මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “අනූ හතරවන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.1 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයකි. ශංකර් සහ ඔහුගේ මව දරිද්‍රතාවයෙන් යුත් ජීවිතයක් ගත කරති. මුදල් ඉපයීම සඳහා ඔහු පිළිම නිර්මාණය කර විකුණයි. එහෙත් ඔහුට පවුලේ අව…

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “අනූ හතරවන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.1 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයකි.

ශංකර් සහ ඔහුගේ මව දරිද්‍රතාවයෙන් යුත් ජීවිතයක් ගත කරති. මුදල් ඉපයීම සඳහා ඔහු පිළිම නිර්මාණය කර විකුණයි. එහෙත් ඔහුට පවුලේ අවශ්‍යතා සපුරාලීමට නොහැකිය. ඔහු මත්පැන් වලටද ඇබ්බැහි වී ඇති නිසා ඔහුගේ ණය ක්‍රමාණුකූලව ඉහළ යාමට පටන් ගනී. පදිංචි නිවසද උකස් තබයි. මේ අතර ඔහු ආකර්ශනය වන්නේ දිළිඳු අසල්වැසියෙකු වන ජගත් නාරායන්ගේ සහෝදරියෙක් වන පාර්වතී වෙත ය. ඔහුගේ මව සමඟ ඇති වූ ආරවුලකින් පසු නගරයට පිටත් වූ ශංකර් මත්පැන් පානය කිරීම අතහැර දමා මුදල් උපයයි. පසුව ඔහු ආපසු නිවසට පැමිණ නිවසේ උකස් මුදල ගෙවා දමයි. නව විශ්වාසයකින් ඔහු පාර්වතී විවාහ කර ගැනීමට යෝජනා කරයි. නමුත් පාර්වතීගේ විවාහය වෙනත් කෙනෙක් හා තීන්දු කර ඇති බව ඔහුට දැන ගන්නට ලැබේ. කැඩී බිඳී ගිය බලාපොරොත්තු නිසා ඔහු නැවත මත්පැන් බොන්නට පටන් ගත් අතර ඔහුගේ මව ද මේ අවස්ථාවේදී මිය යයි. ඔහු අධික ලෙස මත්පැන් පානය කිරීමට පටන් ගෙන ස්වයං විනාශයේ මාවතේ ගමන් කිරීමට පටන් ගනී. ඔහුගේ ජීවිතය බේරා ගත හැකි එකම දෙය නම් පාර්වතීගේ ආදරයයි. නමුත් මත්පැන් වලට ඇබ්බැහි වූ ශංකර්ට කිසි විටෙකත් හොඳ පුද්ගලයෙක් විය නොහැකි බව විශ්වාස කරන ඇගේ සොයුරා මෙයට බාධාවක් වේ. අවසානයේදී චිත්‍රපටය සතුටුදායක අවසානයකින් අවසන් වේ. දිල්ප් කුමාර් සහ නිම්මි ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් භාරතයේ ජනප්‍රිය හින්දි චිත්‍රපටයකි. ඉතිං මෙම සිනමාපටය නරඹන්නට ඔබ සැමට ආරාධනා කරමි!

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති සිනමාපට වන්නේ “දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්, ගෝල් මාල්, ගුඩ්ඩි, නාමක් හලාල්, ශර්මිලී, හේරා පෙහෙරි, හම් දුනෝ, ද හෝල්, ආන් මිලෝ සජ්නා, ජබ් ජබ් ෆූල් කිලේ, මධුමතී. ආවාරා, සීතා අවුර් ගීතා, තක්දීර්, දිවානා, දුල් කා ෆූල්, බවර්චී, තුම්සා නහින් දේකා, ශාග්‍රිඩ්, ජාන්වාර්, අන්ජානා, සට්ටේ පී සට්ටා, රාම් අවුර්ශ්‍යාම්, චුප්කේ චුප්කේ, ශිකාර්, චල්ටිකා නාම් ගඩ්ඩි, වක්ත්, නීල් කමාල්, චෝට්ටිසි මුලාකාත්, චෞඩ්වින් කා චාන්ද්, දීදාර්, අභිනෙට්ට්‍රී, බහාර්, දිල් දෙකෙ දේකෝ, අනුපමා, ගුංග්හාට්, අයේ දින් බහාර් කේ, බාබුල්, අනර්කාලී, ටරානා”. ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.

අන්තර්ජාලයේ Daag [1952] Dilip Kumar – Kanhaiya Lal – Bollywood Full Movie – Hindi Best Movie යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු දහතුනයි, තත්පර හතරක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බවද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම තමයි නිතර මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි.

ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම වර්ෂ 1950 සිට 1975 දක්වා බොහෝ ඒවා මා සතුව තිබෙනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට පහත අදහස් දක්වන්න. ස්තූතියි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.

655 downloadsDownload Daag-1952.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

655 downloadsDownload Subtitles46 KB

9 comments

  1. Anonymous

    Mr Priyantha,
    Thanks, Old is gold! This good for us.

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  3. indika 75

    thanks..

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. Anonymous

    පැරණි හින්දි සිනමා රසිකයන් වෙනුවෙන් ස්තුතියි.....

  6. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  7. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි විතානගේ සහෝදරයා ..ඔබට ජය ..!!

  8. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.