Mirrors 2 (2010) with Sinhala Subtitles | අද්භූත අබිරහස.. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාලුවනේ. මම ලබා දුන්න පළවෙනි උපසිරැසි ගැන්විම මතක ඇතිනේ Repo Man එක. එදා මම කිව්වා Horror film එකක් අරන් එන්නම් කියලා. හැබැයි මේක ටිකක් පරණ එකක්. මේකේ පළවෙනි චිත්‍රපටිය බයිස්කොප් අඩවියෙන්ම සිංහල එක්ක ගන්න පුලුවන්. හැබැයි පළවෙනි එකයි මේ කතාවෙයි සම්බන්ධයක් නම් නෑ.
කතාවේ නමෙන්ම තේරෙනවනේ හොල්මන් ඉන්නේ කොහේද කියලා. කණ්නාඩියක් ඇතුලේ ආත්මයකට සැඟවෙන්න පුලුවන්ලු. එහෙම උනොත් මොනා වෙයිද?. එහෙම කතාවක් තමයි Mirrors 2 චිත්‍රපටියේ අන්තර්ගත වෙන්නේ. කතාව පොඩ්ඩක් කෙටියෙන් කියන්නම්. මැක්ස් තම පෙම්වතියත් එක්ක යද්දි හදිස්සි අනතුරකට ලක්වෙනවා. එයින් එහුගේ පෙම්වතිය මිය යනවා. මැක්ස්ගේ දිවි ගැලවෙනවා. මේ අනතුරින් පසුව මැක්ස්ට එක එක විකාර පෙන්න ගන්නවා. මොහු මානසික වෛද්‍යවරයෙක් පවා මුණ ගැහෙනවා. ඔවුන් කියන්නේ අනතුරේ කම්පනය නිසා පේන දේවල් කියලා. කොහොම හරි මොහු තමන්ගේ තාත්තාගේ වැඩපොලේ ප්‍රධාන මුර පරික්ෂක ලෙස සේවය කරන්න යනවා. එහෙ ගියාට පස්සේ මොහුට කණ්නාඩි වලින් යම් කිසි අයෙකු මොහුගෙන් උදව්වක් ඉල්ලවා වගේ පෙන්න ගන්නවා. ඊට අමතරව මෙම කාර්යාලයේ සේවය කරන කිප දෙනෙක්ද හදිසියේ විවිධ අනතුරු වලින් මිය යනවා. මැක්ස්ට පෙන කණ්නාඩි වලින් පෙන කෙනාගෙයි මේ සිදුවන මරණ වලයි සම්බන්ධයක් තියනවද?. මැක්ස් මේ ගැන හොයන්න පටන් ගන්නවා. ඇත්තටම මේ හොල්මන කවුද? මැය පලිගන්න සොයන්නේ කවුද?. ඇයි මේ පලිගන්නේ. මැක්ස් මේ සේරම සොයාගෙන අවසානයට යන්න හැදුවත් ඔහුට මේ අද්භුත අබිරහස විසදිමට හැකිවෙයිද? ඒ ටික චිත්‍රපටිය අරන්ම බලන්න.
එහෙනම් මගේ දෙවැනි උපසිරැසි ගැන්වීමත් මෙලෙස සටහන් කරලා මම සමුගන්නම්. පුලුවන් නම් අදහසක් දක්වලා යන්න.ගල් මුල් සේරම බාරගන්නවා. ඊලඟට මම මොනවගේ චිත්‍රපටියක් දුන්නොත් හොඳ? අල්ලපු රටේ අලුත්ම චිත්‍රපටියක් අරන් එන්නද? හරි එහෙනම් ඉක්මනටම හොඳ චිත්‍රපටියක් අරන් එන්නම්. එහෙනම් මගේ තුන්වන උපසිරැසියෙන් හමුවෙන තෙක් සමුගන්නම්.
4947 downloads
4947 downloads
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසාංග පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
thanks mchan sub ekata
Thanks for Sub!
Thanks sub ekata
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
Maxxxxaaaa , Sihala sun niyamai 🙂 thanx !
meke subtitle weda karanne nane.plz eka hadala ayeth danawda?
thanks very much bro…
mamath bawa,sthuthi,wdiwdiyan labanna on shawota
film1 sira.meke part1 baluwe na.ada baganna one.thank saho
kohomada subtitles ekka balanne? subs en nane..
ela
එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
මේකේ පලවෙනි එකත් බයිස්කෝප් එකෙන් අරන් බැලුවා. මේක බලලා තිබුනත් සිංහල සබ් එක්ක ආයේ බලන්න පුළුවන්. ගොඩාක් ස්තූතියි සහෝ..
