv series එකේ sub එක දෙන්නකෝ

    Reply
  • අඩොන් එල කිරො

    Reply
  • Thanks so much Buddy Sub ekata

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහෝම ස්තූතියි…

    Reply
  • Thank you so much bro ❤️

    Reply
  • ගොඩක් ස්තූතියි. අනේ tom clancy’s jack ryan season 4 sub දෙන්නකො ඉක්මනින්ම. Download කරලා සබ් දෙනකන් බලන් ඉන්නෙ දැන් ගොඩක් කල් ඉදන්

    Reply
    • ඉක්මනට දෙන්නම් බ්‍රෝ. වැඩේ කරගෙන යන ගමන්.

      Reply
  • උපසිරැසියට බොහෝම ස්තුති

    Reply
  • thanks a lot saho sub ekata

    Reply
  • ගොඩක්ම ස්තූතියි ධනු ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply
    • Thnx bro…great job…good luck…

      Reply
  • බොහොම ස්තූතියි සහෝ. සබ් එක බාගත්තා දැං ෆිල්ම් එක බලන්න තමා තියෙන්නෙ. ජයවේවා!

    Reply
  • Thanks for good work

    Reply
  • thankx for hard work….!

    Reply
  • Ado Thank bn.. Man meka me hoya hoyaa htye.. Great work brother, keep it up! Good luck!
    Highly appreciate mchan!

    Reply
  • Thanx for the Sub Bro…….!!!!!!!!!

    Reply
  • කොයි වෙලේද සබ් දෙන්නේ කියල බලන් හිටිය පිලුමක්.
    සබට තුති මල්ලි.

    Reply
  • Sub ekata thanks the dive ekata sub dennko

    Reply
  • තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • බොහොම ස්තුතියි මම වෙනුවෙන් මේ වැඩේ ඉක්මනට කරල දුන්නට

    Reply
  • උපසිරසියට බොහොම ස්තුතියි මචෝ!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *