ත්‍රස්තවාදය යනු ආගමක්,භාෂාවක්,කිසිදු සීමාවක් හා මානුෂීයත්වය නොදන්නා අනන්‍යතාවයක් නැති යුද්ධයක සූක්ෂම අවියකි. සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි සුපුරුදු ලෙසින් ඔබ සියලු දෙනා පුන පුනා බලාසිටි විශේෂිත වූ දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි අද අප වෙබ් අඩවිය වෙත ගොඩ වෙන්…

ත්‍රස්තවාදය යනු ආගමක්,භාෂාවක්,කිසිදු සීමාවක් හා මානුෂීයත්වය
නොදන්නා අනන්‍යතාවයක් නැති යුද්ධයක සූක්ෂම අවියකි.
සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි සුපුරුදු ලෙසින් ඔබ සියලු දෙනා පුන පුනා බලාසිටි විශේෂිත වූ දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි අද අප වෙබ් අඩවිය වෙත ගොඩ වෙන්නේ! මෙම චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දුන් අශාන් විමුක්ති සොයුරාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමින් චිත්‍රපටය හා බැඳුනු අනෙකුත් තොරතුරු කෙසේදැයි කියා විමසා බලමු.
Ratsanan 2018 චිත්‍රපටයෙන් පසු මෙම චිත්‍රපටයේද ප්‍රධාන චරිතය හොබවන VISHNU VISHAL පෙරලිකාර ලෙසින් ඔහුගේ රංගන කුසලතාවය තම ප්‍රේක්ෂකයින්ට කිසිදු අඩුවක් නොදැනෙන ලෙසින් ඉදිරිපත් කර තිබෙන බවට Ratsanan චිත්‍රපටය නැරඹු ඔබට මැනැවින් ඔප්පු වේවි. විචාරකයින් ප්‍රේක්ෂකයින් සහ VISHNU VISHAL පවා පැවසුවේ මේ චිත්‍රපටය ඔහු මෙතෙක් කල් ගෙවාගෙන ආ රංගන දිවියේ හොඳම රංගනය මේ චිත්‍රපටයේ තිබෙන බවයි. ඔහු නිරතුරුවම මේ චිත්‍රපටය පිළිබඳ අදහස් දැක්වීම් වලදි පවසා සිටියේ ‘මා මේ සඳහා ගොඩාක් මහන්සි වුණා. ගොඩාක් කැපවුනා’ යනුවෙනි. FIR චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන Manu Anand විසින් සිය කුළුදුල් සිනමා අධ්‍යක්ෂණය ඔහුගේම රචනයෙන් ඉතා විශිෂ්ඨ ලෙසින් ඉදිරිපත් කර තිබෙන අතරම ඔහුගේ ඉදිරි සිනමා ගමනෙහි තිබෙනා සාර්ථකත්වය පිළිබඳ හොඳ බලාපොරොත්තුවක් ද ප්‍රේක්ෂකයින්ට ලබාදී තිබෙනවා. එමෙන්ම සෙසු නළු නිලියන් ගැන සඳහන් කලහොත් සිනමා අධ්‍යක්ෂක Gautham Menon, Raiza Wilson, Reba Monica John යන නළු නිලියන් තම චරිතයන්ට හොඳ සාධාරණයක් ඉෂ්ට කරමින් සාර්ථක රංග කාර්යයක නිරත වෙනවා. Manu Anand දමිළ සිනමා අධ්‍යක්ෂ Gautham Menon ගේ සහයකයාද වෙනවා. චිත්‍රපටය සඳහා ප්‍රචාරක වියදම පමණක් ඉන්දීය රුපියල් කෝටි 22 ක් වැයවි තිබෙන අතර ඔවුන් චිත්‍රපට තිරගත කිරීමටත් පෙරාතුව තම ලාභය උපයාගත් බව අධ්‍යෂකවරයා විසින් මාධ්‍ය හමුවකදි පවසා තිබෙනවා. මෙහි නිෂ්පාදනයද සිදු කර ඇත්තේ ප්‍රධාන චරිතය හොබවනා VISHNU VISHAL විසිනි.
