Watch Trailer

100 (2019) Sinhala Subtitles | හදීසි ඇමතුම් ඒකකය 100..! [සිංහල උපසිරසි සමඟ]

“කවුරු හරි ඔයාට කෝල් කරපු ගමන් ඔයා කතාකරන පලවෙනි වචනෙන්ම..! ඒ කෙනාට විස්වාසයක් ඇතිවෙන්න ඕන. මෙයා මාව බේරගන්නවා කියලා..! “ “හලෝ 100..!” “අයියේ..! කවුදෝ මාව අල්ලගෙන ආවා..! අනේ මාව කොහොම හරි බේරගන්න..! “ “ඔයා මට අයියේ කියලා කතාත් කරා.! ඔයා මාව විස්වාසත් කරනවා.! මම එනවා.! ඔයාගේ ඉස්සරහට ඇවිත් ඉන්නවා.!”…

“කවුරු හරි ඔයාට කෝල් කරපු ගමන් ඔයා කතාකරන පලවෙනි වචනෙන්ම..!
ඒ කෙනාට විස්වාසයක් ඇතිවෙන්න ඕන. මෙයා මාව බේරගන්නවා කියලා..! “

“හලෝ 100..!”

“අයියේ..!
කවුදෝ මාව අල්ලගෙන ආවා..!
අනේ මාව කොහොම හරි බේරගන්න..! “

“ඔයා මට අයියේ කියලා කතාත් කරා.!
ඔයා මාව විස්වාසත් කරනවා.!
මම එනවා.!
ඔයාගේ ඉස්සරහට ඇවිත් ඉන්නවා.!”

මිනිස්සුන්ව පැහැර ගෙන යන එක කප්පම් ඉල්ලන එක. මිනිස්සුන්ව පැහැරගෙන ගිහින් විකුණන එක අතීතයේ වගේම වර්තමානයෙත් අප මේ ජීවත්වෙන මේ පරිසරයේ දකින්න තියෙන භයානක පිළිකා උවදුරක් වගේ දෙයක්.! මිනිස්සුන්ව පැහැරගෙන යනවා කිව්වම සමාජයේ මේවට වැඩි වශයෙන් ගොදුරු වෙන්නේ කුඩා දරුවො, තරුණ ගැණු ළමයි වගේ අය.! ඉතින් බැලු බැල්මට පේන්නේ මේ හැමදේම ඒ අපරාධකරුවො කරන්නේ කප්පම් ගන්නමයි කියලා. ඒක අපිට තමයි මතුපිටින් පේන්න තියෙන එකම කාරණාව. හැබැයි මේ පැහැරගැනීම් කරන අපරාධකාරයෝ සල්ලි කියන දේ කප්පමකින් ගන්නවට වඩා වෙන ක්‍රමයන් පාවිච්චි කරලා හොයන හැටි ‍මේ චිත්‍රපටයේදි මනා ලෙස පෙන්වල දීලා තියෙනවා. ඒ කියන්නේ අපි කවුරුවත් නොහිතන නොදකින පැත්තක් ගැන හිතන්නයි බලන්නයි අපිව යොමු කරලා තියෙනවා කිව්වොත් හරි.

මේ අතර අද ලෝකයේ විශාල වශයෙන් සිදුවන ජාවාරමක් තමයි මිනිස් ජාවාරම. ඉතින් ඉස්සෙල්ලා කිව්ව විදියට තරුණ ගැහැණු ළමයින්ව පැහැරගෙන ගිහින් අපරාධකාරයෝ ඔවුන්ව ලිංගික ශ්‍රමිකයෝ විදියට විවිධ පුද්ගලයින් හට අලෙවි කරනු ලබනවා.!තව පොලිසිය දෙමව්පියෝ තමන්ගේ දරුවො අතුරුදහන් උනාම හොයන එක නවත්තන්නත් මොවුන් අපූරු උපක්‍රමත් පාවිච්චි කරනවා. වර්තමානයේ ජීවත්වෙන බහුතරයක් පුද්ලගයින්ගේ විස්තර විශේෂයෙන් ගැණු ළමයින්ගේ වැඳගත් තොරතුරු තවත් කෙනෙක්ට ලේසියෙන් හොයාගන්න පුලුවන් තැනක් තමයි අන්තර්ජාලයේ බහුලව තිබෙන සමාජ ජාලා වෙබ් අඩවි.! ඉතින් මේවා පරිහරණය කරද්දි තමන් දැනට දක්වන සැලකිල්ලට අවදානයට වඩා වැඩි අවදානයකින් වැඩ කටයුතු කරන එක වැදගත් කියලයි මගේ අදහස..!

