පුරාණ ඊජිප්තුවේ එසේත් නැතිනම් මිසරයේ දේව පුරාණයට අනුව, ඔසයිරිස් යනු මහ දෙවිඳුන්ය. මිසර දෙවි දේවතාවන්ගේ පියා වන්නේ ද ඔසයිරිස්. සිතුවම්වලට අනුව, ඔසයිරිස් යනු කොළ පැහැති සමක් ඇති දෙවියෙකි. ඇතැම් චිත්‍රවල යටි රැවුලක් ද ඇත. පාද මමීයක සේ වෙළුම් පටිවලින් වෙලා ඇත. සෑමවිටම හිසේ පැස්බර පිහාටුවලින් අලංකාර වූ…

පුරාණ ඊජිප්තුවේ එසේත් නැතිනම් මිසරයේ දේව පුරාණයට අනුව, ඔසයිරිස් යනු මහ දෙවිඳුන්ය. මිසර දෙවි දේවතාවන්ගේ පියා වන්නේ ද ඔසයිරිස්. සිතුවම්වලට අනුව, ඔසයිරිස් යනු කොළ පැහැති සමක් ඇති දෙවියෙකි. ඇතැම් චිත්‍රවල යටි රැවුලක් ද ඇත. පාද මමීයක සේ වෙළුම් පටිවලින් වෙලා ඇත. සෑමවිටම හිසේ පැස්බර පිහාටුවලින් අලංකාර වූ ඔටුන්නක් දකින්න ලැබේ.

දේව පුරාණයට අනුව, ඔසයිරිස් මහ දෙවිඳුගේ කතාව ඛේදනීයයි. ඔසයිරිස්ගේ සතුරා වන්නේ ඔහුගේ සොයුරා සෙත් ය. සෙත් සහ ඉතියෝපියාවේ රැජිනක් එකතු වෙලා ඔසයිරිස් මරා දැමීමට සැලැසුමක් සකස් කරනවා. ඊට තවත් හැත්තෑ දෙදෙනකුගේ සහාය හිමිවෙනවා. එහිදී ඔවුන් ඔසයිරිස් රවටා ඔහු මරා ඔහුගේ සිරුර කොටස් දහ හතරකට කපා ඊජිප්තුව පුරා විසුරුවා දමනවා. අයිසිස් කෙසේ හෝ තම සැමියාගේ සිරුරේ කොටස් සියල්ල එකතු කර ඔහුට ඇගේ මායා බලයෙන් පණ ලබා දෙනවා. අවසානයේ දී මළවුන්ගේ ලෝකයේ අධිපති ලෙස ඔසයිරිස් යළි පණ ලබනවා.

ඉතිං මේ ඔසයිරිස් ගැන කතාව කිව්වේ මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන කතාවට ඔසයිරිස්ගෙ සම්බන්ධයක් තියෙන නිසා. ජෙනා වෙල්ස් කියන විද්‍යාඥවරිය විසින් අපූරු යන්ත්‍රයක් නිපදවනවා. එම යන්ත්‍රයේ නම තමයි ඔසයිරිස් ස්පින්ඩල් කියන්නෙ. චිත්‍රපටිය පටන්ගැන්මෙදි ටිකක් පැටළිලි සහගත ගතියක් දැනෙනවා. මේක හරියට වීඩියෝ ක්‍රීඩාවක් වගේ. ඒකෙ ඉන්න ප්‍රධාන චරිතය තමයි රෝයි පුල්වර්. රෝයි කියන්නේ විශ්‍රාමික විශේෂ බලඇණි හමුදා භටයෙක්. මේ රෝයි ගෙ චරිතෙට පණ පොවන්නෙ සුපිරි සටන් නළු ෆ්‍රෑන්කි ග්‍රිලෝ විසින්. රෝයි උදේ පාන්දර නැගිටින්නේ ඔළුවට වදින්න ඔන්න මෙන්න තියෙන කඩු පාරක් වලක්වාගන්න එකෙන්. ඒකෙන් වැලකුනත් රෝයි ට වැඩි වෙලා ජීවත් වෙන්න ලැබෙන්නෙ නෑ. එක දිගට පස්සෙන් පන්නන කුලී ඝාතකයන් විසින් රෝයි ව ඝාතනය කරනවා. ඒත් ඊට පහුවෙනිදා උදේ පාන්දරත් රෝයි නැගිටින්නේ ඔළුවට වදින්න ඔන්න මෙන්න තියෙන කඩු පාරක් වලක්වාගන්න එකෙන්. හරියට වීඩියෝ ක්‍රීඩාවක චෙක්පොයින්ට් එකක් වගේ. කතාව ගැන ඊට වැඩිය කියන්නෙ නෑ. මෙල් ගිබ්සන්, ෆ්‍රෑන්කි ග්‍රිලෝ, ඇනබෙල් වොලිස්, මිෂෙල් යෝහ්, නඕමි වොට්ස් වැනි සුපිරි නළු නිළියන් රැසකගේ රංගනයෙන් පිරි මේ සුපිරි සිනමා සිතුවම තවම අයි එම් ඩී බී හෝ රොට්න් ටොමැටෝස් ඇගයීම් වලට ලක් වෙලා නෑ.

ඉතිං යාළුවනේ… මිනිත්තු 100ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය බලලා, මොකක්ද මේ ජෙමා විසින් නිපදවන අපූරු යන්ත්‍රය? මේ කතාවට ඔසයිරිස් දෙවියන් සම්බන්ධ වෙන්නෙ කොහොමද? ඇයි රෝයි වීඩියෝ ක්‍රීඩාවක් වැනි ලෝකෙක හැමදාම උදේට අවදි වෙන්නේ? කවුද රෝයි ව මරන්න කුලී ඝාතකයන් එවන්නෙ? මේකෙ මෙල් ගිබ්සන් මොන වගේ චරිතයක් ද රඟ දක්වන්නේ? කියලා දැනගන්න.

ජයවේවා!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

6,255 downloadsDownload BL-2020-Blu-Ray.zip95 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

6,255 downloadsDownload Subtitles95 KB

7 comments

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. akeel

    Thank you very much for the sinhala subtitles.Good luck brother..!!!

  4. supun

    tz sub ekata.

  5. Sahan

    thanks bro

  6. නිමේෂ් කාවින්ද සිල්වා .

    උපසිරැසිය ලබා දුන්නාට ගොඩාක් ස්තූතියි දිනිදු සහෝ ! ✌️✌️✌️✌️

  7. Naveen Mbr

    බොහොම ස්තූතියි සහෝ.