Watch Trailer

ගුඩ් බෝයි (2025) Sinhala Subtitles | ස්වාමියාගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවුණ මිතුරා! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ පාර මම අරගෙන ආවේ මෑතක යම් ආන්දෝලනයක් ඇති කරපු ෆිල්ම් එකක්. ඒකට හේතුව වෙන්නේ මේකෙ තනිකරම කතාව ගෙතෙන්නේ තමන්ගේ අයිතිකාරයාව අන්ධකාරයෙන් බේරගන්න වෙර දරන බල්ලෙක් වටායි, ඔහු නමින් ඉන්ඩි. ඒ අනුව මේකේ සම්පූර්ණ කතාවම යන්නේ මේ ඉන්ඩි කියන බලු පැටියගේ කෝණෙනුයි. හැබැයි එහෙමයි කියලා එක තප්පරේකටවත…

 

ඔන්න එහෙනම් මේ පාර මම අරගෙන ආවේ මෑතක යම් ආන්දෝලනයක් ඇති කරපු ෆිල්ම් එකක්. ඒකට හේතුව වෙන්නේ මේකෙ තනිකරම කතාව ගෙතෙන්නේ තමන්ගේ අයිතිකාරයාව අන්ධකාරයෙන් බේරගන්න වෙර දරන බල්ලෙක් වටායි, ඔහු නමින් ඉන්ඩි. ඒ අනුව මේකේ සම්පූර්ණ කතාවම යන්නේ මේ ඉන්ඩි කියන බලු පැටියගේ කෝණෙනුයි. හැබැයි එහෙමයි කියලා එක තප්පරේකටවත් ඇහැ අහකට නම් ගන්න හිතෙන එකක් නෑ, ඒ තරමටම මාරයි මෙයාල මේ බලු පැටියගේ හැසිරීම්, මූව්මන්ට් කැප්චර් කරන් තියෙන විදිහ. ඔයාලට හිතෙයි මේකෙ ඉන්න මිනිස්සුන්ට වඩා බලු පැටියා හොඳට රඟපානවනෙ කියලත්. ඒ තරමටම මාරයි, සිත් ඇදගන්නාසුළුයි. මේ ෆිල්ම් එක බලලා ඉවර වුණාම ගොඩක් අයට ප්‍රශ්නයක් නැගෙයිද දන්නෑ මේකෙ ඉන්න බල්ලා CGI වත්ද කියලා. ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි පොඩ්ඩක්වත් එහෙම නෑ. මේ ෆිල්ම් එකට අරන් තියෙන්නේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකතුමාගෙම බල්ලව. ඒ වගේම මේ ෆිල්ම් එකේ බජට් එක ඩොලර් මිලියන එකකටත් වඩා අඩුයි, ඉතිං CGI පාවිච්චි කරන්න තරම් ප්‍රමාන මුදලකුත් නෙවෙයි ඒක. 

මේකෙ කතාව ගැන නම් මං මුකුත්ම කියන්න යන්නෑ මොකද ෆිල්ම් එක තියෙන්නෙත් පැයයි විනාඩි දහතුනයි, මීට වඩා කිව්වොත් බලන්න දෙයක් ඉතුරු වෙන්නෙත් නෑනේ. කොහොම හරි මේකෙ කතාව ගෙතෙන්නේ මං කලින් කිව්වත් වගේ මිනිසා සහ බල්ලා අතර ඇති සම්බන්ධකම වටායි. මේ බල්ලා සහ මිනිසා අතර ඇති සම්බන්ධකම පටන් ගත්තේ අද ඊයෙක නෙමේ, මිනිසුන් ගල්ගුහා වල අඳුරේ ජීවත් වුණ දා සිටම ඔවුන් හොඳ මිතුරන්. දැනට ඇති සාක්ශි වලින් පෙනෙන විදිහට ගුහා යුගයෙදී ඕනෑම ජීවීන් වර්ග දෙකක් අතරේ, ඒ කිව්වේ මිනිසුන්, බල්ලන් පූසන් වැනි ඕනෑම සතුන් වර්ග අතරේ හොඳම හවුල්කාරීත්වය තිබිලා තියෙන්නේ බල්ලා සහ මිනිසා අතරයි, අනිත් කිසිම සතුන් වර්ගයන් වලට වඩා. ඒ කාලෙ ඉඳන්ම බල්ලන් අපිව නොපෙනෙන තර්ජන වලින් බේරගත්තා වගේම, විලෝපිකයෝ ගැනත් අපිට අනතුරු ඇගෙව්වා. මේ වෙන කොට අපි ගල්ගුහා අතෑරලා හුඟක් දුර ඇවිත් වුණත් තාමත් අන්ධකාරය අපේ පසුපස හොල්මන් කරනවා.  මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Ben Leonberg විසින්. සිනමාශාලාවන්ට නිකුත් වුණේ ඔක්තෝම්බර් 03 වෙනිදා, වෙබ් පිටපත් නිකුත් වුණේ අද දින ඔක්තෝම්බර් 24. සිනමාශාලාවන් වලින් මේක ආදායම් උපයනවා ඩොලර් මිලියන 07 වඩා වැඩි මුදලක්. ඒක චිත්‍රපටය හදන්න ගිය සහ මාකටින් වලට ගිය මුදලට වඩා දෙගුණයක් තුන්ගුණයක් විතර වෙනවා. ඒ කියන්නේ මේක බොක්ස් ඔෆිස් අතින් සාර්තක චිත්‍රපටයක්.  මේ වන විට මේකට ලැබුණු ප්‍රේක්ශක ප්‍රතිචාර ගැන කතා කළොත්, IMDb දර්ශකේ 6.5කුත් කුණු තක්කාලි 89%ක ඉහල ගුණාත්මක ප්‍රතිශතයකුත් මීට ගන්න හැකිවෙලා තියෙනවා. එහෙනම් තව මොනා කියන්නද අපේ ඩෝග් ෆෑන්ස්ලා ඉන්නවා නම් අනිවාරෙන් මේක බලයි සහ බැලිය යුතුමයි, අනිත් අයත් වෙනස්ම ආකාරයක හොල්මන් චිත්‍රපටයක් බලන්න ඕන්නම් අනිවා බලන්න. හැබැයි ඔය බලන කොයි කාටත් මේක බලලා ඉවර වුණාම හිතෙයි අනේ මටත් මේ වගේ බල්ලෙක් හිටියා නම් කියලා.  එහෙනම් ජයවේවා!  

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,486 downloadsDownload Good-Boy-2025.zip14 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

2,486 downloadsDownload Subtitles14 KB

8 comments

  1. යුරාන් ධනුක

    නියමයි සහෝ. ආපු ගමන් දීලනේ. ෆිලුම බාගෙන තියෙන්නේ සබත් එක්කම බලනවා.
    බොහෝම ස්තූතියි ජයවේවා!!!

  2. GMS Wijesinghe

    Thnaks bro

  3. Sumindu Maduranga

    The Long Walk (2025) Movie එකට සිංහල උපසිරැසි ලබා දෙන්න පුළුවන් ද?

  4. Buddhika laKMal

    බලන්නම හිටපු මූවි එකක්....
    ස්තූතියි ඔලිවර් සහෝ උපසිරැසියට

  5. Rashi Iddamalgoda

    Thanks bro

  6. Viraj

    Thank you

  7. Anonymous

    Thank you

  8. Anonymous

    Thank you <3