නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි දූෂිත ආණ්‌ඩුවක් සහිත දුප්පත් රටක්. නිමක් නැති ඉඩෝරයත් සමග පැමණි සාගතයක්. කර කියා ගැනීමට දෙයක් නොමැතිව අසරණ වූ ජනතාවක්. මේ සියල්ලට අභියෝග කරමින් ජීවිතය ජයගැනීමට වෙර දරන කොලු ගැටයෙක්. 2019 වසරෙදි Netflix හරහා නිකුත් වුන විශිෂ්ඨ ගණයේ සිනමා සිත්තමක් තමයි අද අරගෙන ආවේ. මේක 20′…

නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි දූෂිත ආණ්‌ඩුවක් සහිත දුප්පත් රටක්.
නිමක් නැති ඉඩෝරයත් සමග පැමණි සාගතයක්.
කර කියා ගැනීමට දෙයක් නොමැතිව අසරණ වූ ජනතාවක්.
මේ සියල්ලට අභියෝග කරමින් ජීවිතය ජයගැනීමට වෙර දරන කොලු ගැටයෙක්.
2019 වසරෙදි Netflix හරහා නිකුත් වුන විශිෂ්ඨ ගණයේ සිනමා සිත්තමක් තමයි අද අරගෙන ආවේ. මේක 20′ දශකයේ මැද බාගෙදි පමණ නැගෙනහිර අප්‍රිකානු රටක් වන මලාවි වල වෙච්ච සිදුවීමක් අලලා නිර්මාණය වුනු, IMDB හි 7.6 ක් සහ Rotten Tomatoes හි 86% ක් ලබා ගැනීමට සමත් වුන චිත්‍රපටයක්. ඒ වගේම, 92 වන ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම අන්තර්ජාතික චිත්‍රපටයට හිමි සම්මානයටත් නිර්දේශ වෙලා තියෙනවා. මේක අපි කවුරුත් දන්න සුප්‍රසිද්ධ හොලිවුඩ් නළු Chiwetel Ejiofor ගේ මංගල චිත්‍රපට අධ්‍යක්ෂණය, වගේම ඔහුත් මේකට ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. Chiwetel Ejiofor ගේ මේ අධ්‍යක්ෂණය පිළිබඳව ගොඩක් ධනාත්මක ප්‍රතිචාර හම්බ වෙලා තියෙනවා කියලත් මතක් කරන්න ඕන. මෙම චිත්‍රපටය තුල අපිට ඉංග්‍රීසි සහ ගිනිකොන දිග සහ නැගෙනහිර අප්‍රිකානු රටවල භාවිතා කරන “චිචේවා” යන භාෂා දෙක බලාගන්න පුළුවන්.
මෙම චිත්‍රපටයට,
- William Kamkwamba ලෙස Maxwell Simba
- Trywell Kamkwamba ලෙස Chiwetel Ejiofor
- Agnes Kamkwamba ලෙස Aïssa Maïga
- Annie Kamkwamba ලෙස Lily Banda
- නායක Wimbe ලෙස Joseph Marcell
- Edith Sikelo ලෙස Noma Dumezweni
- Mike Kachigunda ලෙස Lemogang Tsipa
- Gilbert Wimbe ලෙස Philbert Falakeza
යන නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.
කතාව පැත්තට හැරුණොත්,
විලියම් කම්ක්වම්බා කියන්නේ මලාවි වල “කසුන්ගු” කියන ගමේ ගොවි පවුලක ඉපදුන අවුරුදු 13 ක කොල්ලෙක්. මෙයාට කැඩිච්ච රේඩියෝ එහෙම හදන්න පුළුවන්. මෙයා කුණු ගොඩෙන් එලෙක්ට්‍රොනික් කෑලි අරන් ඇවිල්ලා එක එක ගැජමැටික් හදන්න ගොඩක් දක්ෂයි. ඉස්කෝලෙ යන්නත් ගොඩක් ආසයි. මෙයාලට ආර්ථික අපහසුතා ගොඩක් තියෙනවා. මේ නිසා මෙයාව සැරයක් ඉස්කෝලෙනුත් එලවනවා, ගාස්තුව ගෙවාගන්න විදිහක් නැතුව. ඔහොම යනකොට 20′ දශකයේ මැද වෙනකොට මෙයාලා ඉන්න ප්‍රදේශයට සාගතයක් එනවා. ඉතින් මේ අවුරුදු දහතුනේ කොලු ගැටයා මේ සාගතේට අභියෝග කරන විදිහ, එයා මේකට හොයාගන්න විසඳුම මොකක්ද කියලා දැනගන්න කැමැතියිම්, චිත්‍රපටය නරඹන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.
