හැමදේකම අවසානයක් තියෙනවා කියල ඔයාලා දන්නවනෙ. ඔන්න එහෙනම් ජනප්‍රිය “Money Heist” කතාමලාවේ අවසානය අද සිදු වෙනවා. කතාව ගැන කියන්න කලින් කට්ටියක් ගැන මතක් කරන්න වෙනවා. මොකද එයාලා නැත්තම් මෙච්චර දුරට ඇදගෙන එන්න වෙන්නෑ. කතාව පටංගන්නෙ තරිඳු සහෝදරයා. කෝමහරි එයා දිගට දීගෙන යද්දි මග දෙන්න නොහැකි උනා. ඊට පස්ස…

හැමදේකම අවසානයක් තියෙනවා කියල ඔයාලා දන්නවනෙ. ඔන්න එහෙනම් ජනප්‍රිය “Money Heist” කතාමලාවේ අවසානය අද සිදු වෙනවා. කතාව ගැන කියන්න කලින් කට්ටියක් ගැන මතක් කරන්න වෙනවා. මොකද එයාලා නැත්තම් මෙච්චර දුරට ඇදගෙන එන්න වෙන්නෑ. කතාව පටංගන්නෙ තරිඳු සහෝදරයා. කෝමහරි එයා දිගට දීගෙන යද්දි මග දෙන්න නොහැකි උනා. ඊට පස්සෙ තමයි මම කතාවට එකතු වෙන්නෙ. ඔන්න ඔහොම කට්ටිය එකතු කරගෙන වැඩේ මේ වෙනකම් කරගෙන ආවා. ඉතිං ඒ වෙනකම් උපසිරැස කිරීමට දායක වෙච්ච හසන්ත අයියා | නිර්මාල් | දුලක්ෂ l ලහිරු | ප්‍රනීත් | රඛිත | උදයංග | බෙනට් | නිලුපුල් | ලහිරු ප්‍රසාද් | නුවන්ත | නවීන් | අචින්ත | කවිශල් යන සෙට් එකටම ස්තූති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. ඒවගේම “Money Heist” කතාමලාවේ රසිකයින්ට සුබ ආරංචියකුත් දෙමින් තමයි Netflix මේ කතාව අවසන් කරන්නෙ. ඒ නම් නවතම කතාමාලාවක් වන “Berlin” 2023 වර්ෂයෙදී අපිට දැකගන්න හැකිවෙනවා කියන එකෙන්. අපිට මේකෙන් බර්ලින්ගෙ බැක් ස්ටෝරිය බලාගන්න පුළුවන් වෙයි. පහත තියෙන්නෙ ඒ ජයාරූපය.
ඒවගේම කියන්න ඕන මං දැක්කා 8 වෙනි එපිසෝඩ් එක පරක්කු වුණු පළියට කෙනෙක් දාලා තිබ්බා ”කරන්න බැරි නම් වෙන එකෙකුත් දීපන් කියලා” ඇත්තටම එහෙම කමෙන්ට් දකිද්දී එන්නෙ කල කිරීමක්. ඇත්තම කිව්වොත් මේක කරන්න කිසිම කෙනෙක් හිටියෙ නැහැ.
