Watch Trailer

American Night (2021) Sinhala Subtitles | ..ඇමෙරිකානු රාත්‍රිය.. [සිංහල උපසිරසි] (18+)

කොහොමද යාලුවනේ ගොඩ දවසකට පස්සෙ අද මම ආවේ මගේ 07වෙනි උපසිරැසියත් සමගින්. ජොබ් එකේ වැඩත් එක්ක පොඩ්ඩක් උපසිරැසිකරණයේ ප්‍රමාදයක් සිදුවනවා හින්දා ඉස්සෙල්ලම ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා සහෙෝලා ඔක්කොමගෙන්ම. මේ පාර මම අරන් ආවේ 2021 වර්ෂයේ නිකුත් වුන American Night චිත්‍රපටයත් සමගින්. Action, Thriller කාන්ඩයට අය…

කොහොමද යාලුවනේ ගොඩ දවසකට පස්සෙ අද මම ආවේ මගේ 07වෙනි උපසිරැසියත් සමගින්. ජොබ් එකේ වැඩත් එක්ක පොඩ්ඩක් උපසිරැසිකරණයේ ප්‍රමාදයක් සිදුවනවා හින්දා ඉස්සෙල්ලම ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා සහෙෝලා ඔක්කොමගෙන්ම.

මේ පාර මම අරන් ආවේ 2021 වර්ෂයේ නිකුත් වුන American Night චිත්‍රපටයත් සමගින්. Action, Thriller කාන්ඩයට අයත් මෙම චිත්‍රපටය IMDB මීටරයේ 5.5 දක්වා කරකවන්න සමත්වෙලා තියෙනවා. තවද මෙහි අධ්‍යයක්ෂණය ඉතාලි ජාතික Alessio Della Valle වන අතර Jonathan Rhys Meyers / Emille Hirsch / Pas Vega යන නලුවන් ප්‍රධාන රංගනයෙන් දායකත්වය සපයනවා. වැඩිය දන් නැති සෙට් එකක්නේ අයියෝ රේටින් නෑනේ කියලා මග හැරලා යන් නැතිව මේක අනිවාර්යෙන් බලන්න කියලා කියනවා. මොකද මේක ටිකක් හිතාගන්න අමාරැ සම්බන්ධකම් තියෙන චිත්‍රපටයක් කිසිම කොටසක් මගාරින් නැතිව එක හුස්මට බැලුව කෙනෙක්ට තමයි මේකේ අන්තිමට තේරැම ලැබෙන්නේ. කිසිම කම්මැලි කමක් නැතිව මේක බලන්න පුලුවන් චිත්‍රපටයක් බව මම සහතික කරනවා.

එහෙනම් චිත්‍රපටයේ විස්තර ඇති මම හිතන්නේ. කතාව පැත්තට ගියොත්  මැරිලින් නම් ඉතා වටිනාකමකින් යුතු චිත්‍රයක් රහසිගතව ෂේකි නම් කුරියර් කරැවෙකුට ලබා දෙනවා යම් ස්ථානයකට ගොස් භාර දීමට.ඒත් මේ චිත්‍රය භාර දීමට යාමේදි යම් යම් ගැටළු වගයක් ඇතිවන අතර මේ චිත්‍රය වෙනුවෙන් තව කීප දෙනෙක්ද ඇහැ ගහගෙන ඉන්නවා. ඒ වගේම මේ චිත්‍රය වටා ගෙතුනු කතා මෙන්ම මේ චිත්‍රය නිසා සිදුවන විනාශයන්ද බොහෝ වෙනවා.මේ චිත්‍රයක් නිසා සිදුවන විනාශයන් මොනවද ඇත්තටම මේ චිත්‍රයත් එක්ක තියෙන සම්බන්ධයන් මොනවද ඇත්තටම චිත්‍රය කා හටද ලැබෙන්නෙ කියන එව්වා ඔයාලම බලල දැනගන්න. මේක බලල ගුණ අගුණ දොස් හොඳ ඕනි දෙයක් ලෝබ නැතිව පහල comments වල දාගෙන යන්න කියලා ඉල්ලමින් ආයෙත් උපසිරැසියකින් හම්බෙනකම් අදට යන්නම් හැමෝම පරිස්සමට ඉන්න සහෝලා.

ජයවේවා !

“මගෙ තාත්තා, ඔයාගේ සීයා

ගල් අඟුරැ පතල් වලට ගියාම  ගොඩ දවසකට පස්සෙයි ආයෙ එන්නෙ
එයා ලොකු කෙනෙක්, හැමෝම භයයි එයාට
දවසක්, එයා එද්දි මූන හොඳටම අඳුරැ වෙලා තිබ්බේ
ඒ වගේම මට පෙනුනා එයාගේ ඇස්
එයාගේ විශාල අත් දෙක
ඒ වගේම එයා පිහියක් තියන් හිටියේ
පිහිය පුරාවටම ලේ තිබ්බා.
එයා මිනිහෙක් මරලා, තේරැනාද
ඊට පස්සෙ එයා මගේ  උපන්දිනේට ඇමෙරිකාවට ආවම
මගෙ තාත්තා මට ඒ පිහිය දීලා කිව්වා…
බල්ලා ඔයාගේ අත ලෙවකයි
අනික් අයට පේන් නැතිවෙන්න පිහිය හංගන් හිටියොත්.
ඒ වෙලාවෙදි,මට යකඩ වල තියෙන හයිය කොච්චරක්ද කියන එක තේරැණා”

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,304 downloadsDownload American.Night_.2021.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,304 downloadsDownload Subtitles47 KB

11 comments

  1. Anonymous

    Thanks for sub

  2. Anonymous

    Thanks jayawewa...!

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  6. Dewadithya

    Thanks for Sub!

  7. Anonymous

    supiri

  8. Nishan

    Thanx bro

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  11. Anonymous

    thanx

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.