ජෝන් සැලසුම් නිර්මාණ ශිල්පියෙක්. ජෝන් සති දෙකක් තිස්සෙ කරපු සැලැස්ම ප්‍රතික්ෂේප වෙනවා. ජෝන් වැඩ පීඩනයත් එක්ක මානසිකව කඩා වැටිලා හිටියා. ඒ වගේම ජෝන්ට නින්දෙදි නිතරම එකම හීනයක් පෙනුනා. දොස්තර හමුවෙලා මේ ගැන ඇහුවත් වැඩ පීඩනය නිසා වෙන්න ඇති, බය වෙන්න තරම් ප්‍රශ්නයක් නැහැ කියලයි කිව්වේ. දවසක් රෑ ගොඩක් ප…
ජෝන් සැලසුම් නිර්මාණ ශිල්පියෙක්. ජෝන් සති දෙකක් තිස්සෙ කරපු සැලැස්ම ප්‍රතික්ෂේප වෙනවා. ජෝන් වැඩ පීඩනයත් එක්ක මානසිකව කඩා වැටිලා හිටියා. ඒ වගේම ජෝන්ට නින්දෙදි නිතරම එකම හීනයක් පෙනුනා. දොස්තර හමුවෙලා මේ ගැන ඇහුවත් වැඩ පීඩනය නිසා වෙන්න ඇති, බය වෙන්න තරම් ප්‍රශ්නයක් නැහැ කියලයි කිව්වේ. දවසක් රෑ ගොඩක් පහුවුණ වෙලවක ගෙදර බෙල් එක වදිනවා ඇහිලා ජෝන් කවුද කියලා බලන්න යනවා. ගේට්ටුව වහලා තියෙද්දිත් කෙනෙක් ඇවිත් ජෝන්ගෙන් බොන්න වතුර ටිකක් ඉල්ලනවා. ජෝන් මුලදි සැක හිතිලා එයාට යන්න කිව්වත් වතුර එකක් දෙන්න කැමති වෙනවා. ගේ ඇතුලට ගිහින් වතුර එක අරගෙන එනකොට ඒ වතුර ඉල්ලුව මනුස්සයා එතන හිටියෙ නැහැ. එතන නෙවෙයි කොතැන වත් පේන්න හිටියේ නැහැ. එක සැරේම උඩ තට්ටුවෙන් සද්දයක් ඇහිලා උඩ බලද්දි උඩ කෙනෙක් ඉන්නවා ජෝන් දකිනවා. ජෝන් උඩ තට්ටුවට ගිහින් බලනවා කවුද උඩ තට්ටුවට හොරෙන් රිංගුවෙ කියලා බලන්න. ජෝන් කෙනෙකුගේ ඡායාවක් දකිනවා. එතනින් පැනගත්ත ජෝන් එයාගේ යාළුවා ජීවාට කෝල් එකක් අරගෙන මේ ගැන දන්වනවා. ජීවා සුන්දර් නම් පොලිස් නිලධාරියාවත් එක්කගෙන ජෝන්ගේ ගෙදරට එනවා. ජෝන් ඒ ඡායාව දැක්ක තැන සුන්දර්ට පෙන්වනවා. සුන්දර් ගෙදර හැමතැනම හෙව්වත් ගෙදරට පැන්න කවුරුවත්ම හොයාගන්න බැරිවෙනවා. කොහොමින් හරි සුන්දර්ට ජෝන්ගේ හැසිරීම ගැන සැකයක් ඇතිවෙනවා. මේ අතරෙදි ජෝන්ට එයාගෙන් වතුර ඉල්ලගෙන ආව කෙනාව සැරින් සැරේ පෙනෙනවා. ජෝන් එයාගේ පස්සෙන් පැන්නුවත් මඟඇරෙනවා. ඒ වගේම ජෝන්ගෙ ගෙදර මිලදී ගන්න මන්ත්‍රී කෙනෙකුගෙ සහෝදරයෙක් ජෝන් හොයාගෙන එනවා. බලහත්කාරයෙන් ඉල්ලුවත් ජෝන් ගෙදර විකුණන්න කැමති වුණේ නැති නිසා ජෝන්ට තර්ජනය කරනවා. ඒ විතරක් නෙවෙයි ජෝන්ගෙ ගෙදර අයිති කරගන්න වටපිටාවෙ අය මාන බලනවා කියලත් ජෝන්ට තේරෙන්න ගත්තා. ජෝන් ගේ ඇතුලෙ සැකහිතෙන දේවල් සිද්ද වෙන නිසා ගෙදර පරීක්ෂා කරන්න කෙනෙක්ව එක්කගෙන එනවා. අවසානයේ එයාත් ගෙදර කවුරුවත්ම නැහැ කියලා තහවුරු කරනවා. ඒත් මෙයා හිතනවා මේ ගෙදර හොල්මනක් ඉන්නවා කියලා. එයා දන්න ප්‍රේත, හොල්මන් එලවන සාමියාර් කෙනෙක්ව