ඔය සබ් කරන්න ගත්තු කට්ටිය පවා කතාමාලා නරඹලවත් තිබුණේ නැති අය. ඉතිං කතා කරගෙන තමයි කරේ. ඒ කට්ටියවත් එකතු වුණු එක ගැන මං සතුටු වෙනවා එහෙම නැත්තම් මේක මේ වෙද්දීවත් දිගන්න බැරි වෙනවා තනියෙම කරා නම්. අනික තමයි අපි ඉරිදා වෙද්දීම ඔක්කොම දෙන්න හිටියත් වෙච්ච විදුලි ඇනහිටීම නිසා පස්සට ගියා. විදුලිය ආවාත් විටෙන් විට ඇනහිටීම් සිදු වුණා. ඉතින් මම තමයි එයාලත් කිව්වෙ පුළුවන් විදියකට කරන්න කියලා. මං ඒ සබ් කරන අයගෙ ඉගෙනගන්න රැකියාවක් කරන්න හරි තියෙන පරිගනයකට මොකක්හරි වුණොත් මං හිතන්නෙ නැහැ කමෙන්ට් කරන කවුරුත් අරං දෙවි කියලා. අනික 8 වෙනි එපිය කරපු මල්ලියා දවසෙම ක්ලාස්. මං තමයි එයාට කිව්වෙ පුළුවන් විදියට දෙන්න කියලා. මොකද වෙන හැම දෙයකටම වඩා තමන්ගෙ අධ්‍යාපනය වටිනවා. ඒවගේම තමයි එපිසෝඩ් ලබාදෙන එක ගැන මං බුකියෙ සමහරුන්ට පිළිතුරු ලබාදුන්නා. අරහෙම දෙයක් කියන්න කලින් ඒ වගේ වැඩක්වත් කරලා බලන්න කියනවා ඊළඟ වතාවේ.ඉතිං නැවතත් ස්තූති වන්ත වෙනවා ඒ කට්ටියට වැඩේට සම්බන්ධ වීම ගැන. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ඕන දෙයක් ”ඉවසන්න කියලා තමයි”

~ Money Heist Spinoff ~
පුරා කතා සමයන් 4 රෙම වගේ අපිට දකින්න ලැබුණෙ නැහැ ප්‍රොෆෙසර්ගෙ සහ බර්ලින්ගෙ තාත්තට වුණු වැඩේ. කොහොමහරි අද කොටසෙදී දැකගන්න පුළුවන් වෙනවා ඇත්තටම සිදු වුණෙ කුමක්ද කියා. ඒවගේම කියන්න මේක අත්දැකීම් 2 ක් වෙනවා. මොකද බර්ලින් හිතං ඉන්නෙ ප්‍රොෆෙසර් තමන්ගෙ තාත්තගෙ මරණය ඇස් දෙකෙන් දුටුවෙ නැහැ කියලා. නමුත් ප්‍රොෆෙසර් එය තමන්ගෙ ඇස් දෙකින්ම දකිනවා. ඒක තමයි ප්‍රොෆෙසර්ගෙ නරකම හීනය වෙන්නෙ. ඔන්න කොහොමහරි දැන් හැමෝම වගේ අහුවෙලා ඉවරයි. ඉතිං ප්‍රොෆෙසර් මේ හැමෝම බේරගන්න එනවා. හැබැයි නිකංම නෙමේ. වෙන සැලසුමකුත් හිතේ තියාගෙන එන්නෙ. හැමෝගෙම ජීවිතය වෙනස් කරන සැලසුමක්. අවසාන කොටස හින්ද මං කිසි දෙයක් කියන්න යන්නෙ නැහැ. ඔයාලම නරඹන්න කියල ආරාධනා කරනවා එහෙනම්. මෙතෙක් කතාමාලාව සමග රැදී සිටි ඔබ සැමට තුති.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
53,219 downloadsDownload Money-Heist-aka-La-casa-de-papel-S05-E10.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #aime Lorente
- #Álvaro Morte
- #Brian Beacock
- #Darko Peric
- #Editor's Pick
- #Enrique Arce
- #Esther Acebo
- #Itziar Ituño
- #Johnny Yong Bosch
- #Kiti Mánver
- #lba Flores
- #María Pedraza
- #MaxxA
- #Miguel Herrán
- #Must Watch
- #Paco Tous
- #Pedro Alonso
- #sinhala
- #Sinhala Subtitle
- #Úrsula Corberó
- #උපසිරැසි
- #රවිඳු රුක්ෂාන්
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
122 comments
P
Suneth
Inside edge season 3 nadda
Mewan
Thanks saho sub walata ❤
D M T SANJEEWA
Thanks aiya ....ape awun kiyana awa gannan ganna apa adareta thami kiyanne ....mokoda api dannawane sinhala subtitles nam lankawe anka 1 Brand akka baiscopelk.com ne akkai poddak parakku unama athal denne .....thanks okkotama ......