ජයවේවා….
niyama film eka.. sub walata thnxxxxxxxx 😀
thankx bro. for ur subtitle
ela ela! diagatama sub daanna! 😀
බොහොම ස්තූතියි සහෝ……..
ඊළඟටත් සුපිරිම ෆිල්ම් එකක් සිංහල සබ් එක්කම අරන් එන්න. ජය………..
Thanks
Slumdog Millionaire (2008) BRRip sinhala subtitle
Thanks bro….
ස්තූතියි අවංකයෝ
ELZ machan
මම බලපු ගති horror movies ටිකක් තමයි මේ.
hostel 1,2,3
ils[2006]
The Cottage[2008]
Scream 1,2,3,4
The Midnight Meat Train (2008)
Mum & Dad (2008)
THE SILENCE OF THE LAMBS [1991]
කොල්ල මේකේ පලවෙනි එකත සිරාම සිරා.පට්ට අවසානයක් තියෙන්නේ.ඇත්තටම ඒක අවසන් වෙන්නේ නැනේ.මේකත් හොද ඇති.ජයවේවා.ආ Repo Man සුපිරි මචන්.එලම තමය්
niyamai…thanx machan 😀
එල එල
සුපිරි මම දැන් ෆිල්ම් එක බලලා ඉවර උනේ
එල කොල්ලෝ
අලුත් එකකට සබ්ස් ඕනේ ඔන්න ඊගාවට
කාලෙක ඉඳලම මේක බලන්න ඕනෙ කියල හිතේ තිබුනට බලන්න හැකියාවක් ලැබුනේ නෑ. දැන් ඉතින් සිංහලෙන්ම බලන්න පුළුවන් නිසා සතුටුයි. ඇත්තටම Sinhala වෙනුවට English උපසිරැසි භාවිතා කරන විටත් කතාව හොඳට තේරුණත්, සිංහලෙන් බලනවා වගේ ආතල් එකක් එන්නේ නෑ. අපේ යාළුවෝ මහන්සිවෙලා කරන මේ වගේ සබ්ස් එකක් එක්ක බැලුවම වටිනාකම වැඩියෙන් දනෙනවා.
“රසාංග පෙරේරා” සොහොයුරාට ස්තූතියි.
බොහොම ස්තුතියි ……
bohoma sthuthyi………..
Thanks…!
thnx kollo tnxxxxxxxxxxx
elamakiri machan… thanks… sub walata 3 weni aka hindi akak una aka hodai ela new film walata sub diyan machan.. jaya wewa
Theigu movie ekak dennako aluth lassana ekak
ela kiri machan. sub thiyenawanam wena monawada
fatta fata fata kollo………… tnxzzzzzzz a lot. keep it up bro………
Thanks for the movie Mirror 2.
Please can some one do a little favour for me?
I need to find english subtitles for the 2012 released Hindi Movie “Blood Money”…can some body please.post a link to find the subtitles for thus.
The help will be sincerely admired.
niyamai ohoma yan.puluwannam rowdy rathore hindi movie eke sub denna.
මේක කලින් බැලුවා ආපු මුල් කාලෙම නියම ස්ටොරියක් තියෙන්නේ නිකන් රහස් පරීක්ෂක කතාවක් වගේ 🙂
හැමෝම බලන්න නියමයි. මමත් අයෙ බලනවා සිංහල සබ් එක්කම
ජය සොයුර
patta pata pata machan..3rd ekata suba pathum..jaya wewa \m/
ඇඟට දැනෙන horror චිත්‍රපටියක්. ටිකක් රෑ වෙලා බලන්න ඕන. ජය වේවා මිත්‍රයා!