ඉතින් මේ කාරණාවෙදි දෙමව්පියන්ට පැවරුණු තවත් විශේෂ වඟකීමක් තියෙනවා තමන්ගේ දරුවොන්ගේ ලඟින්ම ඉඳලා දරුවන්ගේ හැම ක්‍රියාකාරකමක්ම අධ්‍යනය කරන එක වගේම පාසල් යන දරුවෙක් නම් පාසල පැවැත්වෙන වෙලාවෙන් පස්සේ දරුවා යන්නේ කොහෙද.? අමතර පංති වලට යනවද එහෙමනම් ඒ ගැන නිතර අවදානෙන් ඉන්න. ඔබව ආරක්ෂා කරන්න තුන්වෙනි පාර්ශවයක් මැදිහත් වෙන්න හො මැදිහත් කරගන්න කලින් ඔබලාම ඔබලාගේ ආරක්ෂාව ගැන පොඩ්ඩක් හිතලා බලලා අවශ්‍ය මූලික පියවර අරන් තිබුනොත් මේ වගේ ඛේදජනක සිදුවීම් වලින් ඔබටත් ඔබේ දරුවාව බේරගන්න පුලුවන් වේවි.

මේ අවුරුද්දේ දෙදාස් දහ නවයේ මැයි මාසේ එකොලොස් වෙනිදා තිරගත කරන්න පටන්ගත්ත මේ චිත්‍රපටයේ කතාව Sam Anton නම් අධ්‍යක්ෂකතුමා විසින් ලියපු එකක්.! අපේ රටේ පොලිස් හදිසි ඇමතුම් අංකය 119 වගේ ඉන්දියාවේ පොලිස් හදිසි ඇමතුම් අංකය වෙන්නේ 100. මේ චිත්‍රපටයේ සිදුවෙන සිදුවීම් දාමය කතාවට ගොඩ නඟලා තියෙන්නේ 100 හදිසි ඇමතුම් ඒකකයේ සිදුවුන සිඳුවීම් ටිකක් පාදක කරගෙන. හැබැයි මේක ඉන්දියාවේ කතාවක් උනාට ශ්‍රීලාංකික අපිටත් මෙතනින් ඉගෙන ගන්න ගොඩක් පාඩම් තියෙනවා. උඩ තියෙන ඡේදවල මම කියලා තියෙන දේවල් සරලවම කියනවනම් අපේ රට ඇතුලෙත් සිද්ද වෙනවා. මේ වගේ සිදුවීම් වෙන්නේ නෑ කියලා අපිට මේක අහක දාලා වෙනතක් බලන් ඉන්න බෑ කියලත් මම ඔබට මතක් කර දෙන්න කැමතියි.!

මේ තියෙන්නේ චිත්‍රපටය සඳහා ලැබුණු අදහස් කීපයක්..!

චිත්‍රපටය සඳහා රංඟනය Atharvaa , Hansika Motwani,Yogi Babu යන නළු නිලියන් විසින් සපයනවා. මේ චිත්‍රපටය නිෂ්පාදනය Kaviya Mahesh විසින් සිදු කරලා තියෙනවා. Super Hit ලේබලයද අලවාගත් Action,Crime,Thriller වර්ගීකරණයට අයිති මේ චිත්‍රපටයත් ප්‍රේක්ෂකයින්ට කාලීන මාතෘකාවක් ඔස්සේ වැඳගත් පණිවිඩ රැසක් ලබාදීලා තිබෙනවා. ඉතින් මේ චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි ගන්වන්න මා හට අවස්ථාව සලසා දීපු අපේ වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරවරයකු වෙන හසන්ත වික්‍රමරත්න අයියට විශේෂ ස්තුතිය පුදකරමින් මගේ සහෝදර උපසිරැසිකරුවකු වන තාරක නුවන් දිල්හාර මල්ලිටත් විශේෂ ස්තුතිය පිරිනමමින් තවත් සිංහල උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් උපසිරැසිය බාගෙන යන ගමන් ඔබගේ වටිනා අදහස්දපහලින් Comment කරගෙන යන්න කියලා අහිංසක ඉල්ලීමකුත් කරගෙන අදට මා ඔබගෙන් සමු ගන්නවා.

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි..!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි Proper HDrip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

28,816 downloadsDownload 100.2019.Baiscopelk.com_.zip132 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

28,816 downloadsDownload Subtitles132 KB

142 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi brooo sub ekata...

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Udaya Saman

    උදේම ඇහුව අයියගෙන් අද දෙනවද කියලත්.බොහොම තුති උපසිරසියටත්, ඒ වගේම ලිපියටත්....ඔන්න එහෙනම් බාගත්තා..

