මාරන් අවංක මාධ්‍යවේදියෙක්. ඇත්ත විතරක් ලියන එක මෙයාගේ අරමුණ. මාරන් සත්‍ය දේ විතරක් ප්‍රවෘත්ති වලට ලියන නිසා පුවත් නාලිකා කීපයකින්ම මාරන්ව සේවයෙන් ඉවත් කරනවා. කොහොම හරි මාරන් වෙනුවෙන්ම බලාගෙන හිටිය නාලිකාව එයාට හම්බවුණා. එයාගේ මේ ආකල්පයට නාලිකාවේ ප්‍රධානීන් කැමති වුණා. මාරන් ජීවත් වෙන්නෙ නංගියි, එයා…

මාරන් අවංක මාධ්‍යවේදියෙක්. ඇත්ත විතරක් ලියන එක මෙයාගේ අරමුණ. මාරන් සත්‍ය දේ විතරක් ප්‍රවෘත්ති වලට ලියන නිසා පුවත් නාලිකා කීපයකින්ම මාරන්ව සේවයෙන් ඉවත් කරනවා. කොහොම හරි මාරන් වෙනුවෙන්ම බලාගෙන හිටිය නාලිකාව එයාට හම්බවුණා. එයාගේ මේ ආකල්පයට නාලිකාවේ ප්‍රධානීන් කැමති වුණා. මාරන් ජීවත් වෙන්නෙ නංගියි, එයාලගෙ මාමාත් එක්කයි. මාරන්ගෙ නංගි ශ්වේතාට අම්මත්, තාත්තත් වුණේ අයියා මාරන්. මොනවා උනත් මාරන් වෘත්තීය ජීවිතයට වඩාත් උනන්දුවක් දුන්නා. මාරන්ට රහසිගතව මෙහෙයුමක් කරන්න පොලිස් නිලධාරියෙක්ගෙන් ඇරයුමක් ලැබෙනවා. මාරන් ඇරයුම පිළිගෙන මෙහෙයුමට බහිනවා. හිටපු ඇමති කෙනෙක්ගෙ ලොකූ වංචාවක් ගැන විමර්ශනය කරන්නයි මාරන්ට බාරදීලා තිබුණේ. මාරන් හිටපු ඇමතිවරයාගේ වංචාව ගැන පිටතට හෙළි කරනවා. මේ වෙනුවෙන් මාරන්‍ට කාගේත් පැසසුම් හිමි වෙනවා. හිටපු ඇමතිගෙ වංචාව ගැන ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි මාරන්ගෙ ලඟම තියාගන්නවා. හිටපු ඇමති මාරන්ට තර්ජනය කරලා සාක්ෂි අරගන්න හැදුවත් උත්සාහය අසාර්ථක වෙනවා. මාරන් හා ඇමතිගේ හෙන්චයියන් අතරේ රණ්ඩුවක් ඇති වෙනවා. ඒ වෙලාවෙදි මාරන්ට උදවු කරන්න රණ්ඩුවට මැදිහත් වෙන ශ්වේතාට තුවාල වෙනවා. මාරන්ගේ වෘත්තීය ජීවිතයේ ප්‍රශ්න නිසා පෞද්ගලික ජීවිතයටත් තර්ජනයක් වෙනවා. මාරන් නංගිගේ තුවාලය ගැන හුඟක් දුක් වෙන්න ගත්තා. ශ්වේතා මාරන්ට, තමන්ගේ ජීවිතය ගැන හිතන්න කිව්වත් මාරන්ට නංගිව, මාරන්ගේ ජීවිතයට වඩා වැදගත් වුණා. තවත් දවසක මාරන්ව මරලා දාන්න තවත් පිරිසක් එනවා. මේ වතාවේත් මාරන්ව මරන්න බැරි වෙනවා. ඒත් මේ සැරේ මාරන් හිතුවෙවත් නැති දෙයක් සිද්ද වෙනවා. රණ්ඩුව අවසාන වෙද්දි මාරන්ට මැසේජ් එකක් ලැබෙනවා. ශ්වේතාව හිර කරගෙන තියාගෙන ඉන්න වීඩියෝවක් මාරන්ට කෙනෙක් එවනවා. විනාඩි 10ක් ඇතුලත එතැනට එන්න කියලා කියනවා. මාරන් ශ්වේතා හිර කරගෙන ඉන්න තැනට යනවා. විනාඩි 10ක් ඇතුලත මාරන්ට එතැනට යන්න පුළුවන්ද?
