Watch Trailer

Extremely Wicked, Shockingly Evil and Vile (2019) Sinhala Subtitles | සාහසික දාම ඝාතක ටෙඩ් බන්ඩිගේ කතාව [සිංහල උපසිරැසි]

Extremely Wicked, Shockingly Evil and Vile (2019) Sinhala Subtitles මේ වතාවේ මං අරගෙන ආවේ තවත් සුපිරිම සිනමාපටයක්. ඒ තමයි සුප්‍රකට දාම ඝාතක ටෙඩ් බන්ඩිගේ චරිතය පාදක කරගනිමින් නිර්මාණය කෙරුණු Extremely Wicked, Shockingly Evil and Vile (2019) කියන චිත්‍රපටය. මේක අධ්‍යක්ෂණය කළේ ජෝ බර්ලින්ගර් විසින් මයි…

Extremely Wicked, Shockingly Evil and Vile (2019) Sinhala Subtitles

මේ වතාවේ මං අරගෙන ආවේ තවත් සුපිරිම සිනමාපටයක්. ඒ තමයි සුප්‍රකට දාම ඝාතක ටෙඩ් බන්ඩිගේ චරිතය පාදක කරගනිමින් නිර්මාණය කෙරුණු Extremely Wicked, Shockingly Evil and Vile (2019) කියන චිත්‍රපටය. මේක අධ්‍යක්ෂණය කළේ ජෝ බර්ලින්ගර් විසින් මයිකල් වර්වී විසින් රචනා කළ තිර පිටපතකට අනුවයි. මේ තිර පිටපත රචනා කළේ ටෙඩ් බන්ඩිගේ කළින් පෙම්වතියක් ව සිටි එළිසබෙත් කෙන්ඩොල් විසින් රචනා කළ ‘The Phantom Prince: My Life with Ted Bundy’  නම් කෘතිය ඇසුරින්. මේ චිත්‍රපටයේ ටෙඩ් බන්ඩි ලෙස රංගනයේ දායක වෙන්නේ ජනප්‍රිය නළු Zac Efron. ඒ වගේම කෙන්ඩාල් ලෙස Lily Collins, බන්ඩිගේ බිරිඳ කැරොල් ඈන් බූන් ලෙස Kaya Scodelario, සහ එඩ්වඩ් කොවාට් ලෙසින් John Malkovich ප්‍රධාන චරිත වලට දායක වෙනවා. මේ චිත්‍රපටයේ නම උපුටා ගෙන ඇත්තේ, ටෙඩ් බන්ඩිගේ මරණ දණ්ඩනය පනවන අවස්ථාවේ විනිසුරු වුණු එඩ්වඩ් කොවාට් විසින් ටෙඩ්ගේ ක්‍රියාවන් හැඳින්වීමට යොදාගත් වාක්‍යයක් වන  “Extremely Wicked, Shockingly Evil and Vile – අතිශයින්ම නපුරු, කම්පනීය ලෙස දුෂ්ඨ සහ අධම” යන්නයි. මේ චිත්‍රපටය සන්ඩාන්ස් සිනමා උළලේදී ප්‍රදර්ශනය කෙරුණේ 2019 ජනවාරි 26 වැනිදායි. ඉන්පසුව 2019 මැයි 03 වැනිදා නෙට්ෆ්ලික්ස් මඟින් නිකුත් කෙරුණා. Extremely Wicked, Shockingly Evil and Vile සිනමාපටයට සම්මාන සහ නිර්දේශවීම් කිහිපයක් ලැබුණා, විශේෂයෙන්ම ටෙඩ් බන්ඩි ලෙස Zac Efronගේ රංගනය අගය කිරීමට ලක් කෙරුණා. එමෙන්ම සත්‍ය සිදුවීම් හැකිතාක් නිරවද්‍යව නිරූපණය කිරීමට උත්සහ කිරීම ගැනද මේ සිනමා පටයට පැසසුම් ලැබුණා.

Extremely Wicked, Shockingly Evil and Vile (2019) අධ්‍යක්ෂක ජෝ බර්ලින්ගර් සහ The Phantom Prince: My Life with Ted Bundy රචනා කළ එළිසබෙත් කෙන්ඩාල් 

Extremely Wicked, Shockingly Evil and Vile (2019) සිනමාපටය විසින් ලබාගත් සම්මාන – Awards

  1. Mammoth Film Festival (2019)
    • Best Actor: Zac Efron
    • Grand Jury Award: Extremely Wicked, Shockingly Evil and Vile
  2. Behind the Scenes of Acting Awards (2019)
    • Outstanding Achievement in Filmmaking (Acting): Zac Efron

