කාගෙත් කතාබහට ලක්වුණු, ගොඩදෙනෙක් ඉල්ලපු මලයාලම් චිත්‍රපටයකට තමයි අද මේ සිංහල උපසිරැසි අරගෙන ආවේ. මලයාලම් සිනමාපටයක් කිව්වට මේක එසේ මෙසේ චිත්‍රපටයක් නම් නෙමේ. සම්මාන මහ ගොඩකට උරුමකම් කියපු චිත්‍රපටයක්. හැබැයි ඒ හින්දම නෙමේ මේ චිත්‍රපටය ගැන හැමෝම කතාබහ කරන්න ගත්තෙ නම්. විශේෂයෙන්ම අපේ ලංකාව තුළත් දැඩි…

කාගෙත් කතාබහට ලක්වුණු, ගොඩදෙනෙක් ඉල්ලපු මලයාලම් චිත්‍රපටයකට තමයි අද මේ සිංහල උපසිරැසි අරගෙන ආවේ. මලයාලම් සිනමාපටයක් කිව්වට මේක එසේ මෙසේ චිත්‍රපටයක් නම් නෙමේ. සම්මාන මහ ගොඩකට උරුමකම් කියපු චිත්‍රපටයක්. හැබැයි ඒ හින්දම නෙමේ මේ චිත්‍රපටය ගැන හැමෝම කතාබහ කරන්න ගත්තෙ නම්. විශේෂයෙන්ම අපේ ලංකාව තුළත් දැඩි කතාබහකට ලක්වෙන්නේ මේකේ තියෙන අමු ගතිය නිසා. කිසිම දර්ශනයක් ෆිල්ටර් කරලා නම් නෙමේ අමු අමුවේම පෙන්නන්න මේ බිරියානි කියන මලයාලම පියවර අරන් තියෙනවා. වැඩිහිටි ලිංගික දර්ශන විතරක්ම නෙමේ, බලන්න අසීරු වෙනත් දර්ශන පවා මේකේ අන්තර්ගතයි. ඉතින් මේ හින්දම සමහරු මේක බලන එක අතරමග නැවැත්තුව කියලත් ආරංචියි. කොහොමින් කොහොම හරි කියන්න තියෙන්නේ මලයාලමක් වුණු පලියටම මේක අරන් ගිහින් පවුලේ අය ඉස්සරහ නරඹන්න නම් ලෑස්ති වෙන්න එපා. ගෙදරින් එලියට බහින්නයි වෙන්නේ. 18+ ඈයෝ තනිපංගලමේ බලන එක ඇඟට ගුණයි.

අනතුරු ඇඟවීම මුලින්ම කරලා දැන් සූදානම මේ සිනමාපටය ගැන කතා කරන්නයි. බිරියානි දිනාගත්තු විචාරක ප්‍රසාදය වගේමයි සම්මාන ගණනත් මහ ගොඩක්. කලින් කිව්වත් වගේ බිරියානි ගැන කතාබහ කරන්න මුල්ම හේතුකාරකය වුනේ ඒක. ඉතින් මේ තියෙන්නේ බිරියානි දිනාගත්තු සම්මාන ලැයිස්තුව.

  • හොඳම නිළිය, කේරළ රාජ්‍ය සම්මාන උළෙල – 2020
  • හොඳම නිළිය – BRICS තරඟකාරී අංශය, 42වන මොස්කව් සිනමා උළෙල.
  • හොඳම චිත්‍රපටය වෙනුවෙන් NETPAC සම්මානය, 20වන ඒෂියාටීකා සිනමා උළෙල, රෝමය.
  • හොඳම චිත්‍රපටය වෙනුවෙන් ජූරියේ තිළිණය, බැංගලෝර් ජාත්‍යන්තර සිනමා උළෙල.
  • හොඳම චිත්‍රපටය, කලයිඩස්කොප් ඉන්දියන් සිනමා උළෙල, බොස්ටන්.
  • හොඳම නිළිය, කලයිඩස්කොප් ඉන්දියන් සිනමා උළෙල, බොස්ටන්.
  • දෙවන හොඳම නිළිය වෙනුවෙන් කානි කුසුර්ති, Imagine සිනමා උළෙල, මැඩ්රිඩ්, ස්පාඥය.
  • හොඳම තිර රචනය වෙනුවෙන් පද්මරාජන් සම්මානය.
  • හොඳම තිර රචනය වෙනුවෙන් කේරළ සිනමා විචාරක සම්මානය.
  • IFFC මහජන ප්‍රසාද සම්මානය.
  • හොඳම නිළිය, IFFC සම්මානය.
  • ජූරියේ විශේෂ සම්මානය, තමිල්නාඩු ස්වාධීන සිනමා උළෙල
  • ජූරියේ විශේෂ සම්මානය, 67වන ජාතික සිනමා සම්මාන උළෙල 2021

ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.4ක අගයක් දිනාගෙන තියෙන මේ සිනමාපටයට රංගනයෙන් දායක වෙන්නේ Kani Kusruti, Shailaja Jala ඇතුළු කිහිපදෙනෙක්. වැඩිය හුරුපුරුදු අය නම් නෙමේ වෙන්නැති. ඔය අතරේ මේ බිරියානිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sajin Baabu විසින්. ඔහුවත් බහුතරයකට හුරු නැතිව ඇති. නමුත් මින් පස්සේ නම් මේ කවුරුත්ම නුපුරුදු වෙන එකක් නැහැ. ඒ මේ හැමෝම අරන් තියෙන නිර්භීත පියවර නිසාවෙන්. ඒ පියවර : සමාජයේ පවතින නොරහසක් වුණු ඒ අඳුරු පැතිකඩ නැවතත් සිහිගැන්වීම වෙනුවෙන් මොවුන් සිදු කළ සිනමාත්මක ප්‍රවේශයට බොහෝ විචාරකයින් ප්‍රේක්ෂකයින් ඔවුන්ගේ නොමද ප්‍රසාදය පළ කරා. “කදීජා සහ බිරියානි, මලයාලින්ගේ විඥානයේ මුල් බැසගනීවි, අපේ සමාජයේ සෑම වැරැද්දක්ම පිළිඹිබු කරනා කැඩපතක් විදිහට”, විචාරකයින් එහෙම කියනවා.

බිරියානි අති සංවේදී කතාවක්. වෙලාවකට පපුව හාරගෙන යන තරමටම. ඔබ චිත්‍රපටය බලන්න ගන්නේ මොන හේතුව මතද යම් ටැග් එකක් මතද අන්න ඒ හේතුව මගක් දුර යද්දි අමතක කරලා මේ ජීවමාන ඛේදවාචකයේ කොටස්කාරයෙක් වෙන්න ගනීවි. සැකයක් නැහැ, ඒක එහෙමමයි.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.

9,764 downloadsDownload Biriyaani-2021.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

9,764 downloadsDownload Subtitles25 KB

39 comments

  1. Sohan Jayasooriya

    ඇති යාන්තම් මෙන්න දීලා.. දෙනව කිව්ව දවසෙ ඉඳන් බලාගෙන හිටියේ.. තෑන්ක්ස් සබ් එකට අයියේ.. එක්සෑම් ඉවර උන ගමන් බැලිල්ලක් තමා ඉතින්..

  2. Anonymous

    දෙනකන් බලන් හිටියේ,තැන්ක්ස් මයුර

  3. සුභාෂිණි මල්ලව ආරච්චි

    නීරස රස බිරියානියට ස්තූතියි මල්ලි.

  4. DILmin

    Sub ekata thanks! Maestro telugu film ekatath sub denna ..

  5. Kushan

    Sub akta thanks

  6. Lahiru

    උපසිරසියට ස්තුතියි

  7. Anonymous

    මේකනම් ලැබෙයි කියලා හිතුවේ නැ
    ස්තුතියි සහෝ

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  9. V.P

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  10. Anonymous

    ගොඩාක් ස්තූතියි.

  11. Ruwee

    Thank u sub ekata.....
    jayasuryage SUNNY ekatath ikmanatama sub denna puluwan nn

  12. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  13. Anonymous

    Sthuthiyi saho

  14. Teron

    Thanks brother ..keep going ..

  15. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  16. Anonymous

    Patta

  17. Anonymous

    පරක්කු වෙලා හරි මුලින්ම බයිස්කෝප් එකෙන් සබ ලැබුනේ
    Sunny මලයාලම් ෆිල්ම් එකටත් සබ් දෙමු

  18. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  19. Sheron

    Thanks bro

  20. Chamith

    බොහොම ස්තුතියි මේ වගේ යථාර්ථවාදී ෆිල්ම් වලට සබ් ගේනවට හැමදාම බලන එකම රාමුවේ ෆිල්ම්වලින් මිදිලා

    1. Anonymous

      how to download it..?

    2. Anonymous

      baiscopedownloads.co site eken gnna

  21. Naveen

    උපසිරසියට තුති

  22. Samith

    Thanks brother

  23. රනා

    උපසිරසියට ස්තුතියි මචන්

  24. Dineth de silva

    Thanks

  25. Lakshitha

    සිංහල උපසිරසියට ස්තුතියි ..ජයෙන් ජයම වේවා .!!

  26. Anonymous

    Sunny-2021 sub dennko

  27. Anonymous

    Thanks for sub

  28. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  29. Eranda

    Thanks brother

  30. Nethini123

    සබ් එකකුත් නැති නිසාම කල් දදා හිටපු චිත්‍රපටයක්. දැන් නම් බලන්නම ඕනේ....බොහොම ස්තූතියි....

  31. muditha gayan

    Thnzzzzz bro

  32. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  33. Yash

    Thanks brother thank you very much

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. සාරංග ජේ. ලියනගම

    Thank you...

  36. MadusankaMunasinghe

  37. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!