බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය හා අත්වැල් බැඳන් සිටින සියලුම රසික රසිකාවියන් ආයුබෝවන් කියා සාදරයෙන් පිළිගන්නවා. සුපුරුදු ලෙසින් අදත් වෙබ් අඩවිය වෙත පැමිණියේ දමිළ සිනමා රසික රසිකාවියන් දිර්ඝ කාලයක් පුරා මඟ බලා සිටි සුපිරි දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. චිත්‍රපටය ගැන ලියන්නට පෙර…

බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය හා අත්වැල් බැඳන් සිටින සියලුම රසික රසිකාවියන් ආයුබෝවන් කියා සාදරයෙන් පිළිගන්නවා. සුපුරුදු ලෙසින් අදත් වෙබ් අඩවිය වෙත පැමිණියේ දමිළ සිනමා රසික රසිකාවියන් දිර්ඝ කාලයක් පුරා මඟ බලා සිටි සුපිරි දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. චිත්‍රපටය ගැන ලියන්නට පෙරාතුව බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මේ සිනමාපටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ඉඩ වෙන් කර දුන් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඇඩ්මින්වරයෙකු වන චාමර සම්පත් සොයුරාට විශේෂ ස්තුතිය පිරිනමනවා.
Nerkonda Paarvai 2019 සිනමාපටයෙන් පසු සුපිරි නළු අජිත් කුමාර් තම රසිකයින් හමුවට සිනමාපටයකින් පැමිණෙන්නේ වසර දෙකකට ආසන්න කාලයකින්, මෙහිදි විශේෂයෙන්ම කැපී පෙනෙන කාරණය නම් Nerkonda Paarvai 2019 සිනමාපටයෙහි නිෂ්පාදකවරයා සහ අධ්‍යක්‍ෂවරයාත් මෙම චිත්‍රපටයේද නිර්මාණ කටයුතු වලට සම්බන්ධව සිටිමයි. Action Packed (ක්‍රියාදාමයන්ගෙන් පිරි) වර්ගීකරණයට අයත්වන මෙම චිත්‍රපටය තුල යතුරු පැදි වලින් හඹායාමේ ක්‍රියාදාම සපිරි දර්ශන බහුලව අඩංගු වෙනවා.එම ක්‍රියාදාම දර්ශනයක් රූගත කරන අවස්ථාවේදි යතුරු පැදියෙන් ඇද වැටිම නිසා සුපිරි නළු අජිත් කුමාර්ගේ අස්ථියක් පවා බිඳී ඇති අතර ඒ සඳහා ඔහු මාස තුනක කාලයක් වෛද්‍ය ප්‍රතිකාරද ලබාගෙන තිබෙන බව සඳහන් වෙනවා. තල අජිත් ඇතුලු සමස්ථ නිෂ්පාදන කණ්ඩායමේ මහන්සිය සහ කැපවීම මල්ඵල ගන්වමින් චිත්‍රපටය තිරගත කල මුල්ම දිනයෙ දි තමිල්නාඩු ප්‍රාන්තයේ පමණක් ඉන්දියානු රුපියල් කෝටි 36 ඉක්මවූ මුදලක් උපයාගෙන මෙතෙක් කිසිදු දමිළ සිනමාපටයක් නොතැබු ආදායම් වාර්ථාවක් තැබීමට Valimai 2022 සිනමාපටය සමත් වූවා. එමෙන්ම තිරගත කොට දින තුනකට පසු සමස්ථ ආදායම ඉන්දීය රුපියල් කෝටි 100 ක් සහ චිත්‍රපටය තිරගත කර සත්වන දින වන විට ලොවපුරාම ආදායම ඉන්දීයානු රුපියල් කෝටි 200 ක මුදලක් උපයා ගනිමින් ඉතිහාස ගතවන්නට පවා Valimai සිනමාපටයට හැකි වුණා. කොරෝනා දෙවැනි රැල්ල පවතින මේ කාලයේදි තල අජිත්ගේ ප්‍රථම PAN INDIA චිත්‍රපටය වන Valimai 2022 මෙලෙස වාර්තා පිට වාර්තා තැබීම විශේෂයෙන් කැපි පෙනෙන අතර එමගින්ද ඔහුගේ හා අනෙකුත් නිෂ්පාදන කණ්ඩායමේ මහන්සිය කොතෙක්ද යන්න පෙනී යනවා. එමෙන්ම චිත්‍රපටය තිරගත කර දින තුනක් ගතවූ පසුව ලැබුණු මිශ්‍ර විචාරක සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසාවෙන් චිත්‍රපටයේ ධාවන කාලයෙන් විනාඩි 14 ක් පමණ ඉවත්කොට තිරගත කරන්නට නිෂ්පාදක කණ්ඩායම විසින් කටයුතු කරනු ලැබුවා. චිත්‍රපටයේ දුෂ්ට චරිතය තෙලඟු සිනමාවේ නැගී එන නළුවකු වන Kartikeya Gummakonda විසින් රඟදක්වන අතර ඔහුද තම රංගන ප්‍රතිභාව මැනැවින් ප්‍රදර්ශණය කර තිබෙනවා.මෙම චිත්‍රපටය ඔහුගේ රංගන දිවියේදි ඔහු රඟපෑ කුළුදුල් දමිළ චිත්‍රපටයද වනවා.