සම්මාන සඳහා නිර්දේශ වීම් – Nominations

  1. People’s Choice Awards (2019)
    • Favorite Drama Movie
    • Favorite Drama Movie Star: Zac Efron
  1. Saturn Awards (2019)
    • Best Actor in a Streaming Presentation: Zac Efron
  1. National Film and Television Awards (2019)
    • Best Horror/Thriller Film: Joe Berlinger (director)
  1. Sundance Film Festival (2019)
    • Best American Independent Feature Film: Joe Berlinger 

Extremely Wicked, Shockingly Evil and Vile (2019) සිනමාපටයේ චරිත සහ එම චරිත වලට පාදක වුණු සත්‍ය පුද්ගලයන්

දාම ඝාතක ටෙඩ් බන්ඩි ගැන කෙටි විස්තරයක් මම පහළින් පළ කරනවා.

තියඩෝර් ටෙඩ් බන්ඩි කියන්නේ ඇමරිකානු දාම ඝාතකයෙක් සහ ස්ත්‍රී දූෂකයෙක්. ඔහුව සැළකෙන්නේ 20 වන සියවසේ අගභාගයේ වඩාත්ම කුප්‍රකට අපරාධකරුවන්ගෙන් කෙනෙක් හැටියටයි. ඔහු  1946 නොවැම්බර් 24 වන දින වර්මොන්ට් වල බර්ලින්ටන්හි එලිසබෙත් ලුන්ඩ් අවිවාහක මව්වරුන්ගේ නිවසේ එලිනෝර් ලුයිස් කොවෙල්ට දාව තියඩෝර් රොබට් කොවෙල් නමින් උපත ලැබුවා. ඔහුගේ ජීව විද්‍යාත්මක පියාගේ අනන්‍යතාවය කිසිදා තහවුරු කර නැහැ; ඔහුගේ මුල් උප්පැන්න සහතිකයේ පෙනෙන පරිදි පීතෘත්වය ලොයිඩ් මාෂල් නම් විකුණුම්කරුවෙකුට සහ එක්සත් ජනපද ගුවන් හමුදා ප්‍රවීණයෙකුට පවරලා තිබුණත්, එහි පිටපතක ඔහුගේ පියා නොදන්නා ලෙස දක්වා තිබෙනවා. ඔහුගේ ජීවිතයේ මුල් වසර තුන තුළ, බන්ඩි ෆිලඩෙල්ෆියාවේ රොක්ස්බරෝ අසල්වැසි ප්‍රදේශයේ ජීවත් වුණේ ඔහුගේ මව් පාර්ශවයේ ආච්චි සහ සීයා වන සැමුවෙල් නෙක්ට් කොවෙල් සහ එලිනෝර් මිරියම් ලෝන්ග්ස්ට්‍රීට් සමඟයි. එකල විවාහයෙන් බැහැර සම්බන්ධයක් නිසා සිදුවුණු දරු ප්‍රසූතිය සමඟ ඇති වූ සමාජ අපකීර්තිය වළක්වා ගන්න ඒ යුවළ ඔහුව ඇති දැඩි කළේ තමන්ගේ පුතෙක් විධියට. ටෙඩ් බන්ඩි ගත කළේ දුෂ්කර ළමා කාලයක්; ඔහුට තමන්ගේ සුළු පියා එක්ක දැඩි සම්බන්ධතාවයක් තිබුණා. ඔහුගේ ලැජ්ජා සහගත ස්වභාවය නිසා ඔහු නිතර හිරිහැර වල ඉලක්කයක් බවට පත් වුණා. කෙසේ වෙතත්, පසුව, ඔහුගේ බුද්ධිය සහ සමාජ කුසලතා නිසා ඔහුට සාර්ථක විශ්ව විද්‍යාල ජීවිතයක් භුක්ති විඳීමට හැකි වුණා වගේම, ඔහු කාන්තාවන් එක්කත් සාමාන්‍ය පරිදි සබඳතා වර්ධනය කර ගන්න සමත් වුණා. 

වමේ සිට දකුණට; ටෙඩ් බන්ඩි පාසල් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක් ලෙස 1965දී, ටෙඩ් බන්ඩි ලෙස රඟන  Zac Efron, එළිසබෙත් කෙන්ඩොල් ලෙස රඟන Lily Collin

