Watch Trailer

Old (2021) Sinhala Subtitles | කාලය ඉගිල යන වෙරළ තීරය [සිංහල උපසිරසි] *100

සුබ දවසක් හැමෝටම.. බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වෙලා මේ බාගන්න හදන්නෙ හැමෝම බලාගෙන හිටිය චිත්‍රපටයක උපසිරැසියක් විතරක් නෙමෙයි. මගේ උපසිරැසිකරන ගමන්මගේ දෙවෙනි කඩඉම වෙන 100 වන උපසිරැසිය. මොනවා ලියන්නද මන්දා. මොකක් හරි පම්පෝරියක් ගහන්නත් එපැයි. උපසිරැසියක් කරන එක ඔය කියන තරම් මහ ලොකු දෙයක්යැ කියලා සමහරු…

සුබ දවසක් හැමෝටම.. බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වෙලා මේ බාගන්න හදන්නෙ හැමෝම බලාගෙන හිටිය චිත්‍රපටයක උපසිරැසියක් විතරක් නෙමෙයි. මගේ උපසිරැසිකරන ගමන්මගේ දෙවෙනි කඩඉම වෙන 100 වන උපසිරැසිය. මොනවා ලියන්නද මන්දා. මොකක් හරි පම්පෝරියක් ගහන්නත් එපැයි.

උපසිරැසියක් කරන එක ඔය කියන තරම් මහ ලොකු දෙයක්යැ කියලා සමහරු හිතන් ඉන්නවා. ඇත්තටම ඒකෙ තියෙන අමාරුව දන්නෙ ඒක කරන කෙනා විතරයි. මට නම් ඒක අත ගහපු පලවෙනි වැඩෙන්ම තේරුනා. මොකද මං මුලින්ම උපසිරැසි කරන්න බාරගත්තෙ කතා මාලාවක්. චිත්‍රපටයක් බාර ගත්තෙ නැත්තෙ මොකද දෙයියනේ කියලා හිතුන වාරත් තිබුනා. කොහොමහරි බාරගත්ත වැඩේ ඉවරයක් කලේ ආයිනම් මෙහෙම කොටි වල්ගයක් අල්ලගන්නෙ නෑ කියලා හිතාගෙන. හැබැයි බොහොම ඉක්මනට තවත් කතා මාලාවක් බාර ගත්තා. ඔහොම ආපු ගමනෙ බයිස්කෝප් අඩවියේ උපසිරැසි ශතකයක් අවුරුදු දෙකකට අඩු කාලයක් තුලදි වාර්තා කිරීමට ලැබීම ලොකු ආඩම්බරයක්. ඒ ශතකය තුල චිත්‍රපට 30ක් සහ කතාංග 70ක් ඇතුලත් වෙනවා.

මේ ගමන එන්න උදව් කරපු බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලේ හසන්ත, අශාන්, චාමර, තිසර සහෝදරයින්වත් කතාමාලාවන්ට මාව දායක කරගත්ත රවිඳු, රඛිත සහෝදරයින්වත් අනිත් සහෝදර උපසිරැසිකරුවන්වත් බොහොම ආදරෙන් මතක් කරන්න ඕන. ඒ වගේම කමෙන්ට් එකක් දාලා අපිව ධෛර්යමත් කරන ටික දෙනාටත් බොහොම ස්තූතියි. වැඩේ ටිකක් පරක්කු වුන නිසා මං මෙතනින් නවත්තලා කෙටියෙන් චිත්‍රපටය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්.

100 වන උපසිරැසියට මොකක්ද කරන්නෙ කියලා කල්පනා කර කර ඉන්නකොට මට මේක ගැන කිව්ව රවිඳුටත් මේක වෙන් කරලා දුන්න විමා අයියටත් මුලින්ම ස්තූති කරලා ඉන්න ඕන. මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නෙ Frederik peeters සහ Pierre Oscar Levy ගේ “Sandcastle” නම් ග්‍රැපික් නවල් එක පාදක කරගෙනයි. The Sixth Sense, After Earth වැනි චිත්‍රපට රාශියක් අධ්‍යක්ෂණය කරපු M. Night Shyamalan තමයි මේකෙ අධ්‍යක්ෂකවරයා. පසුගිය ජූලි 23 වෙනිදා ඇමරිකාවේ තිරගත කිරීම් ආරම්භ වුන මේ චිත්‍රපටයේ ධාවන කාලය පැයයි විනාඩි 48ක්. Drama | Horror | Mystery වර්ගීකරණයට අයත් මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 5.9ක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා.