ජෝන්ට නිර්දේශ කරනවා. ජෝන්ට මේ ගැන විශ්වාසයක් තිබුණෙ නැති නිසා සාමියාර්ට කතා කලේ නැහැ. ඒත් එදා මහ රෑ සාමියාර් ජෝන්ගෙ ගෙදර එනවා. සාමියාර්ට ගෙදර කවුරුහරි ඉන්නවා, එයාට කතා කරනවා වගේ දැනෙනවා කිව්වා. සාමියාර් තනිවම උඩු මහලට ගිහින් ඒ ගැන හොයනවා. හුඟ වෙලාවක් ගියත් සාමියාර් පහලට ආවෙ නැහැ. ජෝන් සාමියාර්ට මොකද වුණේ කියලා බලන්න යන්න හදනකොටම සාමියාර් උඩ මහලෙ ඉඳන් පහත මාලයට ඇද වැටුණා. සාමියාර් එතනදිම මැරුණා. ජෝන්ගෙ බය තවත් දෙගුණ තෙගුණ වුණා. පොලිසියට කියන්න හිතුවත් ජෝන්ව මේ මරණයට පැටලෙයි කියලා හිතලා ජෝන් සාමියාර්ගෙ මළසිරුර වත්තෙ වළක් හාරලා හංගනවා.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය හා රචනය සන්දීප් සායි විසින්. ඒ වගේම වෙන්කට් රෙඩ්ඩි විසින් නිෂ්පාදනයෙන් හා ප්‍රධාන චරිත රංගනයෙන් දායක වෙනවා. වෙන්කට් රෙඩ්ඩි මේ චිත්‍රපටය සමඟින් සිනමවට පිවිසෙන්නෙ. උපසනා චවුද්‍රි, සී.එම්. බාලා යන අයද මෙහිදී දකින්න ලැබෙනවා. ඒ වගේම මෙහි සංගීතය ජෝෂ් ප්‍රැන්ක්ලින් විසින් සපයනු ලබනවා. මෙම චිත්‍රපටයට ප්‍රේක්ෂකයින්ගේ සහ විචාරකයන්ගේ මිශ්‍ර ප්‍රතිචාර ලැබී තිබෙනවා.
අධ්‍යක්ෂකවරයා කලාත්මක ඇසක් මේ චිත්‍රපටය නිර්මාණයේදී භාවිතා කරලා තියෙනවා. සාම්ප්‍රදායික දෙමළ චිත්‍රපටිවල ලක්ෂණ මේ චිත්‍රපටයේදි දකින්න ලැබෙන්නෙ නැහැ. මෙහි කතාව කුතුහලයෙන් පිරුණු බියජනක-මනෝ-ත්‍රාසය මුසු වුණ කතාවක්.
වෙනස්ම තේමාවක් දිගේ යන මේ චිත්‍රපටියෙන් අනිවාර්යයෙන්ම වෙනස්ම ආකාරයේ අත්දැකීමක් අරගන්න පුළුවන්. කොහොම වුණත් මේ චිත්‍රපටයට Imdb අගය 4.8ක්(මනාප 6) ප්‍රමාණයක් ලැබුනෙ. අනිවාර්යයෙන්ම මීට වඩා අගය කිරීමක් ලැබෙන්න ඕනේ චිත්‍රපටයක්. කොහොම වුණත් කැමති හිතුනා නම් අරගෙනම බලන්න.
වෙනදා වගේම අදහස් දක්වන හැමෝටමත්, බයිස්කෝප් හැමෝටමත් ස්තූතියි! තවත් චිත්‍රපටයකින් ඉක්මනින්ම හමුවෙන්නම්.
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB DL පිටපත සඳහා අදාළ වේ.
4,889 downloadsDownload Yaaro-2022-1.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
11 comments
හසිත මධුෂාන්
Kushan
Sub akta thanks
Samith
Thanks brother
Naveen
උපසිරසියට තුති
Anonymous
Thanks for sub
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Jevan
Thanks machi
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
Thank u
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!