“Q” (Desire) අර්ධ නාගරික පරිසරයක වෙසෙන යෞවන යෞවනියන්ගේ ආශාවන් සහ අපේක්ෂාවන් කැටි කොට නිර්මාණය කොට ඇති චිත්‍රපටයකි. මෙම චිත්‍රපටයේ කතා වස්තුව එතරම් ප්‍රබල එකක් නොවේ. කෙසේ වෙතත් මෙම චිත්‍රපටයෙන් සමකාලීන තරුණ තරුණියන්ගේ මානසිකත්වයත්, ජීවන රටාවත් පිළිඹිබු කෙරේ. සිසිලි : යෞවන ආශාවන්ගෙන් ඔඳ වැඩී ගිය කෙළි…

Q (2011)

“Q” (Desire) අර්ධ නාගරික පරිසරයක වෙසෙන යෞවන යෞවනියන්ගේ ආශාවන් සහ අපේක්ෂාවන් කැටි කොට නිර්මාණය කොට ඇති චිත්‍රපටයකි. මෙම චිත්‍රපටයේ කතා වස්තුව එතරම් ප්‍රබල එකක් නොවේ. කෙසේ වෙතත් මෙම චිත්‍රපටයෙන් සමකාලීන තරුණ තරුණියන්ගේ මානසිකත්වයත්, ජීවන රටාවත් පිළිඹිබු කෙරේ.

සිසිලි : යෞවන ආශාවන්ගෙන් ඔඳ වැඩී ගිය කෙළිලොල් තරුණියක්.

ඇලිස් : යෞවන ආශාවන්ගෙන් පීඩනයට පත් වී සිටියත් ඒවා තෘප්තිමත් කර ගැනීමට පසුබට වන තරුණියක්.

මැතිව් : ඇලිස්ගෙ පෙම්වතා. ඒත් ඔහුගේ ආදරය අවන්කද?

චාන්ස් : සිසිලිගේ පෙම්වතා වූ දඩබ්බර තරුණයෙක්. සිසිලිගේ ඔහුට ඇති ආදරය අවන්කද?

මෙම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව ඉදිරිපත් කරන ‘සිසිලි’ ඇගේ පියාගේ අභාවයෙන් ඇති වූ සිත් තැවුල පිට කරන්නේ තිරශ්චීන ලිංගික ක්‍රියාවල යෙදෙමින්ය. ඇයට මෙයින් සැනසීමක් ඇති වේද?

සිසිලිගේ පෙම්වතාවූ ‘චාන්ස්’ ට ඇගෙන් ආදරයක් ලැබේද? දෙදෙනාගේ අනාගතය කෙබඳු වේද?

යෞවන ලිංගික ආශාවන් සපුරා ගැනිමට සිහින් බියක් දක්වන ‘ඇලිස්’ නිසා ඔහුගේ පෙම්වතා වූ ‘මැතිව්’ කුමන පියවරක් ගනීද?

විරැකියාවෙන්, වැඩ වර්ජන වලින් සහ සමාජ ගැටුම්වලින් පීඩාවට පත්ව සිටින මෙම තරුණ තරුණියන්ගේ ජීවිතවලින් බිඳක් ඉදිරිපත් කරන “Q” (Desire) සිංහල උපසිරැසි සමග මෙසේ ඉදිරිපත් කෙරේ.

මෙහි දෙබස් හඬකවා ඇත්තේ ප්‍රංශ භාෂාවෙන්ය. එය බටහිර භාෂා ශෛලියක් වන අතර බටහිර සමාජයට අනුකූල වේ. සිංහල පරිවර්තනය හැකි තරම් දුරට ලාංකික භාෂා ව්‍යවහාරයට උචිත අන්දමින් සකස් කොට තිබේ. කෙසේ වෙතත් අව්‍යක්ත වචන එලෙසින්ම ඇතුලත් කොට තිබේ.

මෙම චිත්‍රපටය වයස අවුරුදු 18 ට වැඩි අයට පමණක් සීමා කොට තිබේ.

මෙම ලබා දී ඇති උපසිරසි ” DVDRip x264 xTriLL” පිටපතට අදාළ වේ.

11,877 downloadsDownload Q.2011.Baiscopelk.com_.rar35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සහනි” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සහනි

Subtitles

11,877 downloadsDownload Subtitles35 KB

5 comments

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  2. Sasiru

    Thank you very much for your commitment, highly appreciate it. please keep going.

  3. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

    1. Anonymous

      Film aka mokenda download kare

  4. Anonymous

    Meke sub aka gaththama foldar ake sub aka na ne sub aka dennako thiyanawanam