සුන්දර දූපතක තියෙන නිවාඩු නිකේතනයක නිවාඩුව ගතකරන්න පවුල් කිහිපයක් එනවා. මේ නිකේතනයේ කළමනාකරු මේ කිහිප දෙනාව ගල් වලින් වට වුන දූපතේ තියෙන පෞද්ගලික වෙරළකට යවනවා. මේ අය වෙරළට ගියාට පස්සෙ මියගිය ගෑණු කෙනෙක්ගෙ මල සිරුරක් හම්බෙනවා. මේ ගැන කියන්න ආපහු යන්න හැදුවත් යන හැම කෙනාටම වෙරළෙදි සිහිය නැති වෙනවා. ඔය අතරෙදි මේ පවුල් වල ඉන්න ළමයි තුන්දෙනාව අසාමාන්‍ය විදිහට එකපාරටම අවුරුදු පහකින් විතර වයසට යනවා. ඒ වගේම යම් කෙනෙක්ට තුවාලයක් වුනොත් ඒ වෙලාවෙම ඒක සුව වෙනවා. අවසානෙදි මේ අයට තේරුම් යනවා වෙරළෙ ගතකන සෑම විනාඩි 30කට සැබෑ ජීවිතේදි අවුරුද්දක කාලයක් මෙයාලව වයසට යනවා කියලා. ඒ කියන්නෙ මේ වෙරළෙ දවසක් ඉන්න කෙනෙක්ව අවුරුදු පනහකින් වයසට යනවා. තව තව අසාමාන්‍ය දේවල් ඔය අතරෙදි සිද්ද වෙනවා. ඒ මොනවද, මේකට හේතුව මොකක්ද කියලා මම කියන්නෙ නෑ. නරඹලාම දැනගන්නකෝ.

තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා.. හැමෝටම ජය!!!

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.

 

24,645 downloadsDownload Old-2021-Blu-Ray.zip98 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

LaHIRU

Subtitles

24,645 downloadsDownload Subtitles98 KB

70 comments

  1. අශේන් K.

    උපසිරැසියට ස්තූතියි බොසා!
    මේ WEBRIP එක VOD එකකින් ගත්තු එකක්ද?

  2. මයුර

    දෙවන කඩඉමට උණුසුම් සුබ පැතුම් මචන්.
    ඉස්සරහටත් මේ වගේ කඩඉම් ගණනාවක් ගහන ගමන්
    පුද්ගලික වැඩ කටයුතුත් සාර්ථක කරගන්න ලැබේවා පතනවා.

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ 100වෙනි සබ් එකට සුබ පැතුම්

  4. V.P

    කඩයිමට සුබපැතුම් සහෝ
    උපසිරසියටත් ස්තුතියි

  5. Sohan Jayasooriya

    මේවා ඉතින් අනිවා බැලිලි තමා.. එක්සෑම් ඉවර උන ගමන්.. සබ් එකට තෑන්ක්ස් සහෝ.. දෙවෙනි කඩඉමට හදවතින්ම සුබ පතනවා.. සීයා දෙසීයා තුන්සීයා කරගන්න හැකියාව, කාලය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..ජය වේවා

    1. chamiru ransindu

      Api nm exam asse balanne

  6. Anonymous

    CONGRATS

  7. Anonymous

    Thanks

  8. Ravindu Rukshan

    දෙවැනි කඩයිමට සුබ පතනවා ලහීරු ඉදිරියටත් යන්න ලැබේවා කියා පාර්ථනා කරනවා.

  9. Daminda Buddhi

    Jayawewa

  10. දහරා මුතු අමා

    100 ට උණුසුම් සුබ පැතුම් මල්ලි.
    සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියලත් ප්‍රාර්තනා කරනවා.
    ඉදිරි කඩයිම් වලට ඉක්මණින් යන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා කියලත් ප්‍රාර්තනා කරනවා.

  11. Sakindu

    Thx sago exam ekath ekka free time ekata maru habay meka

  12. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    කඩයිමට සුභපැතුම්

    හැකිනම් Jakob's Wife - 2021 ෆිල්ම් එකත් දෙන්න.

  13. මධුකප්‍රිය පෙරේරා

    100වැනි උපසිරසියට හෘදයාංගම සුබපැතුම්!
    ඉදිරියටත් නොනැවතී උපසිරසිකරණයේ යෙදෙමින්
    මෙවන් ගුණාත්මක නිර්මාණ රැගෙන ඒමට හැකිවේවා.
    ඔබට ජයෙන් ජය!

