Watch Trailer

Hawkeye [S01 : E04] Sinhala Subtitles | කේට් සමඟ නත්තල්… [සිංහල උපසිරැසි]

Hawkeye මිනි සීරීස් එකේ හතරවෙනි කොටසයි මේ ඔයාලා වෙනුවෙන් අරන් එන්නේ. කලින් කොටස බලපු අයට මතක ඇතිනේ මායා ක්ලින්ට් සහ කේට් දෙන්නව අරන් රෝනින් ගැන ප්‍රශ්න කරපු විදිහ. මායා මේ විදිහට පිස්සුවෙන් වගේ රෝනින් පස්සේ පන්වන්න හේතුව බ්ලිප් එක වුනු කාලෙදි රෝනින් මායාගේ මාමාව මරපු නිසා කියලා අපිට දැනගන්න ලැබුණා.…

Hawkeye මිනි සීරීස් එකේ හතරවෙනි කොටසයි මේ ඔයාලා වෙනුවෙන් අරන් එන්නේ.

කලින් කොටස බලපු අයට මතක ඇතිනේ මායා ක්ලින්ට් සහ කේට් දෙන්නව අරන් රෝනින් ගැන ප්‍රශ්න කරපු විදිහ. මායා මේ විදිහට පිස්සුවෙන් වගේ රෝනින් පස්සේ පන්වන්න හේතුව බ්ලිප් එක වුනු කාලෙදි රෝනින් මායාගේ මාමාව මරපු නිසා කියලා අපිට දැනගන්න ලැබුණා. කොහොම හරි මායා තාම ක්ලින්ට් තමයි රෝනින් වෙලා හිටියෙ කියලා දන්නෑ. ක්ලින්ට්ගේ හැකියාව නිසා දෙන්නා ලොකු සටනක් දීලා ට්‍රැක්සූට්ලගෙන් බේරෙනවා.

මේ දේවල් වෙන අතරෙදි ක්ලින්න්ගේ ළමයි හුඟක් දුකින් ඉන්නේ ක්ලින්ට් ගෙදර එන්නෙ නැති එක ගැන. ක්ලින්ටුත් උත්සහ කරන්නේ මායාගේ කරදරෙන් කේට්ව බේරගෙන කොහොම හරි ඉක්මණට ගෙදර යන්න. අන්තිමේදි ජැක් ගැන සැක හිතිලා දෙන්නම යනවනේ ජැක්ගැන තොරතුරු හොයන්න කේට්ගේ අම්මගේ පෙන්ට්හවුස් එකට. කතාව අවසන් වුනේ ක්ලින්ට්ව ගෙදර ඉන්න බව ජැක් හොයාගෙන.

අද කොටස පටන් ගන්නේ එතනින් පස්සේ සිදුවීමෙන්. අදත් මරු ඇක්ශන් පිරුනු කොටසක් ලැබිලා තියෙනවා.

මේ කොටස නම් වෙන්නේ “Partners, Am I Right?” විදිහටයි. රේටින් ගත්තොත් 8.5 ක ඉතා හොඳ අගයක් IMDB තුළ කැරකිලා තියෙනවා. අද කොටස අවසානයේදි හුරුපුරුදු චරිතයක් බලාගන්න ලැබෙනවා. හැබැයි ක්ලින්ට්ගේ යාලුවෙක් නම් නෙවෙයි.

ඒ වගේම මතක් කරන්න ඕනේ මුලදි කතාවට එච්චර ලොකු හයිප් එකක් නොතිබුනත් දැන් නම් සෑහෙන කතා බහට ලක් වෙන්න පටන් අරන් තියෙනවා. මේ වෙනකොට IMDb හි ජනප්‍රියම කතා මාලා ලැයිස්තුවේ අංක 1 ට Hawkeye ඇවිත් තියෙනවා.

පසුගිය කොටසේ Easter Eggs කිහිපයක්

කලින් කොටස කින් පින්ගේ ඊස්ටර් එග්ස් තොගයක් අපිට පෙන්නුවනේ. ඉතිං කොම්ක් සම්බන්ද දැනුම තියෙන අයට ඒවා දැක්ක ගමන් හඳුනා ගන්න පුලුවන්. ඉතිං මම හිතුවා ඒ ඊස්ටර් එග්ස් කිහිපයකුත් අද ලිපියට එකතු කරන්න.

මතකනේ මායාගේ ළමා කාලයේ සිදුවීම් ටික. මෙතන එක තැනක කෙනෙක්ගේ අතක් දැකගන්න පුලුවන්. ඔයාලට මතක ඇති කලින් සතියෙ ලිපියෙන් මම කිව්වා මායා කියන්නේ කින් පින්ගේ දුව කියලා. ඉතිං බොහෝ දුරට මේ ඉන්නේ විල්සන් ෆිස්ක් හෙවත් ඩෙයාඩෙවිල්ගේ ජන්මාන්තර හතුරෙක් වෙන කින් පින් වෙන්න ඉඩ තියෙනවා. මෙතන ඇහෙන හිනාවෙන් නම් මට ඇහෙන්නම ඩෙයාඩෙවිල් සීරීස් එකේ Vincent ගේ කින් පින්ගේ හිනාවමයි.