ටෙඩ් බන්ඩි 1974 පෙබරවාරි මාසයේදී වොෂින්ටනයේදී ඔහුගේ වාර්තාගත පළමු ගොදුර ඝාතනය කළ අතර, ඔහුගේ පසුකාලීන අපරාධ ඔරිගන්, කොලරාඩෝ, යුටා සහ අයිඩහෝ දක්වා විහිදී ගියා. ඔහු නිතරම තම වින්දිතයින්ගේ සිරුරු නැවත බලන්නට ගියා.  වන සතුන් විසින් කා දැමීමෙන් හෝ ස්වභාවිකව දිරාපත් වී විනාශ වීමෙන් තවදුරටත් පරිහරණය කළ නොහැකි වන තෙක් ඒවා මත ලිංගික ක්‍රියා සිදු කරන්නට ඔහු කටයුතු කළා.මිනීමැරුම් වලට අමතරව, බන්ඩි ගෙවල් බිඳීමේද නිරත වූ අතර, අවස්ථා කිහිපයකදී ඔහු රාත්‍රියේ නිවෙස් වලට කඩා වැදී නින්දේදී ඔහුගේ වින්දිතයින්ට පහර දී, අඩපණ කර, ගෙල සිර කර ලිංගික අතවර කළ සිද්ධි වාර්තා වී තිබුණා. ඔහු 1974 සහ 1978 අතර කාලය තුළ වොෂින්ටන්, ඔරිගන්, කොලරාඩෝ, යූටා සහ ෆ්ලොරිඩා හි තරුණියන් දුසිම් ගනනක් පැහැරගෙන, දූෂණය කර ඝාතනය කර තිබුණා. බන්ඩි මිනීමැරුම් 30 ක් කළ බවට පාපොච්චාරණය කළ නමුත් සමහරු විශ්වාස කරන්නේ ඔහු සැබවින්ම සිය ගණනක් මරා දමන්නට ඇති බවයි. ඔහුගේ ක්‍රියා පටිපාටිය සාමාන්‍යයෙන් සමන්විත වූයේ තමාට උදව් අවශ්‍ය බව තම ඉලක්කයට ඒත්තු ගැන්වීම හෝ තමා බලධාරියෙකු බව විශ්වාස කිරීමට සලස්වා ඔවුන් රවටා ගැනීමයි. ඉන්පසුව ඔහු තම වින්දිතයා තම වාහනයට ඇද ගෙන ගොස්, ඔවුන්ව සිහිසුන් කර, පසුව මාංචු දමා ඔවුන්ව දුරස්ථ ස්ථානයකට ගෙන ගොස් ලිංගික අතවර කර මරා දැමුණා.

1979 මිනීමැරුම් නඩුවට ටෙඩ් බන්ඩි මුහුණ දුන් අවස්ථාව, 1978 දී ටෙඩ් බන්ඩි ත්‍රිත්ව ඝාතන අභිචෝදනයට ලක් වුණු අවස්ථාව, ෆ්ලොරීඩාහි ඝාතන නඩුවට ටෙඩ් විසින්ම නීතිඥයා ලෙස පෙනී සිටීම සහ එම අවස්ථා සිනමාපටයේ නිරූපණය කෙරුණු අන්දම

1975 දී, බන්ඩි යූටාහිදී අත්අඩංගුවට ගෙන සිරගත කෙරුණා. පසුව ඔහු ප්‍රාන්ත කිහිපයක නොවිසඳුණු මිනීමැරුම් ලැයිස්තුවේ සැකකරුවෙකු බවට පත්වුණා. කොලරාඩෝ වල මිනීමැරුම් චෝදනාවලට මුහුණ දුන් බන්ඩි, කළින් සැලසුම් කරගෙන හිරෙන් පැන ගොයා. අනතුරුව ෆ්ලොරිඩාවේ තවත් පහරදීම් කිරීමෙන් පසුව 1978 දී නැවත අල්ලා ගනු ලැබුණා. ඔහුගේ අපරාධවල බිහිසුණු ස්වභාවය කෙතරම් දරුණු වූවත්, බන්ඩි 1977 දී කොලරාඩෝ හිදී අත්අඩංගුවෙන් පැන යාමෙන් පසුව, ජනමාධ්‍යය ඔස්සේ විශේෂයෙන් ජනප්‍රිය පුද්ගලයෙකු බවට පත් වුණා. ඔහුගේ නඩු විභාගය අතරතුර ඔහුගේ ආකර්ෂණීය බව සහ බුද්ධිය සැලකිය යුතු මහජන අවධානයක් දිනා ගත්තා. ඔහුගේ නඩුව දාම ඝාතන සඳහා කැප වූ ජනප්‍රිය නවකතා සහ චිත්‍රපට මාලාවකට ආභාෂය ලබා දුන්නා. ඉමහත් ප්‍රසිද්ධියට පත් වූ නඩු විභාගයකින් පසුව, 1979 දී විද්‍යාල ශිෂ්‍යාවන් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට මරණ දඬුවම නියම කෙරුණා. ඊළඟ වසරේදී ඔහුට නැවතත් මරණ දඬුවම නියම වූයේ අවුරුදු 12 ක දැරියක් දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන්. අනතුරුව 1989 ජනවාරි 24 වන දින ෆ්ලොරිඩා ප්‍රාන්ත බන්ධනාගාරයේ විදුලි පුටුවේ දී මරණ දඬුවම පැමිණවීම නිසා ඔහුගේ ජීවිතය අවසන් වුණා. චරිතාපදාන රචක ඈන් රූල් බන්ඩි විස්තර කළේ “තවත් මිනිසෙකුගේ වේදනාවෙන් සහ සිය ගොදුරු කෙරෙහි බලපවත්වන පාලනයෙන් තෘප්තියක් ලැබූ, ඔවුන්ගේ මරණය දක්වා පමණක් නොව ඉන් පසුව පවා එයින් තෘප්තියක් ලැබූ පරපීඩාකාමී සමාජ රෝගියෙකු” ලෙසයි. ටෙඩ් බන්ඩි වරක් තමාවම විස්තර කළේ “ඔබට කවදා හෝ හමුවන සාහසිකම බැල්ලිගේ පුතා” යනුවෙන්. ඔහුගේ අවසාන විත්තියේ නීතිඥ කණ්ඩායමේ සාමාජිකාවක් වූ නීතිඥ පොලි නෙල්සන් ද එම ප්‍රකාශයට එකඟ වුණේ, “ටෙඩ් යනු අනුකම්පා විරහිත නපුරේ නිර්වචනය” බව පවසමිනුයි.

