Watch Trailer

Cry Macho (2021) Sinhala Subtitle | මාචෝ!!! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් නැවතත් ඔබ හමුවට එන්නෙ මේ වසරේ තිරගත වීම ආරම්භ කර චිත්‍රපටයක් සමඟයි. ඇත්තෙන්ම කියනවා නම් මං ආසාවෙන් බලං හිටපු එකක්. මොකද කිව්වොත් මෙහි අධ්‍යක්ෂකවරයා නිසාම. ඒ තමයි අවුරුදු 91 වයසැති ”Clint Eastwood”. දැනට ඔහු අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට වලින් බාගයක් නරඹා හමාරයි. ඒ බලපු හැම එකක්ම ඒ තරමට හිතේ…

ඔන්න එහෙනම් නැවතත් ඔබ හමුවට එන්නෙ මේ වසරේ තිරගත වීම ආරම්භ කර චිත්‍රපටයක් සමඟයි. ඇත්තෙන්ම කියනවා නම් මං ආසාවෙන් බලං හිටපු එකක්. මොකද කිව්වොත් මෙහි අධ්‍යක්ෂකවරයා නිසාම. ඒ තමයි අවුරුදු 91 වයසැති ”Clint Eastwood”. දැනට ඔහු අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට වලින් බාගයක් නරඹා හමාරයි. ඒ බලපු හැම එකක්ම ඒ තරමට හිතේ රැඳී තිබෙනවා. ඒ නිසාම ඔහු මගේ කැමතිම චිත්‍රපටය අධ්‍යක්ෂකවරු අතරේ පළවෙනි ස්ථානය අරගන්න සමත්වෙලා තියෙනවා. ඔහු මේ සැරේ අරගෙන එන්නෙ ”Western” පැත්තට බර සිනමා කෘතියක්. මේ වෙනකොට IMDb අගය 6.1 ක් සහ කුණු තක්කාලි අගයා 52% අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම තමයි රංගනයෙන් Clint Eastwood l Fernanda Urrejola l Dwight Yoakam l Eduardo Minett l Natalia Traven l Brytnee Ratledge දායක වෙනවා. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

මයික් කියන්නෙ දක්ෂ කව්බෝයි කෙනෙක්. කොහොමහරි ඒ හැමදේම තියෙන්නෙ ටික දවසයි. රිය අනතුරකින් එයාගෙ බිරිඳ වගේම පුතා මැතිව් මැරෙනවා. මේ සිදුවීමෙන් පස්සේ මයික් හරිම අවුලෙන් ඉන්නෙ. එයා මත්පැන් වලට ඇබ්බැහි වෙනවා. පිස්සු නටනවා. ජීවිතේම ඉවර වෙලා වගේ. කොහොමහරි මෙයාව ගොඩ ගන්නෙ හාවර්ඩ්. එයා ජීවිතය හදාගන්න උදව්වක් වෙනවා. අවුරුදු ගානකුත් ගෙවිල. හවර්ඩ්ට ඕන වෙනවා මයික්ගෙන් උදව්වක් අරගන්න.ඇත්තම කිව්වොත් මේ උදව්ව අර කරපුවට හිලව්වක්. උදව්ව තමයි මෙයාගේ පුතා වන රෆෝව මෙක්සිකෝවෙ ඉඳලා රැගෙන එන එක. ඇයි හවර්ඩ්ට යන්න බැරි? ඔව්, එයාට යන්න බැරි මොකද කිව්වොත් නීතිමය ප්‍රශ්ණයක් නිසා. ඉතින් මයික් මේ වැඩේ බාරගන්නවා. මොකද ඒ ණය දවසක ගෙවන්නත් එපැයි. හැබැයි මෙයා මෙක්සිකෝවට ගියාට පස්සේ තමයි දැනගන්නෙ කොල්ලා භයානක ගෑණියෙක් ගාව ඉන්නවා කියලා දැනගන්නෙ. ඇය එහෙම නැත්තම් රෆෝගෙ අම්මාම එයාට හිරිහැර කරනවා. මුළු ඇඟේම වගේ තැලීම් පහරවල්. ඉතින් මයික්ට පුළුවන් වෙයිද රෆෝ බේරාගෙන එන්න? බලලම දැනගන්නකෝ.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB  පිටපත් සඳහා අදාළ වේ.

2,827 downloadsDownload Cry.Macho_.2021.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

2,827 downloadsDownload Subtitles43 KB

16 comments

  1. Anonymous

    උපසිරසට බොහොම ස්තූතියි

  2. Lakshansilva18

    thanks for sub

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ Midsommar Director's Cut එකට සබ් එක අප්ඩේට් එකක් ඕනෙ

  4. Bandara

    බොහොම ස්තූතියි රවිදු..Clint Eastwood කියන්නෙ අග්‍රගනයේ නලුවෙක් චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක්..කවිබෝයි චිත්‍රපටි වල මොහුගේ රගපෑම් වලට සමාන කරන්න වෙනත් කෙනෙක් තවම බිහිවී නොමැති බවයි මගේ මතය..

  5. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි

  7. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  8. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  9. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Anonymous

    "man with no name " clint eastwood

  13. Dewadithya

    Thanks for Sub!

  14. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  15. Nishan

    Thanx bro

  16. nilanka

    thanks....