චිත්‍රපටය සඳහා සෑම ප්‍රදේශයකින්ම ලැබුණ ප්‍රතිචාරයන් කිහිපයක්…
චිත්‍රපටය තිරගත තර සත්දිනක් තුල ඉන්දියානු රුපියල් කෝටි 200 ආදායමද ඉක්මවා ගියා…



ඒ කෙසේ නමුත් අජිත් කුමාර්ගේ සැබෑ රසිකයින්ට මෙම විචාරයන් අදාල නොවුනු අතර ඔවුන් පුන පුනා බලාසිටි තම වීරයාගේ Valimai 2022 සිනමාපටය ඔවුන් ඉතා ආදරයෙන් වැළඳ ගත්තා.ගෝලීය වශයෙන් මුළු ලෝකයම මුහුණ පා සිටින දැඩි අර්බුධයක් වන මත් කුඩු ජාවාරම සහ මත් කුඩු මාරයාට බිලිවන තරුණ පිරිස් පිළිබඳව කතිකා කොට නිමැවුනු මේ සිනමාපටය සමාජයටත් යහපත් පණිවිඩයක් ලබාදෙනවා. එසේ නම් වෙනදා මෙන්ම චිත්‍රපටයේ අඩංගු කතාව අදත් කීමට බලාපොරොත්තු වන්නේ නෑ, දමිළ සිනමා රසිකයින් ලෙස හා තලගේ රසිකයින් ලෙස ඔබ බලාපොරොත්තු වූ පරිදි ඔබගේ බලාපොරොත්තු සඵල කරමින් චිත්‍රපටය නිර්මාණය වී ඇති බව සඳහන් කරමින් තවත් සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙන ඒමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.
ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි!
Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරැසි
HC-ESub සහ Tamil Proper HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.
29,782 downloadsDownload Valimai-2022-Update.zip181 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
70 comments
Supun Kaushalya
Arawinda Sunimal
Thanks sub ekata kaatath kalin deela jayawewa..............
Naveen Mbr
සුපිරියි! ගූගල් ට්‍රාන්ස්ලේට් එකටත් කලින්ම.
anonymous
Baiscope dwnload site eke online enne kawadda ?
Sashee Madushanka
කාලෙකින් හමුවුන සුපිරි චිත්‍රපටියක්. තරිදු රුක්ෂාන්ගෙ උපරැසි ගැන්වීමත් හොදම මට්ටෙම් තියෙනවා.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Nava
අඩේහ් වැඩ්ඩෙක්නෙ බන්
Kushan
Sub akta thanks
Malith Keshitha
Film එකත් ,තරිදු රුක්ශාන් සහෝ ගේ උපසිරැසි එකත් පට්ට clear ❤️❤️
Anonymous
Kohomada film එක හොයා ගන්නෙ
Anonymous
Tamilmv eken puluwn
Vinod
Walking dead සබ් දෙන්න please
Naveen
උපසිරසියට තුති
Anonymous
Patta
Rashi
thanx sub akataa..
Redrux
Thnkz bro
Anonymous
Thanks for sub
Khiladi (2022)
Maaran (2022) sub plzoshanda
onna kolla karaliyata bessa.. thanks sahoo
viraj
kohomade film 1 ganne baiscopedownloads web site 1 wadakaranne na
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Sasanka Sathyajith
Thanks for the sub
dulan
ස්තුතියි !
Anonymous
Thanks wewa
Prasa
දෙමල සිනමා වසන්තයක් මේ සතිඅන්තේ ආයුබෝවන්ඩ
ඉතුරුවත් ඉක්මන්ට ඕන හාද ❤Manoj
උපසිරසියට ස්තුතියි
Nilush Angana
Sub ekata thanx
Laka
එල එල බ්‍රෝ
Samith
Thanks brother
Bhanuka
ස්තුතියි සහෝ
Anonymous
තැන්කු වේවා
V.P
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
ishan
thnx sub ekata
Idunil Weerasinghea
Thanks brother
Anonymous
Superb movie
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
Dineth de silva
Thanks brother
අසංක
බොහෝමත්ම ස්තුතියි සහෝ
j.d
සිංහල උපසිරසියට ස්තුතියි
Anonymous
පට්ට පදිරි ෆිලුම
Thilina
thanks saho
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..Eranda
Thanks brother
Anonymous
තලාගේ සුපිරියක් තමයි ඉතින්
සබට තෑන්ක්ස් ලොක්කාHasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Jevan
Thanks machi
සරා
පිං කියන්නේ ආයි ඉතින් අම්මෝහ්හ්හ් පිං
Shane de silva
Great movie ..great subtitles ..keep going
Anonymous
Original copy thama ndda hc nathuwa
Gayan
බොහෝමත්ම ස්තුතියි
Anonymous
තැන්ක්ස් broo... super
Sandun
සිංහල උපසිරැසියට ස්තූතියි❤️
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
ජය වේවා!!!
Advertisement
![Valimai (2022) Sinhala Subtitles | ශක්තිය! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/03/වලිමායි-2022.jpg)
තෑන්ක්ස් සබ් එකට සහෝ