Sudeera Mihiranga
ammo ammo cer thnx
kosala
පළවෙනි සීසන් එකේ ඉදන් සබ් දුන්න ඔක්කොටම ගොඩාක් සිතූතියී..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයමේ කතාමාලාවේ සියලුම කොටස් සදහා උපසිරැසි ගැන්වූ සියලුම උපසිරැසි කරුවන්ටත් බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් සහෝදරවරුන්ටත් ගොඩාක් ස්තූතියි...!!!
Harshana
Thanks sub ekata bro.
Madushan
Thanks
Madushan Kumara
Thanks brother කොහොම හරි පලවෙනි සීසන් එකේ ඉදන් සබ් දුන්නා
හැමෝටම ගොඩක් පින්❤️
DMT SANJEEWA
Thanks okkotama hode ..........
Anonymous
Thanks
Anonymous
ammboo ela eee,,,jayen jaya
Anonymous
මුන් හිතන්නේ sub එකක් හදන එක හරි ලේසි වැඩක් කියලා.ඔයාලට වෙන වැඩ නැතුව sub හදනවා කියලා මුන් හිතාගෙන ඇත්තේ.ඔයාලගේ වැඩත් අස්සේ ලොකු කාලයක් වැය කරගෙන සල්ලි ගන්නෙත් නැතුව අපිට sub දෙනවට අපි ස්තූති කරන්ට ඔ්න හරිනම්.
මොනවා උනත් sub එකට thank you. ඉස්සරහට තව sub ඇරගෙන එමු.
Anonymous
බොහොම ස්තූතියි පලවෙනි සීසන් එකේ ඉදන්ම සබ් දීපු හැමෝටම. ..ජය වේවා
kavindu srimal
thank. you all,
hamotama jayaweva..!!!Anonymous
තැන්කුයි මචන් සබ් එකට. මේක බලන්න පට්ට ආසාවෙන් හිටිය සීරියස් එකක්නේ පරක්කු වුන නිසා තරහා ගියා සොරි බන්. ගණන් ගන්න එපා එල දිගටම කරපන් තෑන්ක්ස්
SNS
Thanks for sub bro
චම්පික
Thank you Baicecope...
පොඩ්ඩක් පරක්කු උනා තමයි හැබැයි පිං .......Sathija
ammo balagena hitiye danakn, thanks
Anonymous
tanx ban sub ekata.digatam me wade karmu ubala nisai ban api film balane.
ksvindu ksvindu
mona kiwwath baiscope eken tamayi supiriyata sub karanne. thanks okkotama
Sathija
Downloads 718, comments 18, aduma gane thanks kiyala comment ekkwath dagena palayalla
kukula
plyn bn ynna
Suraj
සබ් දෙනවට ගොඩක් ස්තූතියි.අනේ මට බයිස්කෝප් එකේ පරණ වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න බෑ.ඒවා ඩවුන්ලෝඩ් කරගන්න විදියක් නැද්ද.
Sandeep
තැන්ක්ස් සහෝ සබ් එකට....ජය :)
THARIDU16
hamadama ohoma thamayi parakku unoth baninawa. e hat. ithin nikam karanna epa. athul wenakota add1 wath ena vidihata hadala salli hoyanna., e karala sub karana ayatath gewanna. ehenam kapavima sthuthi
Anonymous
thank you yakoooow
Pasiya
Adoo Thank You So much bn...