ඈතින් පේන් බෝර්ඩ් එක දිහා බලන්න එතන ගහල තියෙන්නේ Fat Man කියලා. Fat Man කියන්නේ කින් පින්ව කොමික්වල හඳුන්වන තවත් නමක්.

සීරිස් එක පාදක වෙන්නේ Matt Fraction ගේ Hawkeye කොමික් කතාමාලාවට. මේ කොමික් එකේ ක්ලින්ට්ට 1970’s Red Dodge Challenger එකක් තියෙනවා. ඒ මේ කාර් එකමයි. නමුත් කතාවෙදි ක්ලින්ට් මේ කාර් එක අරගන්නෙ නැහැ. කොමික් එකේදිත් මේක විනාශ වෙනවා.

කලින් සතියෙ කොටසෙ පිස්සු හැදෙන චේස් සීන් එක මතක ඇතිනේ. Fraction ගේ කොමික් එකෙත් මේ වගේම පට්ට සීන් එකක් තියෙනවා. හැබැයි කොමික් එකේ ඊතල විදින්නේ ක්ලින්ට්. කාට් එක එලවන්නේ කේට්. කතාවෙ නම් දෙන්නා වැඩ දෙක මාරු කරගෙන කලේ. මේ තියෙන්නේ අර උඩ සඳහන් කරපු කාර් එක.

නම අහල පුරුදුයිද? ඔව් ඔව් මේ තියෙන්නේ ඈන්ඩ් මෑන්ගේ සූට් එකේ තියෙන තාක්ෂණයම යොදපු ප්‍රමාණය වෙනස් කරන්න පුලුවන් ඊතලයක්.

මේ කේට් කටු සටහනකින් අඳින්නේ කොමික්වලදි අපි නිතර දකින, ඒත් MCU තුළින් කවදාවත් නොදැකපු හෝව්ක් අයිගේ සූට් එක.

කාසීට සහ කේට් අතර කොමික්වල සම්බන්ඳයක් තියෙනවා. කේට් කාසිගේ පෙනුම අගය කරනවා මතක ඇතිනේ. සමහර විට අනාගතේදී කේට් සහ කාසිගේ ආදර කතාවකුත් දැකගන්න පුලුවන් වේවි.

එහෙනම් අද කොටසෙ වැඩත් මෙතනින් අවසන් කරමු. ඇත්තටම සමාවෙන්න අද කොටස කලින් සතියෙ කොටස් වගේ ආපු ගමන් දෙන්න බැරි වුනු එකට. මේ සතියෙම වැඩ සෑහෙන ගොඩක් තිබුණු නිසයි ප්‍රමාද වුනේ. ඉතිං ඊළඟ සතියේ එන පස්වෙනි කොටස ආපු දවසෙම අරන් එන්න උපරිම උත්සහයක් දෙන්නම්. එහෙනම් සතියකින් හමුවෙමු, යාලුවනේ…!

෴෴ සුබ දවසක්…! ෴෴

 

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

12,198 downloadsDownload Hawkeye-S01-E04.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සචින්ත කල්හාර බෙනට්

Subtitles

12,198 downloadsDownload Subtitles24 KB

35 comments

  1. Theekshana malshan

    Supiri

  2. Ashmal

    baiscope.download eke nae nay copy eka ?? kohomdha downld Karanne?

  3. Anuja Lakshitha

    thanks kollo sub ekata

  4. කාව්‍යා සත්සරණි

    බොහොම ස්තූතියි Subtitle එකට...

  5. Anonymous

    thank u

  6. Binidu sumal

    thanks for sub

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  8. Anonymous

    Midnight mass horror series ekata sub dennkow

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  10. Cobra20

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!

  11. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  12. tharanka

    ela

  13. Anonymous

    than you brother for the sub

  14. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  15. Anonymous

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  16. thilina

    adoo thq ahhh .tava kauru hari sub dena kenk invavnm Snowpiercer TV Series season 2 ekta sub denako

  17. Kps

    එල එල නියමයි thankz

  18. Ruchira

    Thanks for the sub!!!!!!

  19. CityHunterX3

    thanx for sub

  20. Udara Damith

    elaaaaaaaaaaaaaa

  21. Udara Damith

    giya sathiye kotasa maru wali

  22. sahan

    episode 5 eke sub eka thama nadda bro

  23. කාව්‍යා සත්සරණි

    5 එකේ Subtitle එකත් දෙන්නකො ඉක්මනට... ♥️♥️♥️♥️☹️

  24. Anonymous

    Thanks

  25. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  26. Sandun

    thanks

  27. chinthaka.max4

    thankx machan

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය!

  30. Dinujaya Sandaruwan

    බොහොම ස්තූතියි

  31. lakshan

    thanks .....................

  32. Dewadithya

    Thanks for Sub!

  33. අජන්ත

    සබ් එකටත් වඩා උබලගේ මේ ලිපිය වටිනවා බන් Keep it up

  34. Mathew sheron

    Thanks

  35. ravindra

    thanks