මෙහි අධ්‍යක්ෂණය, රචනය හා තිර රචනය කාර්තික් නරේන්. කාර්තික් Duruvangal Pathinaaru (2016) චිත්‍රපටයෙන් අධ්‍යක්ෂකවරයෙක් විදිහට සිනමාවට පිවිසෙනවා. කාර්තික් ඒ වෙනකොට දෙමළ සිනමාවේ ලාබාලතම අධ්‍යක්ෂකවරයා විදිහට අවුරුදු 21දියි සිනමාවට අවතීර්ණ වෙන්නෙ. කාර්තික්ගේ දුරුවන්ගල් පදිනාරු චිත්‍රපටයේ කතාව නළුවන් කිහිප දෙනෙකුට ඉදිරිපත් කලත්, අවසානයේ රහුමාන් මේ චිත්‍රපටයට ස්ථාවර කර ගැනෙනවා. ඇත්තටම කාර්තික් උසස් අධ්‍යාපන කටයුතු කරද්දියි සිනමා අධ්‍යක්ෂණයට උනන්දු වෙන්නෙ. කාර්තික්ගෙ අම්මා තාත්තා එක්ක මේ ගැන කතා කරද්දි ඔහුව මේ චිත්‍රපටය වෙනුවෙන් ධෛර්යමත් කරලා තියෙනවා. ඒත් ඔහු වටේ උන් පිරිස මේ ගැන සෘණාත්මක කෝණයකිනුයි බැලුවෙ. කාර්තික්ගෙ දෙමව්පියන් තමන්ට හිතෙන් දේ කරන්න ඉඩ ලබා දීලා තිබුණා. කොහොම වුණත් මේ කතාව වෙනුවෙන් නිෂ්පාදකයෙක් හොයාගන්නට වුණ බැරි තැන, කාර්තික්ගෙ තාත්තා චිත්‍රපටය නිෂ්පාදනයට මුදල් යොදවනවා. දැඩි වෙහෙසක් දරා කල නිර්මාණය වෙනුවෙන් කාර්තික් නරේන් සම්මාන පවා හිමිකර ගන්නවා. D16 වෙනුවෙන් දමිළ සිනමාවේ ඉහළ තැනක් හිමි වෙනවා. D16 චිත්‍රපටයට ප්‍රසංසා කරපු අධ්‍යක්ෂක වෙට්‍රිමාරන් කාර්තික්ට ‘පොඩ්ඩක් විවේක ගන්න මේ ගමන්ම තවත් චිත්‍රපටියක වැඩට බහින්න එපා’ කියලා උපදෙස් දීලා තියෙනවා.
කාර්තික්ගේ දෙවන අධ්‍යක්ෂණය Mafia : Chapter 1 (2020) බොහෝමයක් බලාපොරොත්තු එක්ක ආවත් ඒ බලාපොරොත්තු තෘප්තිමත් කරන්න කාර්තික්ට අපොහොසත් වෙනවා. ඊට හේතුව D16 චිත්‍රපටයේ තිබූ ව්‍යාකූල, ත්‍රාසය පිරි රචනය එහි නොවීමයි. මාෆියා ඊට වෙනස්ම ආකාරයෙන් වාණිජමය චිත්‍රපටයක් විදිහට නිර්මාණය කර තිබුණා. ඒ වගේම නරගසූරන් කාර්තික් අධ්‍යක්ෂණය කල තවත් චිත්‍රපටයක්. නරගසූරන් මූල්‍යමය ගැටළු නිසා චිත්‍රපටය තවමත් එලියට දාගන්න බැරි තත්ත්වයක තියෙනවා. නරගසූරන් කාර්තික්ගේ Thriller Trilogy දෙවන චිත්‍රපටය විදිහටයි නම් කරලා තියෙන්නෙ. ඒ කියන්නෙ D16 චිත්‍රපටයේ Spin off එකක් විදිහට නරගසූරන් නිර්මාණය කරලා තියෙනවා. මාරන් සම්පූර්ණයෙන්ම ත්‍රාසයට බර නොවුණු ක්‍රියාදාම මුසු වුණ වාණිජමය චිත්‍රපටයක්
මේ චිත්‍රපටයේ සංගීතය ජී. වී. ප්‍රකාෂ් කුමාර් විසින් සපයනු ලබනවා. ප්‍රකාෂ් කුමාර් මීට පෙර ධනූෂ්ගේ Pollandhavan, Aadukalam, Mayakkam Enna, Asuran යන චිත්‍රපට සංගීතය සපයා තිබෙනවා. ප්‍රකාෂ් කුමාර් නළුවෙක් විදිහටත් චිත්‍රපට කීපයකට දායක වෙලා තියෙනවා. වෙට්‍රිමාරන්ගේ චිත්‍රපට වැඩි ප්‍රමාණයකට සංගීතය සපයා තිබෙන්නේද ප්‍රකාෂ් විසින්මයි.