ජය වේවා
ලංකාවේ සිනමාවෙත් හොද කාලයක් තිබුනා.මට මතකයි පරන සිංහල චිත්‍රපට තිබුනා ඉතාමත් හොද තත්වේ ඒවා.ඒත් 1995 කාලයේ ඉදන් ඒ සිනමාව කඩාගෙන වැටුනා.1995 දක්‌වා හොද නිර්මාන බිහි උනේ නැත්තෙමත් නෑ.ඒත් අද වෙනකොට කොපි කිරීම,එක්‌තරා කන්ඩායමක් පමනක් රගපාන,එක්‌තරා ප්‍රේක්‍ෂකයින් කන්ඩායමක් පමනක් ඉලක්‌ක කරගෙන චිත්‍රපට බිහිවේම එක්‌තරා රටාවක් බවට පත්වෙලා.සිනමාකරු තමංගේ නිර්මානය ජනතාව වැලදගන්නේ නැති උනාම චෝදනා කරන්නේ ප්‍රේක්‍ෂකයාට.ලංකාවේ සිනමාකරු නිර්මානයක් බිහිකරන්නේ සිනමාහල් වෙත හැමදාම ඇදෙන පිරිස සදහා පමනයි,නමුත් සිනාමහල් වෙත යන්නේ නැති පිරිස සිංහල සිනමා ප්‍රේක්‍ෂකයින් අතරට ඇදගන්න කිසිම උත්සාහයක් දරන්නේ නැ.සිංහල සිනමාවේ කඩාවැටීම සදහා දේශපාලනය සහ මාද්‍ය සම්පූර්නයෙන් ම වගකියන්න ඕනී.හොද නිර්මාන සදහා මාද්‍ය වලින් සහ රජයෙන් ලැබෙන සහයෝගයට වඩා හැදුනුම් කමට,මුදලට,බලයට සහය දීම වැඩී.මේ නිසා හොද නිර්මානකරුවා දිරිමත් වීමක් වෙන්නේ නෑ.මාද්‍ය මගින් පුම්බා පෙන්නන මේ චිත්‍ර පට නැරබීමට යන ප්‍රේක්‍ෂකයා නැවත් හොද නිර්මාන සදහාත් සිනමාහල් වෙත යන්නේ නැති තත්වයක් තමා ඇතිවන්නේ.ච්ත්‍රපටයක් මහා වියදමක් දරා සාර්ථකව නිපදුවූයේ නම් ප්‍ර්ශ්නයක් නැත.නමුත් කිසිසේත්ම අදාල නැත් ගීත කිහිපයකට පමනක් පිට රටවල ගොස් මහා මුදලක් වියදම් කර කතාව සදහා හිගන වියදමක් දැරීම මගින් මෙරට විනිමය පිටරටට ගලා යාමක් ද සිදුවේ.වැඩි වියදමක් දරා චිත්‍රපටයක් කල පමනින් එය සාර්ථක වේද?විය යුත්තේ අඩු පිරිවැයකින් හොද නිර්මානයක් බිහිකිරීම නොවේද?
maxxxxaa thnx man
නියමයි සහෝ
හින්දිත් වරදක් නෑ ඉස්සරහට දෙනවා නම් හැබැයි අලුත් ඒවා.
මේ සබ් එකටත් බොහොම ඉස්තූතී රසාංග මල්ලි
පට්ට පට්ට මචෝ
සුපිරි
Ooopz…, රසාංග පෙරේරා සහෝ, ගොඩක් ස්තූතියි…!!!
🙂 🙂
ස්තූතියි සහෝ…!! 😛 🙂
සබ් දාන්න මහන්සි වීම ගෙන මගෙ උත්තමචාරය..!!
ජය වේවා….!!
Elazzzzzz
Thnx BRO…..
Maxxa.
ela ela . keep it up machooo!!
මන් මේක හොයා හොයා හිටියේ පළමු එක බලලා පිස්සු වැටිලා.ඒත් හොද වෙලාවට මේකෙන් සබ් එක්කම දුන්නේ
මචං බොහොම පින් තවත් මැක්සා එකකට සබ් දෙන්න අලුත්ම එකකට. 😉
jaya weywa onna mamath film aka gannawa
thxxxxxxx saho
@ k bandara
සහෝ, අපි බලාපොරොත්තු වෙමු අපේ සිනමාව මින් එහාටත් ගෙනියන්න පුළුවන් පිරිසක් බිහිවේවා කියලා.
සිනමාව වාණිජ හෝ කලාත්මක වශයෙන් වර්ග කරන්න බැහැ. කලාත්මක බවක් සිනමා කෘතියක නොමැතිනම් එය කරා ප්‍රේක්ෂකයා ඇදී එන්නේ නෑ.-(සිනමාව කියන්නේ කලාවක් තමා)-මේ කලාත්මක බව නැතිනම් වාණිජ අතින් සාර්ථක වෙන්නේ නෑ. දැනට කලාත්මක නොවුණත් ඇතැම් සිනමාපට දුවන්නේ ප්‍රචාරණයේ පිහිටෙන් මිසක රසික ආකර්ෂණය නිසා නොවෙයි.
