හැමෝටම තෙරුවන් සරණයි ! ජය වේවා ! ඉතින් ඔයාල හැමෝම හොඳින් කියල හිතනව, පසුගිය දවස් වලනම් මොනයම් හෝ විදිහකට සොබා දහමින් ගැටලු කාරී දේවල් සිද්ධ උනා, ඒ අයට ඉක්මනින්ම යහපතක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව, කොහොම හරි ඉතින් මේ වතාවෙ Steven Seagal ගෙ අලුත් ෆිල්ම් එකක් තමයි අරගෙන ආවෙ, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන…

හැමෝටම තෙරුවන් සරණයි ! ජය වේවා ! ඉතින් ඔයාල හැමෝම හොඳින් කියල හිතනව, පසුගිය දවස් වලනම් මොනයම් හෝ විදිහකට සොබා දහමින් ගැටලු කාරී දේවල් සිද්ධ උනා, ඒ අයට ඉක්මනින්ම යහපතක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව, කොහොම හරි ඉතින් මේ වතාවෙ Steven Seagal ගෙ අලුත් ෆිල්ම් එකක් තමයි අරගෙන ආවෙ, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2016 මැයි මාසෙ 13 වෙනිද, IMDB අගය 3.4 ක් විදිහට තමයි සටහන් වෙන්නෙ, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Daniel Zirilli කියල කෙනෙක්, ඇත්තටම මේ ෆිල්ම් එක බාර අරගෙන සතියකටත් වැඩි කාලයක් ගියා සබ් එක කරන්න, මොකද අධික වර්ෂාවත් එක්ක විදුලිය ගැටලුවක් වුනු හින්ද, ඒ ගැන කාරුණිකව සමාව ඉල්ලා සිටිමි.
ෆිල්ම් එක ගැන විස්තරයක් කරන්නම් මේ විදිහට, මේ ෆිල්ම් එකේ සියලුම ජවනිකා රූගත කරල තියෙන්නෙ තායිලන්තයේ, ෆිල්ම් එකේ හැටියට ස්ටීවන් සීගල් තායිලන්තයේ ලොකු ව්‍යාපාරිකයෙක්, එයාගෙ සියලුම මුදල් තැන්පත් කරල තියෙන්නෙ තායිලන්තයේම බැංකු වල, ඉතින් මෙයා ඔහොම ව්‍යාපාර කරගෙන යන අතරෙ ජැක් සහ සෑම් කියල දෙන්නෙක් ස්ටීවන් සීගල්ගෙ බැංකුවක් මංකොල්ල කනව, ස්ටීවන් සීගල් මේ ගැන හොයන්න බාර දෙන්නෙ එයාගෙ ළඟම සේවකයෙකුට, එයාට කියන්නෙ නීරන් කියල, කොහොම හරි මේ නීරන් ජැක්ව අල්ල ගන්නව, නමුත් මේ නීරන් එයාව අල්ල ගත්තට පස්සෙ කරන්නෙ වෙනම දෙයක්, එයා ජැක්ට තර්ජනය කරනව දිගටම මංකොල්ල කන්න කියල, මුලින් ජැක් ඒකට කැමති වෙන්නෙ නෑ, පස්සෙ තමයි කැමති වෙන්නෙ, ඒ විදිහට නීරන් කරන්නෙ ස්ටීවන් සීගල්ගෙ මුදල් තැන්පත් කරල තියෙන බැංකු වල විස්තර ජැක්ට දෙනව, ජැක් සහ සෑම් ගිහින් ඒ බැංකු වල තියෙන සල්ලි මංකොල්ල කනව, ඉතින් ඔහොම දිගින් දිගටම මේ සිද්ධිය කෙරීගෙන යන නිසා ස්ටීවන් සීගල්ට මේ නීරන් ගැන සැක හිතෙනව, නමුත් එයාගෙ ළඟ ඉන්න කිසිම සේවකයෙකුට මේක හොයා ගන්න බෑ, ඊට පස්සෙ ස්ටීවන් සීගල් තීරණය කරනව, මේ වැඩේට සම්බන්ධ වුනු සියලුම දෙනාව මරල දාන්න, එතනින් එහාට එයා මොකක්ද කරන්නෙ කියල දැන ගන්න නං ෆිල්ම් එක බලන්නම වෙනව, වැඩිය විස්තර කරන්නෙ නෑ එහෙම වුනොත් ෆිල්ම් එකේ රසය නැති වෙන හින්ද, ඉතින් සබ් එකේ මොනවා හෝ අවුලක් තිබුනොත් ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලන අතර සියලුම දෙනාට නිරෝගි බව ලැබෙන්න කියල අපි ප්‍රාර්ථනා කරන්නෙමු !!
ලබා දී ඇති උපසිරැස WEBRip පිටපත් සඳහා අදාළ වේ.
6,352 downloadsDownload The-Asian-Connection-2016.zip97 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/DinushaR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනූෂ රුක්ෂාන්
Subtitles
24 comments
isuru
BC Game House
rex
Film aka download karane kothaninda.
Don
Torrent walin down karanna appaaa...ammoooo moda kamaaa appa
Ravi Darshana
c0be02b7b319c74d5c8408b21dbe27a179029735 menna hashtag aka meken ganna
DeucalionSL
THnZ bN
Dinuka
Film eka download karanna vidiyak nahane....link ekak hari hashtag ekak hari dennako kauru hari......
Ravi Darshana
c0be02b7b319c74d5c8408b21dbe27a179029735 menna hashtag aka meken ganna
sajith
Tax sub ekata
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
නියමයි මචෝ...
ෆිලුම නම් බාලා තියෙන්නේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...dulshan
film 1 download karanna vidiyak nane..kauru hari udaw karannako...plzz
Sajith Anthony
සබ් එකට බොහෝම ස්තුතියි,
ජය වේවා...!!!Raveesha Karunasinghe
Menna link eka...
https://torrentz.eu/c0be02b7b319c74d5c8408b21dbe27a179029735
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Ravi Darshana
c0be02b7b319c74d5c8408b21dbe27a179029735 menna hashtag aka meken ganna sub akata thx jaya wewa
D Chamara
bohoma sthuthi sahooo
අජිත් කුමාර
මෙලෝ රහක් නැති ෆිලුමක්. ඩේටා කපාගෙන බලන්න එපා අපරාදෙ.
රොයිලි
බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chamath
godak sthuthiy sahodaraya.
Bobby
Thank you very much
chathuranga44
annabelle sub ekat danda ayya
Imesh D
Thnxx
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

sub ekata thanx mchn