Master (2021) චිත්‍රපටයේ නමට හිටිය චිත්‍රපටිය ඇතුලෙදි හොයාගන්න බැරිවුණ නිලිය මාලවිකා මෝනහන් මේ චිත්‍රපටය පුරාවටම දැකගන්න පුළුවන්. ඒ වගේම මෝටිවේෂන් අප්පච්චි සමුත්‍රකනීද දකින්න පුළුවන්. Ala Vaikunthapurramulo (2021) චිත්‍රපටියේ කරපු දුෂ්ඨ චරිතයෙන් පස්සෙ සමුත්‍රකනීට දුෂ්ඨ චරිතවලට හොඳ ඉල්ලුමක් ලැබිලා තියෙනවා. ස්මෘති වෙන්කට්, රාමක්‍රිෂ්ණා, ජයප්‍රකාෂ්, නරේන්(ආඩුකලම්), අමීර්, මහේන්ද්‍රන් යන අයද මෙහි රංගනයෙන් දායක වෙනවා.
වෙන්කට් සිනමාවට එන්නෙ අහම්බයකින්. රඟපාන්න හිතේ අදහසක් නොතිබුණ අවස්ථාවකදි තමන්ගෙ තාත්තා දිගින් දිගටම චිත්‍රපට අසාර්ථක වෙලා ණයකාරයෙක් වෙද්දි කස්තුරි රාජා වෙන්කට්ව දාලා චිත්‍රපටය කරන්න එකඟ කර ගන්නවා. ඒ වනවිටත් ධනුෂ් පාසල් ශිෂ්‍යයයෙක්. කොහොමින් හරි තාත්තාගේ නිෂ්පාදනයෙන්, අයියගෙ අධ්‍යක්ෂණයෙන් 2002 වර්ෂයේදී ධනූෂ්ගේ පලමු චිත්‍රපටය Thulluvatho Ilamai (2002) නිකුත් වෙනවා. නිකුත් වෙද්දි මේ චිත්‍රපටිය අරගෙන විකුණන්න බෙදා හරින්නන් කවුරුවත්ම ඉදිරිපත් වුණේ නැහැ. කස්තුරි රාජා තමන්ගේම අවදානම අරගෙන චිත්‍රපටය නිකුත් කරනවා. මේ චිත්‍රපටියට සම්පූර්ණයෙන්ම සෘණාත්මක අදහස් විචාරකයන්ගෙන් ලැබුණා. ඒත් යුවන් ශංකර් රාජාගේ සංගීතයෙන් සංගීතවත් වුණ ගීත නිසාවෙන් තරුණයින්ගේ පමණක් ආකර්ෂණය තුල්ලුවදෝ ඉලමයි දෙසට හැරුනා. ඒ හැම සින්දුවක්ම ඒ දිනවල හුඟක් ජනප්‍රියත්වයට පත් වෙලා තිබුණා. මේ චිත්‍රපටයේ වෙන්කට්ව ‘හඳුන්වාදීම ධනුෂ්’ විදිහට විතරක් සඳහන් කර තිබුණා. මේ චිත්‍රපටයේ ලිංගික දර්ශන වැඩියෙන් ඇතුලත් වෙනවා කියලා කියන්නේ. මුල් කාලයේ ධනුෂ්ගේ දිහා බලලා මූත් නළුවෙක්ද කියලා හිතුනත් චිත්‍රපට යුවන් රාජාගේ සංගීතය නිසාම තරුණ තරුණියන් සිනමා ශාලා වලට ඇදුනා.