මා දන්නා තරමින් දැන් යළිත් ලාකේය සිනමාව කෙරේ තරුණ පිරිස් වල නැඹුරුතාවක් තියෙනවා. ඒ වගේම ඔවුනට දැනුම දෙන්න විශිෂ්ඨ ගුරුභවතුන් පිරිසක් ඉන්නවා. නමුත් ඔවුන් ගැන රටේ කිසිවෙක් දන්නේ වත් නැහැ ඔවුන් ජනප්‍රියත්වය හඹා යන අය නොවන නිසා. නමුත් ඔවුන් සතු දැනුම ඔවුන් නව පරපුරට ලබා දෙන්නේ සිනමා ගුණය රැකගත් සිනමා කලාවක් නැවත මෙරටේ පෝෂණය කිරීමේ අරමුණින්.
ඔබ කියා ඇති දෙයින් එකක් පැහැදිලියි. මෙරටේ සිනමා රසිකයා ඉන් ඈත් වෙමින් පවතින්නේ සිනමා කලාවේ වරදක් නිසා මිස රසිකයන් සිනමාවට ආදරය නොකරන නිසා හෝ ඒ කෙරේ සංවේදී නොවන නිසා යන්න පිළිගත නොහැකි බව. මීට වඩා හොඳ සිනමාකෘති එළී දකින දවසට මුළුගැන්නිලා ඉන්න අපේ සිනමා රසිකයා ඒ කෙරේ ආකර්ෂණය වනු ඇති බව ඔබගේ අදහස් වලින් පෙනී යනවා.
ඒ නිසා, අපේ සිනමාවට හොඳ කල දසාවක් උදා වේවා’ යි කියා අපි ප්‍රාර්ථනා කරමු!
Supiri rasanga machan
Thanks lot
දෙවනි උපසිරැසි නිර්මාණයට මගෙන් සුභ පැතුම් යාලුවා. පළවෙනි එක නම් බැලුවා. මැක්සා ෆිල්ම් එක. මේකත් අරන් බලන්න ඕන. අලුත් එකකටත් දෙන්න. ස්තුතියි ..
පට්ට වැඩක් කරල තියෙන්නෙ මචං.ඔන්න බානවා.තව සුපිරි ෆිල්ම් එකක් එක්ක ඉක්මනටම හම්බ වෙමු එහෙනම්.හින්දි, ඉංග්‍රීසි, දෙමළ, තෙළිඟු ඕන එකක්.රසාංග පෙරේරා සහෝට පිං.ජයවේවා.බොහෝ……….ම ස්තූතියි…!
එල එල නේ
මෙන්න මෙවුවා තමා මන් ආසම බයිස්කෝප්
තවත් දෙන්න සුපිරි ඒවා මචෝ
2 සබ් එකට මගේ හද පිරි ඉස්තූතිය
ජය වේ…වා…………….!
tnx dude…..
නියම ෆිල්ම් එකක්නේ දීලා තියෙන්නේ
උබ නම් සිරා පොරක් තවත් සුපිරි ගනයේ ෆිල්ම්ස් ඕනේ හොදේ
අපිට
අලුත් ඒවා නම් සිරා
Thanks very much saho sinhala subwalata….
thawa honda film ekakata sub danna labeawa.
yify-torrents com wala honda aluth films thyanawa.
english sub ekka.niyama BRay Qty.
ethana thiyana film walatath sub danna puluwannam
loku deyak.
sub danna una mahansiya mama etha agaya karanawa…,,
jayaweawa….Wasanaweawa…,,,,,,Pinsiduweawa….
එළකිරි මචං තවත් ඒවාට සබ් දෙන්න 🙂 🙂
ජය වේවා බයිස්කෝප්
ස්‌තූතී රසාංග පෙරේරා සහෝදරයා.
———————————————
බයිස්‌කෝප් අඩවිය කියන්නේ සිනමාවට ආදරය කරන අයගේ තැන නේ.අපි මේ
වගේ ෆිල්ම් බලන අතරේ අපේ ෆිල්ම්ස් ගැනත් කතා කරන්න ඕනි.මොකද අපේ
සිනමාවත් හොද තැනකට එන්න ඕනි නිසා.