ටෙඩ් බන්ඩි විසින් ඝාතන බොහොමයක් සිදු කිරීමට යොදාගත් ඔහුගේ 1968 Volkswagen Beetle රථය (වමේ), එම රථයෙන් සොයාගැනුණු උපාංග (මැද), 1977දී ටෙඩ් බන්ඩි පැනගිය පිට්කින් අධිකරණය (දකුණේ)

චිත්‍රපටයේ කතාව ගැන කෙටි විස්තරයක් මං සඳහන් කරන්නම්. ටෙඩ් බන්ඩි ලිස් සමඟ පෙම් සබඳතාවක් ආරම්භ කරනවා. ඒ වගේම ඔහු ඇගේ කුඩා දියණිය වන මොලී සමඟත් බැඳීම් ඇති කර ගන්නවා. තනිකඩ මවක් ලෙස ඇය විශ්වාස කරන්නේ ඇය තමන්ගේ සිහින මිනිසා සොයාගෙන ඇති බවයි. එහෙත් හදිසියේම පැහැරගැනීම් චෝදනාවකට සැක මත ඔහු අත්අඩංගුවට ගෙන බහුවිධ මිනීමැරුම්වලට චෝදනාවට ලක් වූ විට ඔවුන්ගේ පරිපූර්ණ ජීවිතය උඩු යටිකුරු වෙනවා. තමාට එරෙහිව නඩු පවරන බවට දැඩි ලෙස බිය වන ඔහු, ඇමරිකාවේ පළමු රූපවාහිනියේ විකාශය වන නඩු විභාගයේදී තමාව ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරනවා. ලිස් ඇය කෙරෙහි විශ්වාසයෙන් ඔහුට නඩුවට සහය දෙනවා. ඔහුට මිනීමැරුම් චෝදනා වලින් ගැලවෙන්න හැකි වෙයිද? ලිස්ට සත්‍යය දැනගන්නට ලැබේද? ඉතාම උද්වේගකර ලෙස ගලා යන මේ චිත්‍රපටය නරඹලා රසවිඳින්න එහෙනම්.

මේ සිනමා පටයේ Zack Efron නිරූපණය කරන ටෙඩ් බන්ඩිගේ චරිතයේ ඉතා සුළු විස්තර දක්වාම පිළිබිඹු කිරීමට අවධානය යොමු කර තිබෙනවා.

කම්පන සහගත දර්ශන සහ ලිංගික දර්ශන අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට සුදුසු නිර්මාණයක්. 

අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.

එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!

දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!

ඔබට තෙරුවන් සරණයි!

Extremely Wicked, Shockingly Evil and Vile (2019) Sinhala Subtitles


The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

Due to copyright issues, we do not provide any download links.

මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත සඳහා අදාළ වේ.

1,184 downloadsDownload Extremely-Wicked-Shockingly-Evil-And-Vile-2019.zip117 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Extremely Wicked, Shockingly Evil and Vile (2019) Sinhala Subtitles

Subtitles

1,184 downloadsDownload Subtitles117 KB

2 comments

  1. Ruchira

    Thanks for the sub!

  2. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.