ධනූෂ් නැවතත් හමුවෙන්නෙ සෙල්වරාඝවන්ගේ Kadhal Kondain (2003) චිත්‍රපටයෙන්. මේ චිත්‍රපටය ධනූෂ්ව ඉහළ පෙළ නළුවන් කරා රැගෙන යන්න ප්‍රබල පිම්මක් වෙනවා. කාදල් කන්ඩේන් දින 175ක් පුරා තිරගත වනවා. මේ චිත්‍රපටයෙත් සංගීත අධ්‍යක්ෂකවරයා වුණේ යුවන්. මේ චිත්‍රපටයේත් ගීත හැම එකක්ම පාහේ ඉමහත් ජනප්‍රියත්වයට පත් වුණා. Thiruda Thirudi (2003) දින 182 දක්වාම සිනමා ශාලාවල තිරගත වුණා. ‘මන්මද රාසා’ ගීතය මුළු තමිල්නාඩුව පුරාවටම, ගම්බද ප්‍රදේශ පවා ආවරණය කරමින් ප්‍රසිද්ධියක් ලැබුවා කියලයි කියන්නෙ. කොහොම වුණත් ධනූෂ්ගේ තෙවැනි චිත්‍රපටය Pudhukottaiyilirundhu Saravanan (2004) අසාර්ථකත්වයක් හිමි කර දෙනවා. මේ අතරෙදි Sullan (2004) කියන නමෙන් අහසේ පාවෙමින්, කරනම් ගහන ඇවෙන්ජර්ස් පන්නයේ චිත්‍රපටයක්ද ලබා දුන්නා. ආයෙමත් සෙල්වරාඝවන්ගේ Puthupettai (2006) චිත්‍රපටයෙන් සුපුරුදු සංයෝගය එකතු වෙනවා. මේ චිත්‍රපටය ආදායම් වාර්තා අනුව අසාර්ථක චිත්‍රපටයක්. වැඩි ආකර්ෂණයක් ලැබුණෙ නැති චිත්‍රපටියක්. ඒ වගේම ප්‍රචණ්ඩතම්කාරී දර්ශන මේ චිත්‍රපටයයේ ඇතුලත් වෙනවා. පසු කාලයකදී නැවත තිරගත කිරීමෙන් .මේ චිත්‍රපටයට ඉහළ ප්‍රතිචාර ලබාගැනීමට සමත් වුණා. දමිළ ප්‍රේක්ෂකයින් අනුව සෙල්වරාඝවන්ව තේරුම් අරගන්න බැරි ප්‍රේක්ෂක පිරිසක්. 2010 දී නිකුත් වුණ Ayarathil Oruvan (2010) චිත්‍රපටය දමිළ ප්‍රේක්ෂකයින්ට තේරුම් ගන්න පුළුවන් වුණේ බොහෝ කලය්ස්කට පස්සෙදියි. පුදුකෝට්ටෛ ඉන්දියානු සිනමාවේ ඉහලම ස්ථානයක් ගන්න ගැන්ග්ස්ටර් චිත්‍රපටි වලින් එකක්. Thiruvilayadal Aarambam (2006) චිත්‍රපටයෙන් ධනූෂ්ට වාණිජමය විදිහට සාර්ථකත්වයක් අත්කර දෙනවා.