මේ දවස් වල මාහා ලොකුවට කතාවෙන මහා වියදමක් දරා හදාපු සුපිරි ෆිල්ම් එක
තමා සුපර් 6 කියන්නේ.සිංහල සිනමාවට ආදරේ කරන මම ගොඩාක් ආසාවෙන් ගියා
කාලෙකට පස්‌සේ හොද නිර්මානයක් රසවිදින්න කියලා හිතාගෙන.ෆිල්ම් එක
බලන්නත් සැලකිය යුතු සෙනගක් ඇවිත් හිටියා.ෆිල්ම් එකේ මුලින් ම ගීතයක්
තිබුනා.ඒක දකිද්දී මතක් වෙන්නේ Kabhi Alvida Naa Kehna ෆිල්ම් එකේ Where’s
The Party Tonight යන ගීතයේ රූප රචනයයි.මේ කියන්න හදන්නේ චිත්‍රපටියේ
වැරදිම නොවේ.කෝටි ගානක් වියදම් කරලා මේ චිත්‍ර පටියට වියදම් කරපු මිනිහව
අමාරුවෙ දාලා මොකක්‌ද මේ චිත්‍රපටියෙන් ගන්න තියෙන්නේ කියා මගේ සිතට
දැනුන කුතුහලයට සහා සිංහල සිනාමාවට අත්වෙලා තියන ඉරනම ගැන ඇති
කලකිරීමටයි මම මෙසේ කියන්නේ.ආරම්භයේ ක්‍රිකට් තරගයකින් නිල් පාට ස්‌කර්ට්
ඇදගත් රොකර්ස් කෙල්ලනේ රොකර්ස් පෙන්වමින් වානිජ චිත්‍රපටියේ වානිජත්වය
චිත්‍රපටිය පුරාවටම මනාව ඔප්පු කර තිබුනා.මේ චිත්‍රපටියේ
ආදරය,කරුනව,ජවය,එකමුතුකම,ක්‍රීඩාව,සුහදත්වය යන කිසි දෙයක් හරි හැටි
ප්‍රේක්‍ෂකයා හට දී තුබුනේ නෑ.කුනුහරප කිහිපයක් මගින් හාස්‍ය රසය යම්තාක්‌දුරට
විදීමට පුලුවන් උනත් සිංහල සිනමා නලු නිලියෝ රගපාන ආකාරය දැක සිනමා
ශාලාවම සිනා සාගරයක් උනා.නර්තනය අතින් නම් නලුවෝ උපරිම සාධාරනයක් කර
තිබුනා,එහෙත් නිලියන් ගේ නර්තනය නම් මෙලෝ රහක් නෑ.මහා සිනමා කතව
ඇත්තෙන් ම මේ ආකාරයේ එකක්,මොරටුවේ කොල්ලෝ ටිකක් ශාර්ක් නම් ක්‍රිකට්
සමාජයක් දාගෙන ක්‍රිකට් ගහනවා.රොක්‍ර්ස් නම් පිල සමග තරගයක් තියන්වා,ඒකෙන්
ශාර්ක් ලා පරදිනවා.රොකර්ස් පිලේ නායකයා සාරංග.සාරංග ගේ පවුල අලුත් කුලී
නිවසක් සදහා මොරටුවට එනවා.ඒට පස්‌සේ ශාර්ක් ලා එක්‌ක සෙල්ලම් කරලා
රොකර්ස් පිල පරද්දනවා.මේ ෆිල්ම් එකේ සින්දු ටිකේ පිටරට ස්‌තාන කිහිපෛයක
රූගත කිරීම් කරලා තියනවා.සින්දු වලින් සුරේන්ද්‍ර සහා රූකන්ත ගායනා කරන ගීත 2
ඇරුනු කොට අනික් ගීත නම් මෙලෝ රහක් නෑ.ගීත් වල රූප ලස්‌සනට තිබුනට
සමස්‌ත චිත්‍රපටිය දෙස බලුවොත් උදයකාත ගේ චිත්‍රපටි මීට වඩා ගොඩාක්
සාර්තකයි.සියලු දෙනාම හොල්මන් කරමිනෙක පාරටම චිතරපටිය ඉවර කරන්නේ
බදාගෙන ඉන්න කපල්ස් අන්දුන් කුන්දුන් කරමින් ය..මීට වඩා උසස් නිර්මාන බිහිවී
සිංහල සිනමාව ලොව පුරා පැතිරේවා යන්න මම ප්‍රාර්ථනා කරනවා.ජය වේවා !