  14. Hasitha

    දෙවන කඩයිමට සුබපැතුම් ..!!
    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  15. Rakitha Poornima Ranathunga

    ජයවේවා බොක්ක...
    ඉස්සරහත් හොඳ නිර්මාණ අරගෙන එන්න දෑතේ සවිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා

  16. Pasindu Madumal

    2වෙනි කඩයිමට සුබ පතනවා,
    මෙතනින් නොනැවතී ඉදිරියටම යමු, ජය..! ❤️

  17. යුශාන් පියුමාල්

    2 වන කඩඉමට උණුසුම්සුබ පැතුම් මල්ලි

  18. Teron

    Congrats brother ..keep going ..

  19. Kushan

    Sub akta thanks

  20. සු

    දෙවන කඩයිමට සුබ පතනවා.
    තව තවත් උපසිරැසිකරණයේ යෙදෙන්න ධෛර්ය ශක්තිය ලැබේවා.
    ජය වේවා!! ‌මේ උපසිරැසියටත් බොහොම ස්තූතියි.

  21. සුභාෂිණී මල්ලව ආරච්චි

    සියවන උපසිරැසියට සුබ පැතුම් මල්ලි.
    උපසිරැසිකරණයේ තවත් කඩඉම් පසුකරන්න වගේම ඉදිරි ජීවිතය සාර්ථක කර ගන්න ධෛර්ය ශක්තිය ලැබේවා.
    මේ උපසිරැසියටත් ස්තූතියි.

  22. Harvey O'brien

    සුබපැතුම් මලේ 100 වෙනි කඩයිම වෙනුවෙන්. ඉදිරියටත් මේ වගේම ගමනක් යන්නට සුබ පතනවා.
    මේ දුන්නු උපසිරසියටත් තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  23. Anonymous

    Congratulations brother

  24. Anonymous

    Congrats bro

  25. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  26. රොෂාන් ශමීර ජයසිංහ

    සිංහල උපසිරසිකරණයේ මහ ගෙදර දෙවන කඩයිම පසුකරන ඔබට මගේ උණුසුම් සුබ පැතුම්...
    තව තවත් සිංහල උපසිරසි නිර්මාණය කිරීමට අවැසි ශක්තිය කාලවේලාව ලැබේවා..
    ~ ජය වේවා ~

  27. Kavindu

    100ට උනුසුම් සුබපැතුම්

  28. Sheron

    Congrats & thanks bro

  29. Naveen

    සුබපැතුම් සහෝ

  30. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ .ජය වේවා!

  31. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ 100ට සුබ පැතුම්

  32. Daminda Gamage

    ela

  33. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  34. Samith

    Congrats brother

  35. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති
    100ට සුබ පැතුම්

  36. Anonymous

    දිගටම සබ් දෙමු

  37. Silva

    සුබපැතුම් සහෝ
    ඊලග කඩයිම් වලටත් ඉක්මන්ට යමු

  38. Ruchira

    Thanks for the sub!!!!!!!

  39. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  40. Anonymous

    congrats for 100th
    also thanks for sub

  41. Buddhika Lakmal

    100වෙනි උපසිරැසියට සුබපැතුම් මචං.. ඉදිරියටත් සිංහල උපසිරැසි කිරීමට කාලය ලැබේවා...කරන කියන වැඩකටයුතු සාර්තකම වේවා....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  42. harsha

    දෙවන කඩයිමට උනුසුම් සුබපැතුම් සහෝ
    ඉදිරියටත් උපසිරසි කරන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  43. Anonymous

    සබට ප්‍රනාමය !

  44. Pulastha

    Thankzzzz....

  45. Anonymous

    Congratz

  46. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම 100 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!

  47. damith

    tanks bro. jaya wewa'''''!!!!!

  48. Lt.Snk

    Night Shyamalan ge Movie ekak kiyanne itin balannama wenawa. tnx sub ekata.

  49. mindika

    Thanks !!!

  50. අසේල

    මචං මම ගොඩක් වෙලාවට ෆිල්ම් එක නොබැලූවත් කොමෙන්ට් එකක් දානව.. මොකද මම තනියම ගොඩක් වතාවක් උත්සාහ කරල තියෙනවා උපසිරැසියක් ලියන්න.. ඉතිං මට නම් බාහයක්වත් ඉවරකරන්න බැරි උනා..ඒහෙම බැලුවම උපසිරැසි සීයක් කරනව කියන්නෙ.. මිනිස්සු වෙන්න බෑ..කොහොම උනත් තෑන්කස් මචං ලෝකේ හොඳම ෆිල්ම් අපිට තේරෙන විදියට සකස්කර දෙන එකට...

    1. Anonymous

      respect

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.