ඉන් පස්සෙ Pollandhavan (2007) චිත්‍රපටයෙන් වෙට්‍රිමාරන් ධනුෂ් සුසංයෝගය ආරම්භ වෙනවා. වෙට්‍රිමාරන්ගෙ චිත්‍රපටියක් නම් ඒත් එක්කම එන නමක් තමයි සංගීත අධ්‍යක්ෂක ජී.වී. ප්‍රකාෂ් කුමාර්. නැවතත් සෙල්වරාඝවන්ගේ Yaaradi Nee Mohini (2008) දින 185+ ක කාලයක් පුරා තිරගත වනවා. 2011 වසරේදි ආයේමත් වෙට්‍රිමාරන්, ධනූෂ් හම්වෙන්නෙ Aadukalam (2011) චිත්‍රපටයෙන්. මේ චිත්‍රපටය වෙනුවෙන් ජාතික සම්මාන පවා ලැබුණත්, චිත්‍රපටය හිමිකර ගත්තේ සාමාන්‍ය සාර්ථකත්වයක් පමණයි. MayakkamEnna (2011) චිත්‍රපටයෙන් ඡායාරූප ශිල්පය පිලිබඳව වෙනස්ම අත්දැකීමක් ලබා දුන්නා. ඉන් පසු කලෙක නිකුත් වුන 3 (2012) සාමාන්‍ය සාර්ථකත්වයක් පමණයි හිමි කර ගන්නේ. නිෂ්පාදකයෙක් විදිහට මේ චිත්‍රපටයෙන් චිත්‍රපට නිෂ්පාදනයට පිවිසෙනවා. මූන්රු චිත්‍රපටයේ “වයි දිස් කොලවෙරි” ගීතය ලෝකය පුරාම ජනප්‍රිය වුණා. බොහෝ රීමේක් ගීත පවා නිර්මාණය කෙරුණා. මේ ගීතයේ ජනප්‍රියත්වයත්වය නිසාම ධනූෂ්ට හින්දි සිනමාවෙන් ලැබුණ අවස්ථාවෙන් Raanjhanaa (2013) චිත්‍රපටය හිමිවෙනවා. ධනුෂ් Pa Pandi (2017) අධ්‍යක්ෂණයෙන් සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙනවා. ධනූෂ් තමන්ට තියෙන හැකියාව රඟපෑම විතරක් නෙවෙයි කියලා මේ මාර්ගයෙන් තහවුරු කලා.
2021 වසරේ වැඩිම බලාපොරොත්තු එක්ක ඇවිත් Jagame Thanthiram (2021) වසරේ අසාර්ථකම චිත්‍රපටය බවට පත් වෙනවා. අවසානයෙදී ඊලම ධනූෂ්‍ට හූනියමක් වෙනවා. ධනූෂ්ගේ මෑතකදී සිනමාශාලාවක තිරගත වුණ Karnan (2021) හොඳ ආදායමක් ලබා දෙමින් තිරගත වුවත් අතරමැදදී නිරෝධායන නීති නිසාවෙන් සිනමාශාලා වසා දැමීමට සිදුවුණා. ධනුෂ්ගේ මීළඟට The Grey Man, Thiruchithrambalam, Naane Varuven, Vaathi යන චිත්‍රපට පැමිණීමට නියමිතයි. ටිකෙන් ටික සින්දු ලියන විදිහ ඉගෙනගෙන Thiruchithrambalam චිත්‍රපටයේ ගීත රචනයෙන් තමන්ගේ තවත් දක්ෂතාවයක් හෙළි කරන්නට ධනූෂ් සූදානම් වෙනවා.
“පොල්ලාද උලගම්” ගීතය එක් දිනක් ඇතුලත මිලියන 7.8ක සංඛ්‍යාවක් නරඹා මේ වනවිට එක් දිනකදී වැඩිම නැරඹුම් හිමිකරගත් වීඩියෝ සින්දුව බවට පත් වෙනවා.(ලිරිකල් වීඩියෝව නෙවෙයි.) ඒ වගේම මාරන් ට්‍රේලර් පටය රිලීස් වුණේ ට්විට්ටර් හි ලයික්ස් ප්‍රමාණය සම්පූර්ණ කර ගැනීමෙන් පසුවයි.