1 taram nam gathiyak ne…
Thanks Macho..
man balala thiyenawa… thanks sub walata
elakiri machan,
suba pathanava digatama thava subtitles one apita
maxxxxa machan onna matha gannawa.aluth akakatama sub denna saho
api balan innawa……. 🙂
බොහොම ඉස්තූතියි සහෝ උපසිරස නිර්මාණයට.
තවත් අලුත් නිර්මාණ වලට උපසිරස ගන්වන්න…..
ජයෙන් ජය~!
මේක මම බලන්නේ නැතිව හිටියේ.සිංහල සබ් තියෙන නිසා ඔන්න දැන් බලන්න පුලුවන්.බොහෝම ස්තූතියි සබ් එකට.උදා කීවා වගේ අලුත් ඒවට සබ් දෙන්න දැන් ටිකක් උත්සහ ගන්න.ඒත් පරන ඒවා උනත් කමක් නෑ සිංහල සබ් එක්කනේ.
මහන්සියට ස්තුතියි!
bohoma pin machan film aka aluth film akakata sub oney apita
jaya weywa!!!!!!!!
Thnxx මචං ෆිල්ම් එකට. 🙂
බොහොම ස්තුතියි සහෝ මාත් බා ගන්නවා
ඔන්න මාත් බා ගන්නවා මචං.මේකේ 1 වෙනි එක නම් සුපිරි මේකත් එහෙමම ඇති
ජය වේවා බයිස්කෝප්
(ඊගාව එක ඉංග්‍රීසි අලුත් එකකට දෙන්න 2011 2012 වගේ එකකට)
හින්දි ඒවාට නම් වැඩි කැමැත්තක් නෑ දෙන්නකෝ සහෝ ඊගාව එක අලුත් ඉන්ග්ලිෂ් පහරක්
ඔන්න මගෙන් 2 සබ් එකට සුභ පැතුම්!
පට්ට මචං ..
2 වෙනි උපසිරසට බොහොම ඉස්තූතියි
තව අලුත් එකක් ඕනේ.
අයියෝ මම එක නෙමේනේ.
maxxxxa machan aluth akakatath sub oney
හුරේ. මම තම පළවෙනිය. මම මේක කලින් බලල තියෙනවනේ. කමක් නෑ. බලපු නැති අයත් එන්නවෙනේ. බොහොම ස්තුතියි.
නියමයි සහෝ;
මේකේ ‘එක’ සිංහලෙන් දීලා තියෙන නිසා ඔයා දෙවෙනි එකත් අරගෙන ආ එක හොඳයි.
මුලපුරද්දී නුහුරු කමටයි, වැඩේ ටික ටික අල්ලගන්න පොඩි කලක් ඕනි හින්දයි පරණ ඒව කරන එක හොඳයි. මම එහෙම කියන්නේ, අලුත්ම ඒවා ක්ෂණිකව ඉවර කරන්න පොඩි හරි පෙරහුරුවක් නැතිව අමාරු නිසා. හැබැයි ඉතිං ඒ හුරුව ටික ටික ඇඟට කැවෙද්දී දිගින් දිගටම පරණ ඒවාම නොදී අලුත් යමකුත් අරං එයි කියලා අපි කවුරුත් බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට ඔයාට අර කී හුරුව සහ මෙය කරන විදිහ ගැන බොහොම පැහැදිලි අවබෝධයකුත් නිසැකවම ඇති. ඒ නිසා පරණ ඒවාටම සීමා වෙන්නේ නැතිව අලුත්ම අලුත් නොඉඳුල් ඒවාත් අරගෙන එන්න ඕනේ සිංහල එක්කම හැකි හැම වෙලේකම. ඒත්…
“පරණ වුණත් රජ බඩුවක්” තාලේ ඒවා අමතක කරන්නත් එපා. හරිද?
එහෙමනම්;
ෆිල්ම් එක තියෙනවා හින්දා සබ් එක ගන්නවා.
තව එකක් ගේමු ඉක්මනින් ආයිමත්. අපි බලං ඉන්නවා!
එහෙමනම් හින්දි හොඳේ?
බොහොම ස්තුතියි සහෝ.. පට්ට ෆිල්ම් එකක් වගේ දෙවෙනි උප උපසිරැසි ගැන්වීමට අපේ සුභ පැතුම්…