නමෙන්ම කියවෙනවා වගේ ටිල්ලු ඩීජේ කෙනෙක්. ගමේ උත්සවවලට ගිහින් ඩීජේ ගහන එක මෙයා කරන්නෙ. කරන වැඩක් සාර්ථකව කරන්නෙ නැහැ කියලා ටිල්ලුගෙ තාත්තා ටිල්ලුට හැමදාම බනිනවා. ඒ වගේම හැමදාම ගෙදර තාත්තගෙයි, ටිල්ලුගෙයි රණ්ඩුව. ඔහොම කට්ටි පැන පැන ටිල්ලු කල් ගෙව්වා. දවසක් ක්ලබ් එකකට යනකොට ටිල්ලු ඒ ක්ලබ් එකේ සින්දු කිය…

නමෙන්ම කියවෙනවා වගේ ටිල්ලු ඩීජේ කෙනෙක්. ගමේ උත්සවවලට ගිහින් ඩීජේ ගහන එක මෙයා කරන්නෙ. කරන වැඩක් සාර්ථකව කරන්නෙ නැහැ කියලා ටිල්ලුගෙ තාත්තා ටිල්ලුට හැමදාම බනිනවා. ඒ වගේම හැමදාම ගෙදර තාත්තගෙයි, ටිල්ලුගෙයි රණ්ඩුව. ඔහොම කට්ටි පැන පැන ටිල්ලු කල් ගෙව්වා. දවසක් ක්ලබ් එකකට යනකොට ටිල්ලු ඒ ක්ලබ් එකේ සින්දු කියන් ඉන්න ගායිකාව රාධිකාව දකිනවා. ගායිකාවට හිත ගිය නිසාම ටිල්ලු, රාධිකා එක්ක කතාවකට වැටෙනවා. කොහොමින් හරි කතාව ඉවර වෙද්දි දෙන්නා දෙන්නට කැමති වෙනවා. රාධිකා, සිද්දුට එයාගේ ආදරේ කියනවා. මෙහෙම කාලයක් ගෙවිලා යනවා. ඔක්කොම උඩුයටිකුරු කරන දවස වුණේ ටිල්ලුගෙ උපන්දිනය දවස. ගෙදර ටිල්ලුගෙ උපන්දිනය වෙනුවෙන් රෑ සාදයක් ලෑස්ති කරලා තිබුණෙ. රාධිකා සාදයට ඒවි කියලා හිතුවත්, රාධිකාට එන්න වෙන්න නැහැ කියලා ටිල්ලුට කෝල් එකක් අරන් කිව්වා. ටිල්ලු රාධිකාගෙ හදිස්සිය මොකක්ද කියලා බලන්න රාධිකාගෙ අපාර්ට්මන්ට් එකට ගියා. රාධිකාගේ කාමරය ඇතුලට ආවත් රාධිකා මොනවත්ම කිව්වෙ නැහැ. ටිල්ලු ටිකක් ඇතුලෙ ඇවිදලා බලද්දි කාමරයක මිනිහෙක් මැරිලා වැටිලා ඉන්නවා දකිනවා.
මේ චිත්‍රපටයේ රචනය හා අධ්‍යක්ෂණය විමල් ක්‍රිෂ්ණා විසින් කරලා තියෙනවා. ඒ වගේම සිද්දුත් මෙහි රචනයෙන් දායක වෙලා තියෙනවා.
සිද්දු ජොනාලගඩ්ඩා ක්ෂේත්‍රයට මුලින්ම එන්නෙ සුළු චරිත නළුවෙක් විදිහට. සිද්දු චිත්‍රපට කිහිපයකම සුළු චරිත, සහය චරිත නිරූපණය කරනු ලැබුවා. ප්‍රධාන චරිතයක් ලැබුණේ Life Before Wedding (2011) චිත්‍රපටයෙන්. සිද්දුගෙ වෘත්තීයෙත් අවුරුදු කිහිපයක් ගෙවිලා යද්දි, තවත් චිත්‍රපට කිහිපයකට විවිධ චරිත නිරූපණය කරනවා. කොහොමින් හරි කාලයකට පස්සෙ Guntur Talkies (2016) කතාව රචනය කරලා, සිද්දු එහි ප්‍රධාන චරිතය රඟපානවා. සිද්දුගේ ඉදිරිපත් කිරීම ගැන හැමෝගෙන්ම වගේ හොඳ ප්‍රතිචාර හම්බවුණා. Maa Vintha Gaadha Vinuma (2020), Kalki (2019), Krishna and His Leela (2020) චිත්‍රපටය කොරෝනා ව්‍යසනය අස්සෙ නිකුත් උනත් හොඳ හිට් එකක්.