මාරන් දෙමළ, තෙළිඟු, මලයාලම්, කන්නඩ යන භාෂා හතරෙන්ම ඩිස්නි හොට්ස්ටාර් ඔස්සේ නිකුත් කරනු ලැබුවා. කොහොම වුණත් මාරන්ට විචාරකයන් පහළ මට්ටමක අගය කිරීම් ලබා දී තිබෙනවා. ගූගල් පරිශීලක මනාප ප්‍රතිශතය 79% ක් සහ Imdb අගය 5/10ක් හිමි වෙනවා. කොහොම වුණත් නරේන්ගේ ටච් එක තරමකට සීමා කරලා ධනූෂ් වෙනුවෙන් හැදුව වාණිජමය චිත්‍රපටයක්. විචාර කොහොම වුණත් මේක අනිවාර්යයෙන්ම බලන්න වටින චිත්‍රපටියක්.
වෙනදා වගේම අදහස් දක්වන හැමෝටමත් ස්තූතියි! බයිස්කෝප් හැමෝටමත් ස්තූතියි! ආයෙත් උපසිරැසියකින් හමුවෙමු.
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB DL පිටපත සඳහා අදාළ වේ.
22,055 downloadsDownload MN-2022.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
49 comments
Kantha_DLA
Naveen Mbr
අනිවාර්යයෙන්ම. ඔයාටත් එසේම වේවා! ;-)
Nilush Angana
Sub ekata thanxNilush Angana
Kushan
Sub akta thanks
Naveen
උපසිරසියට තුති
Anonymous
Thanks for sub
Manoj
උපසිරසියට ස්තුතියි
Eranda
Thanks brother
Lahiru
අඩෝ, උඹේ සබ් නම් කොලිටියි.
පුළුවන්නම් රවි තේජාගේ Khiladi ෆිල්ම් එකටත් සබ් එක දියන්කෝ.Naveen Mbr
අනිවාර්යයෙන්ම. දැන් ඒක කරගෙන යන්නෙ. ගොඩක් ස්තූතියි! <3
ahamed
ashoka vanamlo arjuna kalyanam 2022 sub dennko
oshanda
niyamai sahoo.. digatama demu
Nuwanbuddhika
sub dunnata nam godak thanks. eth movie eka download karagannae kohomada
Anonymous
Patta
V.P
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
indika 75
thanks..
Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
Dineth de silva
Thanks brother
Reddi
Ade film eka downlod krnne mokenda bn hyagannama bari una ne help plz
Anonymous
Love mocktail 2 sub dennkow
Pasindu Madumal
සබ සුපිරියට තිබුණා ✌❤️
Naveen Mbr
ස්තූතියි සහෝදරයා! ;-)
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
Superb
Anonymous
අඩේ බ්‍රෝ....සබ් එක නම් සුපිරි,ඒත් ටැමිල් එක ෆිලුමක්වත් බයිස්කෝප් ඩවුන්ලෝඩ් ලින්ක් එකේ නෑනෙ බ්‍රෝ,අලුත් දෙමළ ෆිල්ම් එකක්වත් නෑනෙ,සබ් එක විතරනි පෙන්නන්නෙ අනේ...
Naveen Mbr
ගොඩක් ස්තූතියි! 1tamilmv නැත්නම් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න Tamilyogi යන්න. :-)
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
dulan
ස්තුතියි !
Redrux
Thnkz bro
Jevan
Thanks machi
hasaga
woow
සරා
පිං කියන්නේ ආයි ඉතින් අම්මොහ්හ්හ් පිං
Malith samarawickrama
Thanks machan sub ekata
Anonymous
දැන් මේ සයිට් එකේ මලයාලම් ෆිල්ම් දෙන්නේ නැත්ද?
එහෙම කරන්න එපා !Gayan
බොහොමත්ම ස්තුතියි
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
ජය වේවා!!!Lasantharathnasirirox
ෆිලුම බැලුව...බොහෝම ස්තුතියි උපසිරැසියට...ජය වේවා !!
nuwan
film eka kohenda ganne
Naveen Mbr
Tamilyogi, 1tamilmv (ටොරෙන්ට්) සයිට් වලින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
Minti
Thank you
Anonymous
fwedqw
Anonymous
subtitles wala ispili alapili thbbhma okkma eka gode penwa... reason eka dnnwda? pot player and KM players wala
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Dewadithya
Thanks for Sub!
Anuththara Nuwan
thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Maaran (2022) Sinhala Subtitles | පෑන් තුඩකට නොදැනෙන අහිමිවීමේ වේදනාව. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/03/මාරන්-e1647182956542.jpg)
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..