කොහොමද යාළුවනේ ඔන්න කාලෙකට පස්සෙ මං ලස්සන ෆිලුමකට උපසිරැසි අරන් ආවා.මේ චිත්‍රපටයෙ නම Turning Red. චිත්‍රපටයෙ විස්තර කතා කළොත්, මේ චිත්‍රපටය නිකුත් උනේ මේ වසරෙ මාර්තු 11 වෙනිදා.මේ චිත්‍රපටය නිර්මාණය කරන්නෙ Pixar Animation Studios විසින්.බෙදාහරින්නෙ Walt Disney Studios විසින්. අධ්‍යක්ෂණය Domee Shi මහ…

කොහොමද යාළුවනේ ඔන්න කාලෙකට පස්සෙ මං ලස්සන ෆිලුමකට උපසිරැසි අරන් ආවා.මේ චිත්‍රපටයෙ නම Turning Red. චිත්‍රපටයෙ විස්තර කතා කළොත්, මේ චිත්‍රපටය නිකුත් උනේ මේ වසරෙ මාර්තු 11 වෙනිදා.මේ චිත්‍රපටය නිර්මාණය කරන්නෙ Pixar Animation Studios විසින්.බෙදාහරින්නෙ Walt Disney Studios විසින්. අධ්‍යක්ෂණය Domee Shi මහත්මිය විසින් තමයි කරල තියෙන්නෙ. චිත්‍රපටය නිෂ්පාදනයට වැය වී ඇති මුදල ඩොලර් මිලියන 175 ක්.මේ කතාවේ ඇති සුන්දරත්වය නිසාම මෙයට IMDB දර්ශකයේ 7.2 ක අගයක් හිමි වී තිබෙනව. ඒ අතරම කුණු තක්කාලි දර්ශකයේ 95% ක අගයකුත් ලබාගෙන තිබෙනව. මේ චිත්‍රපටය හඩ කැවීමේදී Rosali Chiang, Sandra Oh, Ava Morse, Hyein Park වැනි නළු නිළියන් පිරිසක් සහභාගි වෙලා තියෙනව.
මාර්තු 11 වෙනිද මේ චිත්‍රපටය ලොව වටා තිරගත කිරීමට නියමිතව තිබ්බත්, අවාසනාවකට මෙය Disney+ ඔස්සෙ බෙදාහැරීමට Disney ආයතනය තීරණය කළා. එහෙත් ඉතාමත් සීමිත රටවල් කිහිපයක (Disney+ OTT service එක නොමැති) මෙය තිරගත කිරීමටද කටයුතු කලා.අවාසනාවකට ලංකාවෙ අපිට ඒ අවස්තාව ලැබුනේ නෑ ඉතින්.😣
හරි අපි එහෙනම් කතාව ගැන බලමු.
මේ කතාව 2002 වර්ෂයෙ සිදුවූ සිදුවීමක් විදියට තමයි තියෙන්නෙ. Toronto නගරයෙ මෙයිලින් ලී කියල පොඩි කෙල්ලෙක් ඉන්නව.ඉතින් මේ කෙල්ල ගොඩක් දේවල් වලට දක්ෂයි.ඒත් පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ අම්ම මෙයාගෙ ජීවිතේ හැම දේකටම ඇඟිලි ගහනව.මේව ඔක්කොම ඉවසන් ඉද්දි මේ කෙල්ලට පොඩි අකරතැබ්බයක් වෙනව.ඒ අකරතැබ්බය මොකක්ද කියල මං කියන්න යන්නෙ නම් නෑ.මෙන්න මේ සිදුවීම එයාගෙ මුළු ජීවිතේම වෙනස් කරනව.ඒ කියන්නෙ ප්‍රශ්න එක්ක සතුටත් අරන් එනව.ඒත් මේ ප්‍රශ්නෙත් එක්ක ජීවත් වෙන්න මේ මෙයිලින් ලීට බෑ.මොකද ඒක එයාගෙ ජීවිතේට බලපෑමක්.මෙයා මේ ප්‍රශ්නත් එක්ක කොහොම ජීවිතේ ජය ගනියිද? විහිලු තහළු සහ තවත් බොහෝ ලෙසින් රසාස්වාදයකින් යුත් මේ ලස්සන චිත්‍රපටය බලන්න කියල මං ආරාධනා කරනව.😊
“ජීවිතේ විදින්න, ජීවිතේ ජයගන්න!”

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
15,125 downloadsDownload Turning-Red-2022-Blu-Ray.zip100 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංජන චමෝද් වික්‍රමරත්න
Subtitles
23 comments
Kantha_DLA
Nilush Angana
Sub ekata thanx
Lahiru Rashmika
Subtitle ලැබෙනකන් දවස් ගානක් තිස්සෙ හෙව්ව Thank you! Sanjana Chamod Sub එකට
Kaviru madushanka
Thanks sub ekata bro...
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
thanks for sub
Sahan Gayantha
thanks a lot saho sub ekata
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Nisala Nugith
සිංහල subtitle එකට ගොඩාක් ස්තූතියි
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තුතියි...
supun
super sharanya සබ් එක දෙන්නකෝ
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
tmp
So sorry to say this. But, I think the previous website was way better than the new one. And of course, the previous one was user-friendly too.
lakshan
thanks .......................
mindika
Thanks !!!
Ruchira
Kalekin baluqa lassana anime ekak.. Thanks sub ekata godk mhansiwela krls tybba sub eka.. Thnks sago.. Digtma sub demu
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Anonymous
Thank you so much. ❤ The bad guys 2022(Animated Movie) sinahala subtitles ona.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Dewadithya
Thanks for Sub!
Anonymous
Thanks Brother
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
PSA site eke honda aluth films thiyanawa.
Ewatath sub denna pls...