සිද්දු ජොනාලගඩ්ඩා වගේම කෙනෙක් තමයි ආද්වි ෂෙෂ්. ආද්විත් අද ඉන්න තැනට එන්න හුඟ කලක්ම වෙහෙසුනා. ආද්වි ශේෂ්ගේ මීලඟට එන්න තියෙන චිත්‍රපටිය මේජර්. මේජර් චිත්‍රපටියට පාදක වෙන මේජර් සන්දීප්ගෙ කතාව චිත්‍රපටයක් කරන්න එයාගෙ පවුලෙ අය කැමති වෙන්නෙ නැහැ. මේජර් සන්දීප්ගේ කතාව ව්‍යාපාරයක් කර ගන්නවට පවුලෙ අය කැමති වුණේ නැති නිසා ඒ අදහස ප්‍රතික්ෂේප කලා. ඒත් ශේෂ් ඒ ගැන අහද්දි ශේෂ්ගෙ අවංක කැමැත්ත දැනගෙන වෙන්න ඇති, එයාව ප්‍රධාන නළුවා විදිහට තෝරාගන්න එයාලා කැමති වෙනවා.
ඩීජේ ටිල්ලු චිත්‍රපටයේ මාධ්‍ය හමු වලදි සිද්දු බොහොම පරෙස්සමින් චිත්‍රපටියට හානියක් නොවෙන විදිහට උත්තර දෙන්න වග බලගත්තා. මේ චිත්‍රපටිය හරි විදිහට ප්‍රවර්ධනය වෙන්න ඕනේ වැරදි විදිහට, මතභේද එක්ක ප්‍රවර්ධනය වෙන්න ඕනේ නැහැ කියලයි සිද්දු පණිවිඩයක් නිකුත් කරලා කිව්වෙ. මේ චිත්‍රපටයේ එන ‘නුව්වලා’ ගීතය(පිරිමි) ගායනා කරන්නේත් සිද්දු විසින්මයි.
මීට අමතරව නේහා ෂෙට්ටි, ප්‍රින්ස් සිසිල්, බ්‍රහ්මාජි, ෆිෂ් වෙන්කට්, කිරීත් ධර්මරාජු යන අය රංගනයෙන් දායක වනවා. චිත්‍රපටයේ පසුබිම් සංගීතය, ප්‍රසිද්ධ සංගීත අධ්‍යක්ෂක සංගීතය එස්. තාමන්ගේ. මෑතකදී නිකුත් වුණ අකණ්ඩා (2021) චිත්‍රපටියේ සංගීතය වෙනුවෙන් තාමන්ට හුඟක් ඉහළ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම ස්‍රීචරන් පකලා, සහ රාම් මිරියලා කියන සංගීත අධ්‍යක්ෂකවරු දෙන්නා මේ චිත්‍රපටයේ ගීතවලට සංගීතය සපයා තිබෙනවා. ‘රාජා රාජා’ සින්දුව වෙනුවෙන් රොක්ස්ටාර් අනිරුද්වත් අරගෙන ඇවිත් තියෙනවා.
2022 වසරේ ප්‍රථම සාර්ථක චිත්‍රපටය වන්නෙත් මේ චිත්‍රපටිය තමයි. මේ චිත්‍රපටයේ වියදම ඉ.රු. කෝටි 8 වෙද්දි, ලබාගත්ත බොක්ස් ඔෆිස් ආදායම ඉ.රු. කෝටි 29ක්. අනිවාර්යයෙන්ම මඟඇරගන්න හොඳ නැති චිත්‍රපටියක්. ඒ වගේම මේ චිත්‍රපටිය මේ වෙනකොට හිමි කරගෙන තියෙන Imdb අගය 7.8ක්. ඒ වගේම වෙනත් අගය කිරීම්වල 3/5 ඉක්මවූ අගයක් හිමි කර ගන්නවා.
ඉතින් අවවාදයක් දෙන්න තරම් නැති උනත් ලිප් උඳුන් දර්ශන ගැන පොඩ්ඩක් ප්‍රවේශමෙන් බලන්න. වෙනදා වගේම අදහස් දක්වන හැමෝටම ස්තූතියි! ආයෙමත් උපසිරැසියකින් හමුවෙමු.
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HD පිටපත සඳහා අදාළ වේ.
10,688 downloadsDownload DJ-Tillu-2022.zip74 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
24 comments
Anonymous
Rumesh
බලන්න හිතන් හිටපු ෆිලුමක් නෙවෙයි
හැබැයි ලිපිය කියෙව්වම බලන්නත් හිතෙනවා
බලමුකෝ බලමුකෝ
තෑන්ක්ස් සහෝKushan
Sub akta thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Naveen
උපසිරසියට තුති
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Anonymous
Patta
Anonymous
තෑම්ක්ස් බොම්ක
Samith
Thanks brother
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Manoj
උපසිරසියට ස්තුතියි
Redrux
Thnkz bro
Naveen Mbr
හැමෝටම ස්තූතියි!
indika 75
thaanks..
Anonymous
subata thanks brother
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
තැන්කු වේවා
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..Deshan
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
ජය වේවා!!!Lasantharathnasirirox
බොහෝම ස්තුතියි.
sadun
please can some one send the torrent file
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks for sub