Leniyel muwar
Godak pin ogollo godak mahansi una aththatams bohoma pin
Parakku una thamai eth ekata sadarana hethu ogollota thibila thiyanawa.ithin mama Meka awasthwak karagannawa ogollata thanks karanna .ithin money heist eke subtitle denna kapawela mahansi wela wada karapu okkotoma bohoma pin godak sthuthikavindu
ane bohoma sthuthie ikmnata sub ek dunnt.okkom tik ekt blnn iwr wenkm hitiye! thankyou vrry much!!!!
charith
මේ ටිවි සිරියස් එක බැලුවේ බයිස්කෝප් එක නිසා..පලවෙනි සීසන් එකේ මුල් එපිසෝඩ් එකේ ඉදන් අන්තිම සීසන් එකේ අන්තිම එපිසෝඩ් එක වෙනකන් සබ් දුන්නට ස්තුතියි..බලින් එකටත් සබ් දෙයි කියලා හිතනවා..බයිස්කෝප් එකට ජය වේවා
dilan
ඔයාලගෙ ටිකක් පරක්කු වුන හින්දා අහුලගත්ත Sub ඒකක් දාගෙන බැලුවා ඒක බලලා සසරම ඒපා වුනා මොකද තනිකරම translate කරපුවා තිබ්බෙ. ගොඩාක් ස්තුති මේ වෙන මහන්සියට.
එල්. සී. දමැල්
රවිඳු ආපහු ආවට පස්සෙ සයිට් එකේ ලොකු පෙරළියක් කළා. සාර්ථකව tv series රැසක් සම්පුර්ණ කළා එකමුතුව කට්ටිය එකතු කරගෙන. හොඳ නායකත්වයකින් වැඩ ගොඩක් බෙදාගෙන කෙරෙනවා ඒකෙන්.
ඒ සම්බන්ධයෙන් රවිඳුට ස්තුති නොකළොත් ඒක අඩුවක්. ජය වේවා ✌Maleesha Sahan
thanks brother
Naara
ඊයේ මාත් sub පරක්කු එකට පොඩි විරෝදයක් පල කලා.ඒත් දැන් කමක් නෑ ඔක්කොම දීලා ඉවරනේ.ලොකු අවුල් දෙයක් නම් කිව්වේ නෑ මම.කියපු දේකින් කාගෙ හරි සිත් රිදීමක් උනා නම් සමාවෙන්න! සබ් හදන එකේ අමාරුව මමත් දන්නවා.මේ tv series එක මුල ඉදන්ම බැලුවේ ඕගොල්ලන්ගේ සබ් වලින්.ඉතින් ආරම්භයේ ඉඳලා හැම එපියකටම සබ් දුන්න හැමෝටම ස්තූතිවන්ත වෙනවා .ජය!!❤️
Isuu
lankawe moda yakku kiyana ewa ganan gannepa bn godk unth melo deyak karanna ba upades denna witharai puluwan sub dunn okkotama thanks jaya weewa
R_deshan
5 වෙනි සීසන් එකේ 2 වෙනි වෙළුම නම් බැලුවෙ ඉංග්‍රීසි සබ් එක්ක බයිස්කෝප් එකෙන් සබ් ගත්තෙ නෑ.නමුත් පලවෙනි සීසන් එකේ ඉඳන් 5 වෙනි එකේ පළවෙනි වෙළුම වෙනකම් ම බයිස්කෝප් සබ් එකෙන් තමා ඉතින් බැලුවෙ.ඒ නිසා මුලු සීරීස් එකටම සබ් කරපු හැමෝටම බොහොම ස්තූතියි.ඒ ගමන් තව දෙයක් කියන්නම්.මිනිසීරීස් නොවන රිනිව් වෙන අලුතින් එන ලොකු හයිප් එකක් තියන සීරීස් වලට බයිස්කෝප් එකෙන් දැන් සබ් නොදෙනම ගානයි.මේ නිසා සයිට් එකට තියන තැන ඇත්තටම අඩුයි දැන්.කලින් පටන් ගත්ත හොඳ සීරීස් නම් අලුත් සීසන් එන එන විදියට සබ් කරල සීරීස් ඉවර කරගෙන යනව ඔයාලා.උදාහරණයක් විදියට දැන් Money Heist ඉවරයි.මෙහෙම ඉවර වෙවී යයි ඒත් ඉස්සරහට අරන් යන්න ඔයාල අලුත් සීරීස් පටන් ගන්නෙම නැද්ද එතකොට?අලුත් සීසන් ඇදගෙන යන්න කට්ටිය නැතිවෙන නිසා මෙහෙම කරනව කියලනෙ කියන්නෙ.ඒත් සයිට් එකේ ගුණාත්මකභාවය පවත්වගෙන යන්න මේ ප්‍රශ්නෙ විසඳන්න උත්සහ කරන්න කියල ඉල්ලනව.ඇත්තටම මේක බලවත් අඩුපාඩුවක් වෙලා තියෙන්නෙ...