බඩගින්න මිනිස්සුන්ව මරණ විදිහ, මිනිස්සුන්ව තිරිසනුන් කරන විදිහ, ආණ්ඩුවල තියෙන වගකීම් විරහිත කම නිසා මිනිස්සුන්ට විඳින්න වෙන දුක් වගේ දේවල් ඉතාම තියුණු ලෙස මේ චිත්‍රපටය තුලින් ප්‍රේක්ශකයා වෙත ගෙනහැර දක්වනවා. ලංකාවේ අපිටත් ගොඩක් වැදගත් පණිවිඩ කීපයක්ම මේ චිත්‍රපටය ඇතුලේ තියෙනවා. ඉතින් මම ඔයාලටත් ආරාධනා කරනවා අනිවාර්යයෙන්ම මේ විශිෂ්ඨ සිනමා නිර්මාණය නරඹන්න කියලා.
විශේෂයෙන් මතක් කරන්න ඕන, බයිස්කෝප් අඩවිය වෙනුවෙන් උපසිරැසියක් කරන්න තිබ්බ කැමැත්ත නිසාම කරපු මගේ පළවෙනි උපසිරැසිය තමයි මේ. ඒ නිසා චිත්‍රපටය නරඹලා, උපසිරැසියේ තියෙන අඩුපාඩු, හොඳ නරක ඔක්කොම කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න කියලත් මතක් කරනවා. ඒ වගේම බයිස්කෝප් අඩවිය වෙනුවෙන් තිසර නියෝ සහෝදරයටත් ඇඩ්මින්ලා ඔක්කොටමත් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.
එහෙනම්, තවත් මේ වගේම සුපිරි චිත්‍රපටයකින් හමුවෙනකන්, පරිස්සමින් ඉන්න.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
12,057 downloadsDownload The-Boy-who-Harnessed-the-Wind-2019.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-03-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් කරුණාරත්න
Subtitles
28 comments
එල්. සී. දමැල්
Anonymous
දීපු සහයෝගයට බොහොම ස්තූතියි සහෝ.
pj
sub akete thanks bro
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
sameera
Film downloads Karen kohomada
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු....Dilshan Karunarathne
ගොඩක් ස්තූතියි සහෝ.
Eranda
Thanks
Buddhika Lakmal
පළවෙනි උපසිරැසියට සුබ පැතුම් මචං.. ඉදිරියටත් උපසිරැසිකරනයේ යෙදීමට කාලය ලැබේවා...
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Dilshan Karunarathne
❤
indika 75
පළමුවන උපසිරැසියට උණුසුම් සුබ පැතුම් !!!
Dilshan Karunarathne
❤
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..Dilshan Karunarathne
ස්තූතියි...
Udara Damith
ela
Lahiru Lakshan
thanks machn....
Nilush Angana
Sub ekata thanx
Tharindu Kapuwatta
godak stuti dilshan saho...jaya wewa
Tharindu Kapuwatta
godak stuti saho...jaya wewa
Dewadithya
Thanks for Sub!
මිලින්ද ප්‍රියලාල්
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dilshan Karunarathne
❤️
Nadun Piyumantha
බොහොම ස්තූතියි සහෝ උපසිරසට සුභ පතනවා
Mano
Godak sthuthi.. Jaya wewa!
viraj
thanks..........
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් දිල්ෂාන් සහෝ.
දිගටම සබ් කරමු. :)
ජය! ✌