මේක මගේ පලවෙනි උපසිරසිය. මට හුගක් කල් ඉදන් තිබ්බ අශාවක් තමයි සබ් එකක් හදන එක. කොහොම උනත් වැඩේ හිතපු තරම් ලේසි උනේ නම් නැහැ. නමුත් මං පුලුවන් උපරිමයෙන් උපසිරසිය නිමකලා. මං හදපු පලවෙනි සබ් එක හින්දා පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන්. ඒ නිසා එහෙම අඩුපාඩු තිබුනොත් ඒවට සමාවෙන්න කියලත් මං යාලුවන්ගෙන් ඉල්…

මේක මගේ පලවෙනි උපසිරසිය. මට හුගක් කල් ඉදන් තිබ්බ අශාවක් තමයි සබ් එකක් හදන එක. කොහොම උනත් වැඩේ හිතපු තරම් ලේසි උනේ නම් නැහැ. නමුත් මං පුලුවන් උපරිමයෙන් උපසිරසිය නිමකලා. මං හදපු පලවෙනි සබ් එක හින්දා පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන්. ඒ නිසා එහෙම අඩුපාඩු තිබුනොත් ඒවට සමාවෙන්න කියලත් මං යාලුවන්ගෙන් ඉල්ලනවා.
මේ චිත්‍රපටය ගැන කිව්වොත් මේ චිත්‍රපටය නිශ්පාදනය උනේ 1999දී. චිත්‍රපටය අධ්‍යක්ශනය කලේ Gil Junger විසින්. 7.3 ක් තරම් ඉහල IMDB අගයයක් තියෙන කොමඩි මූවි එකක් තමයි මේක. පැය 1යි විනාඩි 50 විතර කාලයක් ඇති මේ චිත්‍රපටය පුරාම හුගක් කොමඩි සීන් තියෙනවා.බඩ අල්ලගෙන හිනාවෙන්න පුලුවන් ෆිල්ම් එකක් මේ ෆිල්ම් එක.
කතාව යන්නේ මෙහෙමයි….
බියංකා ස්ට්‍රැෆඩ් කියන්නනේ යුනි එකේ ඉන්න ලස්සනම කෙල්ලෙක්.ඒ හින්දාම එයාට හුගක් කොල්ලෝ ලයින් දානවා.ඒ වගේම එයත් ටිකක් ආඩම්බරකාර සමජශීලි කෙල්ලෙක්. බියංකාගේ අක්කා තමයි කැත්‍රින ස්ට්‍රැෆඩ්. එයාට කොල්ලො පෙන්නනන්න බෑ.එයා වෙන කෙල්ලෝ වගේ පෙම් හමුවීම් වලට යන්නවත් කොල්ලොත් එක්ක යාලුවෙන්නවත් කැමති නෑ. මෙයාලගේ තාත්තා බියංකාට නීතියක් දානවා.ඒක තමයි එයාගෙ අක්ක පෙම් හමුවකට ගියොත් තමයි බියංකටත් යන්න පුලුවන් වෙන්නේ. කැත්‍රිනාත් එක්ක හමුවකට යන්න කිසිම කොල්ලෙක් කැමති වෙන්නෙ නෑ.ඒ එයා ටිකක් අමුතු නිසා. කොහොමහරි බියංකාව දාගන්න ඕනි නිසා බියංකාට ලයින් දාන කොල්ලො ටික එකතු වෙලා සුපිරි ගේමක් ගහනවා. එයාල වෙන කොල්ලෙක් රෙන්ට් එකට ගන්නවා.එයාගෙ නම වෙරෝනා.මිනිහා තදයෙක්.කොහොමහරි වෙරෝන කැත්‍රිනාව හමුවීමකට එක්කගෙන යනවා. මේ තමයි චිත්‍රපටයේ මූලික සාරාංශය. මේක ඇත්තටම සෑහෙන්න හිනාවෙන්න පුලුවන් පට්ට ෆිල්ම් එකක් මේක. එහෙනම් තවත් සබ් එකකින් හමුවෙනකම් දැනට සමුගන්නම්. ඔබට ජය…..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
6,365 downloadsDownload 10.Things.I.Hate_.About_.You-1999.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුපුන් බුද්ධික ජයසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුපුන් බුද්ධික ජයසංඛ
Subtitles
21 comments
Kantha_DLA
Kaushan Herath
කොමඩියක් නම් අනිවා බෑමක් තමයි.සබට තෑන්ක්ස් සහෝ.දිගටම සබ් කරන්න
Deshan Jayaweera
පට්ට කොමඩියක්!සබ් එකට ගොඩක් පිං සහෝ.දිගටම කරගෙන යමු..ජේසු පිහිටයි..
Shan Ashok
තැන්ක්ස් ඕයා මේ comedy ය දුන්නට .ගොඩ කලකින් විහිළු ෆිල්ම් එකක් ලැබුනෙ.මන් මේකේ MR bones ,american pie, hot Tub time Machine2,bad santa තව bruno ,jim carrey ,zach Galifianakis,කෙවින් හර්ට් ගෙ හොද විහිළු movies බැලුව .එයාලගෙ ටව හොද comedy ටිකක් දෙන්න ,please ae movie වල තියන නියම english වචනෙට හොදටම ගැලපෙන හිනා යන නියම සිංහල word aeka දෙන්න .eatakota tamai නියමෙට හිනා යන්නෙ .ඔයාගේ sub aekata මගෙන් සුබ පැතුම්.tava හොද comedy ටිකක් දාන්න
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සුපුන් සහෝ.
ජයෙන් ජය.Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
SanjulaJeter
thanks
Methu akash
සබ් එකට ගොඩක් ස්තූතියි බ්‍රෝ.කාලෙකට පස්සේ පට්ට කොමඩියක් බැලුවා.දිගටම කරගෙන යං සුපුන් බ්‍රෝ,ජයවේවා!!!
Kanchaka
Thanks bro........
gihan perera
Thanks bro....good job and god bless you...keep continue it...
hasankad999
Thnq Bro !!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
පලවෙනිම සබට බොහොම ස්තූතියි සහෝ……
නියම ෆිල්ම් එකක් තෝරගෙන තියෙන්නෙ වැඩේ පටන් ගන්න.......
පුලුවන්නම් දිගටම මේ වගේ මග ඇරුන හොද ෆිල්ම් වලට දෙන්න….
ඔබට ජය……Pasan_Madusankha
Bohoma Sthuthiy Saho.. Digatama Karagena Yamu. Jaya Wewaa..!
ranga11112
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
kent parker
thanks bro <3
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
sasanka
thanks for the sub
Pramukmili
Thanx bro......................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!