Watch Trailer

Aabhyanthara Kuttavaali (2025) Sinhala Subtitles | කසාදයක් කර ගත්තා [සිංහල උපසිරැසි]

Aabhyanthara Kuttavaali (2025 Sinhala Subtitless ආයුබෝවන්,මේකත් ලස්සන මලයාලම් කොමඩියක්. ඒත් ඇතුලෙ ලස්සන පණිවිඩයක් කියනවා. මලයාලි සිනමාව ප්‍රමූඛ ඉන්දියානු සිනමාව බොහෝ විට පුරුෂ මූලික සිනමාවක්. මේ චිත්‍රපටය කියන්නෙ පුරුෂයාට නීතිය ඉදිරියේ සිදුවන අසාධාරණය සහ අසමාන සැලකීම ගැන. ඇත්තටම සමාජයේ බොහෝ විට සිද…

Aabhyanthara Kuttavaali (2025 Sinhala Subtitless

ආයුබෝවන්,මේකත් ලස්සන මලයාලම් කොමඩියක්. ඒත් ඇතුලෙ ලස්සන පණිවිඩයක් කියනවා. මලයාලි සිනමාව ප්‍රමූඛ ඉන්දියානු සිනමාව බොහෝ විට පුරුෂ මූලික සිනමාවක්. මේ චිත්‍රපටය කියන්නෙ පුරුෂයාට නීතිය ඉදිරියේ සිදුවන අසාධාරණය සහ අසමාන සැලකීම ගැන. ඇත්තටම සමාජයේ බොහෝ විට සිද්ධි වලදී වින්දිතයා වෙන්නෙ කාන්තාව. ඒ වගේම බැනුම් අහන්නෙ පිරිමියා. සමාජ මාධ්‍යයේත් මේක අපි නිතර දකිනවා. කාන්තාව රූමත් කෙනෙක් නම් එයා අපරාධකාරියක් උනත් කමක් නෑ . දන්නවනෙ මේ දවස් වල ලංකාවෙත් සිද්ධ වෙන දේ? ඉතිං මේ වගේම කතන්දර කීපයක් මලයාලි සිනමාවෙ මෑතකදි ආවා. මේකත් එකක්.

තරුණයෙක් යෝජනාවකින් කසාද බඳින එකෙන් තමයි කතාව පටන් ගන්නෙ. ඒත් දවස් දහයයි ඉන්නෙ මනමාලි යනවා. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යටතේ තමයි තරුණයාට විරුද්ධව නඩු යන්නෙ. ඉතින් ඔහුගෙ ජීවිතේ උඩු යටිකුරු වෙනවා. හේතුව මේක බලල දැන ගම්මු.

අසිෆ් අලි. තුලසි,ජග්දීශ්, අසීස් නෙඩුමන්ගාඩ්, වැනි නළුවන් මේකෙ රඟපානවා. කුළුඳුලේ අධ්‍යක්ෂණය සේතුනාත් ප්‍රේම්කුමාර්.

තවත් ලස්සන උපසිරැසියකින් නැවත හමු වෙමු. ආයුබෝවන්

Aabhyanthara Kuttavaali (2025 Sinhala Subtitless

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP  පිටපත් සඳහා පමණක් වලංගු වේ.

3,263 downloadsDownload Aabhyanthara-Kuttavaali-2025.zip57 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Aabhyanthara Kuttavaali (2025) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

3,263 downloadsDownload Subtitles57 KB

8 comments

  1. Isuru

    Supiri puluwannam Mirage (2025) film ekatath sub denna

  2. Arawinda

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  3. Raji

    අඩේ මලයාලම් නම් පිස්සුවක්
    ගොඩක් ස්තුතියි ඔයාට
    බුදුසරණයි

  4. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ මේ සුපිරි මලයාලමට සබ් දුන්නට

  5. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  6. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  7. Supun Kaushalya

    Thank you සබ් එකට!
    Thalavara (2025) ටැමිල්-මලයාලම් ෆිල්ම් එකටත් සබ් දෙන්නකො ලස්සන කතාවක්

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