  4. arawindasunimal

    Thanks wedi wage wada gindara

  5. Rumesh dhanushka

    Thanks tharidu

  6. gihan perera

    නියමයි මචෝ....ෆිලුමට ගොඩක් ස්තුතියි සහෝ.....හැඳින්වීම ත් පට්ට.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  7. gayanbisheka

    Please some one tel me how do i find the torrents

    1. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

      baiscopedownload එකට ගිහින් ගන්න.

  8. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ .....
    ජයවේවා ....

  9. Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!

  10. Ayesh Prashan

    Thank You

  11. kolitha dias

    Ela

  12. ඔෂද ධනංජය

    thanx bro

  13. subodha

    Thanks

  14. Kaveeshdiyashan

    Useersdrive link nathuwa vena link nadda bn???

  15. Aac3

    ගොඩාරියක් ස්තූති සහෝ සබ් එකට... ජය වේවා !!! දිගටම සබ් දෙන්න...

  16. chamarar

    සුපිරි සහෝ සබ් එක.... Thank You... ඔයා කරන හැම Film එකකටම ගොඩක් වැදගත් ලිපි ලබා දෙනවා ගොඩක් පිං එ හැම දෙයකටම.... තව තවත් වැඩි වැඩියෙන් සබ් කරන්න ලැබේවා Bs...

  17. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට වගේම ලිපියටත් ගොඩක් ස්තුතියි.
    ජයෙන් ජය

  18. dsdkavishka

    Thenks for sub

  19. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි...ජය වේවා!!!

  20. Iroshan Kumar

    Thanks bro

  21. geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක් .

  22. Nirmala1992

    mokak hari hash tag ekak hari dannako comment section eke wath meke torrent link ekak hari meka search karata hoyaganna amarui torrent eke.

    1. ලහිරු ප්‍රසාද්

      ඇයි බං අච්චර ලොකුවට ලිපියට පහලින් තඩි බැනර් එකක්ම දාලා කියලා තියෙන්නෙ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් කොහෙන්ද කියලා. පොඩ්ඩක් ඔය දාලා තියන ඒවා කියවහල්ලකො.

  23. deliya

    thanks sahodaraya maru aaaaa.jayawewa

  24. chaminda udana

    supiri macho.... jaya wewa... tawa tawath sakthiya dairya lebewa...... ubalata pin sidda wenda aluth film okkoma balanawa ......... teruwan saranai hemotama.....

  25. Gathsara Umesh

    බොහෝම ස්තූතියි අයියේ..❤️

  26. madushanka

    බොහෝම ස්තුතියි ....

  27. indika75

    thanks..

  28. thilz

    thank you 4 sub

  29. Sanjeewa2010

    Thnxxxxxxxxxxx

  30. ridmal

    Thanks bro..

  31. Sanjeeva

    Superrri bro. Thanks

  32. lakshan madhusankha

    SUB EKATA THANKS BRO

  33. supun herath

    thankz brooo good luck

  34. Buddi

    Thanks.................

  35. Ruwan83

    godak pin sahodaraya thanks

  36. Prasanna123

    සුපිරිම ෆිලුමක්. බලල කියන්නේ. බය නැතුව බාගන්න.. සබට තෑන්ක්ස් බ්‍රෝ.....

    1. Haritha 12

      me film eka download kara ganna widihk kiyanna

  37. Ayesh Prashan

    Supirima Filumak Nobalana Aya Pau Ithin

  38. chamara bro

    පටිට මචං
    අපි වෙනුවෙන් කරන සත්කාරයට තුති....

  39. Bandarajbandara

    ස්තුතියි ජයවේවා

  40. Eranda Malith 2.0

    Thanks mcn

  41. prasakr

    සුපිරි වැඩක් ජයවේවා

    1. nimesh_herath

      Thanks obata jaya

    2. rasta

      booruwo english sub eka, hondakin witharak, wadak karaganna barida hariyata

  42. Amilaprasad814

    සුපිරි බ්‍රෝ සබ් වලට ..........

  43. Ridam

    Thank you bro

  44. nalin83dhanus

    Supiriyak

    1. apsara supun

      sub eka english neda sahoo

  45. Djharan

    THanks broo

  46. Charitha65

    English sub 1k enne machan

  47. Ruwishka fernando

    sub eka english ne,,plz fix it..

  48. Sudeepapwijesekara

    සුපිරි...
    තෑන්ක්ස්..

  49. supun madhusan gamachchige

    English sub ekak enne

  50. C lakmal

    ගොඩක් හොදයි ජය වේවා , Ayogya (2019) Tamil සබ් දෙන්න බලන්න .

Load more comments