Watch Trailer

The Mummy’s Curse (1944) Sinhala Subtitles | නැවතත් කෞතුකාගාරයට [සිංහල උපසිරසි සමඟ]

කරිස් අනන්කා කුමරිය එක්ක මඩ වගුරක සැඟවුනා කියලා ඔයාල දන්නවනේ. තවත් අවුරුදු 25කට පස්සේ ඒ මඩ වගුර පිරිසිදු කරන්න මිනිස්සු දානවා ඒ නගරේ ෂෙරිෆ්. ඒ අතරේ තමයි කරිස්වයි අනන්කා කුමරියයි හොයාගෙන ආචාර්ය ජේම්ස් හැල්සි එන්නේ. ඒ ආපහු මේ දෙන්නව ස්ක්‍රිප්ස් කෞතුකාගාරයට අරන් යන්න. ඒ අතර හැල්සිගේ සහයකයා ඉල්සෝර් කරි…

කරිස් අනන්කා කුමරිය එක්ක මඩ වගුරක සැඟවුනා කියලා ඔයාල දන්නවනේ. තවත් අවුරුදු 25කට පස්සේ ඒ මඩ වගුර පිරිසිදු කරන්න මිනිස්සු දානවා ඒ නගරේ ෂෙරිෆ්. ඒ අතරේ තමයි කරිස්වයි අනන්කා කුමරියයි හොයාගෙන ආචාර්ය ජේම්ස් හැල්සි එන්නේ. ඒ ආපහු මේ දෙන්නව ස්ක්‍රිප්ස් කෞතුකාගාරයට අරන් යන්න. ඒ අතර හැල්සිගේ සහයකයා ඉල්සෝර් කරිස් ලවා අනන්කා කුමරියව ඊජිප්තුවේ පුරාණ සොහොනට ගෙනියන්න උත්සහ කරනවා.

Leon Abrams සහ Dwight V. Babcock ලියූ කතාවට තිර රචනා කරන්නේ Bernard Schubert විසිනි. නිෂ්පාදනය Oliver Drake වන අතර අධ්‍යක්ෂණය Leslie Goodwins ය. කලින් චිත්‍රපටයේ සේම කරිස් ලෙස Lon Chaney, Jr. එක්වන නමුත් අනන්කා කුමරිය ලෙස එක්වන්නේ Virginia Christine ය. ඊට අමතරව Dennis Moore ආචාර්ය හැල්සි ලෙසත්, Kay Harding බෙටී වොල්ෂ් ලෙසත් රංගනයෙන් එක්වෙනවා.

Universal Studios බෙදාහැරීමක් වන මෙම චිත්‍රපටය 1944 දෙසැම්බර් 22 වන දින සිට තිරගත වීම ආරම්භ වී ඇත. විනාඩි 62ක ධාවන කාලයකින් යුත් The Mummy’s Curse චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 5.6ක් සහ Rotten Tomatoes 40%ක අගයක් ලැබී ඇත. Google පරිශීලිකයින්ගෙන් 83%ක කැමැත්ත මෙම චිත්‍රපටයට ලැබී ඇත.

එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල සබ් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා…

~ ජය වේවා ~

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,298 downloadsDownload The-Mummys-Curse-1944.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

1,298 downloadsDownload Subtitles25 KB

10 comments

  1. Shamal manojan

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ.

    ඉදිරියේ උපසිරැසි කරන විට මෙම චිත්‍රපට පිළිබඳව ද සලකා බලන මෙන් ඉල්ලා සිටිමි.

    Murder! - 1930
    M - 1931
    The Trouble with Harry - 1955
    Exodus - 1960
    Cleopatra - 1963
    Torn Curtain - 1966
    Romeo and Juliet - 1968
    Topaz - 1969
    Antony and Cleopatra - 1972
    Grease - 1978
    Animal House - 1978
    Caligula - 1979
    Clash of the Titans - 1981
    Romeo + Juliet - 1996

    1. Anonymous

      ලිස්ට් නම් මෙන්න මෙහෙමයි තියෙන්න ඕන...දිගට..ගුඩ් ජොබ්

  2. Supun Kaushalya

    තෑන්ක්ස් මේ වගේ පරණ ෆිල්ම්වලට සබ් දෙනවට

  3. Sohan Jayasooriya

    ස්තූතියි අයියෙ සබ් එකට

  4. Sameera maduranga

    Rangamaduranga85

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. indika75

    thanks..

  7. Priyantha Dayakeerthi

    රොෂාන් ශමීර ජයසිංහ සොයුර,
    ඔබ සබ දුන් අනෙක් කොටසත් නැරඹුවා, මෙයත් අහලා තිබෙන සිනමාපටයක්.
    සිංහල උපසිරැසිය ලබා දුන්නට ඔබට ස්තුතියි,
    ඔබගේ වටිනා කාලය වැය කරමින් මේ කරනා මහඟු සේවයට මාගේ ස්තුතිය පුද කරමි, ඔබට ජය!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. කවිඳු ජයවර්ධන

    තව තවත් පැරණි ෆිලුම් වලට උපසිරැසි ලබා දෙන්න .ලබා දුන් සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.!ඔබට ජය!