සිනමාපටය තිරගත කිරීමට දින කිහිපයකට පෙර සිනමාපටයේ අධ්‍යෂකවරයා පැවසු ආකාරය සනාථ කරමින් මේ වසරේ පෙබරවාරි මස 11 දින සිකුරාදා සිට ඉතාමත් සාර්ථක ලෙසින් FIR 2022 චිත්‍රපටය මැදපෙරදිග ඇතුලු මුස්ලිම් රටවල් කිහිපයක හැර දමිළ සහ තෙලුඟු භාෂා ද්විත්වයෙන්ලොව පුරා තිරගත කෙරුනු අතර, පලමු සතියෙදි Super HIT සහ MEGA HIT දෙවන සතියේදි අතිසාර්ථක Blockbuster ලේබලයට හිමිකම් කියමින් යහපත් විචාරක සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේද තිරගත වූණා.
චිත්‍රපටයේ කතාව පිළිබඳව යමක් පැවසුවහොත් මෙය ශ්‍රී ලංකාවේ සිදුවු පාස්කු ප්‍රහාරයට ඉඳුරාම සම්බන්ධකම් පවත්වනවා. ලෝකයේ දරුණු ගණයේ ත්‍රස්ථවාදී සංවිධානයක් වන ISIS සංවිධානය විසින් ශ්‍රි ලංකාවේ පාස්කු ඉරිදා දිනය සැමරීමට ගිය කිතුනු බැතිමතුන් ඉලක්කකොට සිදුකල මිලේච්ජ බෝම්බ ප්‍රහාර දාමය පිළිබඳව අමුතුවෙන් මතක් කල යුතු නෑ, මුළු ලෝකයම කම්පා කල එම බෝම්බ පිපිරීමට පෙර සහ පසු කාලයේ දී ඇතිවු සිදුවීමක් ලෙසින් චිත්‍රපටයේ කතාව ගොඩනඟා තිබෙනවා. සත්‍ය සිදුවීමක් පාදක කොටගෙන නිර්මාණය වූ මන:කල්පිත කතාවක් වූවත් මෙය සමාජයට විශාල පණිවුඩ රැසක් ගෙනහැර පෑමට සමත් වූ චිත්‍රපටයක් ලෙසද හඳුන්වා දීමට හැකියි. කාල වෙලාව නොමැති නිසා වැඩි යමක් ලිවීමට අද බලාපොරොත්තු වෙන්නේ නෑ.තවත් සිංහල උපසිරැසි නිර්මාණයකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.
ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි!
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD / HQ HD පිටපත් සඳහා අදාළ වේ.
23,381 downloadsDownload FIR-2022.zip143 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට සහ චාමික මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
47 comments
Kushan
sameera
sub ekata thnks machan
film eka dwload karaganne kohenda bnSupun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
LKD
M.T.R ෆෝර්ම් වෙලා
dulan
ස්තුතියි !
BeMax
Thnx mcn. Bs
oshanda
niyamai sahoo...
Naveen
උපසිරසියට තුති
Anonymous
Thanks wewa
Sameera
මේක මුලින්ම බයිස්කෝප් එකෙන් හම්බවෙයි කියල හිතුවෙම නැහැ....අද උදේ ආපු ෆිල්ම් එක...මරු.....
Manoj
උපසිරසියට ස්තුතියි
Nilush Angana
Sub ekata thanx
Shashwan
The fame game eke subtitles dennakoooo
Laka
බයිස්කෝප් ගේමට බැහැලා නෙහ්
Samith
Thanks both
damhiru
supiri
Bhanuka
ස්තුතියි සහෝ
Anonymous
තැන්කු වේවා
V.P
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Hiru
mon mon mon monster 2017 සබ් එක ඕනේ
Anonymous
Patta
Idunil Weerasinghe
Thanks both
Anonymous
Superb movie
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
Arawinda Sunimal
THANKS JAYAWEWA
Dineth de silva
Thanks brother
අසංක
බොහෝමත්ම ස්තුතියි සහෝලා දෙපලටම
Sach
Sub ekata Thanks!!!!
Direct link eka kohomada gannej.d
සිංහල උපසිරසියට ස්තුතියි
Anonymous
Dhanush ge Maaran sub dena
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..Eranda
Thanks brother
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Jevan
Thanks machi
Gayan
බොහොමත්ම ස්තුතියි
Anonymous
Sub thanks bro
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥ය
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම
ජය වේවා!!!Melan
Thanks my bro
Anonymous
Salute (2022)
Aarattu (2022) Malayalam film walata sub denna plzMalith samarawickrama
Thanks yahaluwane sub ekata.
Lal
Babbar 2022 sinhala subtitle oni
Sashee
තරිදු සහෝදරයා එයාගෙ කොටස කවදත් උපරිමයෙන් කරන කෙනෙක්. ජය වේවා..
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Sub akta thanks