විමා
ටිකක් අමාරුයි ඒක..
මොකද ඒ වගේ සීරීස් එකකට සබ් දෙන්න ට්‍රයි කරන කෙනෙක්ට අන්තිමෙදි ලැබෙන්නෙ කලකිරීම, එතකොට ඒ කෙනා ආයෙ සබ් කරන්නෙම නෑ.ඊට හොඳයි මිනි එකක් කරගෙන ඉන්නව.
R_deshan
එපියක් ආපු ගමන් සබ් නැති උනාම රෙද්ද උස්සගන්න උන් ටිකක් ඉන්නව තමා.නමුත් වැඩ පරක්කු උනාම කියන තුට්ටු දෙකේ කතා අහගෙන හරි මෙච්චර කල් ඔයාල වැඩේ කරගෙන ආවනෙ අයියෙ.ඕන වැඩක් කරන්න ගියාම ඔහොම අපතයො ටිකක් ඉන්නවමයි.ඒත් එහෙමයි කියල මේ තීරණයට යන එකෙන් සයිට් එකේ කොලිටියමනෙ බහින්නෙ.දැන් ඔයාලගෙ තීරණය එහෙමනම් මොනා කරන්නද...ඔයාල කියන දේ නම් තේරෙනව.ඔයාලට හැමදාම හොඳ කියන අගය කරන පිරිස වෙනුවෙන්වත් නැවත මේ ගැන සලකා බලන්න කියල ඉල්ලනව ඉතින්...
නාරා
අලුත් එකක් පටන් නොගත්තත් black list/terror/better call saul වගේ පටන් අරන් භාගයක් සබ් දීලා මැද්දෙන් නවත්තපු ඒවා වත් ඉවර වෙනකන් දෙන්න.ඇත්තටම දිග series නොදී ඉන්න එක නම් අපරාදයක්
prasa
thanks
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!vidura theekshana
thanks bro sub walata
Anonymous
elama
Nishara Senadheera
Thankyou for the all completed subs !!!
Ayan
me widinhata chilling adventure of sabrina and lost in space series walt sub denwanm kchara deyakda.
kumara
godak sthuthi team ekatama, dahask wada athare upasirasi labadunnata.
PCVENOM
'iwasanna barinam saub nathuwa balapiya' adaala ayata wadinna eka
sub walata sthuthi!!!!!!!!
Anonymous
Set ekama supiri. Thank you okkolatama :)
Anonymous
okkotama thanks bokkala
pavithra
godak thanks machanlaa sub tikata adarei....
chalaka
Ammo thanks ahh
Dasun Perera
Thanks kollo okkotm
Isuru Ishara
Thank you very much
Anonymous
thanks bn ubalage subtitles walata.supiri adaraei <3
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ Midsommar එකේ Director's Cut එකටත් සබ් එක අප්ඩේට් කරහංකො බං
Anonymous
Thank you sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


ISthuthi wewa. Adrei hugak. Jaya